Monday, 5 December 2022

සමායෝජන ක්‍රියාවලියේදී නිවසේ කාර්‍ය භාර්ය

 සමාජානුයෝජනය යනු සමාජයට එක්වන නවක සමාජිකයන් එම සංස්කෘතියට අනුව හැඩගැස්වීමයි.සමාජ අනුයෝජනය යනු වචන ඒකාබද්ධ වීමෙන් සමාජානුයෝජනය යන වචනය බිහි වී ඇත.මේ අනුව සමාජයට අනුගත වීම සමාජයට අනුව සකස් විම,සමාජයට අනුව හැඩගැසීම,අනුකූල වීම සමාජානුයෝජනය ලෙස අර්: දැක්විය හැක.ඕනැම සමාජයක සමාජිකත්වය ලබා ගැනීමට එම සමාජයට අනුව හැඩගැසීමට එනම් සමාජානුයෝජනය වීමට සැම නවක සාමාජිකයෙකුටම සිදුවේ.

                                                                                                                                    පීටර් වර්ස්ලි දක්වන ආකාරයට සමාජානුයෝනය යනු සංස්කෘතිය පවරා දීමේ ක්‍රියාවලියයි.සමාජානුයෝජනය සංස්කෘතියට වෙනස් වන්නකි.බොහෝ සමාජ විද්‍යාඥයන් සමාජානුයෝජනය යනු සංස්කෘතිය පවරා දීම ලෙස සලකයි.මානව විද්‍යාව,සමාජ විද්‍යාව,මනෝ විද්‍යාව ආදී බොහෝ සමාජීය විද්‍යාවන්හි ඉගැන්වෙන ප්‍රධාන සංකල්පයක් ලෙස සමාජානුයෝජනය ප්‍රධාන කොටස් කිහිපයකින් සමන්විත වේ.එනම්,

·         ප්‍රාථමික සමාජානුයෝජනය

·         ද්වීතිය සමාජානුයෝජනය

·         පුනර් සමාජානුයෝජනය

·         තෘතියික සමාජානුයෝජනය

·         අපේක්ෂිත සමාජානුයෝජනය

·         සාව්‍ය සමාජානුයෝජනය

                                                ආදි වශයෙනි.එලෙසම අතීතයේදි සමාජානුයෝජනය යනු සමාජයට අනුගත වී ලෙස සරලව හදුන්වා දී ඇත.එහෙත් සමාජ විද්‍යාව බිහිවීමක් සමග මෙම සංකල්පයට විවිධ විද්වතුන් අදහස් එක්විය.මෙසේ නිර්udණය වන සමාජානුයෝජනය පිළිබඳව විද්‍යාඥයින් විසින් විවිධ වු නිර්jචන ඉදිරිපත් කරනු ලැබීය.ඒවා මෙසේය.

“සමාජයේ බලවත්වනු ලබන යම් යම් සාරධර්u,ආකල්ප,අගනාකම් පිළිබඳ ඉගෙන ගෙන ඒවා තමාගේ චරිතය තුළ අභ්‍යන්තරීකරණය කරගැනීම සමාජානුයෝජනයයි”

                                                          _ටැල්කොට් පාර්iන්ස්_

“දෙමාපියන් පිළිගත් ධර්uතාවන් ,අගනාකම්,ආකල්ප දරුවන් විසින් මනෝගමනය කරගෙන යහපත් සුපහන් සිතක් සකස් කරගැනීමේ ක්‍රියාවලිය සමාජානුයෝජනයයි”

                                                                    -ජෝර්ca හර්nargs මිඩ්-

“සමාජ සමූහයේ ධර්මතාවගට අනුකූලව ජීවත් වීමට පුද්ගලයා ඉගෙන ගන්නේ සමාජානුයෝජනය ක්‍රියාවලියයි”

                                                             -ඩබ්ලිව්.එෆ්.ඔග්බර්ka-

“සමාජානුයෝජනය උපතේ සිට මරණය දක්වා නොනැවතී පවතියි.මිනිසා උපත ලබන විට ඔහු තුළ ජීව විද්‍යාත්මක අවශ්‍යා පවතියි.මේ අවශ්‍යතා සමාජ ජීවිතයයේ දී සමාජ අවශ්‍යතා බවට පත්වෙයි.ඒ අනුව ජීව විද්‍යාත්මක මිනිසා සමාජීය මිනිසෙකු බවට පත් කිරිම සමාජානුයෝජනයයි”

 “සමාජානුයෝජනය වූ කලී සංස්තෘතික සම්ප්‍රේෂණ ක්‍රියාවලියකි.”

                                                                        -පීටර් වෝර්iaලි-

            මෙලෙස සමාජානුයෝජනය යන්න විවිධ වූ නිර්jචන මගින් එය කුමක්ද යන්න තව දුරටත් වටහා ගත හැකි වේ.එලෙසම සමාජානුයෝජන ක්‍රියාවලියේදී මූලික නිතී 04 කි.එනම්,

·         පුද්ගලයා සමූහයේ මූලික නීති උගත යුතුයි.

·         සමාජයේ සමූහයේ පිළිගත් සම්මතයන්ට හැම විටම අනුගත විය යුතුය.

·         සංස්කෘතියට අත්‍යවශ්‍ය වූ ශිල්පීය ක්‍රම පිළිබද උගැන්මක් ලබාගත යුතුය.

·         පුද්ගලයා තමාට හිමි කාර්h කොටස කුමක් දැයි නිශ්චිතව දැනගත යුතු වේ.

                 මෙලෙස සමාජානුයෝජන ක්‍රියාවලිය පිළිබඳව අවබෝධයක් ලබාගත හැකිවේ.

                                                 මෙසේ අවබෝධවන සමාජානුයෝජන ක්‍රියාවලියේ දී සමාජානුයෝජනයේ ප්‍රධාන අංශවලින් එක්වන ප්‍රථමික සමාජානුයෝජනය තුළින් විශාල දායකත්වයක් ලැබේ.මෙම ප්‍රාථමික සමාජානුයෝජනයේ දී මුල්වරට පුද්ගලයෙන් ලබන සමාජානුයෝජනයයි.නව ලොවට මුල්වරට බිහිවන ළදරුවා සමාජයට අනුගත කිරීමේ ක්‍රියාවලිය මෙය වේ.

                                                                                මෙහි දී පවුල,නිවස මූලික කරගෙන අනුගත කිරීමේ ක්‍රියාවලිය සිදුවේ.මුල්වරට තම අවට පරිසරය හා සමාජය පිළිබද ඉගෙනුමක් ලබා ගැනීම ඉතා වැදගත් වන්නේ නව ලොවට බිහිවන ළදරුවා සංස්කෘතිය තුල පවතින කිසිවක් නොදැන අලුතෙන්ම ලබන සමාජානුයෝජනය නිසා ය.ලෝකයට මුල්වරට බිහිවන්නේ ජීව විද්‍යාත්මක මිනිසෙකි.ඔහුට ඇත්තේ ජීව විද්‍යාත්මක අවශ්‍යතා පමණි.එනම් කුසගින්න,පිපාසය,විවේකය හා ශරීර කෘත්‍ය සිදුකර ගැනීමේ අවශ්‍යතාවයන් පමණි.පසුව ජීව විද්‍යාත්මක මිනිසා එනම් දරුවා පවුල් පරිසරය ඇසුරු කරගෙන පවුලේ අය මගින් සමාජයේ පවතින සිරිත් විරිත් සාරධර්u ඉගෙන ගනිමින් සංස්කෘතියට අනුකූලව හැඩගැසේ.මෙහි දී සමාජානුයෝජනයට භාජනය වන ළදරුවා මෙහෙය වීම බොහෝ විට පවුල තුළින් සිදුවේ.

                               

           මෙහි දී ප්‍රධාන සමාජානුයෝජ කාරකය වන්නේ පවුලයි.ජීව විද්‍යාත්මක මිනිසා සමාජීය මිනිසෙකු බවට පත් කරන මුල් අඩිතාලම දමනුයේ පවුල නම් වන සමාජානුයෝජන කාරකය මගිනි.මෙහිදී සමාජානුයෝජනය මෙහෙයවනු ලබන කාරකයන් ලෙස පිළිවෙලින් මව,පියා,කුසඹුරුවන් විවෘත පවුලක නම් ආච්චි,සීයා,නැන්දා,මාමා,පුංචි ආදී ඥාතීන් ප්‍රමුඛ වේ.පුද්ගලයාට ලෝකය පිළිබද මූලිකම පාඩම උගන්වනුයේ පවුල තුලිනි.බිළිදෙකු උපතේ සිට මාස 36ක් පමණ කාලයක් ප්‍රාථමික සමාජානුයෝජනයේ මූලික අවධියක පසුවෙයි.එයිනුදු ළදරුවෙක් මුල් මාස 3 තුල අන්තර් ක්‍රියාත්මක අත්දැකීම් බැලීමෙන් නිහඩව යම් යම් දැ උගනී.දාරක මානෝ විද්‍යාඥයින්ගේ සොයා ගැනීම් වලට අනුව මෙම අන්තර් ක්‍රියා අත්දැකීම් ලක්ෂයේ සිට ලක්ෂ දෙකක් තරම් දරුවා උකහා ගනු ලබන බවයි.ශිල්ප හැකියාව,අන්තර් පුද්ගල ප්‍රතිචාර දැක්වීම වඩාත් පැහැදිලිව කරනුයේ දරුවා වයසින් වැඩී පෞරුෂය වර්Oනයන් සමගය.

              ප්‍රාථිමික සමාජානුයෝජනයේ මවට වැදගත් ස්ථානයක් හිමි වේ.දරුවා දරුවා උපතින් අසරණය.මෙහි දී මව සමග සංග්‍රහ ශීලී බැදියාවක් සමගින් කල්‍ යත්ම සමාජයේ අන් අය සමගත් සඵලදායි සබදතා ඇතිකර ගනි ලබයි.

  •      කිරි බිම
  •               සිනහ වීම
  •          ඇසෙන දේ ගැන අවධානය යොමු කිරීම

  •          දකින දැය විමසිල්ලෙන් බැලීම

·                                     ඔබ මොබ දන ගැසීම



 

              මෙම අත්දැකීම් දරුවා මුල් අදිරයේදී සමාජානුයෝජනයට උපකාරී වන බව දාරක මනෝ විද්‍යාඥයින් පැහැදිලි කරයි.කිරි දීම මවගේ සෙනෙහස හා උණුසුම දරුවා වෙත දනවන මාධ්‍යයක් මෙන්ම කිරි දීම දීර්> කාලයක් පැවැත්වීම දරුවා තුළ පරාධින පෞරුෂ ලක්ෂණ ඇතිවීමට ද හේතු වේ.සිග්මන් ප්‍රොයිඩ් පුද්ගලයාගේ පෞරුෂ වර්Oනයට බිළිදු හා ළමා වියේදී ලබන අත්දැකීම් ප්‍රධාන වන බව පවසති.මව් සෙනෙහස නොලැබී යාමෙන් ළමයා තුල ස්නේහයෙන් තොර පෞරුෂත්ව වර්Oනය වියහැකි බව “ජෝන් බෝබි” නම් දරක මනෝවිද්‍යාඥයා පවසයි.ආදරය හා ගෞරවය නිසා අන්‍යයන් අනුකරණය කිරිමෙන් අවබෝධය ඇති වේ.මෙම උගැන්ම හා ශික්ෂණය “ගිලන් සහ බෝවර්uන්” මෙසේ සාරංශ කොට දක්වයි.

·         දාරක ශරීර වතාවත් විධිමත් හුරු කිරිම

·         පරිසරය තේරුම් ගැනීමේ ලා ඉවහල් වන සමාජ ආකල්ප ඇති කිරීම

·         ජන සන්නිවේදනය මාධ්‍යයන් සමග සම්බන්ධතා පැවැත්වීම හුරු කිරිම

·         වැඩිහිටි දාරක පරතරයෙහි විෂමතා අකාමකා දමා ඒ වෙනුවට ආරක්ෂාව පිළිබද හැගීම දරුවා තුළ ඇති කිරීම

               මෙලෙස පෞරුෂ වර්Oනයට දරුවා අනුගත වීම පිළිබද මොහු ඉදිරිපත් කරයි.තවත් විද්‍යාඥයෙකු වන “මාස්ලෝ”නම් විද්‍යාඥයා පෙන්වා දෙන්නේ දරුවා තුළ දී ළමයෙකුගේ පෞරුෂ වර්Oනයට බලපාන පුර්j හේතු කිහිපයකි.එනම්,

·         කායික අවශ්‍යතා

·         ආරක්ෂක අවශ්‍යතා

·         සාමාජිකත්වය හා ආදරය

·         ආත්ම සාක්ෂාත්කරණය අවශ්‍යතා

·         සම්මානික අවශ්‍යතා

                    වශයෙනි.

එලෙසම මව්පිය ආරක්ෂාව දරුවන්ට ලැබීම පෞරුෂ වර්Oනයට හේතු වේ.නිවසක සමානාත්මතාවය තිබිය යුතු අතර එය යහපත් දරුවෙකු සමාජයට බිහි වීමට හේතු වේ.දෙමාපියන්ගෙන් තොර දරුවන් අපරාධවලට යොමු වේ.දරුවන් තම මව සහ පියා අනුකරණයට ලක් වේ.පවුල තුළ තරුණ තරුණියන් වෙන වෙනම සමාජානුයෝජනය කරයි.මොවුන් තුළ ඇදුම් පැළදුම් පමණක් නොව චර්hdත්මක වෙනසක් ද ඇත.ලිංගිකත්වය මත පදනම්ව ඔවුන් ප්‍රථමයෙන්ම සමාජානුයෝජනය කරන්නේ පවුල තුළනි.විශාල සමාජිකයන් පිරිසක් සහිත අතීත විශාත පවුලක් තුල එක් පුද්ගලයෙකු දායාද විය.එහෙත් වර්;මානයේ න්‍යෂ්ටික පවුලක් තුළ මේ තත්වය මග හැරී ගොස් ඇතු බවක් දක්නට ලැබේ.

                                                                                                          කුඩා කල ඉගෙන ගන්නා දෙය ජීවිත කාලයටම වැදගත් වේ.”ජෝර්ac හර්nට්”ට අනුව සමාජානුයෝජනය ක්‍රියාවලියේදී ඉතාමත් වැදගත් සිදුවීම් ඇති වන්නේ ළමා කාලයේ දීය.පවුල තුළ සිදුවන මෙම ක්‍රියාකාරිත්වය පෞරුෂ වර්Oනයට බෙහෙවින් බලපානු ලැබේ.එලෙසම මොහු පෙන්වා දෙන ආකාරයට සමාජ අන්‍යෝන්‍ය ක්‍රියාවලිය ඇති කිරීමට හේතු වෙන්නේ භාෂාවයි.ඒ අනුව මෙම කරුණු වලින් ළදරුවෙකු ප්‍රාථමික සමාජානුයෝජනය සහ ඉන් ඉදිරියට ද්වීතීයික සමාජානුයෝජනයට පැමින වීම පවුලක් සතු මූලික කාර්h භාරයයක් බව පැහැදිලි වේ.පවුල තුළින් ලැබිය යුතු සමාජානුයෝජනයෙන් දරුවෙකු තොර වූ විට එම දරුවා සමාජ සම්මතය ඉක්මවා යන්නෙන් බවට පත් කරයි.එබදු පවුල් අපරාධ විද්‍යාව තුළ බිදුණු පවුල් ලෙස හඳුන්වයි.එම පවුල් වල ලක්ෂණ ඊ.එච්.සදර්,න්ඩ් නම් විද්‍යාඥයා මෙසේ පෙන්වා දේ.

·         පවුල් සාමාජිකයන් සාපරාධින්,දුරාචාරින් හෝ සුරාසොඩුන් වීම.

·         මරණය,දික්කසාදය හෝ අතහැර යාම නිසා දරුවා දෙමාපියන් ලග නොවීම.

·         නුගත්කම,අන්ධ බව හෝ වෙනත් ඉන්ද්‍රීය දෝෂයක් නිසා මව්පිට පාලන අඩුපාඩු.

·         එක් සමාජිකයෙකුගේ ආධිපති බව,අනිසි පක්ෂපාතිත්වය,පමණට වඩා රළු බව,නොසලකා හැරීම,ජාති ආගමික වෙනස්කම් පැවතීම.

                                                         පවුලක මෙබදු තත්ත්වයන් නිසා විධිමත් සමාජානුයෝජනයක් පවත්වා ගැනීම දුෂ්කර වේ.පුද්ගලයා සමාජ සත්වයෙකු ලෙස පළමුවෙන්ම පවුල කේන්ද්‍ර කරගෙන නිර්udණය වේ.පවුල සමාජානුයෝජනයේ මුල්ම ඒකකයයි.ඒ අනුව විධිමත් සමාජානුයෝජන ක්‍රියාවලිය තුළ පවුලේ කාර්hභාරය වටහා ගැනීමට හැකි වේ.මෙහි සඳහන් යහපත් ආකල්ප ක්‍රියාත්මක කිරිම තුළින් යහපත් පුරවැසියෙකු බිහි වීම නියත කරුණකි.

 


6 comments:

ආදරේ දුක

සුළඟ පසුපස හඹා යමි මම, නිහඬ වන්නේ කෙලෙස ද සොයා යා යුතු ය ආදරය... අහිමි වී ගිය සන්තකයම, යලිත් ඉල්ලා හඬන හඳවත වාවන්නේ කෙලෙස නම් මම... වැතිර හෝ...