විචාරය යන්න හැදින්වීම
විචාරය යන්න මුලින්ම ග්‍රීසියේ ජරසඑසජ යන්නෙන් ඇති වුවකි.යමක් දෙස බලා පුර්ව විනිශ්චයක් ලබා දෙන අර්ථය ද ඇත්තේය.බටහිර සාහිත්‍ය ක්ෂේත්රයෙහි විවේචනය ජරසඑසජසිප යන වචනය වර්තමාන අර්ථයට ද මඳක් හෝ සමීප වන අයුරින් මුලින්ම යොදා ඇත්තේ 17 වන සියවසේ විසූ ජෝන් ඩ්‍රයිඩන් විසිනි.විචාරය යන්න ක්‍රි.පු.යුගය දක්වාම දිවයයි.විචාරය ලෝකය පුරාම ව්‍යාප්ත වුයේ 19 වන සියවසේ දීය.
එලෙසම බෙකන් විසින් සාහිත්‍ය විචාරය සමාජයට හඳුන්වා දෙයි.මෙමඟින් සාහිත්‍ය විචාරය සම්බන්ධයෙන් යම් යම් අදහස් සමාජයේ දළු ලා වැඩෙන්නට පටන් ගනී.එහෙත් විචාරය ශබ්දය දාහත්වන සියවසට පෙර දහවන සියවසේ දී භාවිත වේ.එලෙසම “විචාරය ශබ්දය පළමු වරට පුළුල් අර්ථයක භාවිත කර ඇත්තේ දසවන සියවසයේ විසූ කේෂ්මේන්ද්ර නමැති විචාරකයා ය.”ඖචිත්‍ය විචාර චර්යා නැමැති කෘතියෙහි මේ බව දක්වා ඇත.
එලෙසම මෙහිදී සමාන්තරව රසාස්වාදය,රසවින්දනය,ගුණදෝෂ විභාගය,විවේචනය යන පද විචාරය සඳහා යෙදිය හැකි වචනයන් වේ.එලෙස ම විචාරය බහු අර්ථයක් ගෙන දෙන පදයක් ලෙස හඳුනා ගන්නා ලදි.විචාරය යන්න විඥාණය හා තදාත්මක වූ දෙයක් ලෙස හඳුනා ගන්නා ලදි.එලෙස ම විචාරය පිළිබද ව මෙලෙස අර්ථ දැක්විය හැකිය.එනම්,
■ සාහිත්‍යය කෘතියක් කියවන සැම පාඨකයෙක් ම විචාරකයෙක් වේ.
■ විචාරය යන්න පුද්ගලානු බද්ධ වුවකි.
■ විචාරො තත්ව නිර්ණය නම් ඇති තතු නිර්ණය කිරිමකැයි පැවසේ.
■ විචාරයේ දී විචාරකයා විසින් කෘතියේ සියලු දෑ හඳුනා ගත යුතු යි.සාහිත්‍ය විචාරය මිනිස් මනසත් බාහිර ලෝකයත් හා සම්බන්ධ වූ ක්රීයාවලියකි.විචාරකයා සතු පුළුල් ඥාණයක් තිබිය යුතුය.
මෙසේ විචාරය පිළිබඳව අර්ථ ඉදිරිපත් කළ හැකි වේ.එලෙස ම විචාරට පිළිබද විවිධ කවීන් විසින් නිර්වචනත් ඉදිරිපත් වීය.ඒවා නම්,
“විචාරය යනු කෘතිය විශ්ලේෂණය කොට එහි තත්ත්ව නිර්ණය කිරිමත් එමඟින් රුචිකත්වය නිර්ණය කිරිමත් වේ.”
-ටී.එස්.එලියට්-
“අංග සම්පූර්ණ විචරයක අධ්‍යයනය විශ්ලේෂණය හෝ විග්‍රහය අර්ථකථනය හා ඇගයීම් ඇතුළත් විය යුතු ය.”
-අයි.ඒ.රිචර්ංස්-
මෙලෙස විචාරයේ දී කරනු ලබන විශ්ලේෂණය මඟින් රසික හදවත් නිර්මාණය හා සමීප කළ යුතු විනා දුරු කිරීමක් නොවන බව උක්ත කාරණය මඟින් පසක් වේ.ආනන්දයෙන් පටන් ගෙන ප්‍රඥාවෙන් සාහිත්‍ය නිර්මාණයක් රස විඳිය යුතු ය.එහි දී එහි සෑබෑ යථාර්ථය උකහා ගැනීමට සමත් විය යුතුය.
තව දුරටත් සියුම් ව අධ්‍යයනය කර විට තවත් සාධක බොහෝමයක් හඳුනාගත හැකිය.එනම් විචාරයට යනු කෘතියක් සැඳුම් ලැබ තිබෙන මූලිකාංග තෙක් ම විශ්ලේෂණය කොට ඒ ඒ මූලිකාංග අතර අන්තර් සම්බන්ධතා පෙන්වා ඒවා සමාජයට පිළිඹිඹු කරන විදහා දැක්වීම විචාරය නම් වේ.එලෙසම සාහිත්‍ය විචාරය සම්බන්ධයෙන් ප්‍රධාන අංශ 2 ක් ඇත.එනම්,
■ සාහිත්‍ය නිර්මාණය සඳහා පාදක වූ විෂය ක්ෂේත්රය එහි සන්දර්භය ශිල්පීය ලක්ෂණ රචනෝපක්රම භාෂා ලක්ෂණ හා ජීවිතාර්ථය පිළිබඳ පැහැදිලි අවබෝධයක් ලබා දීම.
■ එකී අංගෝපාංග සාහිත්‍ය නිර්මාණයේ සාර්ථක අසාර්ථකභාවය කෙරෙහි තුඩු දී ඇති ආකාර පිළිබද විනිශ්චයක් ලබා දීම.
මෙලෙස ප්‍රධාන අංශ 2 දැක්විය හැකි ය.මෙසේ දැක්වෙන සාහිත්‍ය විචාරය පාඨක හදවතට ඇතුළු වී එය ජීවමානව එළි දැක්වීමට උත්සාහ දරයි.
කෙසේ වෙතත් සාහිත්‍ය විචාරය කොතෙක් දුරට විහි දී යනවා ද යන්න මෙලෙස වටහා ගත හැකි වේ.එමඟින් ප්‍රතිභාපූර්ණ කලාවන් සේ පාඨක,ශ්‍රාවක හදවත් ඇඳ බැඳ තබා ගැනීමට සමත් වේ.
විචාරකයා සතු ගුණාංග
"මකියන වදන් රැස කිවිහුම දනිති ගුණ දොස
දන්නා තැනට මිස වෙසෙස නොදැනේ රුවන් තතු ලෙස”
"කවි පද බැඳුම් ගුණ දොස් කිවි’දුන්වැ මිස නැණ මද කුකවි දැන හෙති කවර වර”
මෙමගින් යම් විචාරයක් කිරීමට ඇති දුෂ්කරතාව මොනවට පසක් වේ.එලෙසම ලේඛකයාටත් පාඨකයාටත් අසාධාරණයක් නොවන අන්දමින් විචාරය ඉදිරිපත් කිරීමට විචාරකයා වග බලා ගත යුතු වේ.මේ අනුව විචාරකයාගේ මුඛ්‍ය පරමාර්ථය විය යුත්තේ නිර්මාණය හා රසිකයා අතර පවත්නා පරතරය නැති කිරිම සම්බන්ධයෙන් කරුණු දැක්වීමයි.එලෙස ම විචාරකයා නැමැති පුද්ගලයා සාමාන්‍ය පාඨකයාගෙන් වෙනස් වන්නේ ඔහු කාලාන්තරයක් තිස්සේ තම විචාරාක්ෂිය යොමුකොට යම් විෂය ක්ෂේත්රයක් තුල ප්රවීණත්වයක් ලබා ඇත්තෙකු බැවිනි.මෙමගින් පැහැදිලි වනුයේ විචාරකයා යන පුද්ගලයා සාමාන්‍ය පුද්ගලයෙකු නොවන බවයි.
මෙලෙස නිර්මාණය වන විචාරකයා සාර්ථක විචාරකයෙන් ලෙස මැනිය හැකි හොඳම මිනුම් දඬුව වනුයේ නිර්මාණයට පාඨකයාට ඔහු දක්වන සහෘදත්වය මතය එලෙස ම විචාරයක් කිරිමේ දී එම විචාරය තුළ නිර්මාණය සේ ම රසිකයා ද නිසැකයෙන්ම අරමුණු කරගත යුතු ය.මෙලෙස නිර්මාණය වන නිර්මාණවල දී විචාරකයා සතු විය ගුණාංග කිහිපයක් පවතී.එනම්,
■ රසඥතාවය තිබීම
■ දැඩි ආත්ම සංයමයක් තිබිම
■ යථාර්ථ ගවේෂණය කරන්නෙක් වීම
■ බහුඥැතිභාවය තිබීම
■ සංයමය
■ ශික්ෂණය
■ වචන මාලාව හා භාෂාව කෙරෙහි දැඩි අවබෝධයක් තිබීම
ආදී ගුණාංග තිබිය යුතු වේ.මෙම ගුණාංග කිහිපයක් පිළිබද මෙලෙස විග්රහ කළ හැකි වේ.
■ රසඥතාවය තිබීම
“තෙරක් නොමැති මහ සයුරේ-මහ බඹු කවියා විතරේ
“ඔහු රිසි යමතෙක හැසිරේ-මුළු ලොව ඒ දෙසට හැරේ”
(අපාරෙ කාව්‍ය සංසාරේ-කවිරේව:ප්‍රජාපති)
මෙයින් තහවුරු කර ඇත්තේ කවියාගේ උත්කෘෂ්ට බවය.කවියා තම ප්‍රතිභාව අනුව ජීවිත විමර්ෂණය කරන බවය.මේ අනුව නිර්මාණයක අගය විමසීම සඳහා සියුම් කලාත්මක රසඥතාවක් අවශ්‍ය වන බව නිසැකය.නිර්මාණයක් ඇගයීම සඳහා මූලධර්ම හෝ නීතී පද්ධතියකට වඩා සියුම් සංවේදිතාව මෙන්ම විවිධ නිර්මාණ පරිශීලනයෙන් ලත් පරිචය ද අවශ්‍ය වේ.මේ අනුව රසඥතාවය විචාරකයා සතු විය යුතු ගුණාංගයක් බව මොනවට පසක් වේ.
■ වචන මාලාව හා භාෂාව කෙරෙහි දැඩි අවබෝධයක් තිබීම
කවියෙකු ප්‍රකාශ කරන අත්දැකීම,ඔහු යොදාගන්නා ශිල්ප රටා ආදිය මෙන්ම ඔහුගේ භාෂා සංවේදිතාව ආදිය පිළිබද ව නිවැරදි ව විචාරකයා ග්‍රහණය කර ගත යුතු වේ.මෙහි දී කවියක් විචාරය කරන්නා එහි ඇති ව්‍යංග්‍යාර්ථ,සංකේත,සංකල්ප රූප,උපමාලංකාර මෙන්ම එහි ප්‍රකාශන ගුණය හා ගැඹුර ද විමසා බැලීමට සමත් විය යුතු ය.
“හිස නමා ගති ඈ සිහින් රතැගිලි පටලවා ගති....”
“වෙහෙරක් වගේ පින් දුන් කෙනෙක් දෙවොගක් වගේ දුක් ඇසූ කෙනෙක්
කුඹුරක් වගේ බත් දුන් කෙනෙක් වේ නම් ලොවේ ඔබයි අම්මේ”
මෙමගින් සුන්දර සංකල්ප රූප මැවීමට තරම් සුදුසු භාෂාවක් යොදාගෙන ඇති අතර මේ පිළිබද ව විචාරකයාට අවබෝධයක් තිබීම අනිවාර්ය වේ.මේ අනුව භාෂාව කෙරෙහි දැඩි අවබෝධයක් තිබීම විචාරයකා සතු ගුණාංගයක් වන බව මනාවට වැටහේ.
■ යථාර්ථය ගවේෂණය කරන්නෙක් වීම
විචාරකයා නිර්මාණය විමසා මෙන්ම මෙය ඔබ තුළ චමත්කාරයක්,ජීවීතාබෝධයක් ඇති කළ හැකි එකක් බව පෙන්වා දෙන සුවිශේෂි අයෙක් බවට පත්වෙයි.සමාජ සත්‍යතාව වටහා දෙන නවකතාව හෝ පුද්ගල ජීවිත විවරණය කරන කෙටිකතාව හෝ අපට හඳුන්වා දීමේ වගකීම විචාරකයා සතු ය.ඔහුට දැඩි ශික්ෂණයක් හා විනයක් ද අවශ්‍ය වේ.නිර්මාණය පිරිසිදුව හා නිවැරදිව වටහා ගැනීමේ කුසලතාවක් ද ඔහුට තිබිය යුතු ය.එලෙසම උක්ත පරිදි යථාර්ථය ගවේෂණය කරන්නේක් වීමේ දී සෑම දෙයක් පිළිබද මනා අවබෝධයක් තිබිය යුතු වේ.මේ අනුව පැහැදිලි වනුයේ විචාරකයා සතු විය යුතු ගුණාංගයක් බවය.
■ බහුශ්‍රැතිභාවය
විචාරකයා සතු විය යුතු තවත් ගුණාංගයකි.මෙමගින් පැහැදිලි වනුයේ කලා කෘතියක් නිර්මාණය කලාකරුවාට වඩා උසස් සාහිත්‍ය විඥාණයක් බහුශ්‍රැති බවක් අනිවාර්යයෙන්ම තිබිය යුතු බවය.තවද සහෘදයා පමණක් නොව කලාකරුවාද විචාරකයාගෙන් බලාපොරොත්තු වන්නේ කලා කෘතිය අපක්ෂපාතිව විග්රහ කොට එහි වැදගත් ලක්ෂණ මෙන්ම දුර්වලතාද විචාරකයා විසින් උත්සුක කර දිය යුතු වේ.
විචාරකයා නිර්මාණයේ සහෘදයකු විය යුතුය.විචාරකයා සතුවන ලක්ෂණ අනුව පැහැදිලි වනුයේ විචාරය කොතෙක් දුරට සාර්ථක වුවාද යන්න වේ.ඒ අනුව විචාරකයෙකු සතු විය යුතු ගුණාංග පිළිබදව උක්ත කරුණු අනුව පැහැදිලි වේ.
❤
ReplyDelete❤
ReplyDelete❤
ReplyDelete❤️
ReplyDelete