භාරතයේ ප්‍රධාන නර්තන සම්ප්‍රදායන් හතරකි.ඒවා නම් භරත, කථක්, කථකලී, මණිපුරිය, මින් භරත නාට්‍යම් දකුණු ඉන්දියාවේ මදුරාසිය, තාන්ජෝරය, ඩෙකෑන් ආදී ප්‍රදේශ ප්‍රධාන කොට ගෙන ප්රභවය ලබා ඇත.භාව, රාග, තාල යන කොටස් තුනෙන් සමන්විත වූ හෙයින් “භාරත” යයිද මහා බ්‍රහ්ම තෙමේ වෙද සතරෙන් කොටස් ගෙන පස් වන වේදය වශයෙන් නිර්මාණය කරන ලද්දේ භරත යැයිද ඉතිහාස ගත තොරතුරු වල දැක්වේ.
භරත නාට්‍යම් වූ කලී මුඛ්‍ය වශයෙන්ම කාන්තාවන් සඳහා වූ නැටුම් විශේෂයකි.මෙය මුල්ම අවදියෙහි රඟ දක්වන ලද්දේ දේව දාසීන් විසිනි.ඔවුහු දේවාල වල සේවය කරමින් දෙවියන්ට කැප වෙමින් මෙකී ශාස්ත්‍රය ඉගෙන ගත්හ.පසු කලෙක මොවුන් දේවාලවල හා රජ මාලිගා වල භරත නාට්‍යම් රඟ දැක්වීමෙහි යෙදී සිටියෝය.මෙසේ ප්රභවය ලැබූ භරත නාට්‍ය ඇද පවතින තත්වය දක්වා ඉදිරිපත් කිරීමේ හා සකස් කිරීමේ ගෞරවය හිමි වන්නේ තාන්ජාවුර් සහෝදරයින් සිවු දෙනාටය.
භරත නාට්‍යම් සඳහා යොදා ගැනෙනුයේ දකුණු ඉන්දියාවේ සුප්‍රකට සංගීත සම්ප්රදායක් වන කර්ණාටක සංගීතයයි.තාල වාද්‍ය භාණ්ඩය වන්නේ මෘදංගයයි. ස්වර වාද්‍ය භාණ්ඩය ලෙස වීණාව, වයලීනය හා බට නලාව යොදා ගනී.සංගීත කණ්ඩායමේ ප්‍රධානියා නට්ටූවනාර් යන නමින් හඳුන්වන අතර තාලම්පට වාදනය ඔහු අතින් සිදු වේ.තාලම්පට නට්ටුවාංගම් ලෙස හඳුන්වන අතර සංගීතඥයන් මුත්තුකාරයන් ලෙස හැඳින්වේ.පිරිමි සහ ගැහැණු වශයෙන් ගායකයින් දෙදෙනෙක් අනිවාර්යෙන් සිටිය යුතු අතර ගායනයට අනුකුලතාවක් වශයෙන් ස්රතිය හා තාම්පුරාව යොදා ගනී.භාරතීය සමාජයේ ප්‍රචලිත නර්තන සම්ප්‍රදායන් අතර භරතමුණිගේ නාට්යශාස්ත්රය මුල්කරගත් භරත නර්තන සම්ප්‍රදායට හිමි වන්නේ සුවිශේෂී ස්ථානයකි. දක්ෂිණ භාරතය පුරා ව්‍යාප්තව පවතින මෙම සම්ප්රදාය තන්ජෝරය කේන්ද්‍ර කරගනිමින් ප්‍රචලිතව පවතී. නෘත, නෘත්‍යය, නාට්‍යය යන ත්‍රිවිධ අංඟයන්ගෙන් සුපෝෂණය වී ඇති භරත නාට්‍යම්හි ආරම්භය හින්දු ආගමික පසුබිමක් බව සඳහන් කරයි. අතීතයේ ඉන්දියාවේ හින්දු දේවාල මුල් කරගනිමින් දේවාලයේ ඇතැම් කාර්යයන් සඳහා කාන්තාවන් යොදා ගැණුනි. ඔවුන් දාසීන් ලෙස හැඳින්වූ අතර දෙවියන් වෙනුවෙන් රඟන ස්ත්‍රීන් දේව දාසීන් ලෙස හැඳින්වීය. මේ නිසා භරත නාට්‍යම් - දාසි ආට්ටම්, ලෙස මුල් කාලයේ හඳුන්වා ඇත.
පන්දනල්ලූර් පෙළපතේ තන්ජාවුර් සහෝදරයින්ගේ කැපවීම හා මැදිහත්වීම මත භරත නාට්‍යම් සන්දර්ශනයක අද පවතින රංඟයන් සකස් කරන ලදී. සදීර් ආට්ටම් හෙවත් දාසි ආට්ටම් ලෙස මීනාක්ෂි සුන්දරම් පිල්ලෙයි විසින් භරත නාට්‍යම් ලෙස හඳුන්වා අගයක් ඇති කිරීමට සමත් විය.
සංගීතය
දක්ෂිණ භාරතයට සුවිශේෂ වූ ශාස්ත්‍රීය සංගීත සම්ප්රදාය වූ කර්ණාටක සංගීතය මේ සඳහා භාවිත වේ. මෘදංගය ප්‍රධාන වාද්‍ය භාණඩයයි. ඊට අමතරව වීණාව, වයලීනය, බටනළාව, නටුවාංගම් හා තාම්පුරාව වාද්‍ය භාණ්ඩ යොදා ගනී. කර්ණාටක තාල ප්‍රබේද මෙම රංඟ ශෛලිය ගොඩ නැඟීමට මහත් සේ උපකාරී වී ඇත. තෙලිඟු, සංස්කෘත හා ද්‍රවිඩ භාෂාවන්ගෙන් රචිත ගීත මේ සඳහා භාවිත කෙරේ. සංගීතඥයෝ මුත්තුකාරන් ලෙස හඳුන්වයි. භරත නාට්‍යම් ගුරුවරයා නැටුම් ඉගැන්වීම, ගායනා කිරීම, නර්තන නිර්මාණය කෙරෙහි මනා දැනුමකින් යුතුවීම වැදගත් ය. නටුවාංගම් වාදනය කරනු ලබන්නේ ගුරුවරයා විසිනි. ඔහු නටුවනාර් ලෙස හඳුන්වයි
නර්තනාංඟ
අලාරිප්පු
ජතීස්වරම්
ශබ්දම්
වර්ණම්
පදම්
තිල්ලානා
ශ්ලෝකම්
භරත නාට්‍යම්හි මූලික ඉරියව්ව අරමණ්ඩියයි. මූලික සරඹ අභ්‍යාස ක්‍රමය අඩවු ලෙස හඳුන්වයි. ආධුනිකයාගේ පාද හා දෑත් හුරුකරවීම සඳහා භරත නාට්‍යම්හි අඩවු කීපයක්ම දක්නට ලැබේ.
තට් අඩව්
නාට්‍ය අඩව්
කුදිත්තමෙට්ට අඩව්
තත් තෙයි තාහා අඩව්
සරුක්කල් අඩව් ආදි වශයෙනි.
💗💗
ReplyDeleteGreat
ReplyDelete❤️
ReplyDelete❤️
ReplyDelete👍👍❤
ReplyDelete👍
ReplyDelete❤️
ReplyDelete❤
ReplyDelete❤
ReplyDelete❤
ReplyDeleteGood
ReplyDelete