Sunday, 6 November 2022

සද්ධර්මරත්නාවලිය වු කලි ගැමියන්ගේ බසින් පෝෂිත සුවිශේෂි ග්‍රන්ථයකි.සනිදර්ශිතව පැහැදීම

ශ්‍රී ලංකාවේ බෞද්ධ සාහිත්‍ය ආරම්භය සනිටුහන් කරනු ලබන්නේ මහින්දාගමනයත සමගය. ඒ සමග ම බිහි වු සෑම සාහිත්‍ය ග්‍රන්තයක් ම බුදු දහම ඇසුරින් නිර්මාණය වු ග්‍රන්ථයක් බව අපට දැක ගැනිමට හැකිය. සියලුම කලා ශිල්ප ආර්ථික, අධ්‍යාපනික හා දේශපාලන කටයුතු පවා ද ගොඩ නැගුණි. අනුරාධපුර යුගයේ ආරම්භ වුනු සිංහල බෞද්ධ සාහිත්‍ය ග්‍රන්ථ අතරින් ඉතිරිව ඇති ගද්‍ය සාහිත්‍ය කෘති දක්නට ලැබෙන්නේ ඉතා සුලු ප්‍රමාණයකි. ලාංකිය සාහිත්‍ය විචාරකයන් පෙන්වා දෙනු ලබන්නේ අනුරාධපුර යුගයේ ආරම්භ වුනු සංස්කෘතික හා ජාතික පුනුරුදය සමතැනහි තැබිමට පවා සන්සන්දනය කිරිමට තරම්වත් සංස්කෘතික් ප්‍රබෝධයක් ලෝකයේ ඇතිව නොමැති බවයි. එම සියලු සාධනිය ජයග්‍රහනයන් පාදක වුයේ බුදු දහමයි. පොළොන්නරු යුගයට සංක්‍රමනය විමත් සමග සෝළ ආක්‍රමණ නිසාවෙන් විනාශයට පත්ව ඇත. යලි නැවත වරක් බෞද්ධ සංස්කෘතියේ ප්‍රබෝධයක් ඇති වන්නේ දඹදෙණි යුගයේ දි ය. මෙකල සාහිත්‍ය වංශය තුළ සාහිත්‍ය කෘති රාශ්‍රියක් බිහි විය.විවිධත්වයෙන් යුක්ත වු සාහිතය කෘති විශාල සංඛ්‍යාවක් බිහි වුයේ දඹදෙණි යුගයේදි ය.

ඒ අනුව දඹදෙණි යුගයේ රචනා කරන ලද සාහිතය කෘති අතරින් පූජාවලිය හා සද්ධර්මරත්නාවලිය වැනි සාහිතය ග්‍රන්තයන් ප්‍රමුඛස්ථානයක් ගනු ලබයි. කවි සිළුමිණ නම් වු මහා කාව්‍ය ද, සිදත් සගරාව වැනි සිංහල ව්‍යාකරණ ග්‍රන්ථ ද, ඡුන්දස් ග්‍රන්ථ ද, ධම්මපද සන්නස, රූප සිද්ධි සන්නස වැනි සන්නස් ග්‍රන්ථ ද, එම සඳැස් ලකුණු වැනි සිංහල පාලි මුහු වු ග්‍රන්ථ ද, පූජාවලිය වැනි වෙද පොත් නිර්මාණය විම ද බොදු සංස්කෘතික පුනුරුදය නිසාම බිහි වන්නට ඇතැයි නිගමනය කළ හැකිය.

ඒ අනුව දඹදෙණි යුගයේ ප්‍රශ්චාත් භාගයට අයත් සුවිශිෂ්ඨ බෞද්ධ සාහිත්‍ය ග්‍රන්ථයක් වශයෙන් සද්ධර්මරත්නාවලිය හදුන්වා දිය හැකි අතර එය රචනා කරන්නට ඇතැයි විශ්වාස කරනුයේ ධර්මසේන හිමියන් විසින් බවයි. ධර්මසේන හිමියන් විසින් සද්ධර්මරත්නාවලිය රචනා කිරිමට ධම්මපදයේ විවරණ සැපයිමට රචිත පාලි ධම්මපදට්ඨ කතාවේ ගුරුපදේශ කරගත් මුත් පාලි ක්‍රමය අතහැර දෙසට බසට එක ලෙස මැනවින් ගෝචරය වන ආකාරයට සද්ධර්මරත්නාවලියේ කතා වස්තු පෙළ ගස්වා ඇත. ධම්මපදය යනු සූත්‍ර පිටකයේ ඛුද්ධක නිකායට අයත් ධම්මපාලි නම් වු ගාථා 423 කින් ගාථාව ලියයි. එයට බුද්ධ ඝෝෂ හිමියන් විසින් ලියන ලද්දා වු නිදාන කතාවක් ද සහිත අර්ථ වර්ණනාව ධම්මපදට්ඨ කතාව ලෙස මෙහිදි හදුන්වනු ලබයි. එහි ගැටපද විවරනය කරමින් අනුරාධපුර යුගයේ ලියවුණු අටුවා සන්නය දම්පියා අටුවා ගැටපදව වේ. ධම්මපදට්ඨකථාවෙහි එන ඇතැම් පුවත් සිංහලෙන් ලියැවි තිබුනද ධම්මපදට්ඨ කථාව සිංහලයට පෙරලිමේ මහා කර්තව්‍ය ඉටුවුයේ සද්ධර්මරත්නාවලිය ලිවිමත් සමගය.

                         සද්ධර්ම + රත්න + ආවලිය

සදහම් නමැති මිණිකැට අමුණන ලද මාලය හෙවත් දහම් මැණික් දාමය කියන අරුත ගැබ් කොටගෙන  සද්ධර්මරත්නාවලිය නම්  නාමය සකස් ව ඇත. උතුම් දහම් කතා සිංහලෙන් කීමෙහිලා අපේ අතිත පඬිවරුන් විසින් ගන්නා ලද උත්සහයේ කූඨප්‍රාප්තිය සද්ධර්මරත්නාවලිය තුළින් දැකගත හැකිය. මෙහි කතුවරයා කවුරුන්ද යන්න කෘතිය අවසානයේ දැක්වෙන පාලි ගාථාවන් පැහැදිලි වේ.

                          සද්ධම්මට්ඨිති මිච්ඡන්තෝ - ධම්මසේන යතිස්සරෝ 

                          ආකාසි පවරං ඒතං        - සද්ධම්ම රත්නාවලිං

සද්ධර්මයෙහි ස්ථිර පැවැත්ම කැමති වන ධර්මසේන හිමියන් මේ උතුම් සද්ධර්මරත්නාවලිය ලියුහයි යන අදහසකි.

ධර්මසේන හිමියන් සැබෑම ප්‍රතිභාපුර්ණ වියතෙකු බවත් සියලු විෂයන් පිළිබදව අසීමිත දැනුමක් තිබු බවත් ගැමියන්ගේ සිතුම් පැතුම් මනාව හදුනාගෙන ග්‍රාමවාසිව වැඩ වෙසෙමින් සාහිත්‍යයකරණයෙහි නිරත වු බවත් පැහැදිලිය. උන්වහන්සේ ග්‍රාමවාසිව වැඩ වෙසෙමින් ලාංකේය පරිසරයට ලාංකේය ජන හදවතට අනුකූලව ප්‍රායෝගික ව්‍යවහාර පරිසරයේ සුලභ භාවිත සුඛාවබෝධ භාෂාවක් හරහා අලංකාර උපමාවලින් සියල්ල සරසා ඇස් පනා පිට සිදුවන දෑ ලෙස සෑම අවස්ථාවක් හා සිද්ධියක් නිරුපනය කිරිම. මිනිසුන්ගේ සිතුම් පැතුම් අත්දැකිම් ආචාර විචාර අදහස් උදහස් ගති පැවතුම් සිරිත් විරිත් දිවි පෙවත රුචිකත්වය ආදි සියල්ලක්ම දැනගෙන ඊට අනුරූප වන පරිදි ඔවුන්ට හුරු පුරුදු දේශනා විලාසයෙන් දඹදිව ඇති වු කතා මෙරට සිදු වු කතා සේ ඉදිරිපත් කොට ඇත.

පැරණි ගද්‍ය පද්‍ය කෘති හුදෙක් සම්පාදනය කර ඇත්තේ කියවා තේරුම් ගැනිම සදහා නොව අසා රස විදිම සදහා ය. ඒ නිසාම අතිතයේ ජනප්‍රිය කලාව වුයේ ශ්‍රාවක ප්‍රසාදනයයි. එනම් අසන්නාට පැහැදිලි වන්නේ යොදා ගන්නා ලද භාෂාවේ ඇති ප්‍රසාදනිය බව මත ය. මේ බව මනාව වටහාගත් ග්‍රාමවාසිව වැඩ විසු ධර්මසේන හිමියන් ලාංකේය ජන හදවත මනාව වටහාගෙන ඔවුන්ගේ ලෝකයට අනුවර්තනය වෙමින් සිය අති උදාර ප්‍රාර්ථානවන් ඉටුකර ගැනිම සදහා සුමුදුරු ගුණයෙන් හා භාවික ගුණයෙන් (හදවතට දැනෙන ලෙස) අනුනව සිය භාෂා මාධ්‍යය සරසා ගෙන ඇත. කතා වස්තුව තුළ වාක්‍ය ශෛලිය පවා ගොඩනගාගෙන ඇත්තේ ශ්‍රැති රම්‍ය රීතියට අනුකූලවයි. 

නූගතුන්ටද ධර්මාවබෝධය පහසුවෙන් සැලැස්විම සදහා සම්පාදිත මෙම ග්‍රන්ථය ඒ කාලයේ සාමාන්‍ය ජනයා අතර භාවිතා වු භාෂාවෙන් ලියන ලද බැවින් මීට අවුරුදු හත්සියයකට පුර්වයෙහි සිහල භාෂාවෙහි තත්ත්වය දැන ගැනිමට මේ පොත අතිශයෝපකාරි වේ. මෙහි භාෂාව සාමාන්‍ය වුවත් අනුණ වාග් රසයෙන් හා ශක්තියෙන් අසන කියවන උගත් නූගත් හැම දෙනාගේම චිත්‍ර ප්‍රබෝධය වන්නේ ය.

ධර්මසේන හිමියන් විසින් යොදා ගෙන ඇති භාෂාව පිළිබදව විවිධ වියතුන් විවිධ අර්ථ කථන ද සපයා ඇත. 

“සංස්කෘත හා පාලි කාව්‍යයන්ගේ පෝෂණයලත් අනෙක් සිංහල ග්‍රන්ථ කරුවන් සිය රටත් රට ජනයාත් සිය රැටියන්ගේ ජන්ම උරුමයන් නොතකා නිපද වු ව්‍යාජ ශිෂ්ට සම්ප්‍රදායට විරුද්ධත්වය ප්‍රකාශ කිරිමක් වශයෙන් ධර්මසේන ස්ථවිරයන් වහන්සේ ගම්බද ජනයාගේ ජිවිතයද බස ද ප්‍රස්ථා පිරුළු ද අභිරුචියෙන් ගෙන තමන්ගේ රචනා විලාසය හා භාෂා විලාසය නිපද වුහයි. සිතිය හැකි සලකුණු සද්ධර්මරත්නාවලියෙහි දක්නට ලැබේ.”

- මාර්ටින් වික්‍රමසිංහ - විචාර ලිපි   -

ලක්දිව පර්යේෂකයෙකු හා මහා ව්‍යක්තකයකුව සිටි ඩි. බි. ජයතිලක ශ්‍රිමතාණන් ගැමි සාහිත්‍ය නම් ග්‍රන්ථයෙහි සද්ධර්මරත්නාවලියෙහි අදහස් දක්වා මෙසේ ය.

“බාහිර ඔපමට්ටම්වලින් ඔපවුණු පැෂන්කාර සමාජයකින් ගොඩනැගුණු අත්දැකිම් නොව චාම් නිවහල් ගති පැවතුම් ඇති සමාජයකින් නැගුණු සමාජ ධර්ම ඔබ තැකූ සේ ය. ජීවිත විශ්වවිද්‍යාලයේම ඉගෙන එයින ම ලත් අද්දැකිම් ඇතිව සමාජය තුළම සිට ඔවුන්ගේ ජිවිතය ගැන ම කතා කළ උතුමෙකු සේ සැලකිම නිවැදිය.භාෂා තත්ත්වය වියරණ ආදිය ගැන විමසන්නේකු වුව ද ඔබගේ ඇතැම් යෙදුම් බලා පස්සට විසි වනු ඇතැයි සිතමි. ඇතැම් තැන් බලා අනුරාගය නූපදවන්නේ ද නොවේ.”

- ඩි. බි. ජයතිලක   -

ගද්‍ය පද්‍ය සාහිත්‍ය කෘතියක් ගත් කළ පොදු ජනතාවට තේරෙන ආකාරයට නිර්මාණය කළ සද්ධර්මරත්නාවලිය එසේ නිර්මාණය කිරිමට කතුවරයාගේ දක්ෂතාවය මත සිදු වුවක් විය. 

සෑම කතා පොතක් ම නිර්මාණය කිරිමේදි භාෂාවට ලබා ඇත්තේ ඉතාමත් උසස් අද්විතිය ස්ථානයකි. සෑම අවස්ථාවකදි ම සිංහලයාට තේරෙන භාෂාවක් යොදා ගෙන ඇත. උපමාවන් ද තැනක් ලැබුණු ගද්‍ය ග්‍රන්ථ අතරින් රත්නාවලියට හිමිවන්නේ අද්විතිය ස්ථානයකි. ඒ අතින ධර්මසේන හිමියන් දෙවැනි වෙතොත් විද්‍ය චක්‍රවර්තිට පමණි. රජ ඇමති ආදි විශාල තැන්වලට ජිවිතවලට වඩා ගැමි පොදු ජනතාවගේ ජිවිත පිළිබදව පත්ලටම බැස ගැමි භාෂාව යොදා ගෙන නිර්මාණය කරනු ලබන්නේ ආදිනත්වයෙන් හෙබි ස්වෙරි භාවයකින් යුතුවයි.

ඒ අනුව සද්ධර්මරත්නාවලිය තුළ දක්නට ලැබෙන විශේෂ ලක්ෂනයක් ලෙස ගැමි භාෂාව මෙහිදි හදුන්වා දිය හැකිය. ධර්මසේන හිමියන් ඉදිරිපත් කිරිමේ ක්‍රමක් ලෙස ගැමිබස යොදා ගෙන ඇති බව අපට මෙහිදි දක්නට ලැබෙන කරුණක් විය. එකල පැවති රුහුණු පිහිටි මායා රටෙහි සිටිය වුන් සියල්ලටම බසෙහි මුහුණුවර වෙනසක් වුයේ නැත. සෑම අවස්ථාවකදි ම ධර්මසේන හිමියන් නුවණ මඳා වුවත් චන්දය ඇත්ත උන් වෙනුවෙන් ගැමි බස යොදා ගෙන ඇත. එය කොපනද කිවහොත් “සීසාන කුඹුරට ගොස් එහි ඇති නගුල, ගෙඩිවැල, කෙවිට, වටමඩ යන උපකරණ ක්‍රියාත්මක වන අයුරු බලා සිටි බදුය. කමතෙහි භාවිතා වන්නා වු පිදුරුවේනිය, අසවැන්න, ගොයම් කොළය, දැතිගොයියා, කුල්ල, පැදුර, බත යන ආදිය ද මුළුතැන්ගෙයි ඇති මිරිස්ගල, වලස්මුල්ල, දිය කළය, දරණුව, කසල වැනි උපකරන ද පිළිබදව සද්ධර්මරත්නාවලි කතුවරයා අලංකාරවත් ලෙස ගැමි භාෂාවකින් යුක්තව බස අසුරුවා ඇත. ගැමි වහරේ එන්නා වු යෙදුම් ධර්මසේන හිමි අවස්ථානෝචිතව යොදාගෙන ඇත. මුසුප්පු, ඉඩවාඩයක්, පෙරාතුව, ඈත මෑත, ඉනිපත්තව ආදි මෙම වදන් යෙදිම තුලින් ද උන්වහන්සේගේ සුවිශේෂත්වය ප්‍රබල ලෙස ඉස්මතු කරනු ලබයි.මහාචාර්ය ආනන්ද කුලසුරිය මහතාගේ සංහල සාහිත්‍ය වංශය දෙක නම් කෘතියෙහි මෙය සදහන් කොට ඇත්තේ මෙසේය.

“සිංහල ගැමියන් වෙහෙස කර තත්ත්වයට පත් නොවි කියන දෙය මනාව අවබෝධ කර ගත්හ. පාලියෙන් ගත් භාෂා ඒ අයුරින් ම නොකියා ගැමියන්ගේ අභිරුචිය අනුව වර්තමාන කතා ව්‍යවහාරයෙන් සරළව සුගමව කීම තුලින් වහා අවබෝධ වන බව එතුමෝ අවබෝධ කොටගෙන ඇත”

ඊට අමතරව දොලේ පිලේ, වෙලේ ඉපනැල්ලේ, වැව් තාවුල්ලේ ගැමියන් සතුටු සාමිච්චියේ යෙදුණු විලාසයත් සද්ධර්මරත්නාලි භාෂාවෙන් පෙනේ. පුස්කොළ පොතින් නොව සාමාන්‍ය ගැමියන්ගේ බසින් පෝෂිත සද්ධර්ම කතා තුලින් වහනය වන්නේ සාමාන්‍ය ගැමියාගේ ජීවන සුවදයි.

“එවෙලෙහි කපන ලද ගොයම් කොළ කැටියකින් මෙන් සද්ධර්මරත්නාවලියෙන් නිකුත් වන්නේ සිංහල ජනයාගේ ජිවිතය පිළිබදව නවමු සුවදක් බවත් අනෙක් සිංහල ගද්‍ය පදය කාවයයන් කෙරෙන් බෙහෙවින් වහනය වන්නේ පුස්කොළපොත්වල සුවද මිස සිංහලයන්ගේ ජිවිතය නැමැති පුෂ්පයේ සුවද නොවේ.”

මෙහිදි ධර්මසේන හිමියන් ඇසුරු කරන ගොවිජනයා එතුමන් විසින් සලකනු ලැබු අයුරු වටහා ගැනිමෙන් අනතුරුව උන්වහන්සේගේ කතා කිමේ ආරේ වැදගත් අංශයක් හෙළිවුයේ ය. මෙහිදි උන්වහන්සේ ගැමි බස යොදා ගෙන උපමා උපමේයන් හා භාවිතා කර ඇත. 

               “නියං සමයේ අඬන ආසක් මෙන්”

               “ඇඹුලකින් තඹ මලකඩ නැතිවන්නා සේ”

               “ආඳා යවා තබාලා වල්පත ගන්නා සේ”

මෙහිදි තමා ම ලාලු ගිනි තමාට නිවන්නට බැරියාසේ මට්ටකුණ්ඩලි කතා වස්තුවේ දි නොගැලපෙන ඖෂධයක් කරන අදිනන පුබ්බකගේ ක්‍රියා කලාපය ගැමියාගේ හදවතට ගෙන හැර දක්වාලිමට ධර්මසේන හිමියන් උත්සහාගෙන ඇත. එය පහත පරිදි දක්වාලිය හැකිය.

       “පය බරවායට පිටිකර බෙහෙත් බදිනා සේ” “ඇස් සරහන්නට තොල අ’දුන් ගානා සේ”

       “ආ’දා යවා තබාලා වල් පත ගන්නා සේ”

       “කන්නට එන බල්ලන් අසුරු ගසා සාදා ගන්නා සේ”

       “මුසුප්පුව පියා බත් කන තැන බලා හි ’ දන උළත් නොළත් බල්ලකෙු පරිද්දෙන්” 

                                                      (මට්ටකුණ්ඩලි කතා වස්තුව)

යන මෙම ගැමියන්ගේ ස්ථානොචිතභාවය නිසාත් කතා බහ නිසා ද සද්ධර්මරත්නාවලිය තුළ දක්නට ලැබෙන රසවත් භාවය ප්‍රබල ලෙස ඉස්මතු කර දක්වයි. මේ ආකාරයට ධර්මසේන හිමි කතා බහ හා ගතිගුණ ඉතාමත් සුක්ෂම ලෙස අලංකාරය සදහා උපමාවන් යොදාගෙන ඇති ආකාරය අපට දැක ගැනිමට පුලුවනි. පූතිගත්තතිස්ස තෙරුන් වහන්සේගේ කතා වස්තුවේ එන ජිවිතයේ අනිත්‍යභාවය මෙනෙහි කිරිමට ස්වාභාවික බස් වහරක් උපමාවක් ලෙස මෙහිදි යොදා ගෙන ඇත.

“තවද ජිවිතය විදුලියක් මෙන් චිරස්ථිතික නොවන නියාවද අවුරුදු අසංඛ්‍යයක් මෙන් සිටියත් දිය බුබලතක් මෙන් fබික්‍ෂන සුළු නියාව ද, තණග පිණි බිදුවක් මෙන් ආයුක්ෂයෙහි සෙික්‍ෂත නියාව ද දියෙහි ඇදි ඉරක් මෙන් මැකෙන නිසාව ද දක්වන්නා මෙන් පූතිගත්තතිස්ස තෙරුණ්ගේ වස්තුව දකවමු”

                                                    (පූතිගත්තතිස්ස තෙරුන් වහන්සේගේ කතා වස්තුව)

ස්වාභාවික ලෝකයේ එන උපමා භාවිතා කරමින් සද්ධර්මරත්නාවලි කතුවරයා ගැමි බසින් සරලව ගෙන හැර දක්වාලිමට සමන්විත ඇත. මෙවැනි ආකාරයේ උපමා පිරුළු දහස් ගණන් සද්ධර්මරත්නාවලිය තුල දක්නට ලැබේ. ඒ සියල්ලම යොදා ගෙන ඇත්තේ ගැමි ජනයාට ඉතා සරල ආකාරයට තේරුම් ලැනිමට උචිත ලෙස ඔවුන්ගේම බසිනි.

මේ ආකාරයට උපමා රූපක රැසක් ගැමියන්ට හුරු ලෙස ඉදිරිපත් කරමින් සද්ධර්මරත්නාවලිය නිර්මාණය කොට ඇත.  

සද්ධර්මරත්නාවලි කතුවරයා සෑම විටම මෙහි ඇති කතා වස්තුන් නව්‍ය ස්වරූපයකින් ඉදිරිපත් කිරිමට උත්සහා ගනි. උන්වහන්සේ වර්ණනා කරන්නට සිතන සැම අවස්ථාවකදිම තමන් ඇසින් දුටු දේ උපමාවක් ලෙස යොදා ගන්නා ලදි. ජීවිතයේ සැම අවස්ථාවකදිම තොරතුරු හොදින් දන්නා ලෞකික ජිවිතය තුළ පවා උන්වහන්සේගේ නුවනේ එලියෙන් ලියැවුණු මෙම සාහිතය මොනතරම් පොදු ජනයාගේ ජිවිතය විවරනයක් කරන්නේ දැයි සිතිය යුතු කරුණක් විය. එලොව ගැන නොබලා මෙලොව ගැන පමණක් බලන මිනිස් ජිවිතයන් පවතින එම ජිවිත වල අඩුව පිරවිම මෙහි අරමුණ විය. සද්ධර්රත්නාවලිය තුලින් එය මැනවින් පිළිබිමු කරනු ලබයි. එහිදි දෙමාපියන් සතු ධනය තමන් සතු කර ගත්තායින් පසු දෙමාපියන් ගැන නොබලන දරුවන් වර්තමානයේ වගේ ම අතිතයේ දි සිටි බවත් ඔවුන්ට අවසානයේ විදින්ට සිදු වන වේදනාවන් ධර්මසේන හිමියන් ඉදිරිපත් කොට ඇත්තේ ඉතාමත් අපුරු ආකාරයටයි. එක්තරා මහළු බමුණෙකුගේ කතාවක් ලෙස සදහන් කතා වස්තුවක් මෙයට නිදසුන් ලෙස දක්වාලිය හැකිය.

 “මාව බලා ගත යුතු අවධියේදි අත් හැරියා ඔවුන් මගේ දරුවන් මෙන් පෙනි සිටි යක්කුයි අනේ මගේ දරුවන් ගැන බලනකොට ඊට වැඩිය හොදයි මගේ මේ හැරමිටිය ඒ මන්ද අනින්ට ආ ගෙරිසරකුන් කන්නට ආ බල්ලන් මෙයින් බන්නා ගන්නවා කළුවරේ යන්ට පිළිවත් මේ ආධාරයෙන් වැටෙන්නට යන විට මේ වාරුවෙන් නැගිටිය හැකිය.”

මේ ආකාරයට පුතුන් සතර දෙනාට වඩා ඇති මේ අප්‍රාණික සැරමිටියෙන් ලැබෙන වහල ඔහු විස්තර කළ අයුරු මෙලෙස දක්වාලිය හැකිය. ඒ අනුව ධර්මසේන හිමියන් මෙම සමාජයේ ඇත්ත ගැමි භාෂාව යොදා ගනිමින් ඉදිරිපත් කළ ඇති ආකාරය කදිමය.

          “ගෙරිසරක්”

          “හැරමිටියෙන්”

          “දරුවන් පෙනි සිටි යක්කුයි”

ලෙස දක්වාලිය හැකිය. ධර්මසේන හිමියන් සතු තවත් උපක්‍රමයක් වුයේ භාෂා ශෛලිය ගැමියන්ගේ ගැමි භාෂාව යොදා ගන්නා ආකාරයයි. එහිදි උන්වහන්සේ ප්‍රබල වශයෙන් චරිත ස්මතු කිරිමට අවශ්‍ය අවස්ථාවෙදි කෙටි වාක්‍ය යොදා ගනිමින් එය සිදු කරන ලදි. මට්ටකුණ්ඩලි කතා වස්තුවේ සිටු දියණියෝ සැරසි සිටි ආකාරය උන්වහන්සේ භාෂා මාධ්‍ය යොදා ගෙන ඉදිරිපත් කළේ මේ ආකාරයටයි.

“සිටු දියණියෝත් එවක් පටන් ඔහු සිත් ගත්ම සව්භරණ ලා සැරසි ගෙන් තුමුම ඕහට බත් මාළු පිසති, කවති, ඉස සෝ දවති, නාවති සෝරණෝ ද කිප දවසකින් කළ උපකාරයත් නොසලකා.....”

                                                           ( මට්ටකුණ්ඩලි කතා වස්තුව)

“ඔබ නොයෙන තෙක්, පරමන්, සොල්මන, එලළිල්ලෙන්, උපද්දි”

                                                   (පටාචාරා වහන්දෑගේ කතා වස්තුව)

ඒ වගේම සද්ධර්මරත්නාවලි කතුවරයා ගැමි භාෂාව සරල ආකාරයට ගෙන හැර දක්වාලිමට උත්සහ ගෙන ඇත.සරල ජන වහකින් ඉදිරිපත් කිරිමට උන්වහන්සේ මෙහිදි උත්සහගෙන ඇත. මට්ටකුණ්ඩලි කතා වස්තුවේ අදින්න පුබ්බක පියාණන් විසින වෙදකම් කරන අකාරය කුවරයා විස්තර කරනුයේ මෙලෙසිනි.

“පය බරවායට පිටිකර බෙහෙත් බදිනා සේම, ඇස් සරහන්නට තොල අදුන් ගානා සේ වරදවා කරන පිළියම් හෙයිනුත් අවස්ථා දැන නිදන් බලා කරන පිළියම් නොවන හෙයිනුත් ඒ ඒ විෂයට පුති නියක මන්ක්‍රාදිය තිබියදි අනෙක් මන්ත්‍රාදියකින් විෂ බාමින් සිටියදි.....”

මෙම ග්‍රන්ථයේ දක්නට ලැබෙන තවත් ලක්ෂණයක් වන්නේ භාෂාවේ අපුර්වත්වයයි. අපුර්වත්වය යනු පෙර නොවු විරු යන්නයි. සද්ධර්මරත්නාවලි කතුවරයා තම ග්‍රන්ථය ලිවිමේදි යොද් ගන්නා භාෂාව ව්‍යංජන ශක්තියෙන් යුතු භාෂාවකි. මෙහිදි ගුරුළුගෝමි ව්‍යංජන ශක්තියෙන් අඩු බසක් යොදා ගත් අතර විද්‍ය චක්‍රවර්ති වාග්බාහුල්‍යයෙන් යුක්ත වු බසක් භාවිතා කරන ලදි. මේ දෙකම සාහිත්‍යකරනයට උචිත නොවේ. පද්‍යයට වගේ ම ගද්‍යයට උචිත බස අර්ථ ව්‍යක්තියෙන් යුත් සංකල්ප රැසක් මවන භාෂාවක් විය. මෙය සද්ධර්මරත්නාවලිය තුල සුලභව දක්නට ලැබෙන කාරනවක් විය.

සද්ධර්මරත්නාවලියේ භාෂාව ගැමියන් සදහා වු සුදුසු ම භාෂාවක් වන අතර ඊට හේතුව වුයේ මෙය ගැමියන් සදහා ලියන ලද ග්‍රන්ථයක් විමයි. ගැමියන් සදහා සුදුසුම භාෂාව වන්නේ ගැමි භාෂාවයි. අභිධර්ම තේරුම් කරන කාව්‍යලංකාරයන්ගෙන් අනුන භාෂාවක් ඊට උචිත නැත. සාමාන්‍ය ජනතාවගේ දුක් දොම්නස් ප්‍රකාශ කිරිමට ගැමි ව්‍යවහාරයත් ගැමි බසක් මිස වෙන මගක් තිබිය නොහැක.

 ඒ අනුව ධර්මසේන හිමියන් සද්ධර්මරත්නාවලි වු සාහිතය ග්‍රන්ථය රචනා කිරිමට ගැමි ජනතාවට සරිලන ගැමි බස යොදා ගත් අතර එය යෙදා ගනු ලැබුවේ උපමා රූපක අලංකාර කෙටි වැකකි භාෂාවේ සරලකම යොදf ගත් භාෂා ශෛලිය ආදි උපක්‍රමයන් යොදා ගනිමින් ය. එකම ආකාරයට කිමට වඩා මෙවැනි උපක්‍රම යොදා ගනිමින් නිර්මාණය කිරිම තුලින් සමාජය ජනතාවට ඉතාමත් පහසුවෙන් තේරුම් ගැනිමට හැකියාවක් ඇත. ඒ අනුව අතිත සාහිත්‍ය ග්‍රන්ථවලට වඩා ගැමි ජනතාවට සුදුසුම ඔවුන්ගේ බසින් නිර්මිත ග්‍රන්ථයක් ලෙස සද්ධර්මරත්නාවලි ග්‍රන්ථය අපට පෙන්වා දිය හැකිය.


26 comments:

  1. වන්නිල ඇත්තෝ13 December 2022 at 08:27

    කදිමයී

    ReplyDelete

ආදරේ දුක

සුළඟ පසුපස හඹා යමි මම, නිහඬ වන්නේ කෙලෙස ද සොයා යා යුතු ය ආදරය... අහිමි වී ගිය සන්තකයම, යලිත් ඉල්ලා හඬන හඳවත වාවන්නේ කෙලෙස නම් මම... වැතිර හෝ...