Wednesday, 30 November 2022

සත්ත්ව සන්නිවේදනය

                        

සත්ත්ව සන්නිවේදනය

                        මිනිසාට මෙන්ම සතුන්ට ද අදහස් හුවමාරු කරගැනීමට අවශ්‍ය වේ.මිනිසුන්ගේ හා සත්ත්වයින්ගේ පැවැත්ම රඳා පවතින්නේ සන්නිවේදනය මඟිනි.එය මානව සන්නිවේදනය හා සත්ත්ව සන්නිවේදනය වශයෙන් වර්ග කළ හැකි වේ.මෙහිදී සත්ත්ව සන්නිවේදනය යනුවෙන් අදහස් කරනුයේ කිසියම් සතෙකුගේ චර්යාවක් වෙනත් සතෙකුගේ වර්තමාන හෝ අනාගත චර්යා සඳහා බලපැම් ඇති කිරිම වේ.සූ සෙමියොටික්ස් ලෙස හඳුන්වනු ලබන්නේ සත්ත්ව සන්නීවේදනයයි.මේ පිළිබඳව අධ්‍ය‍යනය,චර්යා විද්‍ය‍වේ සමාජ ජීව විද්‍යවේ හා සත්ව ප්‍රජානන විද්‍යවේඑ දියුණුවට වැදගත් දායකත්වයක් සපයයි.

                                                                                                     21 වන සියවසේ කෙටිකාලය තුළදී පවා මෙතෙක් හොදින් අවබෝධ කරගනු ලැබූ ක්ෂේත්‍ර යැයි සිතූ පුද්ගලික සංඥාමය,නාම භාවිතය,සත්ත්ව සංස්කෘතිය,ඉගෙනුම හා ලිංගික චර්යාවෝ පිළිබඳ වු අවබෝධයන් පවා විප්ලවීය වෙනසකට ලක්වේ.සතුන් වෙසෙන්නේ නොයෙකුත් අවශ්‍යතා හා බැඳිම් මතය.ඔවුන් සන්නිවේදන ක්‍රම අනුගමනය කරයි.මෙහිඳි සුවිශේෂි දේහ උපාංග පෙන්වීම හඳුනා ගත හැකිය.පහර දීම,ශරීර වර්ණය වෙනස් කරගැනිම,හැඩසැකවීම,ඇරයුම් කිරිම,වෙව්ලීම,මුහුණේ ඉරියවු පැම,ගී ගැයිම,වලිගය වැනිම,සිවුරුහම් බැම යනාදී ලක්ෂණ පෙන්නුම් කරයි.

                    මෙවැනි සන්නිවේදනය ක්‍රම උපයෝගී කරගනිමින් සතුන් සන්නිවේදනයේ යෙදේ.ඔවුනොවුන් අතර පණිවිඩ ගමන් කිරිමට මාධ්‍ය‍යක් අවශ්‍ය වේ.එය රසායනික,විද්‍යුත්,දෘෂ්ටික,තාප ශබ්ද හෝ ස්පර්ශ වැනි ආකාර මඟිනි.ස්පර්ශය සන්නිවේදනයේ මුලිකම ක්‍රමයයි.මෙය අපෘෂ්ඨ වංශික සත්ත්වයන් අතර ප්‍රමුඛව දක්නට ලැබේ.උදාහරණයක් ලෙස පොලොව යට සිටින අන්ධ වේයන් වේ ගුහාව තුළදී අදහස් හුවමාරු කරන්නේ ස්පර්ශ සන්නිවේදනය මගිනි.වඳුරන් එකිනෙකාගෙ සිරුර පවිත්‍ර කරගැනිමත් ස්පර්ශ සන්නිවේදනයට නිදසුන් වේ. ශබ්දයට බොහෝ දුරක් යා හැකි අතර එයට ස්වාභාවික බාධක වන වනාන්තර කඳු ආදිය පසුකර ගමන් කිරිමේ හැකියාව පවති.නිදසුනක් ලෙස අනතුරු හැඟවීමේ කුරුලු ශබ්දය හා ගණ වනාන්තරේ දිවියෙක් එන විට වඳුරන් දිවීම වැනි අවස්ථා ගත හැකිය.උභය ජීවින් ලිංගික සහකාරිය තමන් වෙත ගෙන්වා ගැනිමට පිරිමි සතා විවිධ ශබ්ද රටා උපයෝගි කරගනි.එයට’’රැට්ල්’’ නම් සර්පයා නිදසුනක් ලෙස ගත හැකිවේ.එලෙසම මුහුදු සිංහයන්ද සිය වසම් රැකීම සඳහා ශබ්ද තරංග භාවිතා කරයි.මේ ආකාරයට සන්නිවේදනයේදි මාධ්‍ය උපයෝගි වන ආකාරය මනාවට පැහැදිලි කරගත හැකිවේ.සතුන්ගේ ජීවන චක්‍රය හැඩ ගැසි ඇත්තේ ආහාර පාන හා ලිංගිකත්වය යන කරුණු පදනම් කරගෙනය.මෙය අංශ කිහිපයක් යටතේ පෙන්වා දිය හැකිය.එනම්,

·         ස්ථායිතාවය

·         තමා පරිසරය තුළ ජීවත් වීම සදහා ගනු ලබන්නා වු ක්‍රියාමාර්ගයන් මෙයට අයත් වේ.සතුන්ගේ ජීවත් වීමෙ අවශ්‍යතාවය මත පදනම් වේ.මෙහිදි රංචු වශයෙන් ජීවත් වීමට සමහර සතුන් වගබලා ගනි.ආහාර සොයා ගැනීමත් ආරක්ෂාවත් යන කරුණු මෙමගින් සිදු වේ.දෙමලිච්චා,ගිරවා,පරෙවියා,අලින්,වඳුරන් ආදි සතුන් රංචු වශයෙන් ජීවත් වේ.මෙලෙස ස්ථායිතාවය හදුනා ගත හැකිය.

·         නොනැසි ජිවත් වීම

             යම් සතෙකු නොනැසි ජිවත් වීම සදහා අනෙක් සතුන් සමඟ සන්නිවේදනය කිරිම අතවශ්‍ය කරුණකි.මේ සඳහා ආදරය දැක්වීම හෝ තමාගේ බලය පෙන්වීම තුළ ජිවත් විය හැකිය.සතෙකුගෙ ශරීර ප්‍රමාණය හෝ උගේ ජවසම්පන්න බව අනුව ජිවත් වීමේ සම්බාවිතාවය තීරණය වේ.සිංහයා තම ශක්තිය මඟින්ද මොණරා ආකර්ෂණය මඟින් ද ශක්තිය විදහා පායි.මෙලෙස සිටිමෙන් නොනැසි ජිවත් විය හැකිය.

·         ප්‍රමුඛතාවය

            කණ්ඩායම තුළ නායකත්වය ගැනිම සඳහා උත්සාහ ගැනිම ප්‍රමුඛතාවයයි.සතුන් සමස්ත ගහණය තුළ ජීවත් වීමෙදි නායකත්වය ලැබිම මඟින් ප්‍රමුඛතාවයට පත්වීමට උත්සාහ දරයි.මෙහිදි කාය ශක්තිය මත ප්‍රමුඛතාවය හිමිවේ.මේ බව වඳුරු විශේෂයන් අතර බහුලව දක්නට ලැබෙන ලක්ෂණයකි.

·         ලිංගික ආකර්ෂණය

             සතුන්ගේ මුලික අවශ්‍යතාවයක් ලෙස ලිංගික කාර්යයන් සහ ප්‍රජනන ය ලෙස සැලකිය හැකිය.මෙය ජිව අවශ්‍යතාවයක් ලෙස සලකනු ලබන්නේ නැත්නම් පරම්පරාව බිහි කිරිමේ මුලික අවශ්‍යතාවයන් නිසා ය.ලිංගික ක්‍රියාවලිය සඳහා තම සහකාරිය කැඳවා ගැනිමට විවිධ සන්නිවේදන ක්‍රියාමාර්ග උපයෝගි කරගනි.රංගනයේ යෙදිම,ගී ගැයිම ආදි හැසිරීම් පෙන්නුම් කරයි.මෙයට කදිම නිදසුනක් වනුයේ මොණරා තම සහකාරිය කැඳවා ගැනීමට රංගනයේ යෙදිම.


·         ජෛවීය අවශ්‍යතාවය

            සතුන්ට බඩගින්න,පිපාසය,නින්ද වැනි අවශ්‍යතා හඳුන්වන්නේ ජෛවීය අවශ්‍යතා ලෙසිනි.මේ සඳහා විවිධ සන්නිවේදන ක්‍රමවලට යොමුවේ.මෙහිදි කපුටා ආහාර තිබෙන තැනක් දුටුවිට වර්ගයා ඒ වෙතට ගෙන ඒමට කෑගසයි.මේ ආදි වශයෙන් සතුන්ගේ විවිධ අවශ්‍යතා සඳහා සන්නිවේදනය භාවිතා කළ හැකිය.

·         ශබ්ද උපයෝගි කරගැනිම

              මිනිස් කනට ඇසිය හැකි ප්‍රමාණයට වඩා දිගු ශබ්ද තරංග සමඟ අලි,ඇතුන්,මෝරුන්,වවුලන් වැනි සතුන් සම්බන්ධතා පවත්වති.

·         ආලෝකය උපයෝගි කරගැනිම

               තම සිරුරෙන් ආලෝකය නිකුත් කර සන්නිවේදනයේ යෙදේ.කණාමැදිරියා,රෑබදුල්ලා,ගැඹුරු මුහුදේ මාලුන් මෙහිදී පෙන්වා දියහැකිය.

·         වර්ණ උපයෝගි කරගැනිම

             පරිසරයේ පවතින වර්ණවලට සමානවන අයුරින් කටුස්සා තම සිරුරේ වර්ණය වෙනස් කිරිම සිදුකරයි.එමු,කැස්වර්,මොණරා,තාරා විශේෂ තටු වල වර්ණය වෙනස් කිරිමෙන් විවිධ අදහස් ප්‍රකාශ කරයි.

   රසායනික ද්‍රව්‍ය මඟින් සන්නිවේදනයේ යෙදීම

             උරුලෑවා ගමන් කිරිමේදි උගේ ශරිරයෙන් රසායනික ද්‍රව්‍ය‍යක් පිටවීම.බල්ලා මුත්‍රා කිරිම මඟින් තමාගේ සිමාවන් ලකුණු කරයි.කුහුඹුවන් කෙළ හැලිමෙන් අනෙකාට මාර්ගය පිළිබඳ වැටහීමලක් ලබාදේ.

                  

              මෙලෙස සතුන්ගේ අවශ්‍යතා,අරමුණු මත සන්නිවේදනය සිදුවන ආකාරය පිළිබඳ ව මනා අවබෝධයක් ලබාගත හැකිවේ.එලෙසම සත්ත්ව සන්නිවේදනයේ විශේෂතාද දක්නට ලැබේ.සත්ත්ව සන්නිවේදනයට අනන්‍ය වු ලක්ෂණ සමුහයක් හඳුනාගත හැකිය.ඒවා නම්,

·         සත්ත්ව සන්නිවේදනය භාවාත්මක වුවකි.

·         එය මානව සන්නිවේදනයට වඩා සරලයි.

·         මානව සන්නිවේදනය හදාළ යුතුබව ද සත්ව සන්නිවේදනය සහජයෙන් ලබන්නකි.

·         මානව සන්නිවේදනයේදි අනපේක්ෂිත ප්‍රතිචාර ලැබිය හැකි වුව ද සත්ත්ව සන්නිවේදනයේදි පැහැදිලිවම ලැබෙන්නේ අපෙක්ෂිත ප්‍රතිචාරයයි.

            මෙලෙස ඒවා සංක්ෂිප්තව පෙන්වා දිය හැකිය.

                                            ජීව විද්‍යත්මකව සිදුවන්නා වු උත්තේජනයට ප්‍රතිචාර දැක්වීමක් ලෙසින් ම පමණක් සත්ත්ව සන්නිවේදනය සිදුවන බැවින් එය අතිශයින්ම භාවාත්මක වේ.සතෙකුට තරහ ගියකල ඌ පැහැදිලිවම භයානක ප්‍රථිඵල සහිත පණිවිඩයක් සන්නිවේදනය කරනු ඇත.මෙමඟින් සත්ත්ව සන්නිවේදනයේ භාවාත්මක ස්වරූපය හඳුනාගත හැකිය.ජෛවීය අවශ්‍යතා කිහිපයක් සඳහා පමණක් සන්නිවේදන උපක්‍රම සීමිත ප්‍රමාණයක් භාවිත වන හෙයින් සත්ත්ව සන්නිවේදනය ඉතා සරලව වටහා ගත හැකිය.මෙලෙස කරුණු දැක්වීමෙදී සත්ත්ව සන්නිවේදනය පිළිබඳ ව මනාවට හඳුනා ගත හැකිය.                          

~ 💉 covid 19 හමුවේ මාධ්‍ය භූමිකාව📺 ~

    Covid 19 හෙවත් කොරෝනා වෛරසය බෝවන රෝගටක් ලෙස හඳුනාගෙන ඇත.සවිස්තරාත්මකව පරීක්ෂණවලින් හෙළි වුයේ මින් පෙර ලොව පුරා ව්‍යප්‍ත වු සාර්ස් කොරෝනා වෛරසය(SARS-(OV)උරුලෑවන්ගෙන්ද,මර්ස් කොරෝනා වෛරසය (MERS-(OV) ඔටුවන්ගෙන්ද මිනිසුන්ට සම්ප්‍රේෂණය වී ඇති බවය.කොරෝනා වෛරසය යනු සෙම්ප්‍රතිශ්‍ය‍වේ සිට දරුණු නිදන්ගත ශ්වසන රෝග දක්වා වර්ධනය විය හැකි රෝගාබාධ ඇති කරන විශාල වෛරස් “පවුලකි”.නමුත් මේ වන විට පැතිරී යන නව කොරෝනා වෛරසය (ncov) මින් පෙර පුද්ගලයින්‍ට ආසාදනය වු බව හඳුනා නොගනී.කොරෝනා වෛරසය යන්න මෙසේ වටහා ගත හැකිවේ.

             එලෙසම මෙවැනි වෛරසයක් ආසාදනය වු පුද්ගලයෙකුට ශ්වසන රෝග,උණ,කැස්ස,හුස්ම හිරවීම සහ හුස්ම ගැනීමේ අපහසුතා වැනි රෝග ලක්ෂණ ඇති විය හැකිය.වඩාත් දරුණු අවස්ථා වලදී නියුමෝනියාව වු දරුණු නිදන්ගත ශ්වසන රෝග,වකුගඩු අකර්මන්‍ය විම සහ මරණය පවා සිදුවිය හැකිබව කියැවේ.මෙවැනි රෝග ලක්ෂණ පෙන්නුම් කරන මෙම වෛරසය පැතිරී යාම ඉතා සීඝ්‍රයෙන් සිදුවේ.මෙය පුද්ගලයෙකුගෙන් තවත් පුද්ගලයෙකුට ආසාදනය විය හැකිය.කිවිසුම් යාමේදි පිටවන ඛේටය හෝ සෙම් බිඳිති යම් මතුපිටක තැවරී තිබිය හැකි අතර එහි ඇති වෛරසය දින ගණනාඅක් සක්‍රීයව පවතින බව විශේෂඥයෝ පවසති.

                                                                                              මෙසේ ඇති වෛරසය නිරෝගී පුද්ගලයෙකුගේ ශරීරයට ඇස් වලින්,මුඛයෙන්,නාසයෙන් ශරීරගත විය හැකිවේ.මෙසේ ශරීරගතවන වෛරසය දින 14ක කාලයක් ගතවන විටදී රෝග ලක්ෂණ මතුකරලන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.මෙම රෝගයට නිසි ප්‍රතිකාර තවමත් සොයා ගැනීමට නොහැකිවී ඇත.මේ නිසා ඉතා භයානක දරුණු වසංගත රෝගයක් බව පැවසේ.මේ ආකාරයට කොරෝනා වෛරසය පිළිබඳව මනා අවබෝධයක් ලබාගත හැකිවේ.

                                                     මෙලෙස නිර්මාණය වන මෙම වෛරසය චීනයේ වුහාන් නගරයෙන් ආරම්භ වේ.ක්ෂණිකව ව්‍යප්ත වන මෙම වෛරසය අද වන විට ලෝකයේ බොහෝ රටවල් ආක්‍රමණය කර ඇත.ඇමෙරිකාව,ඕස්ට්‍රේලියාව,ඉතාලිය,ජපානය,එංගලන්තය වැනි ලෝකයේ බලවත් රටවල් දැඩි අපහසිතාවයකට ලක්වී ඇත.මෙමඟින් ආර්ථික මට්ටම පවා බිඳ වැටී ඇත.මාස කිහිපයක් ඇතුළත ලෝකය පුරාම විසිරී යාමට තරම් මෙම වෛරසයට ප්‍රබලත්වයක් හිමි වීය.මෙයට ලංකාවද ගොදුරු වී ඇත.එහෙත් අදවන විට ලංකාව එය පාලනය කරගැනීමට හැකිවන පරිදි සියලුම සෞඛ්‍ය උපදෙස් ලබාදී ඇත.ලංකාව වැනි පුංචි රටක්,සංවර්ධනය වෙමින් පවතින රටක් වන අප මෙම වෛරසට මැඩපැවැත්වීමේදි අනෙකුත් රටවල් වලට වඩා ඉතා ඉහළින් වැජබේ.මෙලෙස තත්ත්වයක් උදාකර ගැනීම සඳහා විශාල ක්‍රියාමාර්ග රැසක් හඳුන්වා දෙනු ලැබීය.

              කොරෝන්ස්ස් වෛරසයෙන් ආරක්ෂා වීමට නිසි සෞඛ්‍ය පුරුදු ඇති කරගැනීමෙන් හැකිබව වෛද්‍යවරු පවසති.මුඛ ආවරණ පැළදීම,නිතරම දෑත් වේදීම,මීටරයක දුරකින් සම්බන්ධතා පැවැත්වීම,සෙනඟ ගැවසෙන ස්ථානවල නිතර නොගැවසීම වැනි සෞඛ්‍යවත් පිළිවෙත් අනුගමනය කිරීම තුළින් මෙයින් වැළකී සිටිය හැකිවේ.මෙසේ කොරෝනා වෛරසය හමුවේ සටන් කිරීමට අවශ්‍ය උපදෙස්මාලා නිරන්තරයෙන් අපට දැනවේ.මෙලෙස මෙම රෝගය පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේදී මාධ්‍ය කොතෙක් දුරට සාර්ථක වී දැයි මෙසේ පැහැදිලි කරගත හැකිවේ.මාධ්‍ය යනු කුමක්ද?තම අදහස ඉතා නිවැරදි ලෙස ග්‍රාහකයා වෙත ගමන් කරවීම සඳහා සන්නිවේදකයාට කිසියම් මාධ්‍ය‍යක් උපයෝගී වේ.මෙසේ ඉතා සරලව මාධ්‍ය යන්න වටහා ගත හැකිවේ.මෙම මාධ්‍ය කොටස් කිහිපයකින් හඳුනාගත හැකිවේ.එනම්,

·         ම්රදි ලෙස ග්‍රාහකයා වෙත ග්ත්නිව්්සාම්ප්‍රදායික මාධ්‍ය

·         න්ුූට්  ජ්ම්ම්ම්නූතන මාධ්‍ය

 

·         නව මාධ්‍ය                                  වශයෙනි.

හූව,කොඩි එල්ලීම,ජනකවි,ගැමිනැටුම් මේ ආදී වු සන්නිවේදන අංග සාම්ප්‍රදායික මාධ්‍ය‍යට අයත් වේ.අතීතයේ දී සුලබව භාවිතයට ගැනුණි.මුද්‍රිත මාධ්‍ය හා  විද්‍යුත් මාධ්‍ය වශයෙන් නූතන මාධ්‍ය කොටස් 2කට බෙදේ.පුවත් පත්,සඟරා,රූපවහිනිය,ගුවන්විදුලිය,දැන්වීම් ආදිය නූතන මාධ්‍ය‍යට අයත් වේ.මෙවැනි මාධ්‍ය වර්තමානයේදී භාවිතයට ගැනීම ප්‍රසිද්ධ වී ඇත.පරිගණකය,අන්තර්ජාලය,චන්ද්‍රිකා තාක්ෂණය මේ ආදී වු නව මාධ්‍ය ද තාක්ෂණයේ දියුණුවත් සමඟ වඩාත් ප්‍රචලිත වී ඇත.මෙලෙස මාධ්‍ය කොතෙක් දුරට ව්‍යප්ත වී ඇත්ද යන්න මනාවට පසක්වේ.මෙවැනි වු මාධ්‍ය කොරෝනා වෛරසය හමුවේ දැක්වු ක්‍රියාකාරිත්වය කෙසෙද යන්න වටහා ගත හැකිවේ.මෙයට මාධ්‍ය අතුරින් රූපවාහිනි මාධ්‍ය ගත්කල එයින් දැක්වු මෙහෙවර,දායකත්වය මෙසේඑ පැහැදිලි කළ හැකිවේ.

                                       ශ්‍රව්‍ය,දෘශ්‍ය මාධ්‍ය‍යක් වන රූපවාහිනිය වර්තමානයේ ඉතා ප්‍රබල මාධ්‍ය‍යක් බවට පත්වී ඇත.මෙමඟින් ඉතා නිරවුල්,පැහැදිලි,සත්‍ය තොරතුරු,පණිවිඩ ග්‍රාහකයා හට ලබා දීමට වඩාත් පහසු මාධ්‍ය‍යකි.චලන චිත්‍ර පිළිබඳව සමකාලීනව විවිධ පර්යේෂණ දක්නට වු අතර කැමරා ඔබ්සික්‍යුරාව නිපදවීමත් සමඟ මෙම සංකල්පයට නව මාවතක් විවර විය.මෙම තාක්ෂණික ක්‍රියාදාමයේ ප්‍රථිඵලයක් ලෙස ජෝන් ලොගී බෙයාඩ් විසින් රූපවාහිනිය නිපද වීය.මෙයින් ජනතාවගේ ජන විඥානය හා චර්යාවන් වෙනස් කිරීමට ප්‍රබල කාර්යයක් සිදුකරනු ලැබේ.මිනිසාගේ ආකල්ප,චර්යා,විශ්වාස වෙනස් වෙන්ස් කිරීමේ ප්‍රධානම මෙවලම බවට පත් වී ඇත.මෙලෙස හැදින්වෙන රූපවාහිනිය කොරෝනා වෛරසය මැඩපැවැත්වීමට දායක වී ය.මෙය එයට කදිම නිදසුනකි.මෙසේ රූපරාමු,දළ සටහන් ආදිය භාවිතා කරමින් ඉතා පහසුවෙන් තොරතුරු ග්‍රාහකයා වෙත සම්පාදනය කළ හැකිවේ.රූපවාහිනිය ගතහොත් එහි විවිධ නාලිකා රාශියක් දක්නට ලැබේ.දේශීය මෙන්ම විදේශීය නාලිකා පවාද දක්නට ලැබේ.පෞද්ගලික හා රාජ්‍ය නාලිකා ප්‍රසිද්ධිය සඳහා තරඟකාරීත්වය හමුවේ අසත්‍ය තොරතුරු සම්පාදනය කිරිම අවම කර ඇති බව වැටහේ.මේ නිසාවෙන් කොරෝනා වෛරසය හමුවේ ද විවිධ වු නාලිකා ඉතා කැපවීමෙන් කටයුතු කළ බව වැටහේ.

                                                                 කෙසේ වෙතත් ජනයාට තොරතුරු ලබා දීමේ දී සෞඛ්‍ය වැඩසටහන්,සම්මුඛ සාකච්ජා,ප්‍රවෘත්ති,ටෙලිනාට්‍ය ආදි වු වැඩසටහන් මඟින් ද දැන්වීම් මඟින් තොරතුරු ලබා දීමට කටයුතු කර ඇත.එලෙසම මෙම රෝගී තත්ත්වය හමුවේ රටේ සියලුම කාර්යයන් අඩපණ වීමට ලක්වීය.මෙහිදී රට පුරාම ඇඳිරි නීතිය යෙදීමට ද සුදු වීය.මෙවැනි තත්ත්වයන් හමුවේ ජනයාගේ එදිනෙදා කටයුතු මෙන්ම දරුවන්ගේ අධ්‍යපන කටයුතුද අඩාල වීය.මෙයට රූපවාහිනි මාධ්‍ය විසින් එදිනෙදා කටයුතු ඵලදායි ලෙස කරහැනීමට අවශ්‍ය උපදෙස් මෙන්ම දරුවන්ට අදාළ වන අධ්‍යපන වැඩසටහන්ද නිර්මාණය කරවීය.මෙවැනි වු ක්‍රියාවන් නිසාවෙන් අඩපණ වු රට යම්තාක් දුරට ගොඩනඟාලීමට හැකි වීය.

                                                                                                 රූපවාහිනිය මාධ්‍ය‍යක් ලෙස ඉතා අගනා මෙහෙවරයක් සිදුකරලීමට සමත් වීය.මුළු ලෝකයම මෙම වෛරසය හමුවේ පීඩා විඳින අවස්ථාවේදි එයින් යම්තාක් දුරට හෝ අත්මීදීමට මාධ්‍ය ගත උත්සාහය මොනවට පසක් වේ.මෙම වෛරසය ආරම්භ වු මොහොතේ සිට අද දක්වාම හා ඉදිරියටත් මේ ගෙන ආ වැඩපිළිවෙල එලෙසම පවත්වා ගෙන යාමට කටයුතු කර ඇති බව පැහැදිලි වේ.තාක්ෂණයේ දියුණුව හමුවේ කොරෝනා වෛරසය තුරන් කිරිමට අපට හැකිවනු ඇත.මෙයට මාධ්‍ය‍යක් වශයෙන් රූපවාහිනිය කොතෙක් දුරට සාර්ථක වී ඇත්දැයි උක්ත කරුණු වලින් මනාවට පැහැදිලි වේ.මාධ්‍ය භූමිකාව අදත්,හෙටත් වර්ණනා කළ යුතුමය.

Thursday, 24 November 2022

අපේකම ජනශ්‍රැතියෙන්



ජනශ්‍රැති යනු ඕනෑම සමාජයකට උරුම වූ හා එම සමාජයේ ම අනන්‍ය ලක්‍ෂණ සහිතව පරපුරෙන් පරපුරට දායාද කරන ලද ඥාන සම්භාරයකි.ඒ තුළ මුඛ පරම්පරාවෙන් පැවත ගෙන එන ජන කතා, ජන කවි, ජන ඇදහිලි, ජන ආගම්, ජන රංග කලා, ජන ක්‍රීඩා, තේරවිලි, ප්‍රස්ථාව පිරුළු , උපමා හා වෙදකම ආදී බොහෝ අංගයන් අයත් වේ. මෙම සියලුම අංගයන් මානව සමාජය විසින් නිර්මාණය කර පවත්වාගෙන එනු ලබයි. යම් රටක සංස්කෘතියේ ස්වභාවය අධ්‍යයනය කිරීම යනු එම සමාජයට අයත් ජනශ්‍රැතිය අධ්‍යයනය කිරීමයි.ජනශ්‍රැතිය සම්බන්ධයෙන් තොරතුරු විග්‍රහ කිරීමේදී ශ්‍රී ලංකාවේ අග්‍රගණ්‍ය ආචාර්යවරයකු වන ආනන්ද කේ. කුමාරස්වාමි මහතා සුවිශේෂි වේ. මෙතුමාගේ ප්‍රකාශයක් ලෙස

       “ඓතිහාසික පර්යේෂණයට ලක් වූ යුගවලට පෙර සිට ග්‍රන්ථවලින් නොව මුඛ පරම්පරාවෙන් සහ මනුෂ්‍ය චර්යාවෙන් පැවත එන පුරාවෘත්ත, සුරංගනා කතා, කවි කතා, කෙළි සෙල්ලම් සහ ඒ ආශ්‍රිත භාණ්ඩ ආදී වූ පරිපුර්ණ අඛණ්ඩ සංස්කෘතික සම්බන්ධතාව ජනශ්‍රැතියයි. ”

                                                                                මේ අනුව යම් සමාජයක් අධ්‍යයනය කිරීමට අවශ්‍ය වන්නේ නම් එහි ජනශ්‍රැතිය අධ්‍යයනය කළ යුතුය යන්න මනාව අවබෝධ වනු ඇත.

ජනශ්‍රැතිය තරම්  මානවයාගේ හර්ද  ස්පන්දනට සමීප වූ වෙනත් මාධ්‍යක් නොමැති තරම්ය .මිනිසාගේ සන්නිවේදන ශක්‍යතාවය ආරම්භ වූ දා ජනශ්‍රැතිය එතරම්ම අවියෝජනීය වූවකි.මෙහිදී ජන යනු සමූහය යන්න බව සදහන් කල හැකිය ."ජන " යන්න නිර්මාණය වී ඇති කුඩාම ඒකකය වන්නේ පුද්ගලයාය.එම පුද්ගලයා තුළ නිදහස් චිත්ත ශක්තියක් මගින් ගොඩනැගුණු නිර්මාණශීලිත්වයක් පවතියි .ඔවුන් එකිනෙකට සමාන වන්නේ නිශ්චිත භූගෝලීය සීමාවක ජීවත් වීම ,එක් සංස්කෘතියක් තුළ රාමුගත වීම ,ආගමික හා විශ්වාසයන් බොහෝ දුරට සමාන වීම ,සමාන භාෂාවක් භාවිතා කිරීම යන සාධකයන් මත පමණි ."ශ්‍රැතිය" යනු රිද්මයයි .මේ අනුව එය "ජන රිද්මය" ලෙසින් අර්ථ ගැන්විය හැකිය .මෙම ජන රිද්මය එය අයත්වන ජන සමූහය ශිෂ්ටාචාර ගත වීමේ ශක්‍යතාවය ඉතා සියුම් හා වඩා තීව්‍ර ලෙස නිරූපණය කරන්නකි.
                   ඒ අනුව මහාචාර්ය නන්දසේන රත්නපාල මහතා ජනශ්‍රැතිය අර්ථ ගැන්වූයේ , ජනශ්‍රැතිය යනු ප්‍රාථමික හෝ සංකීර්ණ බවට පත් නූතන හෝ ජන සමූහයක් අතර කාලයක් තිස්සේ මුඛ  පරම්පරාගත සම්ප්‍රදායෙන් ව්‍යාප්ත වූ
ඣාන සම්භාරයය්.එය ගද්‍යයෙන් හෝ පද්‍යයෙන් දෙකෙන්ම නිර්මාණය වී පරම්පරවෙන් පරම්පරවට පැවත යනු දැක ගන්නට පුලුවන් ලෙසිනි.
                     මානව ශිෂ්ටාචාරයේ ආරම්භයේ පටන් සන්නිවේදනය ආරම්භ වූ අතර ජනශ්‍රැතියට ඒ සා ඉතිහාසයක් හිමි වේ.ප්‍රාථමික මානවයා ඉතා සරල දිවි පෙවෙතක් ගත කල ඇත්තෝ වෙති .ඔවුන් ජීවත් වූ සමාජය ,වටපිටාව පිලිබද බරපතළ චින්තනයක් නොවීය .දඩයම මූලික විය.ඉර හද තාරකා  ජලය ආදී ස්වභාවික ධර්මය මූලික විය.විශාල ගස් දුටු විට වැදීමට සිතීය. ඉර හද තාරකා අත්භූත වස්තු ලෙස දුටු අතර ජලයට ගින්නට විශාල බලයක් ඇති බව සිතීය .කදු ගල් ආදිය බලවත් වස්තු ලෙස දැක ඒ හරහා එම ස්වභාවික දේ වන්දනාමාන කිරීමට යොමු වීය.දඩයමේ ගිය පිරිසට ආශිර්වාද කිරීමට ගීත ගායනා කරනු ලැබීය .ගැහැණු පිරිස තම දරුවන් නැලවීමට ගීත ගායනා කරනු ලැබීය .එසේම දඩයමෙන් ගෙන ආ මස්,මැස්සක් උඩ තබා පිලිස්සූ අතර පිරිම පිරිස ඒ වටා නැටූහ.ඒ අනුව සුන්දර සන්නිවේදන රටාවක් ජනශ්‍රැතිය වටා ඒකරාශී විය.ජනශ්‍රැතිය තුලින් ගැමි ජනයාගේ අව්‍යාජත්වය ,අනුවේදනීයත්වය ද පිලිබිඹු විය.
          වී ගොවිතැන ප්‍රධාන ජීවනෝපාය කර ගත් සරල කෘෂිකාර්මික සමාජයක් එකල දක්නට ලැබුණි.වර්තමානයේ දී  මෙම ලක්ෂණ දැක ගත හැකිය .ඒ අනුව ජනශ්‍රැති අංගෝපාංග යොදා ගනිමින් ගැමියාගේ දුක් කම්කටොලු ගැමි දිවි පෙවෙත සංකේතාර්තවත්ව පල කර ඇත.පොදු ජනයා අතර පරම්පරාවෙන් පරම්පරාවට කාලාන්තරයක් මුලුල්ලෙහි නිර්මාණය වී අලිඛිතව ජනශ්‍රැතිය පැවතී ගෙන එය්.ඒ අනුව ජනශ්‍රැති අංගෝපාංග ලෙස ජන කවි,ජන කතා,ජන ගී,තේරවිලි, ජන ක්‍රීඩා ,ඇදහිලි,ශාන්තිකර්ම,යාතුකර්ම ආදී මෙකී නොකී දෑය .මේවා ඕපපාතිකව පහළ වූවක් නොව මානව අවශ්‍යතා පදනම් කර ගෙන මානව චර්‍යාවන් හා ගැටෙමින් වැඩුණු බව සැලකිය යුතුය .
             කෘෂිකර්මාන්තය පදනම් කර ගත් අපේ ලාංකීය සංස්කෘතිය පිලිබද මෙම ජනශ්‍රැති අංගෝපාංග තුළින් පිළිඹිබු වේ.එනම් ඔවුන් එම කර්මාන්තයේ නියැලී සිටි අතරතුර පාලුව,කාංසිය,වෙහෙස මහන්සිය නිවා ගැනීමට කමතේ දී ජන කවි ගායනා කලේය.කුඹුරේ දී ජන කවි ගායනා කලේය .ඒ අනුව ජන කවි තුළින් කෘෂිකර්මාන්තය ජීවනෝපාය කර ගත් ගැමි ජනයාගේ සරල ගැමි පෙවෙතත් ඔවුන්ගේ දරිද්‍රතාව හා දුක් කම්කටොලු පිලිබඳවත් හදුනා ගත හැකිය .
         තවද ජකතා තුළින් ලාංකික සමාජයට උපදේශනයන් ලබා දේ.ශාන්තිකර්ම හරහා ලාංකීය සංස්කෘතිට ආවේනික වූ සංස්කෘතික ලක්ෂණ දැකගත හැකිය .ජන කෙලි තුළින් ද මතු වනුයේ අපේ සංස්කෘතියට අනන්‍යය වූ ලක්ෂණ වේ.ඒ අනුව ජනශ්‍රැතිය අධ්‍යනය කිරීම තුළින් අපගේ සංස්කෘතියට අනන්‍යය වූ ලක්ෂණ හදුනා ගත හැකිය .එනම් එය අපේ කමේ ප්‍රතිමූර්තියය්.

ජන කවි

ජන කතා පමණක් නොව ජන කවියද විවිධ ස්වරූප ගනියි. ජන ජීවිතයේ සෑම අංශයක්ම ජන කවිය මගින් ආවරණය වෙයි. විවිධ කර්මාන්තවල නියැලි සිටින වෘත්තිකයන්ට තම කර්මාන්තයේ අනන්‍යතාව පිළිබිඹු කරන කවි පෙළක් ඇතැයි කිව හැකිය. කරත්ත කවි, පතල් කවි, පාරු කවි ආදිය එයට උදාහරණයකි. එමෙන්ම කෘෂිකාර්මිකයන් අතර ඇති ගොයම් කවි නෙළුම් කවි මගින් ඔවුන්ගේ දින චර්යාව ජීවන රටාව පිළිබිඹු වෙයි. ජන කවි මගින් ස්වභාවධර්මය හා ඔවුන්ගේ ආර්ථික හා සමාජ පරිසරය සමඟ ඇති සෘජු සබඳතාව පිළිබිඹු වෙයි. පැල්කවි, පතල් කවි, කරත්ත කවි මෙන්ම පාරු කවිද ඒ ඒ ගති ස්වභාවය හා තම රැකියාවේ කෙතරම් දුෂ්කරතා මධ්‍යයේ සිදු කරන්නේද යන්න කියාපායි


ඉන්නෙ දුම්බරයි මහ කළු ගලක්                                යට

කන්නේ කරවලයි රට හාලේ                                    බතට

බොන්නේ බොරදියයි පූරුවෙ කළ                                      පවට

යන්නේ කවදාද මවුපියෝ                                        දකින්නට


දුප්පත්කමට ගොන් බැඳගෙන                                   දක්කනවා

කන්ට නැතිව දිවා රෑ දෙක                                        වෙහෙසෙනවා

ගොන්ටත් නොයෙක් වද දී අපි                                 ගෙනියනවා

දැන්වත් අපිට දෙවියෝ පිහිටක                                 වෙනවා

                                                                                       ජන කවියේ ඇති වැදගත්ම ලක්ෂණය නම් ජන කතා ඇතුළු අනෙකුත් සියළුම ජනශ්‍රැති අංග සමඟ ජනකවි සෘජු සම්බන්ධතාවක් තිබීමයි. විශේෂයෙන්ම ජන ශාන්ති කර්ම, ජන නැටුම්, ජන කර්මාන්ත, ජන ක්‍රීඩා යන ජනශ්‍රැති අංගවලදී කවිය අත්‍යවශ්‍ය සාධකයක් වී ඇත. මෙයට හේතුව වී ඇත්තේ යම් කාර්යයක් සිදු කිරීමේදී සහ යමක් අවධාරණය කිරීමේදී පැහැදිලි කිරීමේදී මතක තබා ගැනීමේදී එය ගීතවත් බවකින් තිබීම ඉතා පහසුවීම විය හැකිය.


ජන කතා

ජන කතාව සෑම සමාජයකටම පොදු වූ ජනශ්‍රැති අංගයකි. ප්‍රාග් ලිඛිත සහ ලිඛිත ජන සමාජවල වෙනසකින් තොරව තවමත් ක්‍රියාත්මක වෙයි. දෙවියන්, සුරංගනාවන්, යක්ෂයන්, භූතයන් හෝ මෙබදු බලයක් ලැබූ මනුෂ්‍යයන් එසේත් නැති නම් ඒ හා සමාන මනුෂ්‍යයන් ජනකතාවලට බොහෝ විට පාදක වී ඇත. මේ මගින් කුතුහලයක්, බියමුසු ගෞරවයක්, බැඳීමක්, ජනකතා සමඟ ඇති වේ. එමෙන්ම කිසියම් ජන සමාජයක ඇති විවිධ විශ්වාස ධර්මතා හොඳ නරක යන කාරණා සමඟද ජනකතා බැඳී ඇත. උත්සාහය, ධෛර්යය, විශ්වාසය ඇති කිරීම සඳහා ජනකතා අපේ පැරුන්නන් තම දූ මුණුබුරන්ට කියාදී ඇති බව නොරහසකි. සවස් යාමයේ හෝ රාත්‍රියේ එළියේ පිලේ හිඳ ගන්නා සීයා ආච්චී හෝ වෙනත් වැඩිහිටියෙක් දරුවන්ට කතා කියා දෙයි. ඒ අතර ඉහත ගුණාංග ඇතුළත් වීර කතා දේව කතා සුරංගනා කතා ආදිය ඇත. එමගින් දරුවන්ට හොඳ නරක කියා දෙයි. ඉදිරි ජීවිතයේ අභියෝගවලට මුහුණදීම සඳහා අවශ්‍ය දැන නුවණ සපයයි. දරුවන්ට සිත් ඇද ගන්නා අයුරින් සකස් වී ඇති නිසා ඔවුන් තුළ ධර්මතා අගනාකම් සාරධර්ම අභ්‍යන්තරීකරණය කිරීමේ හැකියාවක් ජනකතාවලට ඇත.

                                                                                                                              ජනකතා විශේෂයෙන්ම ගැමියන්ට, ප්‍රාථමික මිනිසුන්ට එදිනෙදා ජීවිතයේ කටයුතු කරගෙන යාමට අවශ්‍ය මග පෙන්වීම ලබාදෙයි. උපත වැඩිවිය පැමිණීම, විවාහය, මරණය ආදී ද්වාරකර්ම අවස්ථාවක සිංහල අවුරුදු උත්සවය හෝ වෙනත් ආගමික හා සමාජයීය අවස්ථාවලදී කටයුතු සිද්ධ වේනනේ මෙසේ යයි ජනකතාවල උදාහරණ සහිතව සඳහන් වෙයි. රටක, ජන සමාජයක ආරම්භය විකාසනය සිදුවූ ආකාරය විමසන විට ඒ ඒ ජන කණ්ඩායම් අතර ඇති සබඳතාව ඓතිහාසිකව පැවත ආ ආකාරය තේරුම් ගන්නට ඒ හා බැදුණු ජනප්‍රවාද, ඓතිහාසික වෘත්තාන්ත ලෙස ඇති ජනකතා අපට උපකාර වෙයි. එය ජන කතාවල මානව විද්‍යාත්මක අගය මැනවින් පිළිබිඹු වන කරුණකි.

                                        ලාංකේය සිංහල මහා සමාජයට විවිධ ආකාරයෙන් සම්බන්ධ වී ඇති කුඩා ජනකොටස් සැම එකක් සමඟම මෙබඳු ජන කතා ගොඩනැගී ඇත. එම ජනකතා වල ඔවුන් කිසියම් රජ පරම්පරාවකින් පැවත එන්නේ යයි සඳහන් වීම සාමාන්‍ය දෙයකි. විශේෂයෙන්ම සාම්ප්‍රදායික වැඩ වසම් සමාජයේ පහළ සමාජ තත්ත්වයන් උරුම වී තිබුණු ජන කොටස් අතර මෙය දැකිය හැකිය. “ජන කතා ගොඩ නැගෙන්නේ සමූහයට අවශ්‍ය නිසයි. එය මිනිස් අවශ්‍යතා සපුරයි” (රත්නපාල, 1995). යන ජන කතා පිළිබඳ ඉදිරිපත් වී ඇති අදහස මේ මගින් සනාථ වෙයි.


ජන ආගම ජන ශාන්තිකර්ම හා ජන වෙදකම

ජනශ්‍රැති අංගයක් ලෙස ජන ආගම විශේෂ ස්ථානයක් ගනියි. ආගමික ඇදහිලි විශ්වාස අභිචාර විධි අතර ඇත්තේ මිතයන් ය (Myths). මේවා අධිකාරි බලයක් ලෙස සමාජයේ ක්‍රියාත්මක වේ. ප්‍රකට මානව විද්‍යාඥයකු වන මැලිනොවුස්කි පැහැදිළි කරන ආකාරයට මෙම මිතයන් නිසා සමූහයක් ලෙස පැන නගින  විශ්වාස විවරණය වී ආගමික ඇදහිල්ලක් ලෙස එක්තරා ආකාරයකට ගොනුවීමක් සිදුවෙයි. (Mailinowski, 1926) ට්‍රොබියන්ඩ් දූපත්වාසීන් ඇසුරින් තවදුරටත් අදහස් දක්වන ඔහු පෙන්වා දෙන්නේ මෙමගින් යම් සංස්කෘතික ධර්මතා අගනාකම් පෝෂණය වී එදිනෙදා ජීවිතය ගෙන යාමට මිනිසාට මග පෙන්වීමක් සිදුකරන බවයි. පුද්ගල ජීවිතයේ අප මුහුණ දෙන සංක්‍රාන්ති අවස්ථා සහ වෙනත් සන්ධිස්ථාන, සුවිශේෂ අවස්ථාහිදී අපට ඇති වන මානසික අපහසුතාවලට නොබියව මුහුණ දීමට අවශ්‍ය ශක්තිය ලබාදෙයි. කිසියම් ආර්ථික හා සමාජයීය කටයුත්තක නිරත පුද්ගලයකුට වුවද අවශ්‍ය මානසික ශක්තිය ලබාගැනීම සඳහා ජන ආගමික වත් පිළිවෙත් යොදා ගනියි.


                ආගම, ජන ආගමෙන් වෙනස් වන්නේදැයි විමසන විට ජන සමාජයක පවතින ආගමෙහි ජන ආගම අන්තර්ගත වී ඇති බව කිව යුතුය. එහෙත් ජන ආගමට අමතරව ආගමේ වෙනත් සමාජවලින් එකතු වූ ඇදහිලි විශ්වාසද ඇත. ජන ආගම යනු අදාළ සංස්කෘතියෙහි ඉපිද පරම්පරාවෙන් පරම්පරාවට ජනවහරේ පැමිණි ඇදහිලි විශ්වාසයි. පරිබාහිරින් පැමිණි ඇදහිලි විශ්වාසද ජනවහරේ කොටසක් වීමට ඉඩ ඇත. එයට කාලයක් ගත වෙයි. කෙතරම් කාලයක් ගතවුවත් එය සිදු නොවීමටද ඉඩ ඇත. සෑම ජනශ්‍රැති අංගයකම මේ ස්වභාවය නොතිබුණද ජන ආගමෙහි මෙය පැහැදිළිව දක්නට ලැබෙයි. ජන ශාන්තිකර්ම ගොඩ නැගුනේ ජන ආගම පදනම් කරගෙනයි. ජන ආගම හා ශාන්තිකර්ම යනු දෙකක් නොවන බව සමහර විද්වතුන්ගේ මතයයි. කෙසේ වුවත් මේ අංග දෙකම ජන වෙදකම සමඟද බැඳී පවතියි.

                                                                                                  ගැමි සහ ප්‍රාථමික සමාජයන්හි ජන කතා, ජන කවි, ජන ආගම මෙන්ම ජන ක්‍රීඩා සම්බන්ධ කරගනිමින් සිදුකරන ජන ශාන්ති කර්ම බහුල වශයෙන් ඇත. ජන ශාන්තිකර්ම අදාළ ජන සමාජයට සුවිසල් කාර්ය භාරයක් ඉටුකරයි. රෝග නිවාරණය ආර්ථික සමෘද්ධිය, ආරක්ෂාව, විනෝදාස්වාදය දෙවියන්ට ගරුබුහුමන් කිරීම ආදිය සඳහා මූලිකව මේවා යොදා ගනියි. සාමාන්‍යයෙන් ජන ශාන්තිකර්මයක් එක් පුද්ගලයෙක් අරබයා මෙන්ම සමස්ත ජන සමාජය උදෙසා පවත්වනු ලබයි. ඒ කෙසේ වුවත් එයට සම්බන්ධ වන පිරිස විශාලය. එය සමූහයක එකමුතුකම ඇති කිරීමට බලපායි. එමෙන්ම තමන් සිදු කරන සියළු ආර්ථික හා සමාජ කාර්යයන්හි සාර්ථකත්වය ඇති කරගැනීම සඳහා මානසික පෙළඹීමක් ඇති කරයි.

                                                     ඉහත විස්තර කළ ජනශ්‍රැති අංගවලට අමතරව විනෝදාස්වාදය උදෙසා පවත්වන ජන ක්‍රීඩාද දැකිය හැකිය. සිංහල ජනශ්‍රැතියෙන් එයට උදාහරණ රාශියක් ලබාගත හැකිය. ඔළිඳ කෙළිය, රබන් ගැසීම, චක්කුඩු ගැසීම, පොර පොල් ගැසීම, අංකෙළිය, මේ වර කෙළිය මෙයට උදාහරණ වේ. මෙම ක්‍රීඩාවල ඇති ශික්ෂණය හා ගෞරව සම්ප්‍රයුක්ත බව වෙනත් ක්‍රීඩාවල දැකිය නොහැකිය. මේ හුදු තරඟකාරීත්වය සඳහා නොව සමාජ සබඳතා පැවැත්වීමේ උපක්‍රම ලෙස යොදා ගැනීම විශේෂත්වයකි. ජන උත්සවවලදී එනම් අවුරුදු උත්සවය වැනි අවස්ථාවලදී මේ ක්‍රීඩා දක්නට ලැබේ. මේ සියළු උදාහරණ වලින් තහවුරු වන ප්‍රධාන කරුණක් නම් ජනශ්‍රැති අංගවල ඇති අන්‍යොන්‍ය සබැඳියාවයි. ජනශ්‍රැතියක් යම් ජන කණ්ඩායමක් ඇසුරෙහි පාරම්පරිකව පැවත එන්නේ සාමූහික උත්සාහය මඟිනි.

 


Tuesday, 22 November 2022

හදවත් රෝගීන්ට ගුණ,රසවත් ආහාර ගොනුවක්

 

හෘද රෝගීන්ට සුදුසු ආහාර

හෘදය යනු මිනිස් සිරුරේ පැවැත්ම සදහා හේතුවන මූලිකම අවයවයයි.රුධිරය මගින් ඔක්සිජන් හා අප ගනු ලබන ආහාරවල පෝෂ්‍ය කොටස් ශරීරය පුරා ගෙන යනු ලබන අතර රුධිරය මුළු මහත් ශරීරයට බෙදා හරිනු ලබන්නේ හෘදයයි.එමනිසා හෘදය ආශ්‍රිත යම් රෝගී තත්වයක් ඇති උවහොත් එය මුළු ශරීරයටම බලපාන අතර එය පාලනය නොකලහොත් හෘදයාබාධයකින් මිය යාමටද වැඩි ඉඩක් තිබේ.එම නිසා හෘද රෝග වලින් පෙලෙන්නන් ඒ පිළිබඳව වඩාත් සැලකිලිමත් විය යුතුය.දියවැඩියාව, අධිරුධිර පීඩනය,අධික ස්ථුලතාවය, කොලෙස්ටරෝල් වැනි රෝගයන්ගෙන් පෙළෙන රෝගීන් වැඩි වශයෙන් හෘද රෝග වලට ගොදුරු වන අතර මෙවැනි නිදන්ගත රෝග වැළදීමට හේතුවන්නේ තමන්ගේ වැරදි ආහාර රටාවයි.එමනිසා හෘද රෝග නැවත ඇති නොවීමට මෙන්ම හෘද රෝගයෙන් පාලනය වීමට තම ආහාර රටාව ඊට සුදුසු අයුරින් සකස් කර ගත යුතුය.බොහෝ විට හෘදයට හිතකර වන්නේ පොටෑසියම් ,ඔමේගා ත්‍රී මේද අම්ල,ෆෝලේට්,ෆයිබර්, සෝඩියම් ආදී පෝෂ්‍ය පදාර්ථ අඩංගු ආහාර වර්ගයන්ය.

හෘද රෝගීන්ට සුදුසු ආහාර

හදිසියේ හෘදයාබාධයක් ඇතිවු පුද්ගලයෙකුට මුල් පැය 48 ක් පුරා දියරමය ආහාර පාන ලබා දීම සිදුකළ යුතුය.කෘතිම පාන මේද අඩංගු කිරිකෝපි ආදී පාන ලබා දීමෙන් වැළකිය යුතුය.තෙවන දිනය තුළ ප්‍රධාන ආහාර වේල් තුන සඳහා බත් මිශ්‍රකර කැඳ හා කුරක්කන් ක්‍රැකර්,ක්‍රීම් කැකර් ලබාදීම ගුණදායක වේ.සිව්වන දිනය තුළ පෙර දිනවලට වඩා මඳක් හෝ වැඩියෙන් ආහාර ලබා දීම සිදු කළ යුතුවේ.ඉන්පසු දෙනු ලබන ආහාර රටාව පිළිබඳව සැලකිලිමත් විය යුතුය.

බෙරි වර්ග

එනම් ස්ටෝබෙරි, බ්ලැක් බෙරි, බ්ලු බෙරි වැනි බෙරි වර්ගයට අයත් පළතුරු වර්ග ආහාරයට ගැනීමෙන් ද හෘද රෝග පාලනය කර ගත හැකිය. එනම් බෙරි වල අඩංගු විටමින් සී හෘද රෝග ඇති වීම වළක්වනු ලබයි.

කහ

අපගේ එදිනෙදා ආහාරවේල් සඳහා කහ යොදා ගැනීම පුරුද්දක් වශයෙන් සිදු කළ ද එහි ඇති වටිනාකම පිළිබඳව බොහෝ දෙනෙක් නොදනියි.ආහාර සඳහා කහ යෙදීම තුළින් ආහාරයට සුවඳක් , පැහැයක් හා රසයක් එක් වේ.කහවල ඇති කර්කියුමින් සංයෝගය කොලෙස්ටරෝල් දිය කරයි.එමගින් රුධිර නාල ඝන වීම ද වළක්වන නිසා එය හදවත සඳහා ඉතාමත් සුදුසු වේ.

තේ පානය කිරීම සහ කුරුඳු ආහාරයට ගැනීම

ආහාර රසකාරකයක් වශයෙන් කුරුඳු භාවිත කළ ද බොහෝ දෙනකු වර්තමානයේ දී කුරුඳු තේ පානයක් ලෙස භාවිත කිරිම දක්නට ලැබේ.කුරුඳු මඟින් ශරීරයේ ඇති කොලෙස්ටරෝල් දිය කර හරින අතර අනවශ්‍ය මේදය ද ඉවත් කරයි.තේ පානය මඟින් රුධිර නාළවල බිත්ති ශක්තිමත් කරන අතර රුධිර කැටි ඇතිවීම වළක්වයි.නිවැරදිව තේ පානයක් සිදු කරන විට විනාඩි තුනක් වත් ජලයෙහි තේ කොළ තැම්බීමට ඉඩ හැරිය යුතුය.මේ සදහා ග්‍රීන් ටී ද ඉතා ගුණදායකය.

ධාන්‍ය වර්ග

හදවතට හිතකර ආහාර වර්ග අතර ඉහළින් ම ඇති ආහාර අතර ධාන්‍ය වර්ග විශේෂ වේ. එනම් තිරිඟු, දුඹුරු සහල්, බාර්ලි වැනි ධාන්‍ය වර්ග ආහාරයට ගැනීම මඟින් හෘද රෝග ඇතිවීම පාලනය කරයි. එනම් මෙම ධාන්‍ය ආහාරයට ගැනීමෙන් රුධිර ගත කොලෙස්ටරෝල් පාලනය කිරීම සිදුවේ. එමෙන්ම මෙම ධාන්‍ය වර්ග වල අඩංගු ඇමයිනෝ අම්ල හානි වූ පටක වර්ධනය කරනු ලැබේ.

නට්ස් වර්ග

එනම් ආමන්ඩ් ඇට, කජු ඇට, රටකජු ආදී නට්ස් වර්ග ආහාරයට ගැනීමද හෘදයට හිතකරවේ. එනම් මෙම නට්ස් වර්ග වල අඩංගු ඔමේගා ත්‍රී මේද අම්ල අධිරුධිර පීඩනය ඇතිවීම පාලනය කරයි.

කොළ පැහැති එළවළු වර්ග

නිවිති, බණ්ඩක්කා, පතෝල වැටකොළු, ආදී කොළ පැහැති එළවළු වර්ග හා පළා වර්ග ආහාරයට ගැනීම මගින් ඒවායෙහි අඩංගු විටමින් ,ඛනිජ ලවණ, ප්‍රතිඔක්සිකාරක මගින් හෘද රෝග ඇතිවීම පාලනය කරයි. එමෙන්ම මේවායේ අඩංගු විටමින් කේ මගින් රුධිරය කැටි ගැසීම වලක්වනු ලබයි. එමෙන්ම කරන ලද පරීක්ෂණ වලට අනුව කොළ පැහැති පලා වර්ග එළවළු වර්ග ආහාරයට ගැනීමෙන් සියයට 16% කින් හෘද රෝග ඇති වීම වළක්වා ගත හැකි බව තහවුරු කරගෙන තිබේ.

නිවිති

පළා වර්ග අතරින් නිවිති හෘද රෝගීන් සඳහා වඩාත් ගුණදායක වේ.මෙහි අඩංගු වී තිබෙන ෆෝලේට්,පොටෑසියම්,ෆයිබර් පෝෂණ සංඝටක හේතුවෙන් හෘද රෝග වැළඳීමේ අවධානම අඩු කර ගත හැකි ය.නිවිති ප්‍රධාන ආහාර වේල් සඳහා භාවිතා කළ පුද්ගලයින් 15000 කට පසුගිය වසර 12 ඇතුළත දී හෘද රෝග අවධානම අඩු වී ඇති බව බටහිර වෛද්‍ය කණ්ඩායමක් විසින් සිදු කළ පරීක්ෂණයකින් හෙළි වී තිබේ.

පළතුරු වර්ග

අලිගැටපේර, කොමඩු ,ඇපල් පෙයාර්ස් ,දෙළුම්,ආදී පළතුරු හෘදයට හිතකරවේ.එනම් මෙම පළතුරුවල අඩංගු තන්තු මෙන්ම, පොටෑසියම්, විටමින් C, ඔමේගා ත්‍රී මේද අම්ල ආදි පෝෂ්‍ය පදාර්ථ මගින් රුධිරය කැට් ගැසීම, මෙන්ම අධිරුධිර පීඩන තත්ත්ව ඇතිවීමද සමනය කරයි.

සුදුළුෑණු

එහි අඩංගු වන ඇලිසීන් මඟින් කොලොස්ටරෝල් ඉවත් කරයි.එමෙන් ම රුධිර නාල පිරිසිදු කරයි.තවත් වාසියක් ලෙස සිරුරෙහි අධික තරබාරුකම අඩුකර ගැනීම සඳහා ද සුදුළුණු භාවිතයට ගැනීම වර්තමානයේ දී බහුලව දක්නට ලැබේ.

ඔමේගා ත්‍රී අඩංගු මාළු වර්ග

ලින්නන් , සැමන් වැනි මාළු වර්ගවල අඩංගු ඔමේගා 3 මේද අම්ලය හදවතේ ක්‍රියාකාරිත්වයට අතිශයින් වැදගත් වේ . සිරුරෙහි අනවශ්‍යය ලිපිඩ පහත දමමින් කොලෙස්ටරෝල් තැන්පත් වීම වළක්වාලීමට තෙල් සහිත මාළු ආහාරයට ගැනීම හිතකරවේ.එමෙන් ම ඒවා හදවතේ පේශිවල නිරෝගි බවට ද ඉවහල්වේ.

සැමන්

ඔමේගා 3 පෝෂණ සංඝටකය අන්තර්ගත වීම හේතුවෙන් මිනිසාගේ අධීක රුධිර පීඩනය මනාව පවත්වා ගැනීමට පුළුවන.අනෙකුත් මත්ස්‍ය වර්ගවලට සාපේක්ෂව සැමන් හෘදරෝගීන් සඳහා ගුණායක වන්නේ එනිසා ය.the author of lower your blood pressure in eight weeks නමැති කෘතියේ කතුවර,හෘද රෝග විශේෂඥ ස්ටෙෆාන් පෙන්වා දී ඇත්තේ සැමන්වල අන්තර්ගත ඇන්ටිඔක්සයිඩ් මඟින් හෘද රෝග හට ගැනීමේ අවධානම අඩු වන බවය.

තක්කාලි

ප්‍රබල ප්‍රතිඔක්සිකාරකයක් වන රුධිර ගත ලයිකෝපීන් අවම වීමද හෘද රෝග ඇතිවීමට හේතුවේ.තක්කාලි ආහාරයට ගැනීමෙන් එහි අඩංගු ලයිකෝපීන් රුධිර ගත ලයිකෝපීන් වර්ධනය කරන හෙයින් තක්කාලි හෘද රෝගීන්ට ගුණදායකය ආහාරයකි.මේ ආදී වු හෘද රෝගීන්ට හිතකර ආහාර ගැනීම මගින් හෘද රෝග ඇතිවීම පාලනය කර ගත හැකිය. නමුදු ආහාර රටාවට අමතරව බර ඔසවාගෙන ඉහළට නැගීම,බර ඔසවාගෙන ඇවිදීම,බයිසිකල් මගින් කඳු නැගීම හා බයිසිකල් වේගයෙන් ධාවනය කිරීම,දැඩි සුළගට විරුද්ධව ඇවිදීම, දිවීම ආදි ක්‍රියාවන් නොකළ යුතුය.හෘදයාබාධ සහිත පුද්ගලයෙකුට සීතල දිනෙක ඇවිදීම,සෙමෙන් ඇවිදීම හෘදයාබාධ රෝගීන්ට සුදුසු ව්‍යායාම සිදු කිරීම මේ ආදී ක්‍රියාකාරකම් වල නිරත වීම සුදුසුය.මේ ආකාරයට ආහාර රටාව,ජීවන රටාව පාලනය කර ගැනීම මගින් හෘද රෝග ඇතිවීමද වලක්වා ගත හැකිය.




ජනමාධ්‍ය වර්ගීකරණය

  ජනමාධ්‍ය වර්ගීකරණය


ජනමාධ්‍ය මූලික කොටස් දෙකක් යටතේ වර්ග කළ හැකිය.
1.මුද්‍රිත මාධ්‍යය

2.විද්‍යුත් මාධ්‍යය
                 මුද්‍රිත මාධ්‍යය අතර පුවත්පත්,පොත් හා සඟරා හදුනගත හැකිය.විද්‍යුත් මාධ්‍යය ලෙස ගුවන් විදුලිය හා රූපවාහිනිය හදුනාගත හැකිය.



පුවත්පත


 ජන මාධ්‍යය අතරින් මුල්ම සංවිධිත මාධ්‍යය වන්නේ පුවත්පතයි. පුවත්පත යන්න පැහැදිලි කිරීමට නිර්වචන කිහිපයක් බිහි වී ඇත.

1. "ප්‍රවෘත්ති ප්‍රසිද්ධ කරන පත්‍රය පුවත්පතයි."
                                 -  සුමංගල ශබ්දකෝෂය

2. "මහජනයා උනන්දුවක් දක්වන ප්‍රවෘත්ති,වෙළඳ දැන්වීම් , සාහිත්‍ය හා සම්බන්ධ කරැණු හා අනෙකුත් අංශ ඇතුළත් ව දිනපතා හෝ සතිපතා පළ කරන මුද්‍රිත ප්‍රකාශනය  පුවත්පතයි."
                              - ඔක්ස්ෆර්ඩ් ශබ්දකෝෂය

3. "සුවිශේෂි භූගෝලීීය කලාපයක වෙසෙන බහුර ජනතාවකට අයත් පොදු රුචිකත්වයන් අඩංගු ප්‍රවෘත්ති දැක්වෙන දිනපතා හෝ සතිපතා නිකුත්වන ප්‍රකාශනයකි." 
                            - යුනෙස්කෝ සංවිධානය
  
4. "පොදු පුවත් ආරංචි හෝ සිදුවීම් ඇතුළත් කොට මුද්‍රණය කරනු ලබන හෝ පළ කරනු ලබන දෙය පුවත්පතකි."
                            - ශ්‍රි ලංකා පුවත්පත් මණ්ඩල පනත


පුවත්පත යන්න  "ප්‍රවෘත්ති අඩංගු පත්‍රිකා" යන සාමාන්‍ය ව්‍යවහාරය ගෙන දෙන අතර එය එකට ගොනු වූ කටු ගසා අමුණා නැති කඩදාසි ගොනුවකි. එය දිනපතා‍‍,සතිපතා වශයෙන් පළ විය හැකි අතර ඊට ප්‍රවෘත්ති ඡායාරූප,විශේෂාංග හා දැන්වීම් ඇතුළත් වේ. එමෙන්ම ඊට විශේෂිත වූ නමක්ද යොදයි.
                     මහාචාර්ය සුනන්ද මහේන්ද්‍රයන් විසින් සිය'සන්නිවේදන ශබ්දාකරය' කෘතියේ  පුවත්පත යන්න වඩාත් සවිස්තරාත්මකව විග්‍රහ කර ඇත.
 
" පුවත්පත - දිනපතා සතිපතා හෝ වාරාණුකූලව පුවත් සැපයීමේ අරමුණින් පළමුවෙන් පටන් ගත් පත්‍රිකා විශේෂයකි. එහෙත් කාලානුරූපව පුවත්පත යනු හුදු පුවත් සැපයීම ස‍ඳහාම වෙන් වූ මාධ්‍යක් වෙනුවට ඊට වඩා විවිධ අංගෝපංගයන් ඇතුඵ වූ ප්‍රකාශන විශේෂයක් ලෙස සැලකිනි.පුවත්පත් සදහා ආරම්භයේදී දෙනු ලැබූ නිර්වචන වෙනස් වී ඇත්තේ තාක්ෂණය හේතු කොට ගෙනයි. නවීන දිනපතා පුවත්පතක් හෝ සතිපතා පුවත්පතක් විශේෂාංග රාශියකින් සමන්විතය.දේශීය හා විදේශීය පුවත් සම්පාදනය හැරැණු කොට ඡායාරූප,කාටුන්,චිත්‍ර,තීරු රචනා,වෙළද දැන්වීම් ,කතුවැති නිර්මාණාංග ඇතුළත්වේ.පුවත්පත් වර්ගද කිහිපයක් ඇත. සාමාන්‍ය තොරතුරුසම්පාදනය හා විශේෂාංග ඇතුළත් පුවතිපති හැරැණු විට විවිධ විෂයන්ට යොමු වුණු විශේෂ වර්ගයේ පුවත්පත් බිහි වී තිබේ. ළමා,කාන්තා,ක්‍රීඩා ,විද්‍යා ,සිනමා ඉන් කිහිපයකි."
                             මුද්‍රිත මාධ්‍යය ස්වරූප අතර පුවත්පත වැදගත් වන්නේ එය ප්‍රබල ජන මාධ්‍යයක් වන බැවිනි. ඒ අනුව පුවත්පතක සුවිශේෂී ලක්ෂණය වන්නේ සිය ආකෘති මඟින් කාලීන පාඨකයා සමීීප හා අදාළ වූ උණුසුම් තොරතුරු ලබා දීමයි. මෙවැනි තොරතුරු ප්‍රවෘත්ති,විශේෂාංග,තීරුලිපි,කාටුන්,ඡායාරූප යනාදී ආකෘති මඟින් ඉදිරිපත් කළ හැකිය. මෙම ආකෘති නිර්මාණශීලීව හා හරවත්ව භාවිතා කරමින් පාඨකයා කරා සාර්ථකව තොරතුරු සන්නිවේදනය කළ හැකිය. ප්‍රවෘත්තියක කාලීීන බව සැනෙකින් වියැකී යන බැවින් නිරන්තරව නැවුම් ප්‍රවෘත්ති ඇතුළත් කරමින් පුවත්පත් සකස් කිරීමට සිදු වීම මාධ්‍යවේදීන්ට අභියෝගයක් බවට පත් වේ. කඩිනම්න් ප්‍රවෘත්ති රැස් කිරීම හා ඉදිරිපත් කිරීම තුළ කාලීන බව ආරක්ෂා වේ.
                             පුවත්පත්වල පළවන ලිපි ගොනු ලෙස සකසා මාධ්‍ය ආයතන,පුස්තකාල,ලේඛනාරක්ෂණ ආයතනයන්හි ගබඩා කර තිබෙනු දැකගත හැකි වේ. මෙවැනි පුවත්පත් ලිපි ගොනු ශාස්ත්‍රීය පර්යේෂණ සදහා ඉවහල් කොට ගැනේ. 

 පුවත්පත් ඉතිහාසය සැකෙවින් 

පුරාතන රෝමයේ " Acta Diurna" නම් 'රාජ්‍ය නිවේදන' නූතන පුවත්පත්වල ඓතිහාසික ආරම්භයට මුල් වූ බව සැලකේ. පසුකාලීනව බටහිර රටවල සිදු වු මුද්‍රණ ශිල්පයේ ව්‍යාප්තිය පදනම් කර ගනිමින් ප්‍රවෘත්ති පත්‍ර මුද්‍රණය සංවර්ධනය විය. ජර්මනියේ " Avrizo Relation Oderzeitung", එංගලන්තයේ " Weekly News", ප්‍රංශයේ " La Gasette" ඇමරිකාවේ " Publick Occurrences both Forreign and Domestick", එවන් පුවත්පත්ය. මුල් කාලයේ එංගන්තය ඇමරිකාව වැනි රටවල් විසින් පුවත්පත් මුද්‍රණයේදී වැඩි අවධාණයක් යොමු කරන ලද්දේ වෙළදුන් හා නාගරිකයන්ගේ අවශ්‍යතා කෙරෙහිය.
                             මෙරටට මුද්‍රණ ශිල්පය හදුන්වා දුන්නේ ලන්දේසින් විසිනි. ශ්‍රී ලංකාවේ ප්‍රථම හා ප්‍රථම ඉංග්‍රීසි පුවත්පත ලෙස සැලකෙන්නේ 1832දී ප්‍රකාශයට පත් වූ 'කලම්බු ජර්නල්' (Colombo Journal) නම් පුවත්පතයි. එහි සංස්කාරක වූයේ ජෝර්ජ් ලීය.

                           
 ශ්‍රී ලංකාවේ පළමුවන සිංහල මාධ්‍ය පුවත්පත වන්නේ 1860 ජුනි මස පළ වු 'ලංකාලෝකය' පුවත්පතයි. මෙය බුලත්ගම ධම්මාලංකාර හිමියන් විසින් ආරම්භ කරන ලද අතර ලංකාලෝක මුද්‍රණාලයේදී (ගාල්ලේ) මුද්‍රණය කර ඇත.නමුත් මෙය පළමුවන සිංහල මාධ්‍ය පුවත්පත වුවද එය ලියාපදිංචි කර නැත.
                            ලියාපදිංචි කරන ලද පළමුවන සිංහල මාධ්‍ය පුවත්පත වන්නේ 'ලක්මිණි පහන' පුවත්පතයි. මෙය 1862 දී ප්‍රකාශයට පත් කරන ලද්දේ කොග්ගල පඞිතුමා විසිනි.

                            එසේම ශ්‍රි ලංකාවේ ප්‍රථම දෙමළ පුවත්පත ලෙස සලකන්නේ 1841දී යාපනයේදී ප්‍රකාශයට පත් කරන ලද හෙන්ඩ්‍රි මාටින් හා සෙයිපෙයිෂන් විසින් සංස්කරණය කරනලද 'උදය තාරකෛ'පුවත්පතයි.
                           කෙසේ නමුත් වර්තමානය වනවිට පුවත්පත අන්තර්ජාලය හා එක්ව සජීවී ලෙස එම මෙහොතේම කියවීමට හැකියාව ලැබී තිබේ. ඒ අනුව අපට විද්‍යුත් පුවත්පත් දෙයාකාරයකින් හදුනාගත හැකිය.

1. මුද්‍රිත පුවත්පතෙහි ම විද්‍යුත් පිටපත ( E - Paper )
                                   මුද්‍රණය කිරීම සදහා සැලසුම් කරන පුවත්පතම විද්‍යුත් ස්වරූපයෙන් අන්තර්ජාලයට එක් කිරීම මෙහිදී සිදු වේ.මෙමගින් වැඩි පාඨක පිරිසක් අතර පුවත්පත සංසරණය වේ. විදේශගත වී සිටින ශ්‍රී ලාංකිකයන්ට පවා මෙරට පුවත්පත් අන්තර්ජාලය ඇසුරින් එලෙසින්ම කියවීමේ පහසුව ලැබේ.

2. අන්තර්ජාලයෙහි පමණක් පළ කෙරෙන විද්‍යුත් පුවත්පත් ( Online Edition )
                විද්‍යුත්  ක්‍රියාවලියෙහි ජනප්‍රිය ම ප්‍රවණතාව වන මෙහිදී ඉදිරිපත් කරන ප්‍රවෘත්තිවල කොටසක් ආරම්භක පිටුවේ දක්නට ලැබෙන අතර අවශ්‍ය නම් සබැඳීය ( Link ) සම්පූර්ණ ප්‍රවෘත්තියම කියවිය හැකිය. පුවත්පත පවත්වාගෙන යන පාර්ශවය නිරන්තරයෙන් ප්‍රවෘත්ති යාවත්කාලීන කරනු ලබයි. 

විද්‍යුත් පුවත්පතවලට ප්‍රවෘත්ති,ඡායාරූප,චලන රූප, වීඩියෝ ආදී බොහෝ දේවල් ඇතුළත් කළ හැකි වේ. විද්‍යුත් පුවත්පත්වල ටපොදු ලක්ෂණ තිහිපයකි.
1. ක්ෂණික ව පුවත් දැන ගැනීමේ හැකියාව.
2. ගබඩාකර තබා ගැනීමේ පහසුව.
3. නැවත නැවත කියවිය හැකි වීම.
4. තොරතුරැ විෂයන් අනුව වර්ග කරමින් පළ කොට තිබීම.
5. යාවත්කාලීන කිරීමේ පහසුකම් වැඩි වීම.
6. ක්ෂණික පාඨක ප්‍රතිචාර ලැබීම.

එමෙන්ම අප එදිනෙදා පරිහරණයට යොදා ගනු ලබන පුවත්පත් ප්‍රමාණ වර්ග දෙකකි.

1. බ්‍රෝඩ්ෂීට් (Broadsheet)
 බ්‍රෝඩ්ෂීට් (Broadsheet)
          සාම්ප්‍රදායික පුවත්පත් ප්‍රමාණය වන මෙය පළල් පිටු සහිතය. ජාතික සහ අන්තර්ජාතික තේමා වලින් යුතුව ඇත.‍ ශ්‍රී ලංකාවේ දිනපතා හා සතිපතා ජාතික පුවත්පත් මේ ප්‍රමාණයෙන් යුතුය. ජනමාධ්‍යවේදීන් ' ෆුල් ඩිමයි' ලෙස මේවා හදුන්වා ඇත.


2. ටැබ්ලොයිඩ් පුවත්පත් (Tabloid)

ටැබ්ලොයිඩ් පුවත්පත් (Tabloid)
           බ්‍රෝඩ්ෂීට් පුවත්පතක පිටුවකින් හරි අඩක විශාලත්වයකින් යුතු පුවත්පත් ටැබ්ලොයිඩ් පුවත්පත් වේ. ඡායාරූප වැනි රසවින්දනය, කලා නිර්මාණ,විනෝදය,අපරාධ ආදී පුවත් මේ තුළ ඇත. බුදුසරණ,විජය ආදි පුවත්පත් මෙන් ම ජාතික පුවත්පත්වල අතිරේක (ලංකාදීප පුවත්පතේ එන සදැල්ල) ආදී පුවත්පත් මේ ප්‍රමාණයෙන් යුතුය.
බර්ලීනර් (Berliner)
           මීට අමතරව බර්ලීනර් (Berliner) හා කොම්පැක්ට් (Compact) ආදී පුවත්පත් ප්‍රමාණ ද යුරෝපාකරයේ රටවල භාවිතාවනු පෙනේ.





කොම්පැක්ට් (Compact) 
2. සඟරා
            සගරාවක් යනු යම් ක්ෂේත්‍රයක් අරමුණු කරගෙන හෝ යම් පාඨක පිරිසක් ඉලක්ක කරගෙන නිශ්චිත කාලසීමාවලදී පළවන කෙටි ලිපි සහ රුපසටහන් සහිත ප්‍රකාශනයකි. සඟරා "වාර ප්‍රකාශන" නමින්ද හදුන්වයි.

 "සඟරා" යනු කුමක්දැයි පැහැදිලි කරන නිර්වචන ද්විත්වයක් මෙසේය.

 1. "සතිපතා හෝ මාසිකව ප්‍රකාශයට පත්වන ලිපිලේඛන හෝ ඡායාරුප  ඇතුළත් තනි ලේඛනය සඟරාවක් වේ."
                                                                                                          - ඔක්‌ස්ෆර්ඩ් ශබ්ද කෝෂය 

2. "එදිනෙදා ජීවිතයට අවශ්‍ය තොරතුරු සහිත යම් නිශ්චිත කාලවකවානුවක අඛණ්ඩව ප්‍රකාශයට පත් කරන එකට බදිනලද ප්‍රකාශනයකි."
                                                                                                          - යුනෙස්කෝ සංවිධානය

                    සඟරා මාසිකව, ද්විමාසිකව, ත්‍රෛමාසික, අර්ධ වාර්ෂික ලෙස සිදු කළ හැකිය. සගරා විවිධ තේමා යටතේ පළ වේ. විද්‍යව, කලාව, කෘෂිකර්මය වාණිජ, සමාජ, ආර්ථික, සංස්කෘතික, දේශපාලන, ගෘහ විද්‍යාව, ආගම, විනෝදාංශ, ක්‍රීඩා, අධ්‍යාපන නිදසුන්ය. එමෙන්ම එකම සගරාවක විවිධ තේමා සහ විවිධ විෂයන්ට අදාල ලිපිද ඇතුළත් විය හැකිය.

                  යම් සඟරාවක ලිපි ලබා ගැනීම, තෝරා ගැනීම, අනුමැතිය ලබා ගැනීම, සංස්කරණය හා පළ කිරීමට අදාළ සියලුම කටයුතු සංස්කාරක මණ්ඩලයක්‌ මගින් සිදු කිරීම සාමාන්‍ය ක්‍රියා පිළිවෙල වේ. එසේම පුවත්පත් මාධ්‍ය ආයතන විසින්ම සඟරා පළ කිරීම බොහෝ විට සීදුවේ.
උදා :ලේක් හවුස් ආයතනය - දෙසතිය / නව යුගය

                    සඟරා ලිපි පර්යේෂණාත්මක දත්ත හා වටිනා තොරතුරුවලින් යුතු වේ. ඓතිහාසික තොරතුරු, සංකල්ප විග්‍රහ කිරීම, විවිධ අර්ථකථන, දෘෂ්ටිකෝණ, මතවාද, එහි අන්තගත වේ. පුවත්පත්වලට සාපේක්ෂව සඟරා ලිපි දිගු කාලයක් සුරකිව තබා ගනිමින් දැනුම ලබා ගත හැකි මාධ්‍යයක් වීම සුවිශේෂී ලක්ෂණයකි. බොහෝ විට සඟරා වල දෛනික තොරතුරු ඇතුළත් නොවන අතර පාඨකයාගේ දැනුම වර්ධනයට සගරාවනන්ගෙන් ලැබෙන පිටු බලය අති මහත්ය.

රාවල ඉතිහාසය සැකෙවින්
+ ලොව පුරා සගරා පළ කිරීම ආරම්භ කර ඇත්තේ 17වන ශතවර්ෂයේ මැද භාගයේදී පමණය.

+ මුල් කාලයේ එංගලන්තයේ මුද්‍රණය වු සගරා සාහිත්‍යමය පළ කිරීම් විය. 

+ ප්‍රංශ විප්ලවය අවධියේ ධනවාදී රටවල ප්‍රජාතාන්ත්‍රික සඟරා මුද්‍රණය වි ඇති බැවු  සනාථ වේ.

+ ශ්‍රීලංකාවේ පළමු සිංහල සගරාව " මාසික තෑග්ග " ක්‍රිස්තියානි ආගම ඇගයීමේ පරමාර්ථයෙන් බිහි වුවකි.


3.ගුවන් විදුලිය

ගුවන් විදුලිය යනු හඞ පදනම් කර ගත් තාක්ෂණය හා සබැදි විස්මයජනක විද්‍යුත් මාධ්‍යකි. ගුවන් විදුලිය පළමු විද්‍යුත් මාධ්‍ය වේ.

ගුවන්විදුලි මාධ්‍යයේ ඉතිහාසය සැකෙවින්

 ගුවන් විදුලිය බිහි වීමේ මුලාරම්භය 19 වන සියවසේදී සිදු කරන ලද තාක්‍ෂණික සොයා ගැනීම් සන්නිවේදන කටයුතු සදහා යොදා ගත හැකි බව අවබෝධ කර ගැනීමයි. රැහැන් ඔස්සේ විදුලි සංඥා යැවීම හෙවත් විද්‍යුත් සංඥා සම්ප්‍රේෂණය කිරීම අත්හදා බැලීම් කළ සැමුවෙල් එෆ් බී මොර්ස් මහතා මෙහිදී පුරෝගාමී සේවයක් කළ අයෙක් වේ. එකිනෙක දුරින් පිහිටි ස්ථාන විදුලි සංදේශ රැහැන් පද්ධතියක් මගින් සම්බන්ධ කොට කිසියම් ප්‍රමිතියකට අනුව සකස් කළ කෙටි හා දිගු විද්‍යුත් සංඥා ඒ ඔස්සේ සම්ප්‍රේෂණය කිරීම මගින් කාර්යක්ෂම ලෙස පණිවිඩ හුවමාරු කර ගත හැකි බව සොයා ගත්තේය. "මෝර්ස් සංඥා ක්‍රමය"නමින් මෙය ලොව ප්‍රකට විය.
       මෙම ප්‍රාථමික විදුලි සංදේශ ක්‍රමය දුරකථනය හදුන්වා දීම දක්වා දියුණු විය. රැහැන් රහිත සම්ප්‍රේෂණ (wireless) ක්‍රමයේ ආරම්භය නිශ්චිතව හදුනා ගැනීමට නොහැකි වුවද විදුලි සංඥා භාවිතා කොට එක් ස්ථානයකට රැහැනකින් තොරව පණිවිඩයක් යැවු පළමු පුද්ගලයා ඉතාලි ජාතික ගුග්ලි එල්මෝ මාර්කෝනි නැමැත්තාය. එතුමාගේ වයර්ලස් ටෙලිග්‍රැපි (wireless Telegraphy) නමින් හැදින් වූ ක්‍රමයට අනුව පණිවිඩ යවන ලද්දේ මොර්ස් සංඥා උපයෝගී කර ගැනීමෙනි. මුල් වරට අත්ලාන්තික් සාගරය හරහා ඉංග්‍රීසි 'S' අකුර නොරැහන් සම්ප්‍රේෂණය මගින් යැවීමෙන් සිය සොයා ගැනීම් ප්‍රයෝගිකව සනාථ කිරීමට මාකෝනිට හැකි විය. බොහෝ කාලයක් ගත වන තුරුම මෙම ක්‍රමය භාවිතයෙන් නැව් හා ගොඩබිම අතර කාලගුණ වාර්තා සහ නාවික ගමනාමන තොරතුරු හුවමාරු කර ගන්නා ලදී.  1912 දී පමණ අත්ලාන්තික් සාගරයේ ගිලෙමින් තිබු     ටයිටැනික් නැවේ ගමන් කළ මගීන් රැසකගේ ජීවිත බේරා ගැනීමට හැකි වුයේ මාකොනිගේ මෙම රැහැන් රහිත විදුලි සංඥා ක්‍රමය ආධාර කර  ගනිමිනි.
                 තවද පළමු හා දෙවන ලෝක යුද්ධ සමයේදී මිත්‍ර පාක්ෂික රටවල් අතර තොරතුරු හුවමාරු කර ගැනීමට මෙම රැහැන් රහිත විදුලි සංඥා ක්‍රමය උපකාරී කර ගන්න ලදී.
කල් යාමත් සමග අජීවී විද්‍යුත් සංඥා වෙනුවට කටහඩසංගීතය වැනි සජීවී සංඥා සම්ප්‍රේෂණයට ඇති හැකියාව පරික්ෂා කෙරිණි. එහි ප්‍රතිඵලයක් වශයෙන් 1916 වන විට ප්‍රථම ගුවන් විදුලි පණිවිඩය ප්‍රචාරය කිරීමට හැකි විය. 1897 දී මාකෝනි ගුවන් විදුලි සංඥා සමාගම එංගලන්තයේදී ඇරඹි අතර 1908 පටන් එය ජනමාධ්‍යක් ලෙස ක්‍රමික වර්ධනයත් 1920 වන විට ගුවන් විදුලිය ගෘහස්ථ සන්නිවේදන මෙවලමක් බවට පත් වීමත් ඇරඹිණි. 1919 වන විට ගුවන් විදුලිය මහජනයා අතර ජනප්‍රිය මෙවලමක් කරවීමට මාකෝනි ගුවන් විදුලි සමාගම විශාල මෙහෙවරක් කරන ලදී. විධිමත් ගුවන් විදුලි වැඩසටහනක් මුල් වරට ඉදිරිපත් කර ඇත්තේ 1920 දී රුසියාවේ පීටර්බර්ග් විශ්වවිද්‍යාලයේදීය. 1923 අවසානය වන විට ඇමරිකාවේ හයසියයකට අධික ගුවන් විදුලි සේවා පැවතුන බව සදහන් වේ.

                මුල් අවදියේදී ගුවන් විදුලි යන්ත්‍රය 'යුගයේ ආශ්චර්ය' ලෙස හැදින්විය. මුල් කාලයේ ගුවන් විදුලිය විශාල සහ හැසිරවීමට මදක් කරදරකාරී මෙවලමක් වුවද වර්තමානය වන විට එය පහසු මෙවලමක් පමණක් නොව බොහෝ සමීප සහ තාක්ෂණික ලෙස වර්ධනය වී ඇති මෙවලමක් බවට පත් වී ඇත.







                        ගුවන් විදුලිය ආරම්භයේ පසුබිම ශ්‍රී ලංකාවට වැදගත් වන්නේ ලෝක ගුවන් විදුලි ආරම්භය සිදු වු කාලයේදී ම ශ්‍රී ලංකාවේ ගුවන් විදුලිය ආරම්භ වීම හේතුකොට ගනිමිනි. ඊට මුලික හේතුව වන්නේ ශ්‍රී ලංකාව බ්‍රිතානයයේ යටත්විජිතයක් ලෙස පැවතීමය. මෙරට 1922 දී ලංකා ආධුනික ගුවන් විදුලි සමාජය නම් වූ මහජන සංවිධානයක් ගුවන් විදුලි අත්හදා බැලීම් සිදු කොට ඇත. විදුලි සංදේශ ඉංජිනේරු තනතුර භාර ගැනීමට පැමිණි බ්‍රිතාන්‍ය ජාතික 'එඩ්වඩ් හාපර්මහතා මෙරට ගුවන් විදුලි විකාශනයේ නිර්මාතෘ ලෙස ඉතිහාසගත වී ඇත. පළමුවරට මෙරට ගුවන් විදුලි ප්‍රචාරයක් අත්හදා බලන ලද්දේ ජර්මන් සබ්මැරීනයකින් ගලවා ගන්නා ලද ගුවන් විදුලි සංදේශ උපකරණ තොගයක් යොදා ගනිමිනි. ඒ අනුව හාපර් මහතාගේ මෙහෙයවීමෙන් 1924 ජුනි 01 දින කරන ලද ගුවන් විදුලි ප්‍රචාරය ප්‍රථම නිල ගුවන් විදුලි ප්‍රචාරය ලෙස සැලකේ. 1924 ජුනි 24 දින මෙරට ගුවන් විදුලිය නිල වශයෙන් ආරම්භ විය. මේ අනුව මුල් කාලයේදීම ගුවන් විදුලි මාධ්‍ය රජයට හිමි වූ බව පෙනේ. 1925 දෙසැම්බර් 16 වන දින ලංකාවේ ගුවන් විදුලිය රාජ්‍ය ආයතනයක් වශයෙන් විවෘත කරනු ලැබිණී. මෙය ආසියාවේ ප්‍රථම ගුවන් විදුලි සේවයයි.1949 දෙසැම්බර් 1 වන දින රේඬියෝ සිලෝන්හෙවත් ලංකා ගුවන් විදුලි සේවය යනුවෙන් ලංකා ගුවන් විදුලි දෙපාර්තමේන්තුව පිහිටුවන ලදී. ලංකා ගුවන් විදුලි සංස්ථාව පිහිටුවන ලද්දේ 1967  ජනවාරි 5 වනදීය. 1972 දී මෙය ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව බවට පත් විය. මෙරට  ගුවන් විදුලි සේවයේ පළමු සිංහල නිවේදකයා වුයේඩී. ඇම්. කොළඹගේ මහතාය.


ප්‍රාදේශීය හා ප්‍රජා  ගුවන් විදුලි සේවා ආරම්භය

+ ප්‍රධාන නාලිකාවට අමතරව ප්‍රාදේශීය හා ප්‍රජා  ගුවන් විදුලි සේවා ආරම්භයද සිදු විය.

ප්‍රථම ප්‍රාදේශීය සේවය රජරට සේවයනමින් 1979 අප්‍රේල් 12 දී ආරම්භ විය.

+ දෙවන ප්‍රාදේශීය සේවය 1980 පෙබරවාරි 03 වන දින 'රුහුණු සේවය' නමින් මාතර පිහිටුවන ලදී.

+ 1981 ඔක්තෝම්බර් 01 ද මහවැලි ප්‍රජා ගුවන් විදුලි සේවය'ද  එම වසරේම අගෝස්තු 26 ' ' Fm  Sterio' නමින්ද සේවයක් ආරම්භ විය.

+ 1983 අප්‍රේල් 13වන දා තෙවන ප්‍රාදේශීය සේවය වන මහනුවර සේවය 'ආරම්භ විය. අසුව දශකය නිම වන විට 'City Fm' සේවයද මෙරටට එක් වී තිබිණි.

+ 90 දශකය මුලදී පුද්ගලික අංශයටද ගුවන් විදුලි සේවා ආරාම්භ කිරීමට අවස්ථා ලැබීම සුවිශේෂී සිදුවීමක් වේ. ඒ අනුව ' Fm 99 ' නමින් නව ගුවන් විදුලි සේවයක් ආරම්භ වුවද එය මෙරට ව්‍යාප්ත නොවීය. අනතුරුව 1993 දී පුද්ගලික ගුවන් විදුලි සේවයක් වන ' TNL' සේවාව ආරම්භ කරන ලදී.

+ 1994 වසරේ පෞද්ගලික නාලිකාවක් ලෙස ආරම්භ වූ සිරස Fm ' ගුවන් විදුලිය නිසා මෙතෙක් පැවති ගුවන් විදුලි වැඩසටහන්වල ස්වරූපයෙහි කැපී පෙනෙන වෙනසක් විය.





ආදරේ දුක

සුළඟ පසුපස හඹා යමි මම, නිහඬ වන්නේ කෙලෙස ද සොයා යා යුතු ය ආදරය... අහිමි වී ගිය සන්තකයම, යලිත් ඉල්ලා හඬන හඳවත වාවන්නේ කෙලෙස නම් මම... වැතිර හෝ...