ලංකා ඉතිහාසය,සිංහල භාෂාවේ
විකාශනය ආදී විෂයයන් පිළිබඳව කරුණු සෙවීමේදී රාජාවලිය අවශ්‍යයෙන්ම පරිශීලනය කටයුතු
කෘතියක් වන්නේය.සිහල බසින් සිරිලක ඉතිහාසය අඛණ්ඩව රචිත එකම වංශකථාව වන මෙහි විජයගේ
පටන් පෘතුගීසී යුගයේ අවසානය පමණ වන තෙක් කරුණු අඩංගු වන අතර මෙය අතිශය වැදගත්
ඓතිහාසික කරුණු රැසක් ඉදිරිපත් කෙරෙන සාහිත්‍ය ග්රන්ථයක් ලෙසට සලකන්නේ දීපවංශය,මහාවංශය යනාදී
කෘතිවල පවා අන්තර්ගත නොවන අමතර කරුණු රැසක්ම රාජාවලියෙහි ඇතුළත් වන හෙයිනි.මෙය
පරිශීලනයේදී කර්තෘට බෙහෙවින් උපස්ථම්භක වූ කෘති ද්වයක් පිළිබඳව සඳහන් කළ
හැකිය.එනම්,පූජාවලිය හා අලකේශ්වර යුද්ධයයි.මීට අමතරව කෘතිය තව දුරටත් විචාරයේදී
පෙනෙන්නේ දඹදෙනි යුගයේ පටන් සම්පාදනය වූ කඩයිම් විත්ති විස්තර ආදී ලේඛන සමූහය හා
ජනශ්රැතියෙන් ආ වැදගත් ප්‍රවෘතීන් ද ආභාසය කොට ගෙන රචිත කෘතියක් ලෙසට රාජාවලිය
හැඳින්වීම යුක්ති යුක්ත වන බවයි.මහාරාජාවලිය,රාජාවල්ලිය,රාජාවලිය,රාජාවල්ලි පොත,රාජවන්ලි,රාජවල්ලීය පොත
යනාදී වශයෙන් නාමයන් රැසකගෙන්ම හඳුන්වන මෙකී ග්රන්ථයෙහි කර්තෘත්වය පිළිබඳව ද
ඇත්තේ විවිධවූ මතයන්ය.ඒ අතර මාර්ටින් වික්‍රමසිංහ,ගෛගර්,ගුණසේකර,අප්හැම් හා
ටර්නර් යන විචාරකයින්ගේ මතවාද ප්රමුඛත්වයෙහිලා ගැනෙන අතර මේ අතුරින් ද පිළිගත්
මතය වන්නේ ගෛගර්ගේ මතයයි.එය මෙසේය.
“එක් කතුවරයෙකුගේ යයි අනුමාන කෙරේ.භාෂාවේ විවිධත්වය සිදුවී තිබෙන්නේ අනෙක්
කෘති ආශ්‍රය කිරීම නිසාය.”
කර්තෘන් රැසක්
මෙහි රචකයන් වන බව විචාරකයන් පවසන්නේ රාජාවලියෙහි වන භාෂා විවිධත්වය නිසා වුවත්
ගෛගර්ගේ මතය පිළිගන්නේ එකී භාෂාවල විවිධත්වය කර්තෘ රැසකගේ කෘතීන් රැසක් ඇසුරු
කිරීම හෙයින් වූවක් බවට අනුමාන කරමිනි.මෙකී ලක් ඉතිහාසය පිළිබඳ තතු අන්තර්ගත
වටිනාම කෘතිය වන රාජාවලිය,ඓතිහාසික කරුණු රැසක් ඉදිරිපත් කරන සාහිත්‍ය ග්රන්ථයකි,යන්න විමර්ශනය
කිරීමය,කළයුත්තේ.අධ්‍යනයේ පහසුව තකා රාජාවලිය නම් සාහිත්‍ය ග්රන්ථයෙහි අන්තර්ගත
ඓතිහාසික තතු විත්ති මතු දැකිවෙන පරිදි සම්පිණ්ඩනය කළ හැකිය.
සක්වළ විවරණය
ජම්බුද්වීප විස්තරය
මධ්‍යදේශයේ කඩයිම්
පරසමයදේශ නාමාවලිය
කල්ප විස්තර හා මහාසම්මත පරම්පරාව
විජය පටන් පඬුවස්දෙව් රජුගේ පුත් අභය රජු අවසනට
පණ්ඩුකාභය රජු පටන් අනුලා බිසව අවසනට
මලකන්තිස් රජු පටන් දඹදෙණි පරාක්‍රමබාහු අවසනට
විජයබාහු පටන් මායාදුන්නේ අවසනට
සීතාවක රාජසිංහ පටන් දෙවන විමලධර්මසූර්ය රාජ්‍යෝදය දක්වා
මෙකී කොටස්
අතුරින් 1-5 කොටස් ඇතුළත් කොට ඇත්තේ ලංකාවේ රාජපරම්පරාවේ කථාව ඉදිරිපත් කිරීමේදී අවැසි
ප්රස්තාවනාවක ස්වරූපයෙනි.ඒ එක් එක් ඡේදයන් අවසන් කොට ඇති සැටියෙන්ම පෙනෙන්නේ මෙම
ග්‍රන්ථය කතුවරයා විසින් මනා සැලැස්මකට අනුව ග්‍රන්ථාරූඪ කොට ඇති බවයි.රාජාවලියෙහි
එන එක් එක් ඡේදයන් අවසන් කරන වැකි මඟින් මෙය තව දුරටත් සනාථ වන අතර ඊට උදාහරණ
කිහිපයක් මතු දැක්වේ.
“මේ තුන් ද්වීපයට ජම්බුද්වීපයට උතුම් වන්නේය.”
“මධ්යදෙශයට බොධිමණ්ඩලය උතුම් උන්නාහ.”
“මේ පරසමයන් දෙසවල් බුදුන්ගේ සමයට පිටනුවරවල් දැනගත යුතුයි-”
ඉහතින් දක්වන
ලද කොටස් හොඳින් පිරික්සීමේදී පෙනෙන්නේ එකී කොටස්වලට විවිධ මූලාශ්රයන් මුල් වී
ඇති බවයි.ඒ අනුව,
1-5 කොටස් - පූජාවලියේ සවන පරිච්ඡේදය
6-8 කොටස් - පූජාවලියේ 33 හා 34 වන පරිච්ඡේද,ස්තූපවංශය හා
සද්ධර්මාලංකාරය ආදී පොත්
9 වන කොටස - අලකේශ්වර යුද්ධය
උක්ත ඓතිහාසික
කරුණු සාහිත්‍යමය ගුණය ද කැටිකොට කතුවරයා ඉදිරිපත් කොට ඇති ආකාරය මෙතැන් පටන්
විමසා බැලීමට මම අපේක්ෂා කරමි.
රාජාවලිය
ඇරඹෙන්නේම සක්වල පිළිබඳ විවරණයකිනි.එහිදී,
ශක්‍රභවනය
මහාමේරුව
සප්තකුලපර්වත
සතරමහාද්වීප
හ‘මාලය
අනෝතප්තවිල
සිවුමහාගංඟා
මහාපර්වත
ත්රිවිධගුහා
යනාදිය පිළිබඳව
තතු දක්වා ඇත.මෙකී කොටස ගෛගර්ගේ මතයට අනුව කතුවරයාගේ ස්වාධීන නිර්මාණයක්ද යන වග හෝ
වෙනත් කෘතියකින් පිටපත් කරන ලද්දක්ද යන වග නිශ්චය කළ නොහැක.
මධ්‍යදේශයේ
කඩයිම් හා පරසමයදේශ නාමාවලිය යන සාහිත්‍ය ගුණයෙන් අනූන ඓතිහාසික කරුණු ද්වය
පූජාවලියේ සවන පරිච්ඡේදයේ එන දේශවිලෝකන විස්තරයෙන් පදයෙන් පදයටම පිටපත් කරන ලද්දක්
බව කිවයුතුමය.නමුත් පූජාවලියේත් රාජාවලියේත් දක්වා ඇති බෝධිමණ්ඩලයේ කඩයිම් විස්තරය
වැරදි සහගත බව කිවයුතුය.රාජාවලියේ කඩයිම් විස්තරය දක්වා ඇත්තේ මෙපරිද්දෙනි.
“මේ පන්තිස් නුවරට අඩුත්තුව ලොවුතුරා බුදුන් හා පසේබුදුන් අසූමහ පඬුවන් හා
චක්‍රවර්තී රජවරුන් මහේශාක්‍ය දෙවියන් හා ධන සිටුවරුන් හා උපදිනා ස්ථාන යයි දැනගත
යුතුයි.”
ඉන් පසුව
රාජාවලියේ එන තවත් ඓතිහාසික කරුණක් ලෙසට රටවල් පිළිබඳව ඇති නාමාවලිය දැක්විය
හැකිය.මෙය පූජාවලියේ ද දැක්වේ.රාජාවලී නාමාවලිය අවසන් වන්නේ මෙසේය.
“මේ පරසමයන් දෙසවල් බුදුන්ගේ සමයට පිට නුවරවල් දැනගත යුතුයි.”
තවත් වැදගත්
ඓතිහාසික කරුණක් ලෙසට රාජාවලියේ මීළඟට ඉදිරිපත් වන්නේ කල්ප විස්තරය හා මහා සම්මත
පරම්පරාවයි.මේ කොටසට අයත් කරුණු විග්රහයෙහිලා රාජාවලියට මුල් වූයේ පූජාවලිය බව
කිව යුතුමැ.වෙනස වන්නේ මෙම විස්තරයට මුලින් මහා භද්‍රකල්පය හා අන්ත:කල්පය ගැන කෙටි
හැඳින්වීමක් රාජාවලියේ තිබීමයි.මෙකී විස්තරයට අදාළ නිදර්ශනයක් ලෙසට රාජාවලියේ එන
පහත වැකිය දැක්වීමට පුළුවන.
“ඒ අවධියට සිවුපාවෝ සිංහයා රජකමට ගත්තාහ.පක්ෂිජාතීහු හංසයා රජකමට
ගත්තාහ.මූදේ මෂ්ටකයො ආනන්ද මත්ස්‍යයා රජ කළාය.”
මහාසම්මත වංස
පරම්පරාව දැක්වීමේදී රාජාවලියට පූජාවලිය ද පූජාවලියට මහා වංශය හා ජාතක කථා ද මුල්
වූ බවකි,පෙනෙන්නේ.එකී වාර්තා සකස් කිරීමේදී කරුණු රැසක් අනාවරණය වන අතර ඉන්
රාජාවලියට අදාළ කරුණු කිහිපයක් මතු දැක්වේ.
මහාසම්මත රාජ්‍ය කාලය රාජාවලියේ උත්කර්ෂයෙන් වර්ණනා කිරීම.
මහාමන්ධාතු රජුගෙන් පසු වරමන්ධාතු නම් තවත් රජෙන් ගැන රාජාවලියේ සඳහන් වීම.
චේතිය රජු මෙලොව බොරු උපදවා අවිචිගත වූ පුවත.
චේතිය රජුගෙන් පසුව රජවූ රජුන් තිදෙනා අතරින් මුචලගේ නම රාජාවලියේ සඳහන්
නොවීම.
සගර නම් රජෙකුගේ නමක් රාජාවලියේ සඳහන් සඳහන් නොවීම.
මහා සුදර්ශන රජු ගැන රාජාවලියේ සඳහන් නොවීම.
අශෝකගේ පියාගේ නාමය සඳහන් නොකිරිම.
පූජාවලියේ දැක්වෙන සුජාත රජු රාජාවලියේ හඳුන්වන්නේ සුත යනුවෙනි.
කෙසේ වෙතත්
අනෙක් මූලාශ්‍ර හා ගත්කල මෙකී වෙනස්කම් දැක්විය හැකි නමුත් මේ පිළිබඳව පුළුල් ලෙස
අධ්‍යයනයේදී පෙනෙන්නේ පූජාවලියේත් රාජාවලියේත් වෙනස්කම්වලට වඩා ඇත්තේ සමානකම්
බවයි.
විජයගේ පටන්
අභය රජු අවසනට හා පණ්ඩුකාභය රජු පටන් අනුලා බිසව අවසනට ද රාජාවලියේ තතු වීම
ඓතිහාසික කරුණු ඉදිරිපත් කිරීමකි.මෙම ඉදිරිපත් කිරීමේදී රාජාවලී කතුවරයා සාමාන්‍යයෙන්
ආශ්‍රය කරන ලද්දේ පූජාවලියම බව සනාථ කිරීමට සාක්ෂි රැසක් පවතින අතර ඊට අමතරව
ස්තූපවංශය,සද්ධර්මාලංකාරය,රාජරත්නාකරය හා ජනශ්රැති මාර්ගයෙන් පැවත ආ
ඇතැම් කරුණු ද ඇතුළත් කිරීම නිසා යම්කිසි ස්වාධීනත්වයක් ද කර්තෘට අවශ්‍ය වූ බවකි,පෙනෙන්නේ.විජය
කුවේණි කතාව බොහෝ සිංහල ඓතිහාසික වාර්තාවල දැක්වෙන අතර රාජාවලියේත් රාජරත්නාකරයේත්
විජයගේ පුවත මැදදී බුදුන් වහන්සේ තෙවතාවක් මෙරටට වැඩම කිරීම පිළිබඳ විස්තර කථාවක්
ඇතුළත් වී තිබේ.මෙම කෘති දෙකේම විජය කථාව එක් සැලැස්මකට අනුව සකස් වී ඇති බවක්
පෙනෙන මුත් මේ හා අදාළව රාජරත්නාකරයේ මතු නොව අන් එකදු වාර්තාවක නැති තතු පවා
රාජාවලියේ ඉදිරිපත් වීම ඓතිහාසික අගය ආරෝපණයෙහිලා බලපාන හේතු අතර එක් හේතුවක් බව
මොනවට ගම්‍ය වේ.ඉන් කිහිපයක් මතු දැක්වේ.
වගුරජ තම දියණිය රක්ෂා කළේ සත්මාල් ප්‍රාසාදයක බව
විජය කුමරාගේ උත්පත්තිය පිළිබඳ නැකැත් හෝරා දින වකවානු දැක්වීම
බුදුන් පිරිනිවන් පා සත්වෙනි දින විජය හා පිරිස නැව් නංවා යැවූ බව
කුවේණියගේ ළමැද තන තුනක් තිබූ බවත්,ඉන් මැද තනය මැකුණු විට
හිමි කෙනෙක් ලැබෙන බව ඉසිවරුන් විසින් පවසන ලද බවත් ,කුවේණි විජය
හමුවූ විට එසේ වූ තනය මැකී ගිය බවට කුවේණි අස්නෙහි ද සඳහන් වන පුවත
භද්දකච්චායනා
සමඟ පැමිණි ශාක්‍ය කුමාරයෝ පිළිබඳව රාජාවලී කතුවරයා දක්වන ඓතිහාසික කරුණුවලදී
පඬුවස්දෙව්ගේ සරණ පාවාගත් කුමරියගේ නම නොදක්වන අතර භද්දකච්චායනාගේ සොහොයුරන් ගණන
සදෙනෙකු බවය,සඳහන් වන්නේ.එකී වාර්තාව අධ්‍යයනයේදී පසක් වන්නේ භද්දකච්චායනාගේ සොහොයුරන්
පිළිබඳවත් දක්වන මහාවංශ,පූජාවලී හා රාජාවලී වාර්තා එක හා සමාන නොවන
බවයි.පඬුවස්දෙව් රජුට වැදුණු දිවිදොස පිළිබඳව ද තතු රාජාවලියේ අන්තර්ගත වේ.තවද,
පණ්ඩුකාභයට පසුව ඔහු පුත් ගණතිස්ස නම් රජෙක් සතළිස් අවුරුද්දක් රාජ්‍ය කළ
බව
ශතවර්ෂය ඇරඹීම චෝරනාග රජ දවස වූ බව
යනාදී වෙනත්
කරුණු කිහිපයක් ද රාජාවලියේ අන්තර්ගත ය.
මකලන්තිස්ස රජු
පටන් දඹදෙණි පැරකුම් තෙක් ඓතිහාසික කරුණුද රාජාවලියෙහි අන්තර්ගත ය.මෙකී ඉතිහාස
කථාව දැක්වීමේදීය,රාජාවලිය සම්පාදනයේදී වාක්‍යයෙන් වාක්‍යය
පූජාවලියෙන් පිටපත් කිරීමට පටන් ගත්තේ.එසේ පිටපත් කිරීමේදී කිණිහිරිදළ පටන් වසභ
තෙක් රජුන් පිළිබඳ ඇතැම් කරුණු රාජාවලී කතුවරයා අතින් අත්හැරී ගියේ ප්‍රමාද දෝෂයක්
නිසා විය හැකිය.දීපවංශය ,මහාවංශය ඇතුළු පාලි ඉතිහාස ලේඛනයන්හි සඳහන්
නොවන ගජබා රජු පිළිබඳ ඓතිහාසික කරුණක් හෙවත් සිද්ධියක් පූජාවලිය,රාජරත්නාකරය,පැරකුම්බා
සිරිත යන කෘතීන්හී මතු නොව රාජාවලියේ ද විස්තර වන්නේය.මෙකී ඇතැම් ඓතිහාසික කරුණු
ඉදිරිපත් කිරීමේදී රාජාවලිය සමාන වන්නේ වන්නිරාජාවලිය ට ය.මහසෙන් තෙක් රජවරුන්
පිළිබඳව ද රාජාවලියේ අන්තර්ගත වීම ඓතිහාසික කරුණක්ම ය.පූජාවලී හා රාජාවලී කතුවරුන්
දෙදෙනම මහසෙන් තෙක් රජවරුන් “මහාවංශ රජුන්”ලෙසත් එතැන් පටන් “සුළුවංසය”ඇරඹි බවත්
සලකති.මේ පොත් දෙකෙහිම යෙදෙන වාක්‍යය මෙසේය.
“විජය රජු පටන් මේ මහසෙන් රජු දක්වා මහාවංසයෙහි ඔටුනු පැලඳි රජදරුවෝ තෙසැට
දෙනෙක් වූහයි දැනගත යුතුයි”
යනුවෙනි.රාජාවලී
කර්තෘගේ යම් යම් ප්‍රමාදයන් නිසා රාජ්‍ය නාමාවලියේ ගිලිහී ගිය නම් කිහිපයක් ද
අමුතුවෙන් එක් කළ ගණතිස්සගේ නම යොදා ඇති හෙයින් රාජාවලියෙහි සඳහන් කෙරෙන විජය පටන්
මහසෙන් තෙක් රජුන්ගේ සංඛ්‍යාව තෙසැටකට අඩු ය.දළදාව පිළිබඳව ද ඓතිහාසික කරුණු රාජාවලියෙන් ඉදිරිපත්
වේ.රාජාවලියෙහි දැක්වෙන පරිදි මහසෙන් රජු පුත් කිත්සිරිමෙවන් රජු පිළිබඳ
වාර්තාවෙහි විශේෂයෙන් සඳහන් වන කරුණ නම් දළදාව මෙහි ගෙන ඒම සම්බන්ධ පුවතයි.මෙහිදී
රාජාවලිය ලියන්නා තමන්ගේම වාර්තාවක් සැපයීමට උත්සාහ ගෙන ඇති බවකි,පෙනෙන්නේ.ඒ
අනුව ලංකාවට ගෙන එන ලද්දේ දකුණු දළදාව බව කියවේ.
විජයබාහු රජුගේ
පටන් මායාදුන්නේගේ අභාවය තෙක් ඓතිහාසික කරුණු ද රාජාවලියෙන් ඉදිරිපත් කෙරේ.මෙකී
කාලසීමාවට අදාළ වූ රාජාවලියේ අන්තර්ගත ඓතිහාසික තතු සංක්ෂේපයෙන් මෙසේ දැක්විය
හැකිය.
අලකේශ්වර යුද්ධය
චන්ද්‍රභානු නම් ජාවක රජුගේ ආක්‍රමණය
චීන ආක්‍රමණය
විජයබාකොල්ලය
රාජාවලියෙහි
සඳහන් වන්නාවූ සංඥානාම පිළිබඳ තතු ද වැටෙන්නේ ඓතිහාසික තතු ගණයට ම ය.ස්ථානනාම හා
පුද්ගලනාම ආදිය පිළිබඳ කරුණු ය,මේ යටතේ ඉදිරිපත් කොට ඇත්තේ.
පරසමයදේශ නාමාවලිය
දුටුගැමුණු රජුගේ ගමන්මාර්ගය
සැදැතිස් රජු කළ වැව්
වසභ රජු කළ වැව්
දෙටතිස් රජු කළ වැව්
මහසෙන් රජු කළ වැව්
දාසෙන්කැලි කළ වැව්
පළමු අග්බෝ කළ වැව්
මහාපැරකුම් රජු කළ වැව්
අග්බෝ රජ දවස විසූ දොළොස්මහා කවීහු
යනාදී වශයෙන්
සංඥානාම 41 ක් රාජාවලියේ ඉදිරිපත් කොට ඇත්තේ ඓතිහාසික කරුණු රැසක ගොනුවක් වශයෙනි.
මේ අනුව රාජාවලිය ඓතිහාසික කරුණු රැසක් ඉදිරිපත්
කරන ග්රන්ථයක් ලෙසට හැඳින්වීමට උක්ත කරුණු පමණටත් වඩා ප්‍රමාණවත් වන අතර මෙය
සාහිත්‍ය ග්රන්ථයක් ද යන වග තරමක් ගැටලු සහගතය.ඒ මන්දයත් සාහිත්‍ය ග්රන්ථයක්
යනුවෙන් අදහස් කරන්නේ පාඨකයාට රසවින්දනයක් ලබාදීමේ සහ ඔහුගේ හෝ ඇයගේ ජීවන දෘෂ්ටිය
පුළුල් කිරීමේ අරමුණින් කරන ලද නිර්මාණාත්මක ග්රන්ථයකි.නමුත් මෙය සාහිත්‍ය ග්රන්ථයක්
ලෙස සැලකිය හැකි බව නම් අසත්‍යයක් නොවේ.රාජාවලිය “සාහිත්‍ය ග්රන්ථයකි”යන්න සනාථ කිරීමෙහිලා පහත කරුණු අත්‍යන්තයෙන්ම
ප්‍රමාණවත් ය.
ඓතිහාසික තතු විවරණය කරන්නක් වීම.
සමකාලීන සමාජ,ආර්ථික හා දේශපාලන ආදී සෑම තොරතුරක් ම අන්තර්ගත
වීම.
උපමා ආදී අර්ථාලංකාර භාවිතයට ගත් අවස්ථා දැක්වීම.
භාෂාවේ පවතින විවිධත්වයන් යොදා ගැනීම.
■ නිර්මාණාත්මක භාෂාව
■ ව්‍යාකරණානුකූල භාෂාව
■ ග්‍රාම්‍ය ව්‍යවහාර භාෂාව
මිනිස් ජීවිතයේ තොරතුරු විවරණය වන අවස්ථා තිබීම.
මිනිස් සිතේ පවතින හැඟීම් විවරණය වන අවස්ථා තිබීම.
යටකී
සියල්ලකින් ම සාහිත්‍ය ග්‍රන්ථයක ඇතුළත් ලක්ෂණ වේ.ඉදින් මේ සියල්ලෙන් ම සනාථ වන්නේ
“රාජාවලිය ඓතිහාසික කරුණු රැසක් ඉදිරිපත් කරන සාහිත්‍ය ග්රන්ථයකි”යන්න සනාථන සත්‍යයක්
බව නොවේ ද?රස නිෂ්පාදනය සේම අතීත තොරතුරු අනාවරණය කිරීම සාහිත්‍ය ග්රන්ථයකින් වන
මූලික කා්රයයභාරය වන අතර ඒ අනුව බලන කල තව දුරටත් සනාථ වන්නේ රාජාවලිය උක්ත කරුණ
හා සැසඳිය හැකි උචිත ම කෘතිය බවයි.
❤️✨
ReplyDelete❤️✨
ReplyDelete❤️✨
ReplyDelete❤️✨
ReplyDelete❤️✨
ReplyDelete❤️✨
ReplyDelete❤️✨
ReplyDelete❤️✨
ReplyDelete❤️✨
ReplyDelete❤️✨
ReplyDelete❤️✨
ReplyDelete❤️✨
ReplyDelete❤️✨
ReplyDelete❤️✨
ReplyDelete❤️✨
ReplyDelete❤️✨
ReplyDelete❤️✨
ReplyDelete❤️✨
ReplyDelete❤️✨
ReplyDelete❤️✨
ReplyDelete👍👍👍
ReplyDelete👍👍👍
ReplyDelete👍👍👍👍
ReplyDelete👍👍👍👍
ReplyDelete👍👍👍👍
ReplyDelete❤
ReplyDeleteKeep it up😋
ReplyDelete