Thursday, 8 December 2022

වැදි ජනයා හා බැඳි සංස්කෘතිය

 

වැදි ජනයා හා බැඳි සංස්කෘතිය

වැද්දන් ලංකාවේ ආදිවාසීන්ගෙන් පැවත එන බවට පිළිගැනේ. විජයාගමනයට පෙරාතුව පැවති ඉපැරණි ගෝත්‍ර වන යක්ෂ, නේසද, මිලක, ශබර වැනි ජන කොටස්වල සම්මිශ්‍රණයකින් වැද්දන් බිහි වී ඇති බවට විද්වතුන් පෙන්වා දෙනු ලබයි. එසේම වැද්දන්ගේ කපාල සන්සන්ධනය කිරීමේ දී ඔවුන් ප්‍රෝටෝ-ඔස්ට්‍රොලොයිඩ් ජනවර්ගයන්ට සමාන වේ. පරීක්ෂණයක් මඟින් පෙනී ගොස් ඇත්තේ ඔවුන් ලංකාවේ ආදිවාසීන් වූ බලංගොඩ මානවයා හා සම්බන්ධයක් ඇති බවයි. වැදි ජනයාගේ සම්භවය ක්‍රි.පූ. 15,000 – 10,000 අතර මධ්‍ය ශිලා යුගයේ විසූ අයෙකු වූ දඩයක්කාර හා ආහාර එකතු කිරීමේ ජන ජීවිතයකට හුරු වූ ජන කොට්ටාශයකට අයත් බව පෙනේ.

සිංහල සාහිත්‍යයේ වැද්දන් හැඳින්වීමට යොදන වචන සැලකූ විට මලදරු (ගිරිවැසි), වනසර (වනචාරී/ වන්‍යවාසී), සැරව් (ඊතල දරන්නා) යන අරුත් දක්වා ඇත. වැද්දන් විසින් තමුන් හඳුන්වා ගන්නේ “ වන්නියලැත්තන් ” ලෙසිනි. වැද්දා යනු “ බැද්දා ” යන වචනයෙන් ව්‍යුත්පන්න වූ වදනකි. ගොවිතැන් නොකර, දඩයමින් ජීවත්වන දඩයක්කරුවන්, දුනුවායන් සහ වනගත වූවන් හැඳින්වීමට ද වැද්දන් යන වචනය භාවිතා කෙරේ. සිංහල ජාතක කතා පොතෙහි ද මොවුන් හැඳින්වීමට “ මස් වැද්දා ” යන යෙදුම භාවිතා කොට ඇත. නමුත් හේන් ගොවිතැන් කළ, දඩයම්කොට ජීවත් වූ නමුත් ඔවුන් වැද්දන් ගණයේ ලා නොසැලකුණි.

මහාවංශයට අනුව වැද්දන් යනු, සිංහල ජාතිය ආරම්භයේ දී ලංකාවට පැමිණි විජය කුමරු හා කුවේණි නම් හෙළ යක්ෂ ගෝත්‍රික කුමරියකට දාව උපන් ජීවහත්ථ සහ දිසාලා යන දරුවන් තුළින් සම්භවිත ජන ප්‍රජාවක් ලෙස ජනප්‍රවාදයේ දැක්වෙයි. මහාවංශය දක්වන පරිදි කුවේණියගේ දරුවන් දෙදෙනා සමනොළ අඩවියට පලා ගොස් ආරක්ෂිතව ජීවත් විය. පසුකාලීනව මොවුන් “ පුලින්ද ” යන නාමයෙන් ව්‍යවහාර වු බව පෙනේ. වංසත්තප්පකාසිනිය පවසන්නේ වැද්දන් පැවත එන්නේ කුවේණියගේ දූ පුතුන් දෙදෙනාගෙන් බවයි.

මහාවංශයේ සඳහන් වන පරිදි විජය කුමරුවා කුවේණිය හා දරුවන් අතහැර දමා විවාහය සඳහා රාජ කන්‍යාවක් ඉන්දියාවෙන් ගෙනෙන ලදී. එහිදී කුවේණිය නැවත ලංකාපුරයෙහි ස්වකීය යක්ෂ ප්‍රජාව වෙත හරවා යවන අතර එහිදී ඇති වූ දබරයක දී ඇය මරණයට පත්වන්ණීය. ඇයගේ බාල සොහොයුරා පැමිණ දරුවන් හට පලා යාමට පවසයි. ඔවුන් සමනොළ කන්දට ගොස් දෙටු සොයුරා හා වාසයකොට මලය රට හෙවත් කදුකර ප්‍රදේශයේ ජන ප්‍රජාවක් බිහි කළ අතර ඔවුන් පුලින්දන් ලෙස දක්වා ඇත. මෙම පුලින්දන් මිලේජ්‍ය ගෝත්‍රික ප්‍රජාවක් වන්නට ඇති බවත් ඔවුන්ගෙන් වැද්දන් පැවත එන බවටත් සමහර විද්වතුන් පවසනු ලබයි.

සාමාන්‍ය ක්‍රමය හා එක්ව  යන ලක්ෂණත්,  මඳක් වෙනස් ලක්ෂණත් දක්නට ලැබෙන පවුල් ජීවිත

serendib.btoptions (වැදි පවුලක්)

මෙයින් අදහස් කරන්නේ එදිනෙදා අපි ගෙවන ජීවිත වලට වඩා යම් යම් වෙනස්කම් වලින් යුත් සංස්කෘතියකුත් සාමාන්‍ය ක්‍රමයේදී දක්නට ලැබෙන ලක්ෂණත් මොවුන් තුළද දක්නට ලැබෙනවා.

මුලින්ම මවුන්ගේ භාෂාව ගැන කතා කිරීමේදී ‘ඇත්‌තෝ’ යන්න නෑදෑකමට පසුව යොදනු ලබනවා. උදාහරණයක් විදිහට දක්වනවා නම් පියාට‍; අප්පියලැත්‌තෝ (අපිප්පියලා + ඇත්තෝ) ලෙසත් මවට අම්මියලැත්‌තෝ (අම්මියලා + ඇත්තෝ) යන ආකාරයට අමතනවා.

එමෙන්ම විවාහ ගැන කතා කිරීමේදී බොහෝ සමාන ලක්ෂණ අපේ සමාජ තුලත් දක්නට ලැබෙනවා. මාමා සහ නෑනා අතර, බෑණා සහ නැන්දා අතර ‌මෙන්ම, මව් පිය පාර්ශවයේ සහෝදර සහෝදරියන් අතරත් විවාහ තහනම් කර තිබෙනවා.

නමුත් මරණයක දී, මැරුණ ස‌හෝදරිය ‌හෝ ස‌හෝදරයා ‌වෙනු‌වෙන් සැමියා ‌හෝ බිරිඳ එම පවු‌ලේ තව ස‌හෝදරියක් ‌හෝ ස‌හොදරයෙක් විවාහ කර ගැනීම සිදු වනවා. එසේ කිරීමට හේතුව ලෙස දක්වා ඇත්තේ දරුවන් කෙරෙහි ආරක්ෂාව සලසා දීමයි.

එමෙන්ම බහුභාර්යා ‌සේවනය‌, බහු පුරුෂ ‌සේවනය, පරදාර ‌සේවනය වැනි සංකල්ප මෙම සමාජ තුළ දක්නට ලැබෙන්නේ නැහැ. එමෙන්ම මොවුන් අතර ලංකාවට කේවල විවාහ ක්‍රමය දක්නට ලැබෙන්නේ එය ලංකාවට හඳුන්වා දීමට කලින් සිට බව සඳහන් වනවා. එමෙන්ම කාන්තාවට ප්‍රධාන තැනක් හිමි වන අතර ඇය පළමුවෙන්ව ආහාරයෙන් කොටස් අනුභව කරනවා.

එමෙන්ම විවාහ කටයුතු වලදී වැඩි වයසක් යාමට පෙර නෑනා හූරා විවාහ සිදු වුණා. එමෙන්ම දරුවෙක් ලැබෙන්නට සිටීමේදී විවිධ ආරක්ෂාවන්ට බඳුන් කිරීමක් දක්නට ලැබෙනවා.

විශ්වාස හා ඇදහිලි

srilankanexpeditions.com(පුජාවක් කරමින්)

මොවුන් අතර විශාල ඇදහිලි ක්‍රම දක්නට ලැබෙනවා. ජිවිතයේ විවිධ කටයුතු පදනම් කර ගනිමින් මේවා සිදු කරනු ලබනවා. මොවුන්ගේ ඇදහිලි විශාල ප්‍රමාණයක් දක්නට ලැබෙනවා. ඒ අතරින් කිහිපයක් වන්නේ,

  • ඊතලේ නැටුම සිදු කරන්නේ ආරක්ෂාව සඳහායි. මේ සඳහා අදාල වන වැදි ඇදහිල්ල වන්නේ ඊතලේ යකා නැතිනම් කන්දේ යකා වේ.
  • කිරිකොරහ සිදු කරන්නේ දඩයම්, මි පැණි හා අස්වනු සඳහායි. මෙයට අදාල වැදි ඇදහිල්ල වන්නේ කන්දේයකා, බිලිඳියකා වේ.
  • කිරි අම්මා පුජාව සිදුකරන්නේ දරුවන්ට ආරක්ෂාව සඳහායි.
  • හත්මේ නැටුම දරුවන් ලබා ගැනීමට හා සශ්‍රිකත්වය සඳහායි. මේ සඳහා අදාළ වැදි ඇදහිල්ල වන්නේ ඇලේ/ගලේ යක්කු වේ.
  • පට්ට යකා පුජාවේ අදාළ වැදි ඇදහිල්ල වන්නේ පට්ට යකා වේ. එය සිදු කරන්නේ ගැබිනියන්ගේ ආරක්ෂාව හා රෝග නිවාරණයට වේ.
  • මින්නේරිය දෙවි පුජා වල වැදි ඇදහිල්ල වන්නේ මින්නේරිය දෙවි වේ. කතරගම දෙවි පුජා වල වැදි ඇදහිල්ල වන්නේ කතරගම දෙවි වේ. ගල්ලිරි බණ්ඩාර දෙවි පුජා වල  ගල්ලිරි බණ්ඩාර දෙවි වැදි ඇදහිල්ල වේ. මේ ඇදහිලි තුනේම අරමුණ වන්නේ සශ්‍රීකත්වය හා ආරක්ෂාවයි.
  • එමෙන්ම මිහිදන් කිරීම සිදු කරන්නේ බුද්ධාගමේ ආකාරයටයි. මෙහි අරමුණ වන්නේ මළගියවුන්ට පින් පැමිණවීමටයි.

මොවුන්ගේ වර්තමාන තත්ත්වය තරමක් දියුණු වී තිබෙන බවක් දක්නට ලැබෙනවා. නමුත් ලංකාවේ අපේ වැදි ජනතාවගේ අපි නොදන්නා පැරණි වග තුග රාශියක් ඇති බව ඔබ දැන් දන්නවා.

8 comments:

ආදරේ දුක

සුළඟ පසුපස හඹා යමි මම, නිහඬ වන්නේ කෙලෙස ද සොයා යා යුතු ය ආදරය... අහිමි වී ගිය සන්තකයම, යලිත් ඉල්ලා හඬන හඳවත වාවන්නේ කෙලෙස නම් මම... වැතිර හෝ...