Tuesday, 6 December 2022

මං හීනයක් දැක්කා.....

මං හීනයක් දැක්කා..
මේ ඇස් දෙකට මං
ඔය මූන ආයේ දැක්කා
සුපුරුදු හැගුම් දැනුනා
හද ගැහුනු වේගයත් දැනුනා..
නුබෙ මුව නින්දේම මා හද
සියුම් තැන් සැනින් සිම්බා..
දෙඅත අත පටලා
දෙනෙත් නෙත් ගැටුනා
සුපෙම් සිනහා පාලා
නුබේ නලලත සෙමින් සිම්බා...
සියුම් පොද වැටුනා
අහසත් ඇයව දැක පෙම් රටා මැව්වා
තවත් ඇය ඈතින් නොරදවා
සැනින් මා ඈ වැලදගත්තා..
සියුම් පොද වැඩි උනා
ඇයිදෝ මහ වැස්සක් ඇද වැටුනා
සුපෙම් සුව වින්දා
මහා ගිගිරුම් අකුනු ගැසුවා
පෙම් සිහිනෙන් මා අවදි වූවා....😔

 




5 comments:

ආදරේ දුක

සුළඟ පසුපස හඹා යමි මම, නිහඬ වන්නේ කෙලෙස ද සොයා යා යුතු ය ආදරය... අහිමි වී ගිය සන්තකයම, යලිත් ඉල්ලා හඬන හඳවත වාවන්නේ කෙලෙස නම් මම... වැතිර හෝ...