අලුත් පෙම් යුවලක්
එදා අපි ඇවිද ගිය තැනමයි
නුවර වැව රවුමේ
වැඩිපුර කතා නොකරයි ඈ
එදා ඔබ වාගේ
අතේ එල්ලීගෙම නිහඩව
වරින් වර ඔහු දෙස බලයි
එදා ඔබ වාගෙම
කුඹුක් ගස් ගැන වැව රවුම ගැන
හන්තාන ගැන
ඉවරයක් නැති කතා මුමුණයි ඔහු
එදා මං වාගේ
මාලිගාවට හැරෙන තැනදිම
ඇගේ හිස අතගා සමුදී
නැවත හමුවෙන හීනයක්
පිටි අත්ල මත තබලා
ඈ පෙනී නොපෙනී යන දිහැ ඔහු
මහ සෙනග අතරේ
ඉස්සී ඉස්සිත් බැලුවා
අලුත් පෙම් යුවලක් උනුන්
එදා අපි වාගේ
🥰🥰
ReplyDelete❤️
ReplyDelete💚
ReplyDelete❤️🔥
ReplyDeleteආදරෙයි
ReplyDelete😍😍😍🥰
ReplyDelete❤️
ReplyDelete❤️❤️
ReplyDelete❤️❤️❤️
ReplyDelete❤️❤️❤️❤️
ReplyDelete❤️❤️❤️❤️❤️🤟👍
ReplyDelete❤️✨
ReplyDelete❤️✨
ReplyDelete❤️✨
ReplyDelete❤️✨
ReplyDelete❤️❤️❤️
ReplyDelete❤️❤️❤️❤️❤️
ReplyDeleteLovely ❤️
ReplyDelete