Saturday, 17 December 2022

සාර්ථක ජීවිතයට අරුතක්...

 


    පැමිණෙන අභියෝගවලට මුහුණ දෙන්නට ශක්තිමත් මනසක් අත්‍යවශ්‍ය ය.සාර්ථක ජීවිතයක් උදා කර ගැනීමට දරන පුද්ගලයෙකුට,මනසේ සිතුවිලිවල ස්භාවය බෙහෙවින්ම වැදගත් වේ.ශක්තිමත් මනසක් පවත්වා ගෙන යමින්,ජීවිතය ජය ගැනීමට කටයුතු කළ යුත්තේ කෙසේද යන්න පිළිබඳ,විද්‍යාත්මකව සනාථ කරන ලද කරුණු හයකි.එනම්,

1.තමා තමාටම විශ්වාසවන්ත වීම

    මේ සාධයකය ද තම මනසෙහි ශක්තිමත් භාවය රදා පවත්වා ගැනීමටත්,පෞරුෂ වර්ධනය කර ගැනීමටත් හා ආත්ම ශක්තිය දියුණු කරගැනීමට උපකාරී වේ.තමන්ට ලැබෙන අභියෝග වලට සාර්ථකව මුහුණ දීම,තමන්ගේ අරමුණු,ඉලක්ක කරා පහසුවෙන් ගමන් කිරීමටද ස්වයං විශ්වාසවන්ත භාවය වඩාත් වැදගත් ය.සමාජය තුළ ජීවත් වීමේ දී ද එකිනෙකා සමඟ සහජීවනයෙන් ජිවත් වන්නට විශ්වාසවන්තභාවය අතිශයින් ම වැදගත් වන අතර,එමඟින් තම මිත්‍රයන් ප්‍රමාණය වැඩිකර ගැනීමට ද හැකියාව ලැබේ.තමන් තමන්ට විශ්වාසවන්ත වනවිට දී සමාජය ද තමන් විශ්වාස කරයි.ඒ හේතුවෙන් තමන්ට අවංකව ස්වයං ආඩම්බරයක් උරුම කර ගැනීමට පුළුවන.මෙහි දී වැදගත් වන්නේ,තමා කවරෙක් ද යන්න පිළිබඳ විශ්වාසවන්තභාවය සිත තුළ රඳවා ගැනීම ය.

2.මානසිකව ශක්තිමත් වීම

    පුද්ගලයෙකු මනස ශක්තිමත් කර ගැනීමට ක්‍රියා කරනවා නම්,අනිවාර්‍යෙන් ම එම පුද්ගලයා මානසික වශයෙන් සුවතාවක් ලබයි.එමඟින් ජීවිතයේ අභියෝග ඉතාමත් සං‍යමයෙන් යුතු ව ජය ගැනීමට පුළුවන.දවසින් දවස අපගේ සිත තුළ ධනාත්මක සිතුවිලි වඩවා ගන්නේ නම්,එබඳු ආකල්ප,අභිප්‍රායන් වර්ධනය කර ගන්නේ නම්,ජීවිතය දිනෙන් දිනම ශක්තිමත් කර ගැනීමට හැකිය.ශක්තිමත් මනසක් ඇති පුද්ගලයා ජිවිතයට පැමිණෙන ප්‍රශ්න මඟ හැර දමා නොයයි.මානසික ශක්තිය දිනෙන් දින වැඩි දියුණු කර ගැනීමට වඩාත් සාර්ථක ජීවිතයට මඟ පාදයි.

3.ඒකායන අරමුණකින් කටයුතු කිරීම

    දැනුම යනු පුද්ගලයෙකුගේ ශක්තියයි.තමා පෙර සිටි ආකාරය සහ තමා අද ජීවත්වන ආකාරය පිළිබඳ වඩාත් සාධනීයව සිතා බලා,එම කාල පරාසය තුළ දී තමාගෙන් සිදු වූ අඩුපාඩුකම් විසඳා ගැනීමටත්,ඒ ආකාරයට ක්‍රියා කරමින් සමාජයට වැඩදායි පුද්ගලයකු ජීවත් වීමටත් උත්සාහ දරන්නේ නම්,ජීවිතය ජය ගැනීමට පුළුවන.ඒ සඳහා තමාගේ උනන්දුව අත්‍යවශ්‍ය ය.එපමණක් නොව,තමා යනු කවරෙක් ද යන්න පිළිබඳ තමන් තුළ පවතින අවබෝධය මෙහි දී වඩාත් වැදගත් ය.එසේ ම දවසින් දවස එක්වන අත්දැකිම මඟින් ජීවිතයට යමක් එක්කර ගැනීම ද වඩාත් සුදුසු ය.

4.ස්වයං අනුවේදනීයත්වය,ස්වයං ආදරය හා ආරක්ෂාව

    තමා තමාට ආදරය විය යුතු අතර,තමා පිළිබඳ සංවේදීත්වයක් ඇති කර ගත යුතු ය.එසේ නොමැතිකම හේතුවෙන් සියදිවි හානිකර ගැනීම වැනි තත්ත්ව ඇතිවිය හැකිය.ප්‍රථමයෙන් ම පුද්ගලයෙක් තමාට ආදරය දැක්විය යුතු අතර,පසුව සමාජයට ද ආදරය රැකවරණය සහ සංවේදීත්වය දැක්විය යුතු ය.තමා පිළිබඳ ඇති කර ගන්නා අවබෝධය තුළින් අන් අයගේ ආකර්ෂණය දිනා ගැනීමට සමත් පුද්ගලයකි විය යුතු ය.නූතනයේ පවතින ඝාතන,මිනිමැරුම් ආදී අපරාධවලට මිනිසුන් පෙළඹෙන්නේ,තම දිවියේ වටිනාකම පිළිබඳ අවබෝධයක් නොමැති නිසාවෙනි ය.

5.ජිවත් වීමේ අවශ්‍යතාව අවබෝධ කර ගැනීම

    මනා පෞරුෂයකින් ජීවත් වන පුද්ගලයාට,තමා මේ ජීවත් වන්නෙ නිකම් අරමුණු වෙනුවෙන් ද යන්න පිළිබඳ දැඩි අවධානය යොමු කළ හැකි ය.එවිට එම පුද්ගලයාට ඉතාමත් ම පහසුවෙන් පවුල් ජීවීතය ගොඩනඟා ගැනීමට හැකියාව ලැබේ.තමන් පරිභෝජනය කරනා මුදල් ප්‍රමාණය අරපිරිමැස්මෙන් භාවිතයට ගන්නේ කෙසේ ද?තමන්ට වියදම් කිරීමට හැකි ප්‍රමානය කොපමණද? යන්න පිළිබඳ මනසෙහි අවබෝධයක් තිබිය යුතු ය.තමන් කැමති දේ නොව,තමන්ට අවශ්‍ය දේ පිලීබඳ අවධානය යොමු කරවා නම්,ජීවිතය සාර්ථක කර ගැනීමට පුළුවන.

6.තමා පිලීබඳ අවතක්සේරුවෙන් නොසිතීම

    තමා කවරෙක් ද?තමාට අවශ්‍ය දෑ මොනවාද? යන්න පිලිබඳ සිතේ රූපයක් මවා තබා ගැනීම ඉතාමත් ම වැදගත් ය.තමා පිළිබඳ අවතක්සේරුවෙන් නොසිතා,තමන්ගේ සහජ හැකියා මඟින් තමන්ට් කළ හැකි වැඩ කටයුතු ප්‍රමාණය පිළිබඳ තීරණයක් ගැනීමට තමන්ට හැකියාවක් තිබිය යුතු ය.යම් ගැටලුවක් පැමිණිවිට විචාරශීලිව බලා,එයට විසඳුම් සොයන්නට උනන්දු විය යුතු අතර සාධරණ තීරණ ගැනීමට තමාට පුළුල් අවබෝධයක් තිබිය යුතු ය.තමාට අවැසි දේ පිලීබඳ ගවේෂණය කරමින්,නිවැරදි දේ කිරීමට සෑම විටම වගබලා ගත යුතු ය.

4 comments:

ආදරේ දුක

සුළඟ පසුපස හඹා යමි මම, නිහඬ වන්නේ කෙලෙස ද සොයා යා යුතු ය ආදරය... අහිමි වී ගිය සන්තකයම, යලිත් ඉල්ලා හඬන හඳවත වාවන්නේ කෙලෙස නම් මම... වැතිර හෝ...