Saturday, 17 December 2022

ආදරේ දුක

සුළඟ පසුපස හඹා යමි මම,

නිහඬ වන්නේ කෙලෙස ද

සොයා යා යුතු ය ආදරය...


අහිමි වී ගිය සන්තකයම,

යලිත් ඉල්ලා හඬන හඳවත

වාවන්නේ කෙලෙස නම් මම...


වැතිර හෝ ඔබ දෙපා පාමුල,

හඬන්නම් ඉකි ගසා මම

ලැබේනම් මට හීන සෙනෙහස

හිත පුරෝගෙන සිනාසෙන්නට......






සාර්ථක ජීවිතයට අරුතක්...

 


    පැමිණෙන අභියෝගවලට මුහුණ දෙන්නට ශක්තිමත් මනසක් අත්‍යවශ්‍ය ය.සාර්ථක ජීවිතයක් උදා කර ගැනීමට දරන පුද්ගලයෙකුට,මනසේ සිතුවිලිවල ස්භාවය බෙහෙවින්ම වැදගත් වේ.ශක්තිමත් මනසක් පවත්වා ගෙන යමින්,ජීවිතය ජය ගැනීමට කටයුතු කළ යුත්තේ කෙසේද යන්න පිළිබඳ,විද්‍යාත්මකව සනාථ කරන ලද කරුණු හයකි.එනම්,

1.තමා තමාටම විශ්වාසවන්ත වීම

    මේ සාධයකය ද තම මනසෙහි ශක්තිමත් භාවය රදා පවත්වා ගැනීමටත්,පෞරුෂ වර්ධනය කර ගැනීමටත් හා ආත්ම ශක්තිය දියුණු කරගැනීමට උපකාරී වේ.තමන්ට ලැබෙන අභියෝග වලට සාර්ථකව මුහුණ දීම,තමන්ගේ අරමුණු,ඉලක්ක කරා පහසුවෙන් ගමන් කිරීමටද ස්වයං විශ්වාසවන්ත භාවය වඩාත් වැදගත් ය.සමාජය තුළ ජීවත් වීමේ දී ද එකිනෙකා සමඟ සහජීවනයෙන් ජිවත් වන්නට විශ්වාසවන්තභාවය අතිශයින් ම වැදගත් වන අතර,එමඟින් තම මිත්‍රයන් ප්‍රමාණය වැඩිකර ගැනීමට ද හැකියාව ලැබේ.තමන් තමන්ට විශ්වාසවන්ත වනවිට දී සමාජය ද තමන් විශ්වාස කරයි.ඒ හේතුවෙන් තමන්ට අවංකව ස්වයං ආඩම්බරයක් උරුම කර ගැනීමට පුළුවන.මෙහි දී වැදගත් වන්නේ,තමා කවරෙක් ද යන්න පිළිබඳ විශ්වාසවන්තභාවය සිත තුළ රඳවා ගැනීම ය.

2.මානසිකව ශක්තිමත් වීම

    පුද්ගලයෙකු මනස ශක්තිමත් කර ගැනීමට ක්‍රියා කරනවා නම්,අනිවාර්‍යෙන් ම එම පුද්ගලයා මානසික වශයෙන් සුවතාවක් ලබයි.එමඟින් ජීවිතයේ අභියෝග ඉතාමත් සං‍යමයෙන් යුතු ව ජය ගැනීමට පුළුවන.දවසින් දවස අපගේ සිත තුළ ධනාත්මක සිතුවිලි වඩවා ගන්නේ නම්,එබඳු ආකල්ප,අභිප්‍රායන් වර්ධනය කර ගන්නේ නම්,ජීවිතය දිනෙන් දිනම ශක්තිමත් කර ගැනීමට හැකිය.ශක්තිමත් මනසක් ඇති පුද්ගලයා ජිවිතයට පැමිණෙන ප්‍රශ්න මඟ හැර දමා නොයයි.මානසික ශක්තිය දිනෙන් දින වැඩි දියුණු කර ගැනීමට වඩාත් සාර්ථක ජීවිතයට මඟ පාදයි.

3.ඒකායන අරමුණකින් කටයුතු කිරීම

    දැනුම යනු පුද්ගලයෙකුගේ ශක්තියයි.තමා පෙර සිටි ආකාරය සහ තමා අද ජීවත්වන ආකාරය පිළිබඳ වඩාත් සාධනීයව සිතා බලා,එම කාල පරාසය තුළ දී තමාගෙන් සිදු වූ අඩුපාඩුකම් විසඳා ගැනීමටත්,ඒ ආකාරයට ක්‍රියා කරමින් සමාජයට වැඩදායි පුද්ගලයකු ජීවත් වීමටත් උත්සාහ දරන්නේ නම්,ජීවිතය ජය ගැනීමට පුළුවන.ඒ සඳහා තමාගේ උනන්දුව අත්‍යවශ්‍ය ය.එපමණක් නොව,තමා යනු කවරෙක් ද යන්න පිළිබඳ තමන් තුළ පවතින අවබෝධය මෙහි දී වඩාත් වැදගත් ය.එසේ ම දවසින් දවස එක්වන අත්දැකිම මඟින් ජීවිතයට යමක් එක්කර ගැනීම ද වඩාත් සුදුසු ය.

4.ස්වයං අනුවේදනීයත්වය,ස්වයං ආදරය හා ආරක්ෂාව

    තමා තමාට ආදරය විය යුතු අතර,තමා පිළිබඳ සංවේදීත්වයක් ඇති කර ගත යුතු ය.එසේ නොමැතිකම හේතුවෙන් සියදිවි හානිකර ගැනීම වැනි තත්ත්ව ඇතිවිය හැකිය.ප්‍රථමයෙන් ම පුද්ගලයෙක් තමාට ආදරය දැක්විය යුතු අතර,පසුව සමාජයට ද ආදරය රැකවරණය සහ සංවේදීත්වය දැක්විය යුතු ය.තමා පිළිබඳ ඇති කර ගන්නා අවබෝධය තුළින් අන් අයගේ ආකර්ෂණය දිනා ගැනීමට සමත් පුද්ගලයකි විය යුතු ය.නූතනයේ පවතින ඝාතන,මිනිමැරුම් ආදී අපරාධවලට මිනිසුන් පෙළඹෙන්නේ,තම දිවියේ වටිනාකම පිළිබඳ අවබෝධයක් නොමැති නිසාවෙනි ය.

5.ජිවත් වීමේ අවශ්‍යතාව අවබෝධ කර ගැනීම

    මනා පෞරුෂයකින් ජීවත් වන පුද්ගලයාට,තමා මේ ජීවත් වන්නෙ නිකම් අරමුණු වෙනුවෙන් ද යන්න පිළිබඳ දැඩි අවධානය යොමු කළ හැකි ය.එවිට එම පුද්ගලයාට ඉතාමත් ම පහසුවෙන් පවුල් ජීවීතය ගොඩනඟා ගැනීමට හැකියාව ලැබේ.තමන් පරිභෝජනය කරනා මුදල් ප්‍රමාණය අරපිරිමැස්මෙන් භාවිතයට ගන්නේ කෙසේ ද?තමන්ට වියදම් කිරීමට හැකි ප්‍රමානය කොපමණද? යන්න පිළිබඳ මනසෙහි අවබෝධයක් තිබිය යුතු ය.තමන් කැමති දේ නොව,තමන්ට අවශ්‍ය දේ පිලීබඳ අවධානය යොමු කරවා නම්,ජීවිතය සාර්ථක කර ගැනීමට පුළුවන.

6.තමා පිලීබඳ අවතක්සේරුවෙන් නොසිතීම

    තමා කවරෙක් ද?තමාට අවශ්‍ය දෑ මොනවාද? යන්න පිලිබඳ සිතේ රූපයක් මවා තබා ගැනීම ඉතාමත් ම වැදගත් ය.තමා පිළිබඳ අවතක්සේරුවෙන් නොසිතා,තමන්ගේ සහජ හැකියා මඟින් තමන්ට් කළ හැකි වැඩ කටයුතු ප්‍රමාණය පිළිබඳ තීරණයක් ගැනීමට තමන්ට හැකියාවක් තිබිය යුතු ය.යම් ගැටලුවක් පැමිණිවිට විචාරශීලිව බලා,එයට විසඳුම් සොයන්නට උනන්දු විය යුතු අතර සාධරණ තීරණ ගැනීමට තමාට පුළුල් අවබෝධයක් තිබිය යුතු ය.තමාට අවැසි දේ පිලීබඳ ගවේෂණය කරමින්,නිවැරදි දේ කිරීමට සෑම විටම වගබලා ගත යුතු ය.

Wednesday, 14 December 2022

අධ්‍යාපන ක්‍රමවේදය වෙනස් කළ යුත්තේ ඇයි?





      දැනුම කුසලතා සංස්කෘතික අගයන් සම්පේ‍්‍රෂණය කිරීම සඳහා මඟපෙන්වන ප‍්‍රධාන සමාජ ආයතනය අධ්‍යාපනයයි. මෙය ඉංග‍්‍රිසි භාෂාවේ education යන්න ලතින් භාෂාවේ educare යන්නත් එලෙස බිදී ආවකි.එහි අදහස වන්නේ මතු කර ගැනීම යන්නයි. එලෙස මතු කර ගන්නේ දක්ෂතා ආකල්ප වටිනාකම් සහ උරුමයන්ය. ටැන්සානියාවේ හිටපු ජනාධිපතිවරයෙකු වන ජුලියස් නියරේරේ පවසන්නේ සමාජයේ රාශිභූතව පවතින ප‍්‍රඥාව හා ඥානය එක පරම්පරාවක සිට ඊළඟ පරම්පරාවට සම්පේ‍්‍රෂනය කිරීමෙන් සමාජයේ අනාගත පුරවැසියන් වෙනු පිණිස සාමාන්‍ය පවත්වාගෙන යාමට සුදුසු පරිදි ළමා පරපුර සකස් කිරීමේ ක‍්‍රියාවලිය අධ්‍යාපනයයි යනුවෙනි. ඒ අනුව අධ්‍යාපන යන්න සජීවී මාධ්‍යයකි. මෙම සජීවී දැනුම වැඩි ඵලදායිතාවයකින් යුතුව ඉදිරි පරපුරට ගෙන යෑම තුළින් සාර්ථක අධ්‍යාපන ක‍්‍රමවේදයක් නිර්මානය වේ.

       නමුත් වර්තමානයේ අධ්‍යාපන ක‍්‍රමවේදය තුළ බොහෝ දුර්වලතා දක්නට ලැබේ. මෙය පෙර පාසැල් අධ්‍යාපනයෙන්ම ආරම්භ වේ.වයස අවුරුදු තුන හතර කාලයේදී බොහෝ දරුවන් පළමුව විධිමත් අධ්‍යාපනයකට යොමු වීම ආරම්භ කරන්නේ පෙර පාසලෙනි. පෙර පාසැල් අධ්‍යාපනය දරුවෙකුට ලැබීම අනිවාර්ය නොවූවද බොහෝ දෙමාපියෝ දරුවන් මේ සඳහා යොමු කරති. පෙර පාසැල් සඳහාද රජය විසින් නියාමනය කරන ලද නීති පද්ධතියක් පැවතිය ද එය නිසි ලෙස ක‍්‍රියාත්මක වනවාද යන්න ගැටලූවකි. මේ මඟින් මූලිකත්වය දිය යුත්තේ දරුවෙකුගේ පෞරුෂය වර්ධනය කිරීමටයි. මනෝ විද්‍යානුකූල දරුවකු තමා කවුරුන්ද යන්න ස්වයං අධ්‍යයනයක යෙදෙන්නේ මෙම අවධිය තුළය. එවිට දරුවා තුළ මම දක්ෂය මට මෙය කළ හැකිය. යන්න ජනිත වෙයි. ඒ සඳහා නිසි ක‍්‍රියාකාරකම් සංවිධානය කළ යුතු අතර කිසිදු විටෙක දරුවාට තරගකාරීත්වය හීනමානය හා අතිමානය ඇතිවීමට ඉඩ නොදිය යුතුය. එසේ වුවහොත් පුංචි මල් කැකුළු පිපෙන්නට පෙරම මියැදෙනු ඇත. මේ අවධියේ දරුවා කවි ගීත කතන්දර දැන හුරු කිරීමේ ක‍්‍රියාකාරකම් පෙර පාසල් මඟින් කළ යුතුව තිබේ. ඒ වගේම එක් එක් පෙරපාසල් වල විවිධ අධ්‍යාපන ක‍්‍රමවේදයන් අනුගමනය කරයි.
       පෙර පාසල් අධ්‍යාපනය මෙන්ම 1 ශ්‍රේණියේ සිට 5 ශ්‍රේණිය දක්වා ප‍්‍රාථමික අධ්‍යාපනය ද වෙනසකට බඳුන් විය යුතුය. පළමු වසර දෙක තුළ දරුවාට ලිවීම කියවීම මෙන්ම සමාජ ආචාර ධර්ම ඉගැන්විය යුතුය. නමුත් වර්තමානයේ පාසැල් අධ්‍යාපන ක‍්‍රමය තුළ දරුවාට තරඟ කිරීමට ඉගැන්වීම හැර වෙනත් යමක් සිදු නොවේ. මේ නිසා දරුවාගේ නිර්මාණශීලීත්වය නර්තනය ස්වාධීනත්වය යන සියලූ දේ විනාශ වේ. ඒ අනුව ශිෂ්‍යත්වය දරුවන්ගේ නොවන මව්පියන්ගේ විභාගයක් බවට පත්ව තිබේ. 
  
      වර්තමාන අධ්‍යාපන ක‍්‍රමවේදය තුළ සිසුන්ගේ දක්ෂතාවය යටපත් කොට තරඟකාරීත්වය ඉස්මතු කර තිබේ. අධ්‍යාපන රැල්ලට ගසාගෙන ගොස් නැවතී ආපසු හැරී බලන විට තමා ජීවිතයේ මුල වරද්දාගත් බව බොහෝ දෙනෙකුට අවබෝධ වේ. එයට වගකිව යුත්තේ නිසි හැකියාවන් සංවර්ධනය කිරීමට පාදක නොවන තරගකාරී අධ්‍යාපන රටාවයි. අධ්‍යාපන පොත පතට පමණක් සීමා නොකර සමාජයේ ජීවත්වීමේ අත්දැකීම්ද දරුවාට ලබාදිය යුතුය. ඒ වගේම ලොවට පිවිසීමට මං මාවත සකසන තොරතුරු තාක්ෂණය සන්නිවේදන විෂයට විවිධ භෂා විෂයයන් කෙරේ. වැඩි අවධානයක් ඉඩකඩක් ලබාදිය යුතුය. ඒ වගේම ලෝකයේ තාක්ෂණය දැනුම අතින් වේගයෙන් ගමන් කිරීම නිසා විෂයන් යාවත්කාලීන කළ යුතුය.
                       උසස් පෙළ අධ්‍යාපනය තුළද විශාල වෙනස්කම් රාශියක් සිදු විය යුතුය. විශේෂයෙන්ම ශ‍්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල සඳහා ඇතුළත් කර ගැනීමේ ප‍්‍රධාන තරග විභාගයන් සේ සලකන්නේ උසස් පෙළ විභාගයයි. එහිදී පාසැල් පද්ධතිය තුළ පවතින සම්පත් බෙදී යෑමේ විෂමතාවය මෙකල සුදුසුකම් ලත් ගුරුවරුන්ගේ හිඟකමද විශාල ගැටලූවකි. ජාතික පාසැල නවෝද්‍යා පාසැල් වැනි වර්ගීකරණයෙන් පාසැල් පද්ධතිය තුළින් ඉවත් කළ යුතුය.      

මාධ්‍ය භාෂාවේ නිර්මාණාත්මක ප්‍රවණතා....

 

                                                                 මාධ්‍ය භාෂාවේ නිර්මාණාත්මක ප්‍රවණතා

  අදහස් හුවමාරු කර ගැනීම සරලව ආර්ථකතනය කරනුයේ සන්නිවේදනය යන්න වේ.ඒ අනුව මානවයාගේ ආරම්භයේ සිටම පැවතගෙන ආ සන්නිවේදනය අදවන විට විශාල වෙනසකට පත් වී ඇති බව මනාවට පැහැදිලි වේ.මිනිසා ඇතුළු සියලු ජීව කොට්ඨාසයක් සන්නිවේදනික සත්ත්වයින් වේ.ඇස,කණ,නාසය,දිව,ශරීරය හා මනස යන ඉදුරන් ආශ්‍රයෙන් ඇතිවෙන වේදකයින් සන්නිවේදනයට හේතු වේ.විවිධ ජීවීන්ට අනුව සංවේදක ක්‍රියාවලිය වෙනස් වේ.ජීව පැවැත්මේ සකලවිධ අවශ්‍යතා සන්නිවේදනය මඟි සපුරා ගනී.සන්නිවේදකයෙක් තොරව කිසිදු මානව හෝ පොදුවේ සත්ත්ව අවශ්‍යතාවන් ඉටුකෑ ගත නොහැකිය.එබැවින් සන්නිවේදනය යනු ජීවත් වීමයි.ඒ අනුව සන්නිවේදන ජීව පැවැත්මේ අනිවාර්ය සාධකය බව ප්‍රකට වේ.

          ශ්‍රව්‍ය,දෘශ්‍ය,ලිඛිත,අලිඛිත,වාචික,අවාචික ආදී විවිධාකාර වූ සංකේත ක්‍රම පැවතිය හැකිය.සන්නිවේදනයේ දී සිදුවන්නේ එවැනි කුමනාකාර වූ හෝ සංකේත උපයෝගී කරගෙන ප්‍රකාශන සිදු කිරිමයි.එවැනි සංකේත නිෂ්පාදනයේ ප්‍රමුඛයා මිනිසාය.ස්වකීය අදහස්,හැඟිම්,ආකල්ප,විවිධ තොරතුරු වැනි ඕනෑම දෙයක් සන්නිවේදනික සංකේතවලට නඟා ප්‍රකාශ කිරීම,ඉදිරිපත් කිරීම මානවයා වෙතින් සිදුවන්නකි.තවද මෙලෙස සන්නිවේදන සංඥා හුවමාරූ කරගැනීමට,ප්‍රවාහනය කිරීමට අදාළ ප්‍රමුඛත්වය දරන්නේ ද මිනිසා වේ.අඟ පසඟ චලනය,බැල්ම,කෑ ගැසීම,කෙදිරිලි,අභිනය,ඉරියම් ආදී ස්වාභාවික සන්නිවේදන ක්‍රම සිට භාෂාව මුද්‍රණය,ජායාරූපය,රූපවාහිනිය,ගුවන්විදුලිය,සිනමාව මෙන්ම අංකිත සන්නිවේදන ක්‍රම දක්වා කෘත්‍රීම,නිෂ්පාදිත සන්නිවේදන ක්‍රම(්රඑසජකැ-ඍැජදාමජැා ජදපපමබසජ්එසදබ පැඑයදාි)නිර්මාණය කර ගැනීමට මිනිසා සමත්ව ඇත.

 "මිනිසා සන්නිවේදන සත්ත්වයෙකි.එයට හේතුව ඔහු සතු සන්නිවේදන බලය අතිමහත් වීමයි.ශබ්ද,රස,සංඥා,වචන,සිතුවිලි,ගඳ සුවඳ යනාදියෙන් සංදේශ හුවමාරු කරගැනීමට ඔහු සමත් වේ.”

                                                                       -ඇතුගල-

    මෙලෙස නිර්මාණය වන සන්නිවේදනය තුළ භාෂා සාහිත්‍ය ව්‍යවහාරය මානවියත්වයේ අනන්‍යතාව විදහා දක්වන අපුර්වත්වතම මාධ්‍යන් බවට පත් වී ඇත.ආගම් දර්ශනවාද ගොඩනැඟීමට එකී සන්නිවේදන මාර්ග ඉවහල් වී ඇත.මුද්‍රිත මාධ්‍ය සොයා ගැනීම නිසා ඇති වූ නව පරිවර්තනය,කාර්මික පුනරුදයේ හා විද්‍යාත්මක චින්තන අවධියේ වෙනස් සොයා ගැනීම් රාශියකට මඟ පෑදු අතර ජායාරූප මාධ්‍ය හා සිනමා මාධ්‍ය ඉන් ප්‍රමුඛ වේ.එය විද්‍යාත්මක,තාක්ෂණික සංවර්ධනයෙන් සීමා නොවූ විද්‍යුත් යුගය තෙක් අවතීර්ණ විය.මෙහි ප්‍රථිඵලය ලෙස නූතන සන්නිවේදන තාක්ෂණය කෙරෙහි ප්‍රබල ලෙස බලපා ඇති දුරකථනය වැනි මාධ්‍යයන් නිර්මාණය කර ගැනීම සුවිශේෂී ජයග්‍රහණයකි.පසුව ගුවන් විදුලිය,රූපවාහිනිය,චන්ද්‍රිකා තාක්ෂනය ආදී වූ ක්ෂේත්‍රයන් දක්වා ක්‍රමක් ක්‍රමයෙන් අවතීර්ණ වී ඇත.මෙසේ තාක්ෂණයේ දියුණුවත් සමඟ නව මාධ්‍ය නිර්මාණය වීම දක්වා ප්‍රසාරණය වී ඇති අයුරු අදවන විට හඳුනාගැනීමට හැකි වේ.

          මෙලෙස සංවර්ධනය වූ සන්නිවේදනයේ මූලික අංගය වනුයේ භාෂාවයි.එය ලිඛිතව පමණක් නොව සංකේත,රූප,සංගීතය,ආලෝකය,වර්ණ මේ ආදී වූ සියල්ලක්ගෙන්ම පරිණත වූ කලාවකි.ඒ නිසා භාෂාව මෙලොව බිහි වූ ශ්‍රේෂ්ඨතම කලාවකි.කෙසේ හෝ භාෂාවන් ක්‍රමක් ක්‍රමයෙන් වර්ධනය වූ කලා මාධ්‍යයක් වන බවට සාක්ෂි ඇත.ඒ අනුව මෙම භාෂාව ගත්විට එය මාධ්‍යයන් හරහා නිරූපණය වනුයේ කෙසේ ද යන්න පිළිබඳ ව මෙලෙස අධ්‍යයනය කළ හැකි වේ.

       මාධ්‍ය භාෂාව ගත්විට විවිධ මාධ්‍යයන් ඔස්සේ විවිධ වූ ආකාරයෙන් නිර්මාණාත්මකව නිරූපණය වේ.මාධ්‍ය භාෂාව ගත්විට මේ සඳහා විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය ගත හැකි වේ.එහි දී මාධ්‍ය භාෂාව යෙදෙන අයුරු කෙටියෙන් මෙලෙස වටහා ගනිමු.ශ්‍රව්‍ය,දෘශ්‍ය මාධ්‍යයේ විකාශනය වන සෑම ගවේෂණාත්මක පුවතකම විඩියෝවකින් හෝ ශ්‍රව්‍ය මාධ්‍යයකින් උපුටාගත් කරුණු අන්තර්ගත වී තිබේ.එකම පින්තූරය හෝ ප්‍රකාශය මඟින් එහි සන්දර්භය මත පදනම් වී කතා ගණනක් පැවසිය හැකි වේ.කතාව ගැන ප්‍රේක්ෂකයින්ට සම්පුර්ණ අවබෝධයක් ලබාදීම සහතික කිරීම ගවේෂණාත්මක පුවතේ පසුබිම ගැන දැක්වීමේ අරමුණ වේ.බුද්ධිමත්ව ලියවී තිබෙන සටහනකින් පවා සම්මුතිගත රූපයක් හෝ නීරස ප්‍රකාශනයකින් හා ප්‍රේක්ෂකයින්ට නව ආලෝකයක් ලබාදෙනු ඇත.ගුවන් විදුලි මාධ්‍යයේ දී මූලාශ්‍රය විසින් ලබාදුන් පටිගත කළ ප්‍රකාශයකින් පවා අදාළ සන්දර්භය වඩාත් ශක්තිසම්පන්නව ඉදිරිපත් කිරීමට හැකිය.නමුත් රූපවාහිනියේ දී 85්‍ර ක් ම දැඩි බලපෑමක් ඇති කිරීමට සමත්වන්නේ පින්තූරය.ප්‍රේක්ෂකයින් “තොරතුරු ග්‍රහනය” කරගෙන ඊළග පෙළට නොයන නිසා නොසැලකිලිමත් ලෙස ජායාරූප හෝ ප්‍රකාශ යොදාගැනිම විශිෂ්ඨ සටහන් පෙළක් භාවිත කිරීම වෙනුවට ඇති විකල්පයක් නොවේ.මේ අවස්ථා දෙකේ දීම ගවේෂණාත්මක පුවත පදනම් කරගනිමින් ජායාරූප හෝ පටිගත කළ හඬපට සපයා ගැනීමට අවශ්‍ය වේ.මෙය “කණ වෙනුවෙන් ලිවීම” (ශ්‍රව්‍ය මාධ්‍යයට), “රූප පදනම් කරගනිමින් ලිවීම”(දෘශ්‍ය මාධ්‍ය) හෝ “ශ්‍රව්‍ය මාධ්‍ය වෙනුවෙන් ලිවීම” යනුවෙන් හැඳින්වේ.

                                                                           එලෙස රූපවාහිනී මාධ්‍ය,ගුවන් විදුලි මාධ්‍ය හා පුවත්පත් මාධ්‍ය තුළ දී මාධ්‍ය භාෂාව නිර්මාණය වන ආකාරය යම්තාක් දුරට අවබෝධකරගත හැකි වේග මාධ්‍ය භාෂාව පිළිබඳව අදහස් ඉදිරිපත් කළ හැකි මාධ්‍යයක් වන පුවත්පත් මාධ්‍ය මුද්‍රිත මාධ්‍යයක් ලෙස ඉදිරියට ආවකි.ලිඛිත භාෂාවක් මුල්කරගනිමින් සන්නිවේදන කාර්යයයේ යෙදෙන පුවත්පත විශිෂ්ට ගණයේ නිර්මාණාත්මක කලාවක් ලෙස ද කිවයුතුමය.මෙසේ දිගහැරෙන පුවත්පත් මාධ්‍ය තුළ භාෂාව නිර්මාණාත්මක අන්දමින් යොදාගත් අයුරු කෙසේ ද යන්න මෙලෙස වටහා ගත හැක.මිනිසා ලොව පහළ වූ තැන් පටන් අදහස් ප්‍රකාශ කිරීම සඳහා විව්ධ ක්‍රම උපයෝගී කොටගෙන තිබේ.ඊට මුල් වුයේ භාෂාවයි.අද ලෝකයේ පවත්නා භාෂාවන් මිනිසාගේ පරිණාමය හා ක්‍රමයෙන් වෙනස් ව දියුණු වූ බව පෙනේ.භාෂාව හැසිර වීම සඳහා මිනිසා පළමු කොටම උපයෝගි කරගෙන ඇත්තේ අංග චලන හා කටින් පිටවන ශබ්දයි.ශබ්ද උපයෝගි කරගෙන අකුරු ද අකුරු උපයෝගී කරගෙන වචන ද බිහි වී ඇත.මේ අනුව ජනගහනයේ ව්‍යාප්තියන් සමඟ විශාල පිරිසක් සමඟ හා ඈත සිටින පිරිස සමඟ අදහස් හුවමාරු කර ගැනීමේ අවශ්‍යතාව ඇතිවිය.

                 භාෂාව යනු ශක්ති ප්‍රවාහයක් වේ.මේ ශක්තිය හේතුකොට අලුත් අලුත් වාක්‍ය නිර්මාණය කිරීමට මිනිසාට හැකියාවක් ලැබී තිබේ.මිනිසා කරන්නේ තමා සතු වේ.භාෂා ශක්තිය හෙවත් ශක්‍යතාව පිහිට කොට ගනිමින් තමාට අවශ්‍ය වාක්‍යයක් අලුතින් නිර්මාණය කර ගැනීමයි.මානව භාෂාව සතුන්ගේ සන්නිවේදන කාර්‍යාවලියෙන් වෙනස් වන්නේ මෙම ශක්‍යතාව නිසා ය.ඒ අනුව කථා කිරිම ලිවීම යන දෙකෙන්ම කෙරෙනේ සන්නිවේදන කාර්යයකි.තවද නාටකාදී නිර්මාණාත්මක රචනා,පුවත්පත් ලේඛන ආදී විවිධ ලේඛන සඳහා භාෂාව උපයෝගී කරගනු ලැබේ.මේ අනුව පුවත්පත් කලාවට ද නව ඇරඹුමක් නිර්මාණය වී ඇති බව වැටහේ.

           ලංකාදීප,දිවයින,ලක්මිණි පහන,ඇත්ත,මව්බිම ආදී පුවත්පත් රාශියක් අදවන විට නිර්මාණය වී ඇත.මෙම පුවත්පත් තුළ දක්නට ලැබෙන භාෂාව කෙසේ වී ද යන්න මෙසේ පෙන්වා දිය හැකියගඒ අනුව පුවත්පත් කලාවට ග්‍රන්ථාරූඪ භාෂා ව්‍යවහාරයක් අවශ්‍ය යැයි මෙහිදී අදහස් නොකෙරේ.මෙයට අවශ්‍ය වනුයේ සරල,සුමග බස් වහරකි.එහෙත් පුවත්පත් බස යැයි වෙනම බසක් හඳුනා ගැනීමට නොහැකි වේ.ලේඛනයට යොදා ගන්නා බස සරලව පුවත්පත් සඳහා යොදාගනු ලබයි.ඒ අනුව කෙටි වැකි,කෙටි ශීර්ෂපාඨ යොදාගැනීම දැකගැනීමට හැකි වේ.මෙවැනි බස් වහරක් නිපුණත්වයෙන් යුතු පුද්ගලයෙකුට ඇරෙන්න සාමාන්‍ය කෙනෙකුට පාඨකයාට තේරුම් ගැනීමට හැකිවන අයුරින් භාෂාව හැසිරිවිය නොහැකි වේ.

 "ඔබගේ වැකියක්

පදයක් අකුරක් අරුත

රසය ලකර නොලසා

පෙරැලුළිය නොහැකි වේවා!”

             යනුවෙන් කුමාරතුංග මුනිදාසයන් පැවසු අදහස් පුවත්පත් කලාවේදීන්ට ද පොදුය.ඒ අනුව පුවත්පතෙහි භාෂාව හැසිරවීම මනාකොට සිදු කළ යුතු ය.පුවත්පතෙහි ලිඛිත අක්ෂර ක්‍රම ප්‍රධාන භාෂාව ලෙස භාවිතා කරලයි.පුවත් පතේ ඇති ලිපි ලේඛනවල නිර්මාණශීලීත්වය ඉස්මතු වන්නෙන් සන්නිවේදන ගුණය ප්‍රබල වන්නේත් භාවිත භාෂාව මතය.පුවත්පත තුල සාමාන්‍යයෙන් සේවන භාෂාව ආකාර දෙකකින් ක්‍රියාත්මක වේ.එනම්,

නිර්මාණාත්මක භාෂාව

ප්‍රකාශන භාෂාව

                                 ශ්‍රී ලාංකීය සමාජය තුළ වඩාත් පාඨකයෝ ජන විඥානයට සමීප වූ ඔවුන් අතර බහුල වශයෙන් භාවිත වන්නා වූ මාධ්‍යයක් වන පුවත්පත් මාධ්‍යය.1832 ජනවාරි 07 වන දින කලම්බු ජර්නල් නමින් ඇරඹුන ශ්‍රී ලාංකීය මුල් ම පුවත්පත් ක්‍රියාවලියේ සිට මේ මොහොත දක්වා ලාංකීය සමාජය තුළ විවිධ පුවත්පත් විවිධාංගීකරණයෙන් යුතුව විවිධ මානයන් ඔස්සේ ග්‍රාහක සමූහය වෙනුවෙන් නිර්මිත වූ බව පැවසිය යුතුය.පුවත්පත තුළ දැකිය හැකි ලිපි සේවන නිර්මාණ රැසකි.එය පුවත්පතෙහි අන්තර්ගතයයි.මෙම අන්තර්ගතය ප්‍රධාන කොටස් 3ක් යටතේ හඳුනාගත හැක.එනම් ප්‍රවෘත්ති,විශේෂාංග,දැන්විම් යන්නයි.පුවත්පත් ව්සින් ආමන්ත්‍රණය කරනු ලබන පාඨකයා අනුව මෙම අන්තර්ගතය වෙනස් වේ.අන්තර්ගතය තුළ විශේෂාඟය ද කොටස් කිහිපයක් යටතේ හඳුනාගත හැක.එනම්,

ප්‍රවෘත්ති හා ශීර්ෂපාඨ

කතුවැකි

විශේෂාංග රචනා

තීරුලිපි

කාටූන්

චිත්‍ර කතා

වෙළඳ දැන්වීම්

                                  ආදිය මෙහි ඇතුළත් වේ.මුලික වශයෙන් මෙසේ වර්ග කළ හැකි විශේෂාංග පිළිබඳව සාකච්ජා කිරීමේ දී ඒ ඒ අංශ හා බැඳී ඇති විශේෂතා හඳුනාගත හැක.ඒ අනුව ලිපි ලේඛනවලට ආවේණික ලෙස නිර්මාණශීලී භාෂාව භාවිතා කළ හැකිය.

                                                                

           පුවත්පත් කතුවැකි ගත්විට මෙහි සාර්ථකත්වයට බලපාන ප්‍රධාන සාධකයක් වශයෙන් පුවත්පත් භාෂාව තුල දැකගත හැක.විවිධ අදහස් ප්‍රවෘත්ති තුළින් ඉදිරිපත් වන්‍ය් ලැබුව ද පුවත්පතේ කතුවරයාගේ මතය සෘජුවම ප්‍රකාශ වන්නේ කතුවැකිය තුළිනි.තවද ප්‍රධාන කැඩපත ලෙස කියවේ.පුවත්පතේ හිමිකාරීත්වය හා දේශපාලන පාක්ෂිකත්වය මත කතුවැකියේ අන්තර්ගතය වෙනස් වේ.කතුවැකිය පුවත් පතේ කර්තෘගේ වාක්‍ය වේ.නමුත් මෙය කතුවරයා බලය පවරන ලද ජේෂ්ඨ පුවත්පත්කලාවේදීයෙක් හෝ ,මණ්ඩලයකින් ද කතුවැකිය රචනා කළ හැකිය.තවද මෙම කතුවැකි නිර්මාණයේ දී කතුවරයා බොහෝ විට ගැනෙනුයේ කාලීන සිද්ධි හා තොරතුරුය.

 "යම් අයුරකින් මුද්‍රණය කර ප්‍රකාශයට පත් කරන පුවත්පතක හෝ සඟරාවක ජේෂ්ඨ කතුවරුන් විසින් සිය මතය දක්වන කොටස කතුවැකිය වශයෙන් දැක්විය හැකිය.”

-විකිපීඩියා විශ්ව කෝෂය-    



                                  

                                                                                     මෙලෙස කතුවැකිය නිර්වචනය කළ හැකිය.එසේ ම පුවත් පතකට හෝ කාලීන ප්‍රකාශයකට පත්කරන මුද්‍රිත ප්‍රකාශයක කර්තෘවරයා හෝ කර්තෘ මණ්ඩලය විසින් කිසියම් මතයක් ඉදිරිපත් කිරීම සඳහා කතුවැකිය උපයෝගී කරගන්නා බව කිය වේ.තවද ප්‍රධාන ලිපිය වීම නිසාම එය පළකරන පිටුව කතුවැකි පිටුව ලෙස ද හැඳින්වේ.එහෙත් විශේෂිත අවස්ථාවලදී පාඨක අවධානය යොමු කර ගැනීම සඳහා මුල් පිටුවෙහි පළ කරන අතර වරක් “ඇත්ත”පුවත්පතෙහි කතුවැකිය ද මුල් පිටුවේ පළවිය.ඒ අනුව කත වැකි මෙලෙස නිර්මාණයවනවාද යන්න පුළුල් අවබෝධයක් ලැබේ.එසේු නිර්මාණය වන කතුවැකි පුවත්පත අනන්‍යතාවය ඉදිරිපත් කිරීම සඳහා කතුවැකි භාෂාව වැදගත් වේ. තවද කතුවැකි පුවත් පතෙන් පුවත්පතට වෙනස් වන අතර එහි ලක්ෂණ අනුව වර්ග කෙරේ.

ජන මතයක් නිර්මාණය කිරීම සඳහා රචනා කරන කතුවැකි

සමාහ ප්‍රශ්න සඳහා උනන්දුවක් ඇති කිරීම සඳහා රචනා කරන කතුවැකි

සමාජ අසාධාරණයන්ට විරුද්ධ වීම සඳහා ජනතාව පොළඹවාලන කතුවැකි

                                                                ආදී වශයෙන් කතුවැකි වර්ග කළ හැකිය.

           එලෙසම නිර්මාණකරුවාට පුරාතන,නූතන භාෂා සම්ප්‍රදායන් හා එහි ප්‍රවණතා,භාෂාව හා සංස්කෘතිය ජනවහර ආදිය පිලිබදව පුළුල් අවබෝධයක් තිබිය යුතුවේ.ඒ අනුව විවිධ කතුවැකි රචකයන් තම කතුවැකි නිර්මාණය කිරීමේ දී විවිධ භාෂා උපක්‍රම භාවිත කර ඇතග කෙසේ වුවද පුවත්පත් කලාවේදියෙක් වූ දෙනගම සිරිවර්ධන මහතා විසින් ඉදිරිපත් කරනුයේ, 

“කතුවැකියක අදහස් ප්‍රකාශය අතිශ්‍ය සංක්ෂිප්තවිය යුතුය.වැල් වටාරම්වල උපමා අලංකාරවකට කතුවැකියක ඉඩක් නැත.උපමා අලංකාරවලට ඉඩක් නැතත් එහි බස මන බඳනා සුළු විය යුතුය.කෙතරම් වැදගත් හරවත් කරුණුවලින් පිරී පැවතිය ද එය ඉදිරිපත් කරන ආකාරය පාඨකයා ආකර්ශනය කරන්නන් නොවී නම් ඒ කතුවැකිය සහිත පිටුව ගැලපෙන්නේ බඩු එතීමට පමණි.මන්ද ජනවිඥාණය මෙහෙය වීමට ඒ කතුවැකියට ශක්තියක් නැති හෙයිනි.”

                  වශයෙන් පුවත්පත් කතුවැකි භාෂාව පිළිබඳ ඔහුගේ මතය ඉදිරිපත් වීය.මෙසේ දිගහැරෙන කතුවැකි භාෂාව පිළිබඳව තවදුරටත් පැහැදිලි කර ගැනීමට උදාහරණ කිහිපයකින් අදහස් ලබා ගත හැකි වේ.

 උදා:-“මිල!එම්බා මිල! තවදුරටත් උඹ කිසියම් භාණ්ඩයකිවටිනාකම’  නොවන්නෙහිය.අවැසි දෙයක් සඳහා ඇති කෙරෙන හුවමාරු අංගයක් ද නොවන්නෙහිය.එසේ නම් කිමෙක් ද?බඩුමිල නිදහස,1990 පෙබරවාරි,පිටුව 06.”

     එස්.ජී.පුංචිහේවා මහතා  ර්‍ණවිවරණ” සඟරාවට ලියු කතුවැකිය ද විශේෂ වේ.එහි භාෂාව විටෙක කාව්‍යාත්මක.ඔහු එමඟින් පාඨකයාට සංවේදී ප්‍රශ්න මැනවින් විවරණය කරන්නේ සමාජ විවේචනය මෙන්ම රසයක් ද උත්පාදනය වන අයුරිනි. තවත් උදාහරණයක් ලෙස කුමාරතුංග මුණිදාස මහතාගේ කතෘත්වයෙන් යළි යළි දකිනිලක්මිණි පහන’ පුවත්පතේ කතුවැකි මාධ්‍ය තුළ ලත් ශාස්ත්‍රීය සමාජයේත් එකසේ සම්භාවනාවට පාත්‍ර වේ.මෙම කතුවැකිය සඳහා එතුමා හෙළ බස්වහර උපයෝගී කරගෙන ඇත.

“අපේ මේ වෑයම එසේ ඇති වියැ යුතු පත්‍ර වළකන්නට හෝ දැන් ඇති පත්‍ර නලවනට හෝ නොවේ එ දෙගොඩට එක් වන්නට යැ”-1934-ජූනි-26-

                                    මෙම උදාහරණ මඟින් කතුවරයා කතුවැකිය තුළදී භාෂාව යොදාගත් අයුරු මනාවට පැහැදිලි වේ.ඒ අනුව මාධ්‍ය භාෂාව තුළ දී පුවත්පත් කලාවේ භාෂාව පිළිබඳව ගෙනහැර පෑමට කතුවැකි හොඳම උදාහරණයකි.තවත් අංගයක් ලෙස පුවත්පත් කාටූන් ගත්විට මෙහි දී යොදාගනු ලබන භාෂාව ද කතුවරයා නිර්මාණශීලීව යොදාගනු ලබයි.වර්තමානය තුළ කර්තෘ වාක්‍ය තරමටම වැදගත් අංගයක් බවට පත්වී තිබෙන කාටූන්, අකුරු කියවිය හැකි,කියවිය නොහැකි සෑම දෙනාගේම දැනුම පුළුල් කරන මාධ්‍යයක් බවට පත්ව ඇත.අතීතයේ පටන් මෙම කාටූන් කලාව පැවති බවට සාක්ෂි දක්නට ලැබේ.එය ලොව පුරා ව්‍යාප්ත වුයේ බටහිර ජාතීන් මඟිනි. පුවත්පතක සම්පූර්ණ තීරුවකට වඩා වේගයෙන් හා මැනවින් අදහසක් චිත්‍රයන් ආකාරයෙන් මනසෙහි මවාපාන හෙයින් පුවත්පත් කාටූන් චිත්‍රය ප්‍රධාන කර්තෘ වාකයටද වඩා වැදගත් තැනක් ගනු ලබයි.ඒ අනුව ශ්‍රී ලංකාව තුළ නිර්මාණය වූ මුල්ම කාටූනට ලෙස සිංහල විශ්ව කෝෂයේ සලකනුයේ දිනමිණ පුවත්පතේ පළවූ      ර්‍ණමුදලාලි” කාටූනයයි.ශ්‍රී ලංකාව තුළ දේශපාලන කාටූන් ආරම්භ කරන ලද්දේ 1940 දීය.”ඔයැ එසපැ දf ක්‍ැහකදබ” පුවත්පතට ඔබි්‍ර කොලට් විසින් කාටූනය නිර්මාණය කිරීමත් සමඟය.මේ සමඟම ජී.එස්.ප්‍රනාන්දු,අමිත අබේසේකර,විජේසෝම වැනි දේශපාලන කාටූන් ශිල්පීන් බිහි විය.කෙසේ වුවද අතීතයේ දී පටන් කටූන් ශීල්පීන් දැඩි විවේචනයට එල්ල වීය.මේ නිසාම ඔවුන් එයට උපහාසය සඳහා කටූනයක් නිර්මාණය කරවීය.


 මෙලෙස කාටූන් කලාව තුළ විශාල පෙරළියක් ඇති කළ බව පෙන්විය හැකිය.ඒ අනුව කාටූන් ශිල්පීන්ට ආවේණික වූ කාටූන් මෙලෙස තේමා පාඨ එක්කරගෙනු ලැබීය.එනම් ඔබි්‍ර කොලට්ගේිසිටිසන් පෙරේරා’,මර්ක් ගජයින්ගේ .සිම්පල් සිමියොන’,   විජේසෝමයන්ගේිපුංචි සිඤ්ඤො’,එස්.ඩී.ඕපාතගේ’  ිසිල්වා’, කැම්ලස් පෙරේරාගේිගජමෑන්’,දාස හපුවාලානගේිසුවාරිස්’,තරස්වින්ගේිබෙම්ප’’ ආදී වශයෙන් පොදු ජනතාව නියෝජනය කිරීම කාටූන් ශිල්පින් නිර්මාණය කරගන්නා ලද නියෝජිත චරිතයන් වේ.සමාජයේ පංති භේදයකින් වයස් භේදයකින් තොරව රස විඳිය හැකි මාධ්‍යයක් ලෙස කාටූන් මාධ්‍ය පෙන්වාදිය හැකිය.මෙසේ නිර්මාණය වූ කාටූන් කලාව බොහෝ පුවත්පත් සඟරා සන්නිදර්ශන චිත්‍ර නිර්මානයේදී සුදු,කළු වර්ණ භාවිතා කර ඇත.ඒ අනුව කාටූන් වර්ග කිහිපයක් දැකගැනීමට හැකිවේ.එනම් දේශපාලන කාටූන්,පොකට් කාටූන්,කාටූන් චිත්‍ර කතා ආදී වශයෙනි.

         

උදාහරණයක් ලෙස දේශපාලන කාටූන් ගත්විට එයට මෙරට මුල් පෙලේ නායකයින් සියල්ලෝම කාටූන් වර්තමානය වනවිට මෙරට කාටූන් මාධ්‍ය තුළ දේශපාලන කාටූන් ජනප්‍රියත්වයට පත් වී ඇත.එලෙසම කාටූන් ශිල්පියාගේ රේඛා භාවිතය වැදගත් වන අතර වඩාත් ප්‍රබල වන්නේ සංකේත භාවිතයයි.චරිතවලට නැඟිණි.ඒ ඒ පාලන යුගවලදී ජනතාවගේ අදහස් උදහස් වලට පාත්‍ර වූ දේශපාලන ප්‍රතිපත්ති හා නායකයින්ගේ අදුරදර්ශී ක්‍රියාවන් කාටුන් මඟින් විවේචනය කෙරේ.

උදා:-යුනුස් නම් කාටූන් ශිල්පියා ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ පාලන සමය තුළ ඔහු විවේචනය කරමින් කාටූන් ඇඳ තිබේ.එක් කාටූනයක ප්‍රේමදාස ජනාධිපතිවරයා අතෙහි මල් වට්ටියක් ද අනෙක් අතෙහි ටයරයක් ද සහිතව සිටින කාටූනයකි.මෙමඟින් එකල පැවති දේශපාලන සමාජ යථාර්ථය පිළිඹිඹු කරයි.මෙහිදී භාෂාව ලෙස චිත්‍ර යොදාගැනීමේ ප්‍රබලත්වය විදහා දැක්වේ.වචනාර්ථයෙන් පැවසීමට යුතු දෑ චිත්‍රයට නඟා පෙන්වීම තුළින් භාෂාවේ තීව්‍ර බව වඩාත් ගම්‍ය වේ.මෙවැනි නිදසුන් මාධ්‍ය භාෂාවේ නිර්මාණාත්මක ප්‍රවණතාවලට කදිමට ගැළපේග



 තවද භාෂාව නිර්මාණාත්මකව ගෙනහැර පෑමට කාටූනය තුළ ඒ ඒ චරිත ඉස්මතු කරලීමට සෑබෑ පාලකයින්ගේ කිසියම් හෝ සලකුණක් යොදාගනු ඇත.මේ නිසාවෙන් කාටූනයේ දී ඉදිරිපත්වන චරිතය පාඨකයාට පහසුවෙන් හඳුනාගැනීමට හැකිවේ.ජනාධිපති ජේ.ආර්.ජයවර්ධන මහතා කාටූන් තුළින් විනිවිද දකින ලද ඔබි්‍ර කොලට් නම් කාටූන් ශිල්පියා මෙරට කාටූන් කලාව වර්ධනයෙහිලා මහඟු සේවාවක් කල අයෙකි.ජේ.ආර්.ජයවර්ධන ජනාධිපතිතුමා කාටූනයට නැඟු අවස්ථාවේ එතුමා කළ ප්‍රකාශයකින් ඔබි්‍ර කොලට් ශිල්පියාගේ කාටූන් හැකියාව මනා ලෙස විසඳ වේ. 

 "කොලට් තමුසේ ඩඩ්ලිව අඳිනකොට ගිරාහොට නහයයි පයිප්පෙයි දානවා.බණ්ඩව අඳිනකොට ජාතික ඇඳුමයි පයිප්පෙයි කණ්ණාඩි කුට්ටමයි දානවා.මාව අඳිනකොට මහ විශාල නහයක් දානවා....”

                                                                         යනුවෙන් ඔහුව දිරිමත් කරවීය.එලෙස දිරිමත් වූ කාටූන් කලාව වර්තමානයේ වන විට පාලකයින්ගේ හඳුනාගැනීමේ පහසුව තකා ද විවිධ අංග නිරූපණය වීය.නිදසුන් ලෙස මහින්ද රාජපක්ෂ මහතා නිරූපනයටිසාටකය’ ද,අනුර කුමාර මහතා නිරූපණයටිරැවුල’ ද යොදාගනී.මෙමඟින් චරිතය හඳුනාගැනීමට පහසුවනවාසේම එය භාෂා නිරූපණයට ද පහසුවක් වනු ඇත.ඒ අනුව කාටූනය තුළින් භාෂාව මනාවට භාවිත වන ආකාරය පැහැදිලි වේ.උපහාසයෙන් හෝ පැවසීමට ඇති දෑ සෘජුවම පවසනු ලබයි.මෙවැනි උපක්‍රම කාටූන් භාෂාවෙහි යොදාගත් නිර්මාණශීලී උපක්‍රම වේ.ඒ අනුව පැහැදිලි වනුයේ පුවත්පත් මාධ්‍යය තුළ දී භාෂාවේ නිර්මාණාත්මක ප්‍රවණතාව කාටූන් මඟින් ද නිරූපණය වන බවය.

                                                          එලෙසම පුවත්පත් කලාව තුළ මාධ්‍ය භාෂාව යොදාගැනීම සම්බන්ධව ප්‍රවෘත්ති ගත්විට ද එයටම ආවේණික භාෂා රටාවක් දක්නට ලැබේ.පුවත්පතක ප්‍රවෘත්ති ඉදිරිපත් කරන පිළිවෙලට හෝ අන්තර්ගතයට පාඨකයා ග්‍රහණය කර ගැනීමට හැකිනම් එම පුවත්පත කියවීමට රුචිකරන පාඨක පිරිසක් ගොඩනඟා ගත හැකිවනු ඇත.මේ නිසා බොහෝමයක් පුවත්පත් තම අන්තර්ගතය පිළිබඳ ස්ථාවරත්වයක් පිහිටුවා පාඨකයා කියවීමට රුචි ප්‍රවෘත්ති තෝරාගෙන ඉදිරිපත් කිරීම සිදුකරයි.පුවත්පතක වැදගත්ම දේවනුයේ ප්‍රවෘත්ති වේගසරල සෘජු වැකි සහිත භාෂාවක් භාවිතා කෙරේ.එහෙත් සුවිශේෂී අවස්ථාවල එය සාහිත්‍ය කෘතියක භාෂා රටාවට සමාන ලෙස රචනා කෙරෙන අයුරු ද දැකගත හැකිය.

 

උදා:-විශේෂ පුද්ගලයෙකුගේ අවමඟුල් අවස්ථාවකදී සෘජුව අදාළ පුවත පමණක් සඳහන් වන අවස්ථා, “රඟ මඬල දිග්විජය කරමින් දශක ගණනාවක් පුරා ප්‍රේක්ෂක සිත් සතන්...”, “මළ හිරු බසිනා මේ සන්ධ්‍යාවේ ජාතියෙන් සමු ගන්නා කෘතහස්ත..”

                ආදී වූ සාහීත්‍යය වදන් ද ප්‍රවෘත්ති ඉදිරිපත් කිරීමේ දී යොදාගනු ලබයි මෙහිදී උපමා,රූපක ආදිය යොදාගෙන ඇති බව ද කිවහැකි වේ.එලෙසම ප්‍රවෘත්ති නිර්මාණාත්මක භාෂා භාවිතයට වැඩිම ඉඩක් පවතින්නේ ශීර්ෂපාඨවලය. මන්දයත් පාඨකයාගේ ඇසට මුලින්ම හසුවනුයේ ශීර්ෂපාඨය වේ.මේ නිසා එය ප්‍රබලව භාෂා භාවිතයක් සමඟින් ඉදිරිපත් කිරීම අනිවාර්ය වේ.භාෂාවක් පමණක් එහි භාවිතා කරන අක්ෂරවල ප්‍රමාණය, වර්ණ ආදිය පිළිබඳව සලකිලිමත් විය යුතුය.එලෙස පරිපූර්ණ වූ විට පාඨකයා දැනුවත් කිරීමට උත්සාහ දරන ප්‍රවෘත්තිය පහසුවෙන් ග්‍රහණය වේ.මේ නිසා නිර්මාණාත්මක භාෂාවේ වැදගත්කම මොනවට පසක් වේ.ඒ සඳහා නිදසුන් මෙලෙස ගෙන හැර පෑ හැක.එනම්,

 උදාථ-ිපහක් බේරේ නොමැරී බේරේ.,ිවිස්සයි විස්ස ලෝක කුසලානය විස්සයි විස්සෙන් ඈතට යයි’ලිදොස්තර මහත්තයා ඇල්ලූ පොලිස් නෝනාගේ වික්‍රමය’ ආදී වශයෙන් ප්‍රවෘත්තිවල ශීර්ෂපාඨ වෙන්වීය.

මේ අනුව පැහැදිලි වනුයේ ප්‍රවෘත්ති ඉදිරිපත් කිරීම සඳහා නිර්මාණාත්මක භාෂාව යොදාගැනීමේ ප්‍රවණතාවය වේ .එහෙත් මෙවැනි භාෂාවක් නිසා පාඨකයාට සෘජුවම කුමන ප්‍රවෘත්තියක් ද යන්න වටහා ගැනීම මඳක් අපහසු වේ.එහෙත් සිත් ආකර්ෂණය වන අන්දමින් හා සෘජුවම අවධානය යොමු කරවා ගැනීමට පුවත්පත් කලාව තුළ යොදාගත් උපක්‍රමයන් නිසාවෙන් එය සාමාන්‍යකරණයට ලක් වී ඇත.මේ ආකාරයට පුවත්පතක විශේෂම අංගය වූ ප්‍රවෘත්ති සඳහා නිර්මාණාත්මක භාෂාව යොදාගෙන ඇති අයුරු ගම්‍ය වේ.

           තවද විශේෂාංග ලිපි මඟින් ද භාෂාවට මනා පණක් ලබාදෙමින් ඉදිරිපත් කිරීමට හැකි වී ඇත.විශේෂාංග ලිපි ලිවිමේ දී පාඨක අවධානය යොමුවන ආකාරයේ මාතෘකා යොදාගත හැකිය.එමෙන්ම ලිපියේ අන්තර්ගතය නිර්මාණය කිරීමේ දී ආකර්ශණීය භාෂා රටාවක් භාවිත කිරීමට හැකියාව ඇත.උදාහරණ ලෙස,ිසුපිරි මාර්ගය නිසා වෑහෙනා ජනතා කඳුළුලසිත්මන් තළාලයි පාරට දමන්නේ,මේ මඟ කවුරු කොයි  යනු දැයි අසන්නේ’ ආදී වශයෙන් භාෂාව මනාවට නිර්මාණශීලීව යොදා ගෙන ඇති අයුරු පැහැදිලි වේ. එහිදී තේමා පාඨය ව්‍යංගාර්ථවත්ව නිර්මාණශීලීව ඉදිරිපත් කිරීමට පෙළඹී ඇත.පැවසීමට ඇති දෑ සෘජුව නොපවසා වක්‍රාකාරයෙන් තේමාවට නැංවීම භාෂාව නිර්මාණාත්මකව යොදා ගැනීමේ ප්‍රවණතාවකි.ඒ අනුව පුවත්පත් විශේෂාංග ලිපි මඟින් මාධ්‍ය භාෂාව කෙලෙස විවරණය වනවාද යන්න පෘථුල වේ.

           පුවත්පත් කලාව තුළ විශේෂාංග ලිපි සේම තීරුලිපි ද වැදගත් විශේෂාංගයකි.මාධ්‍ය භාෂාවේ නිර්මාණාත්මක ප්‍රවණතා දැක්වීමට තීරු ලිපි ද කදිම නිදසුනකි.මෙමඟින් දේශපාලනය,ආර්ථිකය,කලාව ආදී සියල්ලක්ම පාහේ පිළිබඳ ව සාකච්ජා කරනු ලබයි.පුද්ගලික මට්ටමින් අවවාද දීම,පොතපත,චිත්‍රපට,සංගීත නිර්මාණය විවේචනය කිරීම,එදිනෙදා ජීවිතයේ දී යොදාගන්නා දෑ ගැන ආදි සියල්ලක්ම තීරු ලිපි මඟින් ඉදිරිපත් කරනු ලබයි.මෙලෙස තීරු ලිපි පිළිබඳව සරල අදහසක් ලබාගත හැක.මෙය පුවත්පත් විශේෂාංග ගණයෙහි සැලකිය හැකි වචන 250 ත් 750ත් අතර ලියවෙන සංක්ෂිප්ත සාරගර්භ ලිපියකි.එබැවින් තීරුලිපි සඳහා සුවිශේෂි භාෂා රටාවක් තිබිය යුතු අතර එම වචන භාවිතා කිරීමට සිදුවන්නේ ඉතා අරපරිස්සමිනි.එකදු වචනයක් හෝ අන්තර්ගත විෂය ක්ෂේත්‍රය වන්නේ හාස්‍යය ඕපාදූප හා දේශපාලනයයි.තවද කලාවට සංස්කෘතියට සම්බන්ධ මැසිවිලි දුක් අදෝනා ද අන්තර්ගතය.තීරු රචනා වර්ග කිහිපයකි.පාඨක සේව තිරු,හුවමාරු තීරු,සංක්ෂිප්ත තීරු,නාම තීරු,තොරතුරු විකට තීරු ආදී වශයෙනි.

                                               මෙලෙස දිගහැරෙන තීරු ලිපිය තුළ භාෂාව අලංකරණය කිරීම සඳහාත්,සන්නිවේදන ගුණය තිව්‍ර කිරීම සඳහාත්,භාෂාත්මක උපක්‍රම රැසක් භාවිතා කරනු දැකිය හැකිය.උපමා,ආර්තෝපදේශ,ප්‍රස්ථාව පිරුළු,සංකේත,දෙබස් නාට්‍යාංග,කාව්‍යෝක්ති,ශ්ලෝක ආදිය මෙන්ම ගත් වහරින් ගත් යෙදුම් සහ ජනවහරින් උකහා ගත් යෙදුම් ද යොදා ගනිමින් නිර්මාණය වේ.නිර්මාණශීලී තීරු ලිපි කිහිපයක් උදාහරණ ඇසුරින් මෙලෙස ඉදිරිපත් කළ හැක.එනම්,


උදා:-ලටපට සඟරාවේ යකාගේ දින පොතෙහි බහිරව පාල ලෙසින් මෙසේ ලියවී ඇත.

“නුවන් පුරා නෑවිලවුන් හෙමින් වදී

සෙවුම් බැලුමි නොකරම තනපට ද අදී

සියුම් බැවින් ඇඳි සළුපට ඇඟට ඇලෙයි

මුදනන්ගේ මන්ද සළුපට කිනෙක් හිඳී”

(කිත්සිරි,සිංහල පුවත්පත් තීරු ලිපියේ විකාශනය හා සන්නිවේදනය,1993)

      තවද ජෝන් කොතලාවල මහතාට නම්බු නාමයක් පිරිනැමීම පිළිබඳිවගතුග’ තීරු ලිපියේ මෙසේ සඳහන් විය. “සූර්යපුත්‍ර,වංශාභිත්ත,ධවල ගජපති,මහාමාන්‍ය,රාජ වල්ලභ ශ්‍රීමත් ජෝන් කොතලාවල අග්‍රාමාත්‍යතුමා” යනුවෙන් සඳහන් කෙරුණි.

                                                    එලෙස මෙවැනි වූ නිර්මාණශීලී තීරු පිලි දිවයින් පුවත්පතේිරයිගම්රාල’ ලෙසද,ලක්මිණි පහනේිඅසරණයාගේ කන්නලව්ව’,ආගමික ඥාන ප්‍රදීප පුවත්පතේ ිදේශකගෙන්’ ආදී තීරු ලිපි තුළත් මාර්ටින් වික්‍රමසිංහගේ,මුනිදාස කුමාරතුංග,දයාසේන ගුණසිංහ ආදී වූ නිර්මාණකරුවන්ගේ තිරුලිපි තුළත් නිර්මාණශිලී භාෂාව දැක ගැනීමට හැකි විය.මේ ආකාරයට පුවත්පත් කලාවේ එන තිරු ලිපි ඉස්මතුවන මාධ්‍ය භාෂාවේ නිර්මාණාත්මක බව පිලිබඳව පුළුල්ව අවබෝධයක් ලබාගත හැක.

 උක්ත සදහන් කළ පරීදි පුවත්පත් මාධ්‍ය තුළ දක්නා ලැබෙන කතුවැකි,ප්‍රවෘත්ති,විශේෂාංග ලිපි,තීරු ලිපි,කාටූන් ආදීය මෙන් දැන්වීම් ඉදිරිපත් කිරීම ද දක්නට ලැබේ.ඒ අනුව දැන්වීම්කරණය තුළ ද භාෂාව නිර්මාණාත්මකව භාවිතා කිරීමට තරම් නිර්මාණකරුවා නිර්මාණශීලී වි ඇත.භාණ්ඩ හා සේවා ප්‍රචාරණයට දැන්වීම් භාවිතා කරනු ලබයි.ඒ අනුව කිසියම් කරුණක් දැනුම් දීම සඳහා සම්පාදිත පණිවිඩය,දැන්වීමක් ලෙස හැඳින්විය හැකිය.එහිදී වචන,වාක්‍ය,රූප ආදිය පමණක් නොව වීඩියෝ දර්ශන,සංගීතය ආදිය භාවිතා කෙරේ.වර්තමානයේ දැන්වීම් යන වචනය අප සිතට නංවන්නේ වාණිජ අරමුණු පදනම් කරගත් දැන්වීම්කරණයයි.එහෙත් වර්තමානයේ දී ද සමාජයට කිසියම් කාලීන තොරතුරක් දැනුම් දීම අරමුණු කරගත් දැන්වීම් ද දක්නට ලැබේ.පුවත්පත් දැන්වීම්කරණයේදී භාෂා භාවිතය අතිශ්‍ය වැදගත් සාධකයකි.මතකයේ රැදෙන ඉක්මනින් අර්ථ ග්‍රහණය කළ හැකි පද යෝජනය සාර්ථක දැන්වීමක අත්‍යවශ්‍ය අංගයකි.දැන්වීමට අවශ්‍ය කාරණය ඕනෑම තරාතිරමක අයෙකුට පහසුවෙන් අවබෝධකර ගත හැකි වන ලෙස හා පෙළඹිමක් ඇති වන ආකාරයට දැන්වීම් නිර්මාණ කළ යුතු ය.

                                          ඒ අනුව දැන්වීම පිළිබඳ ව මනා පෙළඹවීමක් ඇතිකර වීමට එහි මාතෘකා පාඨය සමත් විය යුතු ය.රසවත් කෙටි මාතෘකා මෙන්ම කුතුහලය දනවන මාතෘකා ද දැන්වීම් පත්‍රිකා සරසයි.දැන්වීමක් නෙතු ගැටුණු විගස එය නැවතත් බැලීම සඳහා ආකර්ෂණයක් තිබේ නම් එය සාර්ථක දැන්වීමකි.කරුණු රාශියක් ග්‍රාහකයාට ඉතා රසවත්ව ඉතා හරවත්ව ඉතා ලුහුඬු ලෙස සන්නිවේදනය කළ හැකි වීම දැන්විමක සාර්ථකත්වයට හේතු වේ.

උදා:-‘කුස්සියේ ජරමරේ,නැතිකරන බලවතා’ යනුවෙන් තේමා පාඨයක් යොදාගනිමින් කසඑරද ට්ි වෙළඳ දැන්වීම ඉදිරිපත් කරයිග


           මෙහිදී යොදාගත් භාෂාව ගත් විට සරල පහසුවෙන් තේරුම් ගැනීමට හැකි භාෂාවකි.තව විනෝදාස්වාදය එක් කරනු ලබයි.තවත් නිදසුනක් ලෙසිසහනය එමටයි-වියදම අවමයි’ ලෙස පැනඩෝල් දැන්වීම ගත හැක.ිකිස්ට්කටට රසට කන්න කැමති සැමට’ වශයෙන් දැන්වීම් පුවත්පත් තුළ දක්නට ලැබේ.

                                                මෙවැනි පුවත්පත් දැන්වීම් තුළින් භාෂා භාවිතය නිර්මාණාත්මකව ඉදිරිපත් කිරිම පිළිබඳ ව වටහා ගැනීමට හැකි වේ.මුලින් ම කී පරිදි දැන්විමක් ආකර්ෂණීය අන්දමින් තිබීම අනිවාර්‍ය අංගයක් වේ.මේ නිසා දැන්වීමක දී රූප භාවිතය පමනක් නොව නිර්මාණශීලී භාෂාවක් යොදාගැනීම ද සාර්ථක දැන්වීමක ලක්ෂණයකි.ඒ අනුව පැහැදිලි වනුයේ පුවත්පත් මාධ්‍ය තුළ එන දැන්වීම් භාෂාව ද මාධ්‍ය භාෂාවේ නිර්මාණාත්මක ප්‍රවණතා ඉදිරිපත් කිරීමට කදිම නිදසුනකි. ජන මාධ්‍ය අතුරින් අදවන විට වැඩි හිමිකමක් හිමිව ඇත්තේ විද්‍යුත් මාධ්‍යයම වේ.මුද්‍රිත මාධ්‍ය ආරම්භ වීමක් සමඟම විද්‍යුත් මාධ්‍ය ආරම්භ වීමට මුල පිරුවේය.එලෙසම මෙහිදී භාෂාව හැසිරවීම ගත්විට මුද්‍රිත මාධ්‍යයට සාපේක්ෂව වඩා වෙනස් වූ භාෂා භාවිතයන් විද්‍යුත් මාධ්‍ය තුළ දැකිය හැකි වේ.එහිදී ද විද්‍යුත් මාධ්‍යය ප්‍රභේදයන්හි සුවිශේෂී වූ භාෂා භාවිත රටාවක් හඳුනාගත හැකිය.මේ අතුරින් ගුවන් විදුලිය,රූපවාහිනිය ගත හැකි වේ.ඒ අනුව ගුවන් විදුලි මාධ්‍ය ගත්විට අතීතයේ දී නම් එයට සුවිශේෂී ස්ථානයක් හිමිවීය.ඒ අනුව මෙරට තුළ ගුවන් විදුලිය ස්ථාපිත වූයේ ද ඓතිහාසික සන්දර්භයක් තුළය.මුල් කාලයේ ගුවන් විදුලිය වර්ධනය වන්නට පටන් ගත්තේ දේශීය අවශ්‍යතා,මහජන අවශ්‍යතාවලට වඩා එවකට ලෝක සන්දර්භය තුළ ගොඩනැගෙමින් තිබූ බල අරගලයේ කොටසක් ලෙසය.එලෙසම මෙය හඬ ආත්මය කොටගත් ප්‍රබල සන්නිවේදන මාධ්‍යයකි.එලෙසම ගුවන් විදුලි මාධ්‍ය ශ්‍රව්‍ය මාධ්‍යයක් වන කිවයුතු වේ.එබැවින් ගුවන් විදුලියේ භාෂාව ග්‍රහණය කර ගැනීමට සිදුවන්නේ ශ්‍රවණය කිරීමෙන් පසුවය.

                                                                                          මාධ්‍ය භාෂාවේ නිර්මාණාත්මක ප්‍රවණතා දැක්වීමේ දී ගුවන් විදුලිය තුළ හඬ භාෂාව සඳහා යොදාගනු ලබයි.ඒ අනුව මිනිස් හඬ,සංගීතය,ස්වාභාවික ශබ්ද,කෘත්‍රීම ශබ්ද,ශබ්ද ප්‍රයෝග හා නිහඬතාව සංකලනය වීමෙන් භාෂාව සකස් වේ.ගුවන් විදුලිය තුළ ප්‍රවෘත්ති,ගීත,දැන්වීම්,ගුවන් විදුලිය නාට්‍ය,වාරණ,සාකච්ජා ආදී වැඩසටහන් වලදී භාෂාව නිර්මාණාත්මක යොදා ගැනීමට හැකි වේ.ඒ අනුව හඬ නිර්මාණාත්මක ලෙස භාවිත කරනුයේ වැඩසටහන් ආකෘතිය වශයෙන් හා නාව්‍ය ආකාරයෙන් සම්පාදනය කරන්නෙන් ග්‍රාහක ස්ථානයේ සිටින ශ්‍රාවකයා ඉලක්ක කර ගනිමිනි.ගුවන් විදුලියේ දී චිත්ත රූපය හසුවන්නේ ශ්‍රාවකයාගේ මනසටයි.මනසට හසුවන ලෙස ගුවන් විදුලි භාෂා භාවිතයෙන් රූපයක් මැවීම ගුවන් විදුලියේ පළමු නිර්මාණ අභියෝගය වේ.තවද ගුවන් විදුලි නිවේදකයන්,නාට්‍ය වැඩසටහන් ඉදිරිපත් කරන ශිල්පීන් කථනයක් ග්‍රාහකයා ආක්්‍රශණය කරන්නේ ස්වීය හඬ භාවිතය මඟිනි.වැඩසටහන් අවශ්‍යතාවට යෝග්‍ය වන ලෙස සුදුසු ලෙස නිර්මාණශීලී හඬ භාවිත කළ යුතු වේ.

             ඒ අනුව නිදසුනක් ලෙස ප්‍රවීණ නාට්‍යවේදී සුගතපාල ද සිල්වා විසින් රචිත හඬනළුව හෙවත් ගුවන් විදුලි නාට්‍යය කෘතියේ ගුවන් විදුලි භාෂාවේ.ශක්‍යතා සහ පරිකල්පනීය හැකියා පිළිබඳ කරුණු දක්වා තිබේ.එලෙසම ගුවන් විදුලි නාට්‍යට පරිකල්පනය පෙරටු කොටගත් කලාවකි.අසන්නා ගුවන් විදුලි නාට්‍ය රස විඳින්නේ තමාගේ පරිකල්නයෙහි මවාගත් චිත්ත රූප සමඟය.එනම් සවන කේන්ද්‍ර කර ගත් චිත්ත රූප සමුච්චයකිනි.තවද ග්‍රාහක මනසේ රූප ගොඩනැඟීමට හැකිවන ලෙස ගුවන් විදුලි පිටපත් රචනයේ හෝ නිෂ්පාදන ශබ්දය,හඬ මුල් වූ මෙහි එය නිර්මාණශ්හිලීව,ආකර්ශණියව ඉදිරිපත් කළ යුතු වේ.

උදා:-    හාදයා:-හොඳයි,එහෙමනම් මේක බ්ලා ඉන්නකෝ.(උගුරපාදා)

                 ර්‍ණඔබ ඉඟිය දෙනකොට සුදානම් වෙන්න....ඔන්න දැන් උණු උණු ගොජ දාන චොක්ලට් දියරෙන් මිච්ගන් ගඟ කට ලඟට ම පිරිලා විල තාවල්ලේ අඩි 700 උස යෝද ක්‍රීම් කන්දක් තිබෙනවා.ක්‍රීම් කන්ද මුදුන බුබුළු දානවා.බුබුළු දාන මේ ක්‍රීම කන්ද පෙරළිගෙන ඇවිත් චොක්ලට් විලට ජබොස් ගාලා වැටෙනවා ඔය වෙලාවේ ගුවන් හමුදාව විලට ඉහළින් පියාසර කරන අහස් යාත්‍රාවල සිට වියළි මිඳි ටොන් 10ක් ක්‍රීම් උඩට ඉහිනවා....”

          හඬ;ක්‍රීම් කන්ද පෙරළි චොක්ලට් දියරට වැටෙන මහා හඬ

          හාදයා;දැන් ගුවන් හමුදාව ඉඟිකරන්න

          හඬ;අහස් යානා සමූහයක පියාසර හඬ

                           මෙලෙස ගුවන් විදුලියේ නිර්මාණශීලීත්වය විදහා පෑමට කදිම නිදසුනකි.ඒ අනුව පැහැදිලි වනුයේ ගුවන් විදුලි පරිකල්පනා සඳහා වැඩි ඉඩහසරක් පාදාදුන් මාධ්‍යයේ ලෙස දැක්විය හැකිය.මේ හරහා ජනතාගේ චින්නත ශක්තිය දියුණු කෙරිණි.නමුත් වර්තමානයේ දී නිර්මාණශීලීත්වයෙන් තොර හුදු වාචාල,බහුශ්‍රැතභාවයෙන් තොර නිවේදක නිවේදිකාවන් පිරිසක් උදේ සිට රැ වනතුරු ගුවන් විදුලිය හරහා දොඩමළු වීමක් පමණක් දැක ගත හැකිය.එවැනි දේ හරහා ග්‍රාවකයාගේ පරිකල්පන ශක්තිය හා චින්තනය දියුණු කළ නොහැකි බව ඕනෑම කෙනෙකුට පැහැදිලි වනු ඇත. එලෙසම තවත් නිර්මාණශීලී වැඩසටහන් ඉදිරිපත් කළ පුද්ගලයෙකු වී ප්‍රේමකීර්ති අල්විස් මහතා දැක්විය හැකිය.ඔහු ඔහුට වන අසාධාරණකම් පවා ඉතා නිර්මාණශීලීව ඉදිරිපත් කළේය.උදාහරණයක් ලෙස ප්‍රේමකීර්ති අල්විස් මහතාගේ විවිධ දේශපාලන කටයුතු නිසා ඔහුව දුෂ්කර සේවය සඳහා යොමුකළ අවස්ථා බොහෝමයකි.එක් අවස්ථාවක එසේ දුෂ්කර සේවයට මාරු කර නැවත ගුවන් විදුලියට පැමිණිමේ දී ඔහු වැඩසටහන ආරම්භයේ දි පුටුව හයියෙන් බිම දැම්මේය.ඉන් පසුව ඔහු මෙලෙස පැවසීය.

 "ඔයාලා හිතුවේ මම වැටුණා කියලා නේද?නෑ මම වැටුණේ නෑ.පුටුවයි වැටුණේ.” 

                                                                                    යැයි ඔහු ඉතා නිර්මාණශීලී ලෙස ඔහුගේ අදහස දැක්වීය.මෙවැනි නිර්මාණශිලී ගුවන් විදුලි නිවේදකයින් නිසා ගුවන් විදුලියේ භාෂා මාධ්‍ය තිව්‍ර ලෙස පෙන්වීමට හපන්කම් පෑවේය.එහෙත් මෙවැනි පුද්ගලයින් වර්තමානයේ දී දැක ගත නොහැකි වේ.මේ ආකාරයට ගුවන්විදුලි මාධ්‍ය තුළ දී පවතින භාෂා භාවිතයේ නිර්මාණශීලීත්වය ගම්‍ය කළ හැකිය.

                             ගුවන් විදුලිය සේම තවත් විද්‍යුත් මාධ්‍යයක් වූ රූපවාහිනිය ගත් විට ද මාධ්‍ය භාෂාව නිර්මාණාත්මකව යොදා ගැනීමට දැඩි අවධානයක් යොමු වී ඇත.ඒ අනුව ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍යයක් ලෙස රූපවාහිනිය ප්‍රේක්ෂකයාගේ නිරන්තර අවධානය යොමු වන්නකි.බහුලව වර්තමානයේ දී ඒ බව දැකගැනීමට හැකි වේ.මෙම රූපවාහිනිය තුල ද භාෂාව නිර්මාණශීලීව යොදා ගැනීමට පෙළඹී ඇත.එය රූපවාහිනී මාධ්‍ය භාෂාව යනුවෙන් කිවහැකි අතර ප්‍රබල වාණිජ වාසි ගෙන දෙන මාධ්‍යයක් බවට පත්වී හමාරය.ඕනෑම කෙනෙක් යම් පුද්ගලයෙක් පිලිබඳ සිය මතය පළමුව පළකරනු ලබන්නේ ඔහු භාවිතා කරන භාෂාවේ විලාසයෙනි.ඇතැම් විට ඔහුගේ හොඳ හෝ නරක හඳුනාගන්නේ ද ඔහුගේ භාෂා විලාසයෙනි.රූපවාහිනී මාධ්‍යය ද මෙය හරිහැටි අවබෝධ කරගෙන ඇති බව වැටහේ.ඒ අනුව පුවත් ඇල්ම අදවන විට ජනතාව තුළ පවතින ප්‍රබල අවශ්‍යතාවයකි.සාධාරන පුවත් සඳහන් කරනු ලබන නාලිකාව ද යන්න ප්‍රේක්ෂක ප්‍රතිචාර මත බැලිය හැකි වේ.මෙහි දී ප්‍රේක්ෂකයා සුවිශේෂව බලනු ලබන කරුණක් වන්නේ භාෂාවයි.මන්ද යත් රූපවාහිනිය නරඹන ප්‍රේක්ෂකයා බහුතරය ගැමියන් වීම නිසාය.මේ නිසාවෙන් ඔවුනගේ අධ්‍යාපන මට්ටමට ගැළපෙන අයුරින් භාෂාව භාවිතය සිදුවිය යුතු ය.තවද ඕනෑම දෙයක් විමසා බැලීමෙන් තොරව යම් ආකර්ෂණයක් ලැබීම මත ඔවුන් ඕනෑම දෙයක් ග්‍රහණය කරගනු ලබයි.

             ඒ අනුව ප්‍රවෘත්ති පිළිබඳ ව පවතින භාෂාව විමසීමේ දී රූපවාහිනී නාලිකාවක් වන ටිවී දෙරණ ගත් විට මෙහි ඔවුනගේ පුවත් තේමා පාඨය ලෙස “සත්‍ය ප්‍රථමයෙන්” යන්න වේ.එමඟින් ප්‍රේක්ෂකයාව ඇඳබැඳ තබා ගැනීමට හැකිවන අයුරින් භාෂාව හසුරුවා ඇත.තවද විකාශනය පුරාවට ම සරල බස් වහරක් භාවිත කිරීම නිසාවෙන් කුඩා දරුවාගේ සිට මහලු පුද්ගලයා දක්වා සරලව අවබෝධ කර ගැනීමේ හැකියාවක් පවතී.මේ ආකාරයට රූපවාහිනිය තුළ ප්‍රවෘත්ති පමණක් නොව සාකච්ජා වැඩසටහන්,ටෙලි නාට්‍ය,ටෙලි චිත්‍රපට,කාටූන්,වාර්තා ආදී වූ අංගයන් මඟින් භාෂාව නිර්මාණාත්මකව යොදාගැනීමට පෙළඹී ඇත.

       මෙම කරුණු මඟින් ගම්‍ය වනුයේ මාධ්‍ය භාෂාවේ විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය තුළ දී නිර්මාණශීලීව යොදා ගත් ආකාරය වේ.එයට පුවත් පත,රූපවාහිනිය,ගුවන් විදුලිය ආදී ජන මාධ්‍යයන් මඟින් නිදසුන් සහිතව පෙන්වා දීමට හැකි වී ඇත.පාඨකයාගේ,ශ්‍රාවකයේගේ ආකර්ෂණය,අවබෝධය ආදී විශේෂ කරුණු මූලික කරගෙන භාෂාව හැසිරවීම තීරණය වේ.වත්මන් තත්ත්වයට ගැළපෙන ආකාරයට ඒ ඒ විශේෂාංග නිර්මාණශීලීව ඉදිරිපත් කිරීමට භාෂාව මහඟු පිටුවහලක් වී ඇති බව මෙමඟින් වැටහේ.ඒ අනුව මාධ්‍ය භාෂාවේ නිර්මාණාත්මක ප්‍රවණතා මොනවට පසක් වේ.


                               

විචාරකයා සතු ගුණාංග....

 

              විචාරය යන්න හැදින්වීම

 විචාරය යන්න මුලින්ම ග්‍රීසියේ ජරසඑසජ යන්නෙන් ඇති වුවකි.යමක් දෙස බලා පුර්ව විනිශ්චයක් ලබා දෙන අර්ථය ද ඇත්තේය.බටහිර සාහිත්‍ය ක්ෂේත්‍රයෙහි විවේචනය ජරසඑසජසිප යන වචනය වර්තමාන අර්ථයට ද මඳක් හෝ සමීප වන අයුරින් මුලින්ම යොදා ඇත්තේ 17 වන සියවසේ විසූ ජෝන් ඩ්‍රයිඩන් විසිනි.විචාරය යන්න ක්‍රි.පු.යුගය දක්වාම දිවයයි.විචාරය ලෝකය පුරාම ව්‍යාප්ත වුයේ 19 වන සියවසේ දීය.

එලෙසම බෙකන් විසින් සාහිත්‍ය විචාරය සමාජයට හඳුන්වා දෙයි.මෙමඟින් සාහිත්‍ය විචාරය සම්බන්ධයෙන් යම් යම් අදහස් සමාජයේ දළු ලා වැඩෙන්නට පටන් ගනී.එහෙත් විචාරය ශබ්දය දාහත්වන සියවසට පෙර දහවන සියවසේ දී භාවිත වේ.එලෙසම “විචාරය ශබ්දය පළමු වරට පුළුල් අර්ථයක භාවිත කර ඇත්තේ දසවන සියවසයේ විසූ කේෂ්මේන්ද්‍ර නමැති විචාරකයා ය.”ඖචිත්‍ය විචාර චර්යා නැමැති කෘතියෙහි මේ බව දක්වා ඇත.

එලෙසම මෙහිදී සමාන්තරව රසාස්වාදය,රසවින්දනය,ගුණදෝෂ විභාගය,විවේචනය යන පද විචාරය සඳහා යෙදිය හැකි වචනයන් වේ.එලෙස ම විචාරය බහු අර්ථයක් ගෙන දෙන පදයක් ලෙස හඳුනා ගන්නා ලදි.විචාරය යන්න විඥාණය හා තදාත්මක වූ දෙයක් ලෙස හඳුනා ගන්නා ලදි.එලෙස ම විචාරය පිළිබද ව මෙලෙස අර්ථ දැක්විය හැකිය.එනම්,

සාහිත්‍යය කෘතියක් කියවන සැම පාඨකයෙක් ම විචාරකයෙක් වේ.

විචාරය යන්න පුද්ගලානු බද්ධ වුවකි.

විචාරො තත්ව නිර්ණය නම් ඇති තතු නිර්ණය කිරිමකැයි පැවසේ.

විචාරයේ දී විචාරකයා විසින් කෘතියේ සියලු දෑ හඳුනා ගත යුතු යි.සාහිත්‍ය විචාරය මිනිස් මනසත් බාහිර ලෝකයත් හා සම්බන්ධ වූ ක්‍රීයාවලියකි.විචාරකයා සතු පුළුල් ඥාණයක් තිබිය යුතුය.

මෙසේ විචාරය පිළිබඳව අර්ථ ඉදිරිපත් කළ හැකි වේ.එලෙස ම විචාරට පිළිබද විවිධ කවීන් විසින් නිර්වචනත් ඉදිරිපත් වීය.ඒවා නම්,

“විචාරය යනු කෘතිය විශ්ලේෂණය කොට එහි තත්ත්ව නිර්ණය කිරිමත් එමඟින් රුචිකත්වය නිර්ණය කිරිමත් වේ.”

-ටී.එස්.එලියට්-

“අංග සම්පූර්ණ විචරයක අධ්‍යයනය විශ්ලේෂණය හෝ විග්‍රහය අර්ථකථනය හා ඇගයීම් ඇතුළත් විය යුතු ය.”

-අයි.ඒ.රිචර්ංස්-

                       මෙලෙස විචාරයේ දී කරනු ලබන විශ්ලේෂණය මඟින් රසික හදවත් නිර්මාණය හා සමීප කළ යුතු විනා දුරු කිරීමක් නොවන බව උක්ත කාරණය මඟින් පසක් වේ.ආනන්දයෙන් පටන් ගෙන ප්‍රඥාවෙන් සාහිත්‍ය නිර්මාණයක් රස විඳිය යුතු ය.එහි දී එහි සෑබෑ යථාර්ථය උකහා ගැනීමට සමත් විය යුතුය.

          තව දුරටත් සියුම් ව අධ්‍යයනය කර විට තවත් සාධක බොහෝමයක් හඳුනාගත හැකිය.එනම් විචාරයට යනු කෘතියක් සැඳුම් ලැබ තිබෙන මූලිකාංග තෙක් ම විශ්ලේෂණය කොට ඒ ඒ මූලිකාංග අතර අන්තර් සම්බන්ධතා පෙන්වා ඒවා සමාජයට පිළිඹිඹු කරන විදහා දැක්වීම විචාරය නම් වේ.එලෙසම සාහිත්‍ය විචාරය සම්බන්ධයෙන් ප්‍රධාන අංශ 2 ක් ඇත.එනම්,

සාහිත්‍ය නිර්මාණය සඳහා පාදක වූ විෂය ක්ෂේත්‍රය එහි සන්දර්භය ශිල්පීය ලක්ෂණ රචනෝපක්‍රම භාෂා ලක්ෂණ හා ජීවිතාර්ථය පිළිබඳ පැහැදිලි අවබෝධයක් ලබා දීම.


එකී අංගෝපාංග සාහිත්‍ය නිර්මාණයේ සාර්ථක අසාර්ථකභාවය කෙරෙහි තුඩු දී ඇති ආකාර පිළිබද විනිශ්චයක් ලබා දීම.

                              මෙලෙස ප්‍රධාන අංශ 2 දැක්විය හැකි ය.මෙසේ දැක්වෙන සාහිත්‍ය විචාරය පාඨක හදවතට ඇතුළු වී එය ජීවමානව එළි දැක්වීමට උත්සාහ දරයි.

කෙසේ වෙතත් සාහිත්‍ය විචාරය කොතෙක් දුරට විහි දී යනවා ද යන්න මෙලෙස වටහා ගත හැකි වේ.එමඟින් ප්‍රතිභාපූර්ණ කලාවන් සේ පාඨක,ශ්‍රාවක හදවත් ඇඳ බැඳ තබා ගැනීමට සමත් වේ.

                                  විචාරකයා සතු ගුණාංග

 "මකියන වදන් රැස කිවිහුම දනිති ගුණ දොස

දන්නා තැනට මිස වෙසෙස නොදැනේ රුවන් තතු ලෙස”

 "කවි පද බැඳුම් ගුණ දොස් කිවි’දුන්වැ මිස නැණ මද කුකවි දැන හෙති කවර වර”

                                                                        මෙමගින් යම් විචාරයක් කිරීමට ඇති දුෂ්කරතාව මොනවට පසක් වේ.එලෙසම ලේඛකයාටත් පාඨකයාටත් අසාධාරණයක් නොවන අන්දමින් විචාරය ඉදිරිපත් කිරීමට විචාරකයා වග බලා ගත යුතු වේ.මේ අනුව විචාරකයාගේ මුඛ්‍ය පරමාර්ථය විය යුත්තේ නිර්මාණය හා රසිකයා අතර පවත්නා පරතරය නැති කිරිම සම්බන්ධයෙන් කරුණු දැක්වීමයි.එලෙස ම විචාරකයා නැමැති පුද්ගලයා සාමාන්‍ය පාඨකයාගෙන් වෙනස් වන්නේ ඔහු කාලාන්තරයක් තිස්සේ තම විචාරාක්ෂිය යොමුකොට යම් විෂය ක්ෂේත්‍රයක් තුල ප්‍රවීණත්වයක් ලබා ඇත්තෙකු බැවිනි.මෙමගින් පැහැදිලි වනුයේ විචාරකයා යන පුද්ගලයා සාමාන්‍ය පුද්ගලයෙකු නොවන බවයි. 

     මෙලෙස නිර්මාණය වන විචාරකයා සාර්ථක විචාරකයෙන් ලෙස මැනිය හැකි හොඳම මිනුම් දඬුව වනුයේ නිර්මාණයට පාඨකයාට ඔහු දක්වන සහෘදත්වය මතය එලෙස ම විචාරයක් කිරිමේ දී එම විචාරය තුළ නිර්මාණය සේ ම රසිකයා ද නිසැකයෙන්ම අරමුණු කරගත යුතු ය.මෙලෙස නිර්මාණය වන නිර්මාණවල දී විචාරකයා සතු විය ගුණාංග කිහිපයක් පවතී.එනම්,

රසඥතාවය තිබීම

දැඩි ආත්ම සංයමයක් තිබිම

යථාර්ථ ගවේෂණය කරන්නෙක් වීම

බහුඥැතිභාවය තිබීම

සංයමය

ශික්ෂණය

වචන මාලාව හා භාෂාව කෙරෙහි දැඩි අවබෝධයක් තිබීම

                                                                      ආදී ගුණාංග තිබිය යුතු වේ.මෙම ගුණාංග කිහිපයක් පිළිබද මෙලෙස විග්‍රහ කළ හැකි වේ.

රසඥතාවය තිබීම


“තෙරක් නොමැති මහ සයුරේ-මහ බඹු කවියා විතරේ

“ඔහු රිසි යමතෙක හැසිරේ-මුළු ලොව ඒ දෙසට හැරේ”

(අපාරෙ කාව්‍ය සංසාරේ-කවිරේව:ප්‍රජාපති)

      මෙයින් තහවුරු කර ඇත්තේ කවියාගේ උත්කෘෂ්ට බවය.කවියා තම ප්‍රතිභාව අනුව ජීවිත විමර්ෂණය කරන බවය.මේ අනුව නිර්මාණයක අගය විමසීම සඳහා සියුම් කලාත්මක රසඥතාවක් අවශ්‍ය වන බව නිසැකය.නිර්මාණයක් ඇගයීම සඳහා මූලධර්ම හෝ නීතී පද්ධතියකට වඩා සියුම් සංවේදිතාව මෙන්ම විවිධ නිර්මාණ පරිශීලනයෙන් ලත් පරිචය ද අවශ්‍ය වේ.මේ අනුව රසඥතාවය විචාරකයා සතු විය යුතු ගුණාංගයක් බව මොනවට පසක් වේ.

වචන මාලාව හා භාෂාව කෙරෙහි දැඩි අවබෝධයක් තිබීම

             කවියෙකු ප්‍රකාශ කරන අත්දැකීම,ඔහු යොදාගන්නා ශිල්ප රටා ආදිය මෙන්ම ඔහුගේ භාෂා සංවේදිතාව ආදිය පිළිබද ව නිවැරදි ව විචාරකයා ග්‍රහණය කර ගත යුතු වේ.මෙහි දී කවියක් විචාරය කරන්නා එහි ඇති ව්‍යංග්‍යාර්ථ,සංකේත,සංකල්ප රූප,උපමාලංකාර මෙන්ම එහි ප්‍රකාශන ගුණය හා ගැඹුර ද විමසා බැලීමට සමත් විය යුතු ය.

“හිස නමා ගති ඈ සිහින් රතැගිලි පටලවා ගති....”

“වෙහෙරක් වගේ පින් දුන් කෙනෙක් දෙවොගක් වගේ දුක් ඇසූ කෙනෙක්

කුඹුරක් වගේ බත් දුන් කෙනෙක් වේ නම් ලොවේ ඔබයි අම්මේ”

                                                                        මෙමගින් සුන්දර සංකල්ප රූප මැවීමට තරම් සුදුසු භාෂාවක් යොදාගෙන ඇති අතර මේ පිළිබද ව විචාරකයාට අවබෝධයක් තිබීම අනිවාර්ය වේ.මේ අනුව භාෂාව කෙරෙහි දැඩි අවබෝධයක් තිබීම විචාරයකා සතු ගුණාංගයක් වන බව මනාවට වැටහේ.

යථාර්ථය ගවේෂණය කරන්නෙක් වීම

                 විචාරකයා නිර්මාණය විමසා මෙන්ම මෙය ඔබ තුළ චමත්කාරයක්,ජීවීතාබෝධයක් ඇති කළ හැකි එකක් බව පෙන්වා දෙන සුවිශේෂි අයෙක් බවට පත්වෙයි.සමාජ සත්‍යතාව වටහා දෙන නවකතාව හෝ පුද්ගල ජීවිත විවරණය කරන කෙටිකතාව හෝ අපට හඳුන්වා දීමේ වගකීම විචාරකයා සතු ය.ඔහුට දැඩි ශික්ෂණයක් හා විනයක් ද අවශ්‍ය වේ.නිර්මාණය පිරිසිදුව හා නිවැරදිව වටහා ගැනීමේ කුසලතාවක් ද ඔහුට තිබිය යුතු ය.එලෙසම උක්ත පරිදි යථාර්ථය ගවේෂණය කරන්නේක් වීමේ දී සෑම දෙයක් පිළිබද මනා අවබෝධයක් තිබිය යුතු වේ.මේ අනුව පැහැදිලි වනුයේ විචාරකයා සතු විය යුතු ගුණාංගයක් බවය.

බහුශ්‍රැතිභාවය

                විචාරකයා සතු විය යුතු තවත් ගුණාංගයකි.මෙමගින් පැහැදිලි වනුයේ කලා කෘතියක් නිර්මාණය කලාකරුවාට වඩා උසස් සාහිත්‍ය විඥාණයක් බහුශ්‍රැති බවක් අනිවාර්යයෙන්ම තිබිය යුතු බවය.තවද සහෘදයා පමණක් නොව කලාකරුවාද විචාරකයාගෙන් බලාපොරොත්තු වන්නේ කලා කෘතිය අපක්ෂපාතිව විග්‍රහ කොට එහි වැදගත් ලක්ෂණ මෙන්ම දුර්වලතාද විචාරකයා විසින් උත්සුක කර දිය යුතු වේ.

      විචාරකයා නිර්මාණයේ සහෘදයකු විය යුතුය.විචාරකයා සතුවන ලක්ෂණ අනුව පැහැදිලි වනුයේ විචාරය කොතෙක් දුරට සාර්ථක වුවාද යන්න වේ.ඒ අනුව විචාරකයෙකු සතු විය යුතු ගුණාංග පිළිබදව උක්ත කරුණු අනුව පැහැදිලි වේ.    


            

Tuesday, 13 December 2022

උඩරට,පහතරට,සබරගමු වන්නම් හරඹේ

 භරත නාට්‍යයම් හී වර්ණම් යන නර්තන විශේෂය අනුව යමින් වන්නම් යන පදය යොදා ඇතැයි මතයක් පවතී.නමුදු භරත නාට්‍යයම් වල එන වන්නම් හා දේශීය වන්නම් අතර කිසිදු සම්බන්ධතාවයක් නොමැති බව විචාරාත්මකව බලන අයෙකු පැහැදිලි වේ.වන්නම් යනු උඩරට,පහතරට,සබරගමු යන නර්තන සම්ප්‍රදායන් ත්‍රිත්වයේ ම ගායනය හා බැඳි නර්තන අංගයයි.වන්නම් වලට වස්තු විෂය වී ඇත්තේ සත්ව,දේව,සිද්ධි,වස්තු වැනි දේ හා බැඳුණු විස්තර කථනයකි.විටෙක අතිශෝක්ථ වර්ණනාවකි.

වන්නම් වල පොදු ලක්ෂණ,

  • ශාන්ති කර්ම නර්තනයෙන් බැහැර වූ නර්තනාංගයකි.
  • කාව්‍ය මාධ්‍ය කොටගනී.
  • ගායනය සමඟ නර්තනය සහ සම්බන්ධ වේ.
  • තාලානුකූල ලක්ෂණ මත පිහිටා ඇත.ඒ සඳහා විවිධ තාලරූප ඇසුරු කෙරේ.
  • වන්නමේ තාල රූපය පැහැදිලිවන ලෙස ගායනයට පෙර තානමක් යොදා ඇත.
  • සම්ප්‍රදායන් තුනේම මුල් යුගයේ දී ගායනය සඳහා පමණක් වන්නම් යොදාගෙන ඇත.
        සාම්ප්‍රදායික උඩරට වන්නම් 18
  1. තුරගා වන්නම

  2. උරගා වන්නම
  3. මුසලඩි වන්නම
  4. උකුසා වන්නම
  5. වෛරොඩි වන්නම
  6. මයුරා වන්නම
  7. සැවුලා වන්නම
  8. සිංහරාජ වන්නම
  9. නෛයඩි වන්නම
  10. කිරලා වන්නම
  11. ඊරඩි වන්නම
  12. ගණපති වන්නම
  13. උදාර වන්නම
  14. සුරපති වන්නම
  15. හනුමා වන්නම
  16. අසදෘශ්‍ය වන්නම
  17. ගාහක වන්නම
  18. ගජගා වන්නම
            උඩරට වන්නම්වල ආකෘතිය වන්නේ,

  • බෙර පදය
  • තානම
  • කවිය
  • කස්තිරම 
  • සීරුමාරුව
  • අඩව්ව
    සාම්ප්‍රදායික පහතරට වන්නම්,

  1. ශ්‍රද්ධ තාලයේ සිංදු වන්නම
  2. කොන්ඩතාවෙච්ච තාලයේ සිංදු වන්නම
  3. තාලරාග තාලයේ සිංදු වන්නම
  4. විෂ්ණු තාලයේ සිංදු වන්නම
  5. ඊෂ්වරකුණ්ඩ තාලයේ සිංදු වන්නම
  6. නාතිලෙංචි තාලයේ සිංදු වන්නම
  7. සෙන්ඩවෛදි තාලයේ සිංදු වන්නම
  8. උපකාරී තාලයේ සිංදු වන්නම
  9. ලලිත රාග තාලයේ සිංදු වන්නම
  10. පංච තාලයේ සිංදු වන්නම
  11. ගංඟාදණ්ඩ තාලයේ සිංදුවන්නම
  12. නළු ගීතිකා තාලයේ සිංදු වන්නම
  13. මිහිබඹ තාලයේ සිංදු වන්නම
  14. ග්‍රහදණ්ඩ තාලයේ සිංදු වන්නම
  15. අනුරාගදණ්ඩ තාලයේ සිංදු වන්නම
  16. අනුරාගවංසංකාර තාලයේ සිංදු වන්නම
  17. භේදකමලා තාලයේ සිංදු වන්නම
  18. ගංඟාකාර තාලයේ සිංදු වන්නම
  19. දණ්ඩාලාර තාලයේ සිංදු වන්නම
  20. ඝටිකාර තාලයේ සිංදු වන්නම
  21. හනුමන්තා තාලයේ සිංදු වන්නම
  22. ඔලුයවර්ධ තාලයේ සිංදු වන්නම
  23. සමංකාර තාලයේ සිංදු වන්නම
  24. කමලගීතිකා තාලයේ සිංදු වන්නම
  25. භාවාදී තාලයේ සිංදු වන්නම
  26. බ්‍රහ්මරාග තාලයේ සිංදු වන්නම
  27. හස්ති තාලයේ සිංදු වන්නම
  28. භීමතුල්‍ය තාලයේ සිංදු වන්නම
  29. හේරී තාලයේ සිංදු වන්නම
  30. ඉලිතරාග තාලයේ සිංදු වන්නම
  31. ලලිතරාග තාලයේ සිංදු වන්නම
  32. නේචිංචි තාලයේ සිංදු වන්නම
සිංදු වන්නම් ආකෘතිය වන්නේ,

  • බෙර පදය 
  • තානම
  • කවිය
  • ඉරට්ටිය
සාම්ප්‍රදායික සබරගමු වන්නම් 24,

  1. ගාහක වන්නම
  2. නාග ගජගා වන්නම
  3. අනිලා වන්නම
  4. සැවුලා වන්නම
  5. ආනන්ද වන්නම
  6. හනුමා වන්නම
  7. සිංහනාඩි වන්නම
  8. උරඟා වන්නම
  9. කිරලා වන්නම
  10. කිදුරාඩි වන්නම
  11. විරාඩි වන්නම
  12. කිදුරා වන්නම
  13. උදාර වන්නම
  14. කොවුලා වන්නම
  15. තිසරා වන්නම
  16. මුසලා වන්නම
  17. මයුරා වන්නම
  18. උකුසා වන්නම
  19. කදම්භපක්ෂි වන්නම
  20. මංඩුක වන්නම
  21. කෝකිලා වන්නම
  22. දෙමළවිරාඩි වන්නම
  23. තේගා වන්නම
  24. මේගා වන්නම
සබරගමු වන්නම් ආකෘතිය වන්නෙ,

  • බෙර පදය
  • තානම
  • කවිය
  • කලාසම
  • අඩව්ව

Monday, 12 December 2022

නුවරඑළි අසිරි 👀

 1.ඩෙවෝන් දිය ඇල්ල



    ඩෙවෝන් දිය ඇලි,නිම්නයේ වේල් ලෙස හඳුනාගෙන ,ශ්‍රී ලංකාවේ දිය ඇල්ලකි.නුවර එලිය දිස්ත්‍රික්කයේ තලවකැලේ සිට කිලෝමීටර 6 ක් බටහිර දෙසින් දක්නට ලැබේ.දියඇල්ල යනු පුරෝගාමී ඉංග්‍රීසී කෝපි කෘෂිකාර්මිකයෙකු වන ඩෙවීන්ට පසුව වන අතර ඔහුගේ වගාව ඇල්ල අසල පිහිටා තිබුණි.ඩෙවෝන් දියඇල්ල මුහුදු මට්ටමේ සිට මීටර් 1140 කි.

2.ඩන්සිනේන් දියඇලි


        ශ්‍රී ලංකාවේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ පුණ්ඩළු ඔය ගම්මානයේ පිහිටි පුන්ඩුලු ඔය නමින් හැඳින්වෙන සුන්දර ඩන්සිනාන් දිය ඇල්ල ද වැටේ.මීටර් 100 ක් ඉහළ යාමක් සමඟ දිය ඇල්ල කොත්මලේ ඔයේ ශාඛාවක් වන පුණ්ඩළු ඔය ගඟට එකතු වේ.

            ඩන්සිනාන් ඇල්ල තේ වතු කිහිපයක් අතර පිහිටා ඇත.එකක් Dunsinane වතුයාය ලෙස නම් කර ඇති අතර අනෙක sheen වත්ත ලෙස හැඳින්වේ.එහි ප්‍රතිඵලයක් ලෙස මෙම දියඇල්ල Dunsinane sheen falls ලෙස හැඳින්විය.සුදුසු කාලයකට පසුව මෙම දියඇල්ල "ඩන්සිනානේ ඇල්ල" ලෙස නම් කරන ලදි.

3.ගැල්වේස් ලෑන්ඩ් ජාතික වනෝද්‍යානය


   


Galway's Land ජාතික වනෝද්‍යානය නුවරඑළිය නගර සීමාව තුළ පිහිටා ඇති තනි ජාතික වනෝද්‍යානය වන Galway යනු ශ්‍රී ලංකාවේ වඩාත්ම කීර්තිමත් නගරයක් වන නුවරඑළිය සීතල සහ සුළං සහිත කදුකරයේ කඳුකර පරිසර පද්ධතියක වාසය කරයි.ගැල්ටේස් එහි අද්වීතිය පක්ෂීන් සහ ස්වදේශීය හා විදේශීය බලපෑමේ වර්ණවත් මල් වර්ග මඟින් වැඩි දියුණු කර ඇත.අසල ඇති වික්ටෝරියා උද්‍යානයට සමගාමීව ගැල්වේ ශ්‍රී ලංකාවේ වඩාත්ම වැදගත් පක්ෂි ප්‍රදේශය ලෙස සැලකේ.

4.වික්ටෝරියා උද්‍යානය



        වික්ටෝරීයා රැජිනගේ 60 වැනි ජුබිලිය වෙනුවෙන් නම් කර 1897 දී ඉදිකරන ලද නුවරඑළියේ වික්ටෝරීයා උද්‍යානයේ අක්කර 27ක් ඇත.බොහෝ ප්‍රමුඛ සංචාරකයින්,විශේෂයෙන් නිවාඩු ගත කරන්නන්,නගර සභාව විසින් අලංකාර ලෙස නඩත්තු කරනු ලබන වර්ණවත් වෘක්ෂලතා හා සත්ත්ව විශේෂවලින් යුත් අලංකාර ලෙස සකසා ඇති උද්‍යාන නැරඹීමට සහ භුක්තිවිදීමට කිසිවිටෙකත් අත් නොහරින ස්ථනය.

5.ග්‍රෙගරි වැව



        ග්‍රෙගරි වැව නුවරඑළියේ පිහිටි විදේශීය සංචාරකයින් මෙන් ම දේශීය සංචාරකයින් ද සිටින සුන්දර ප්‍රදේශයකි.1873 දී ශ්‍රීමත් විලියම් ග්‍රෙගරි විසින් නම් කරන ලද එය ජල ක්‍රීඩා සහ විනෝදාස්වාද ක්‍රියාකාරකම් සඳහා භාවිතා කරන ලඳ ප්‍රමුඛ ආකර්ෂණයකි.වැව අසල ඇති උද්‍යානය ඔබට වේගවත් බෝට්ටු,හංස බෝට්ටු,ඩිංකි බෝට්ටු,පෝනි සවාරි සහ තවත් බොහෝ ක්‍රියාකාරකම් ලබාදෙයි.මීට අමතරව වැව වටා පාපැදි මාර්ගයක් ඇත.ආහාර වේලක් හෝ සුලු කෑමක් භුක්ති විදීමට වෙනම ප්‍රදේශවල ක්ෂණීක ආහාර වෙළඳවැල් රාශියක් පිහිටා ඇත.

6.ශාන්ත ක්ලෙයාර් දියඇලි



        ශාන්ත ක්ලෙයාර් දිය ඇල්ල ශ්‍රී ලංකාවේ පුළුල්ම දිය ඇලිවලින් එකක්වන අතර එය සාමානයෙන් හඳුන්වනු ලබන්නේ "ශ්‍රී ලංකාවේ කුඩා නයගරා" ලෙසිනි.

7.බේකර් දිය ඇල්ල



        බේකර් දිය ඇල්ල පිහිටා ඇත්තේ හෝටන් තැන්න ජාතික වනෝද්‍යානයේ ය.මෙම වැටීම පට්ටිපොල හෝ ඔහිය නගරයෙන් ප්‍රවේශ විය හැකිය.

බුලතාගේ දස්කම්

සොරබොර වැව සෑදීම

            ලංකා ඉතිහාසයෙහි මහත් කාය ශක්තියෙන් යුත් යෝධ පුරුෂයින් ගැන සදහන්ව ඇත්තේය. දුටු ගැමුණු රජුගේ නන්දිමිත්‍ර‍ ආදී දස මහා යෝධයින් ගැනද, එළාර රජුගේ දීඝජන්තු ආදී මහා යෝධයින් ගැනද, ගජබාහු රජුගේ නීල මහා යෝධයා ගැනද විශ්මයජනක කරුණු ඉතිහාස පොත්වල දක්නට ලැබේ. දුටු ගැමුණු රජතුමාගේ දස මහා යෝධයන්ට අමතරව යුද්ධ හමුදාවට එක් වූ යෝධයකු පිළිබද ජන කථාවක් පහත දැක්වෙයි.දුටුගැමුණු රජතුමා මහියංගන ප්‍රදේශය අත්පත් කර ගැනීමෙන් පසුව මහියංගන චෛත්‍ය ප්‍ර‍තිසංස්කරණය කිරීමට පටන් ගත්තේය. දාගැබ බදවමින් සිටිය දී රජතුමාට බුලත් මෙහෙ වැඩීමට උඩුදුම්බර ප්‍රදේශයේ කිරි පට්ටිය නම් ගමෙහි උපන් ශක්ති සම්පන්න පුරුෂයකු පත් කර ගන්නා ලදී. රජවාසල හැමෝම ඔහුට බුලතා යි කීහ. ඔහුගේ රාජකාරිය වූයේ දවසකට හත් වරක් බුලත්විට සාදා රජතුමාට පිළිගැන්වීමයි.උදේ හීල වැළදීමෙන් පසු ද, දහවල් දස පැයට අතුරුපසෙන් පසුද, දහවල් භෝජනයෙන් පසුද, සවස් වරුවේ අතුරු පසෙන් පසුද, තිස් පැය වේලාවට සවස පානයෙන් පසුද, රාත්‍රී භෝජනයෙන් පසුද, රාත්‍රී නිදා ගැනීමට පෙරද බුලත්විට සාදා පිළිගැන්විය යුතු විය. එක් වරක් බුලත් මෙහෙ කිරීමෙන් පසු ඊළග වාරය පැමිණෙන තුරු අවට සංචාරය කිරීමට බුලතා පුරුදු වී සිටියේය.

          දිනක් මහියංගනයෙන් උතුරු පෙදෙසෙහි සංචාරයෙහි යෙදුනු බුලතාට ගල් කදු දෙකක් අතරෙහි පිහිටි පහත් බිමක් දකින්නට ලැබුණේය. ඒ අතරින් විශාල දොළ පාරක් ගලා බසිමින් තිබිණි. දොළ පාර අහුරා ගල් කදු දෙක අතර බැම්මක් බැන්ද හොත් අලංකාර වැවක් සාදා ගත හැකි බව ඔහුට පෙනුණේය. වැව බැන්දහොත් වැවටත් ගගටත් අතරේ පිහිටි ගව් ගණනක් විශාල භූමිය කුඹුරු කල හැකි වේවි යැයි බුලතා සිතුවේය. රජුට බුලත් පිළිගැන්වීම් අතරතුර ඉතුරු වන සුලු කාලයෙහි වරින්වර වැඩෙහි යෙදීමට මොහු කල්පනා කළේය.බුලතා ගේ උදැල්ල සාමාන්‍ය මිනිසෙකුට එසවීමටවත් නොහැකි තරම් විශාල එකක් විය. සාමාන්‍ය මිනිසුන් විස්සකටවත් එසවිය නොහැකි තරම් පස් ප්‍ර‍මාණයක් ඔහු එක් වරකට කූඩයෙන් ගෙනෙන්නේය.මෙසේ ගෙනෙන, ගෙනෙන පස්, ගල් කදු දෙක අතරේ දමමින් පාග පාගා වැව් කන්ද ගොඩනැගුවේය. ස්වල්ප කාලයකින් වැව් වේල්ල බැදීම අවසන් කල බුලතා එහි ජලය බැහැර කරන සොරොව්ව සෑදීමට අදහස් කළේය. වැව් කන්දේ දෙකෙළවරෙහි ම පිහිටියේ ගල් පර්වතය. ඔහු මෑත කෙළවරේ ගල කපා විශ්මයාකාර ගල් සොරොව්වක්ද, ඈත කෙළවරේ ගලෙහි වැඩි ජලය බැස යාම සදහා ජල පැන්නුමක්ද සෑදීය. මේ ආශ්චර්යවත් ගල් සොරොව්ව ඉදිකිරීමට බුලතා ගේ කටුවට හා මිටියට වැඩි කලක් ගත නොවීය.

බුලතා ගේ භාර්යාවද ඔහුටම සරිලන යෝධ කාන්තාවක් වූවාය. සාමාන්‍ය ස්ත්‍රීන් විස්සකගේ පමණ ශරීර ශක්තියක් ඇයට තිබුණේය. ඈ දිනපතාම කිරිපට්ටිය ගමේ සිට තම ස්වාමි පුරුෂයාට දවල් ආහාර ගෙන ගියාය. ගමන් පහසුව සදහා ගල් පඩි පෙළක් සෑදීමට ඇයට සිත් විය. ඈ යන විට ගල් කීපයක් ද, එන විට ගල් කීපයක් ද ගෙනැවිත් පඩි පෙළක් බැන්දාය. එහි අගය වැටහුණු බුලතා ද කදු මුදුනට විශාල ගල් ගෙනැවිත් දමා ඒවා බැදීම භාර්යාවට පැවරුවේය.අඹුසැමි දෙදෙනාගේ මේ වැඩ දෙකද, දුටුගැමුණු රජතුමාගේ දාගැබ අලුත්වැඩියා කිරීමේ කටයුතුද එකවර නිම විය. මහියංගන චෛත්‍යයෙහි කොත පැළදවීමේ උත්සවයට මාගම්පුර, සිතුල්පව්ව ආදී ස්ථානවල වැඩ විසූ දහස් ගණන් භික්ෂූන් වහන්සේලා වැඩම කළහ. එමෙන්ම රුහුණු රටෙන් විශාල ජන සංඛ්‍යාවක් ද සහභාගි වූහ. මෙම උත්සවය අවසාන වූ දිනයෙහි බුලතා රජතුමා ඉදිරියට පැමිණ,දේවයන් වහන්ස, මම තනිවම වැව් පොඩ්ඩක් බැන්දෙමි. එය බලනු පිණිස වඩින මෙන් මම ආරාධනා කරමි.යැයි සැළ කළේය. බුලතා ගේ ඉල්ලීම පිළිගත් රජතුමා සිවුරග සෙනග පිරිවරා වැව බලන්නට ගියේය.පෙනෙන තෙක් මානයේ වතුර පිරී රැලි ගසමින් තිබෙන වැව දුටු රජතුමාගේ ප්‍රීතිය නිම්හිම් නැතිවිය. රජු සමග පැමිණ සිටි මැති ඇමති සෙන්පති ආදී පිරිසද, මහජනයාද, තනි මිනිසකුගේ වැඩක් වූ මේ මහා වැව දැක පුදුමයට පත් වූහ.දරුව තෝ මේ වැඩය සදහා තව කොපමණ දෙනකුගේ සහාය ලබාගත්තෙහිද ? යි රජතුමා ප්‍ර‍ශ්න කළේය.

දේවහන් වහන්ස, මට සප්‍රාණික කිසිවකුගේ සහාය නොලැබුණේය. මට සහාය ලැබුණේ අප්‍රාණික මේ වස්තූන්ගෙන්යැයි පසෙක සගවා තිබූ උදැල්ලත්, කූඩයත්, කටුව සහ මිටියත් රජතුමාට පෙන්වූයේය.එම ද්‍ර‍ව්‍ය දුටු රජතුමා ඔහුගේ ශරීර ශක්තිය තේරුම් ගෙන ප්‍රීතියට පත්වී
දරැව! තොපගේ ඉතා හරබර වාරි කර්මාන්තය ගැන මම ඉමහත් සතුටට පත්වීමි. රට ජාතිය දියුණුවට හා මතු පරම්පරාවට තොපගේ වැව් කර්මාන්තය පිහිට වන්නේයැ යි කියා ප්‍ර‍ශංසා කළේය.එදා පටන් එම වැව හරබර වැව නමින් ප්‍ර‍සිද්ධ විය. හර බර යන්න පසු කලක දී සරබර, සොරබර ආදී වශයෙන් උච්චාරණය වී පසුව සොරබොර යන නමට පෙරලුනේ යැයි සිතිය හැකිය.දුටුගැමුණු රජතුමා බුලතා යෝධයාද ඔහුගේ භාර්යාවද කැදවා ගෙන එවකට මහියංගනයේ තාවකාලික මාලිගාවෙහි සිටි මවු බිසව වෙත පැමිණියේය. බුලතා විසින් කරන ලද වැව ගැනත්, භාර්යාව විසින් කරන ලද ගල් පඩි පෙළ ගැනත් ඒවායේ ප්‍රයෝජන ගැනත් රජතුමා විස්තර කළේය.ඒ ඇසූ විහාරමහා දේවිය බලවත් ප්‍රීතියට පත්ව තමන් ගෙල පැලදි වටිනා මුතු මාලය බුලතා ගේ භාර්යාවට පලදවා උපහාර දැක්වූවාය. රජතුමාද තමන් කර පැලදි වටිනා ස්වර්ණමය උර පළදනාව ගලවා බුලතා යෝධයාගේ කර පලදවා උපහාර දැක්වූයේය. රජතුමා ඔහුට ගමක් සහ නම්බු නාමයක්ද පිරිනැමුවේය. නන්දිමිත්‍ර‍ යෝධයාගේ ඉල්ලීම අනුව බුලතා යෝධයා ද දුටුගැමුණු රජතුමාගේ යුධ හමුදාවට බදවා ගන්නා ලදී. මහියංගන ප්‍රදේශයේ ව්‍යවහාරයෙහි පවත්නා ජන කවියක් මෙසේය.

ඔන්න බලාපන් බුලතා කරපු බලේ-යතුරු දාපු ගල්දොර යට වතුර හැලේ                                                                                                       එන යන්නෝ ඉඩ නෑරම බැලුම් ගලේ-සොරබොර වැව නුදුටු ඇස් මොටද පින් කළේ


බුලතා යෝධයා දුටු­ගැ­මුණු රජුට කිරි උණු කළ උණු­කි­රි­ගල කන්ද

දුටුගැමුණු මහරජුට උදේට එළකිරි උණු කර දී ඇත්තේ 'බුලතා' යෝධයා බව පැවසේ. මහියංගණයේ සොරබොර වැව ඉදි කළ මෙම බුලතා යෝධයා නමින් ගමක් ද ඉදිකොට ඇත. මිනිපේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වේරගංතොටට නුදුරු බුලත්වැල්කඳුර නමින් අදත් මෙම ගම හඳුන්වයි. දුටුගැමුණු මහ රජුට බුලතා යෝධයා එළකිරි උණු කර ඇත‍්තේ විශාල ගල් පර්වතයක පිහිටි තැනිතලාවක කළුගල් තුනක විශාල මැටි මුට්ටියක් තබාය. මෙම ගල් පර්වතයට උණුකිරිගල කන්ද නමින් ප්‍රසිද්ධ විය.

ඒ හේතුවෙන් මහියංගණ චෛත්‍යය මුලින්ම ඉදිකොට ඇත්තේ ද දුටුගැමුණු මහරජතුමා විසින් බව සඳහන් වේ. ක්‍රි. පූර්ව 505 දී පමණ එය සිදු වූ බවට ඉතිහාසයේ සඳහන් වේ. ඒ වකවානුවේදී බුලතා යෝධයා සොරබොර වැව ඉදි කළ බවටත්, බිබිල වෙල්ලස්සේ ඓතිහාසික කොටසර රාජමහා විහාරස්ථානයේ උමං ළිඳ හෑරූ බවටත් ඉතිහාසයේ සඳහන් වෙයි. දුටුගැමුණු මහරජුට කිරි උණු කළ ගල පිහිටි කඳුවැටිය අද වන විට මාදුරුඔය ජාතික වන උද්‍යානයට අයත්ව තිබේ. මහියංගණ - පදියතලාව මාර්ගයේ දඹාන ආදිවාසී ගම්මානය පහුකර ගුරුකුඹුර වනජීවී මුර කපොල්ලෙන් ඇතුළු වී මාදුරුඔය ජාතික වන උද්‍යානයට පිවිසිය හැකිය. මහියංගණ - පොලොන්නරුව මාර්ගයේ ගිරාඳුරුකෝට්ටේ නගරය පසු කර රත්කිඳ ජලාශයෙන් එගොඩවීමෙන් ද මෙම ස්ථානයට ළඟා විය හැකිය.

එදා බුලතා යෝධයා කිරි උණු කළ ස්ථානය මෙම ගල තරණය කළ විට අදත් දකින්නට හැකිය. මෙහි අක්කරයකට වැඩි භූමි ප්‍රමාණයක තැනිතලාව ඇත. ඒ මත විශාල ගල් තුන පිහිටා ඇත. ඒ මත තැබූ මුට්ටියක කිරි උණු කරන්නට ඇතැයි විශ්වාස කළ හැක. එකල දුටුගැමුණු මහරජ කිරි කළ හතක් පානය කළ බවට ජනප්‍රවාදයේ සඳහන් වේ. මෙම ගල පිහිටි කඳුවැටිය දිගින් කිලෝමීටර් එකක් පමණ වන අතර, පළලින් මීටර් 500 කට ආසන්න යැයි විශ්වාස කළ හැකිය. මෙහි අඹ, කොස් වැනි ගස් වර්ග දැකගත හැකිය. වැළ, වරකා ඇති අතර, ඒවා අනුභව කළ හැකිය. එහෙත් රැගෙන ඒමට නොහැකි බවටත් එලෙස රැගෙන ඒමට සූදානම් වූ මෙන්ම නිධන් වස්තු කොල්ලයට ගිය අයට කරදරවලට මුහුණපෑමට සිදු වුණ අවස්ථා ඇති බවත් ගම්වාසීන් විස්තර කළේ මේ අයුරිනි.

දඹාන ගුරුකුඹුර පදිංචි ඌරුවරිගේ ගුණබංඩිලා ඇත්තන් (54) පැවසුවේ මෙබඳු කතාවකි.

‘මේ කන්දට පාර නොදන්න කෙනෙකුට එන්න බැහැ. කැලේ අතරමං වෙනවා. ගල මුදුනට යන්න වනජීවී මහත්වරුන්ගෙන් අවසර ගන්න ඕනෑ. පාරුකරුවෙකුගේ මාර්ගයෙන් ගලට හොරෙන් ගිහින් නිධන් ගන්න හදපු අයත් පසුගිය කාලයේ වනජීවී නිලධාරීන්ට අහුවුණා. මේ ගලේ වටිනා නිධන් වස්තු තිබෙන බවට ප්‍රසිද්ධයි. බුලතා යෝධයාගේ රන්කඩුව, රන් ආභරණ මෙහි නිධන් කරලා තිබෙන බව කියනවා. බුලතා යෝධයා සොරබොර වැව බැඳලා තියෙන්නේ මේ ස්ථානයේ ඉඳගෙන. බුලතා යෝධයා වැඩි කාලයක් ගතකරලා තියෙන්නේ මේ ගලේ බවට විශ්වාසයක් තියෙනවා. මහියංගණ චෛත්‍යයත් සොරබොර වැවත් මේ උණුකිරිගලත් අතර ලොකු සම්බන්ධයක් තියෙනවා. එදා මහියංගණ චෛත්‍ය හදන්නට දුටුගැමුණු රජ්ජුරුවන්ට මුලින්ම ආරාධනා කර ඇත්තේ සුමන සමන් මහා දෙවියන් විසින්. ඊට පසු රජු මහියංගණ මහා සෑය හදන තැනට බුලතා යෝධයා මේ උණුකිරිගල කන්දේ සිට ගමන් මාර්ගයක් හදාගෙන තියෙනවා. ඒ අතරතුර තමයි සොරබොර වැව හදන්න පටන්ගෙන තියෙන්නේ. සොරබොර වැව ඉස්මත්තේ වටවන කියන ගම පිහිටා තියෙනවා. ඒ කාලෙ පටන් මේවගෙ ජීවත්වෙලා තියෙන්නේ වැදි මිනිස්සු. උණු කිරිගල කන්දෙන් බැහැලා යන්නේ දඹාන වැදි ගමට. එතනින් යනවා වටවනට. ගිහින් සොරබොර වැවට යනවා. එතනින් මහියංගණ චෛත්‍යයට යනවා. ඔන්න පාර. දවසකට දෙතුන් වතාවක් බුලතා යෝධයා මෙහෙම අවා ගියා කියනවා. ඒක පිළිගන්න සාධක තියෙනවා. අපේ මී මුත්තන් ඒ දවස්වල මේ කතා අපට කියලා තියෙනවා. උණුකිරිගල කන්දට රාත්‍රියට දේවතා එළි පාත් වෙනවා. ඒ දේවතාවරු යන එන බව තමයි කියන්නේ. මේවාට දවස් තියෙනවා. පසළොස්වක පෝය දවසට, බදාදා, සෙනසුරාදා වගේ කෙම්මුර දවස්වලට රාත්‍රී 12 න් පසුව තමයි දේවතාවරු වඩින්නේ.

රාත්‍රී කාලයට මේ ගල් කන්දට කිසිවෙකු යන්නේ නැහැ. ඒ වුණත් විශේෂයෙන් කෙම්මුර දවස්වල රාත්‍රී කාලයේ කථා, ශබ්ද, ගල් දොරවල් ඇරෙන සද්ද ඇහෙනවා. නමුත් ගලෙන් බසින කෙනෙක් පේන්ට නැහැ. මේ ගල් කන්දට අරක්ගෙන සිටින දේවතාවරු එහෙම නැත්නම් මේවා භාරගත්ත බහිරවයෝ වෙන්න ඕනෑ,

දඹාන වතුයාය ප්‍රදේශයේ පදිංචි ආදිවාසී ඌරුවරිගේ විජේබංඩිලා ඇත්තන්,

‘මේවා වැද්දන්ගේ ගම් පොජ්ජවල්, අම්මිලා, අප්පිල ඇත්තන් කැකුලි කැකුලන් ආදී කාලේ ඉඳලා මේ ගම් පොජ්ජේ ජීවත්වෙලා තියෙනවා. උණුකිරිගල කන්ද බොහොම බලගතු තැනක්. නරක හිතකින් ගියොත් එන්න වෙන්නේ නැහැ. දවසක් අම්පාර පැත්තේ දේශපාලනය කරන ලොකු මහතෙක් තවත් කීපදෙනෙකු සමඟ ගමේ ඉන්න පාරකාරයත් සමඟ කොහොමහරි මේ කන්දට ගියා. ආපු පිරිස ගියේ නිධන් බලන්න. මේක දන්නෙ නැහැ ගමේ ඇත්තෝ. කොහොම හරි හවස් වෙනකොට ගමට ආරංචි වුණා කලු දෙබරු ඇවිස්සිලා ගිය අයට ගහලා කියලා. අවසානයේ අම්පාරෙන් පැමිණි මන්ත්‍රීතුමා උස්සාගෙන පාරට ගේන්න පාර පෙන්වන්න ගිය ගමේ අයට සිද්ධ වුණා. මේ උණුකිරිගල කන්ද බොහොම බලගතු තැනක්. වැරැද්දක් කරලා නම් හොඳින් එන්න බැහැ. බුලතා කියන යෝධයා දේවතාවෙක් වෙලා ඉන්නවා කියලා කියන්නත් පුළුවන්. මේ සිදුවීම් එක්ක විශ්වාස කරන්න හැකියි දුටුගැමුණු රජ්ජුරුවන්ට කිරි උණු කරලා තියෙන්නේ මේ කන්දේ. කිරි උණු කළේ කැලේ ඉන්න හරකුන්ගෙන් දොවාගෙන ඇවිත්. බුලතා යෝධයා මේ ගල් කන්දට ගිහින් කිරි උණු කරලා දුටුගැමුණු රජුට දුන්නා කියනවා. බුලතා යෝධයා කිරි කළ හතක් අරගෙන කන්දෙන් කන්දට පැන ගියා කියලත් මතයක් තියෙනවා. කොහොම වුණත් මේ ගල කන්දට උණුකිරිගල කන්ද කියලා නම හැදුණේ බුලතා යෝධයා දුටුගැමුණු රජුට කිරි උණු කළ නිසා යැයි විශ්වාස කළ හැකියි.

බුලතා යෝධයාගේ ඇල්ම බැල්ම නිසා තාමත් උණු කිරිගල කන්දේ පරිසරය ආරක්ෂා වී ඇත. මේ සඳහා වනජීවී නිලධාරීන්ගෙන් ලැබෙන සහය ද අගය කළ යුත්තකි.

Saturday, 10 December 2022

හිතේ ඇඳි රූපේ

 නපුරු ඇස් දෙක

කලාතුරකින් ඇදෙන හිනාව
හිතේ ඇදි රූපය
හොයනව හැමතැනම..

නැහැ හමුවුනේ තවමත්
මහන්සී මට හුගක්
මතක් වෙනවිට ඒ ඇස්
නින්දක් නෑ මට අදටත්..

ඉන්නවා තනියෙන්ම
ලැබෙනකන් ඔබවම
කියනවා එදාට
ආදරෙයි මහ ගොඩක්..



ආදරේ දුක

සුළඟ පසුපස හඹා යමි මම, නිහඬ වන්නේ කෙලෙස ද සොයා යා යුතු ය ආදරය... අහිමි වී ගිය සන්තකයම, යලිත් ඉල්ලා හඬන හඳවත වාවන්නේ කෙලෙස නම් මම... වැතිර හෝ...