Saturday, 5 November 2022

සඳකඩපහණ










 හැදින්විම

බෞද්ධ කැටයම් කලාව පිළිබදව අධ්‍යයනය කිරිමේ දි ඉතාමත් ඓතිහාසික වශයෙන් වැදගත් ස්ථානයක් ලෙස සැලකිය හැකි අපුරු නිර්මානයක් ලෙසින් සදකඩපහණ, කොරවක්ගල, මුරගල්, උලුවහු, පියගැටපෙළ, භෛරව රූප ආදිය පෙන්වා දිය හැකිය.ඒවා අතරින් ඉතාමත් කලාත්මක අගයකින් යුක්ත සදකඩපහණ ප්‍රධාන තැනක් උසුලයි.සදකඩ පහණ වනාහි ගොඩනැගිලි දොරකඩ මහේශාක්‍ය බවත් අලංකාර බවත් වැදගත් අර්ථයක් ද එක් කරන අපුරු නිර්මාණයකි.සංඛ්‍යාවෙන් ද විවිධත්වයෙන් ද කලාත්මකභාවයෙන් ද සිංහල සදකඩ පහණ අක්පත් කරගෙන ඇති සුවිශේෂත්වයට ලංකාව ඉන්දියාවට හෝ චීන කලාකරුවන්ට හැකියාව ලැබි නැත.ඒ නිසාම සදකඩ පහණ සිංහල කලාවේ ආදිනත්වය ලොවට කියාපාන අංගයකි. ශ්‍රී ලාංකීය ගල් කැටයම්කරුවන්ගේ ස්වකිය නිර්මාණ කුසලතාවය විශිෂ්ඨ අයුරින් ප්‍රදර්ශනය කරන මෙම සදකඩ පහණ ආගමික ගොඩනැගිලි දොරටුවකට ඉතා අලංකාර පෙනුමක්  ගෙන දෙන මෙහිදි විශේෂයෙන් ම සදහන් කළ යුතුයි මුරගල්, කොරවක් ගල් හා පියගැටපෙළ සමග සංකලනය වු සදකඩ පහණ තුලින් ප්‍රදර්ශනය වන්නේ ශ්‍රී ලංකාවේ විශිෂ්ඨතම නිර්මාණයක් බවයි. 

සදකඩපහණෙහි අර්ථය පිළිබදව කතා කිරිමේදි එහි සරල අර්ථය වුයේ “ සදෙන් - අඩක් - අඩ සදක - හැඩයගත් පාෂාණයක් බවයි.මහවග්ගපාලිය එය හදුන්වන්නේ ‘පාටිකා’ නමිනි. වංශත්ථප්පකාසිනියේ ‘පාටිකා’ යන්න වෙනුවට හදුන්වන්නේ ‘අඩ්ඪචන්දක පදගණ්ඨිකා’ නමිනි.එයින් අදහස් වන්නේ ‘අඩසඳ’ යන්නකි. එම සංහල වචනය පද පෙරළිමෙන් සඳකඩ යන වශයෙන් ව්‍යවහාරයට එක් වි ඇති බව මෙහිදි පෙන්නුම් කරයි. ‘පද ගණ්ඨිකා’ වශයෙන් වංසත්ථප්පකාසිනි කතුවරයා අදහස් කරන්ට ඇත්තේ ‘පියගැටය’ යන අදහසින් විය යුතුය.එම අර්ථයෙන් එය ගලින් කරන ලද්දක් බව සැලකිය හැකිය. ක්‍රි.ව 5 වන සියවසේදි පැරණි සිංහල අටුවා දින සකස් කොට පාලියට පරිවර්තනය කොට සමන්තපාසාදිකාව නම් ග්‍රන්ථය රචනා කරන ලද බුද්ධඝෝෂ හිමි සඳකඩ පහණ හදුන්වා ඇත්තේ ‘අඩ්ඪචන්දන පාෂාණ’ යනුවෙනි. ක්‍රි.ව 6 වන සියවසේදි පැරණි සිංහල අට්ඨ කතා මහවංශය පාලි පදයට පරිවර්තනය කළ මහානාම හිමි පාටිකා යන්න වෙනස් නොකොට එලෙසම තබා ගනියි. 12 වන සියසට අයත අමාවතුරෙහි එය සදහන්කොට ඇත්තේ සරල ලෙසින් ‘අඩ සඳ පහණ’ වශයෙනි. 14 වන සියවසට අයත් සද්ධර්මරත්නාවලිය, අභිධානප්පදීපිකා සන්නය දක්වා ඇත්තේ සදකඩ පහණ නමින්ම ය. 

සඳාකඩ පහණ විකාශනය පිළිබදව කතා කිරිමේදි යුග තුනක් ඔස්සේ එය දක්වාලිය හැකිය. එනම් අනුාධපුර යුගය, පොළොන්නරු යුගය හා පොළොන්නරු යුගයේ සිට මහනුවර යුගය දක්වා වු යුගය වශයෙනි. රජරට කේන්ද්‍ර කරගත් මුල්ම රාජධානිය වු අනුරාධපුර යුගය තුල සඳකඩපහණේ වර්ධනයක් සිදු වුනි.මෙම යුගයේ හතරැස් පාටිකාවක් ලෙස ඇරඹුණු මෙය පසුව අර්ධ කවාකාර කැටයම් රහිත ව මෙය සකස් වුනි. පසුව කැටයම් සිමිත ප්‍රමානයක් මෙම යුගයෙදි යොදා ගත්හ.ඉන් අනතුරුව පොළෙනේනරු යුගය තුළ මෙම සඳකඩපහණ යම් වෙනසක් සිදු වුනි.කැටයම් බහුල විම,ගව රූප සිංහ රූප ඉවත් කිරිම ආදි ලක්ෂන පෙන්වා දිය හැකිය.ඉන් අනතුරුව පැමිණි මහනුවර යුගයේ දි සඳකඩපහණ අර්ධ වෘත්තාකාර ස්වරූපය ඉවත් වි ඉදිරියට නෙරාගිය ආකාරයක් දක්වයි.මෙසේ නිර්මිත සඳාකඩ පහණ පිළිබදව විවිධ විද්වතුන් ඉදිරිපත් කල මතවාද ද විවිධ වේ. ඒ පිළිබදව කරුනු ඉදිරිපත් කොට ඇත.

සඳකඩපහණෙහි සංකේතවාදය

සඳකඩපහණ විශිෂ්ඨ කලා නිර්මාණයක් ලෙස හැදින්විමට හේතු වන්නේ එහි ඇති කැටයම්වලින් නිරූපනය වන්නා වු භාවය හා දාර්ශනිකමය වටිනාකම නිසාවෙනි. මෙහිදි සංකේථවාදය පිළිබදව විවිධ මත පලකල උගතුන් අතර මහාචාර්ය පරණ විතාරන, මහාචාර්ය එච්. සී. බෙල්, මහාචාර්ය හොකාර්ට්, මහාචාර්ය විනී විතාරණ හා සී. ටි. දේවේන්ද්‍ර යන විද්වතුන් ප්‍රමුස්ථානයක් ගනු ලබයි. ඒ අනුව සඳකඩ    පහණෙහි සංකේතාර්ථ පිළිබදව අදහස් දැක් වුවාන් අතරින් පුරෝගාමියෙකු ලෙස “සෙනරත් පරණවිතාරණ” මහතා හදුන්වා දිය හැකිය. නමුත් සදකඩපහණෙහි සංකේතාර්ථ පිළිබදව අදහස් දැක්විමේ ගෞරවය හිමි වුයේ එච්. සී. බෙල් මහතාටයි. සඳකඩපහණෙහි පද්මය, ලතාව, හංසපෙළ, පලාපෙති තීරය ආදි සියලුම කැටයම් අංග නොසලකා හැරුණි. 

ඇත්, අශ්ව, හංස, ගව යන සතුන් හතර දෙනාගෙන් සැදුම්ලත් අලංකාර සත්ව පේළිය පමණක් විග්‍රහ කරන බෙල් මහතා මිට වෙනස් වු අදහසක් ප්‍රකාශ කරයි. එනම් මෙය නොනැවති ගමන් කරන සිවුපාවුන් හතර දෙනා මගින් සිවු දෙසින් එන භික්ෂුන් වහන්සේලාට එකී ආරාමය විවෘත්තව ඇති බවයි. 1891 දි විජයරාම කැනිමෙන් ලත් ප්‍රතිඵල ඔහු විසින් ඒ සදහා ඉවහල් කර ගන්නා ලදි. විජයරාමයේ තිබි සොයාගත් සත්ත්ව රූප පිහිටා තිබු ආකාරය බොදු සමයෙහි එන ලෝක විස්තර සමග එකට ඈදු කල්හි ඒවා සතර දිශාව දක්වන්නා වු සංකේත වශයෙන් දැක්විය හැකි බව එතුමාගේ අදහස විය. බොදු සමයෙහි ඇති සක්වල විස්තරවලට අනුව සිවු මහා ගංගාවෝ අනෝතප්ත විල සතර දිගින් පටන්ගෙන ගලා බසින්නේ අනුපිළිවෙලින් මෙම සතුන්ගේ එක් එක් මුවෙනි.මේ හේතුවෙන් බෙල් මහතා නිගමණය කරනු ලැබුවේ එම සතුන් සතර දෙනා පිළිවෙලින් සිවු දිශාවන් නියොජනය කරන බවයි.  

          හස්ති රූපය   - නැගෙනහිර දිශාව

          අශ්වයා        - දකුණු දිශාව

          සිංහ රූපය    - උතුරු දිශාව

          වෘෂභ රූපය   - බටහිර දිශාව

තවද ප්‍රාසාත්මක දොරටුව අසල පිහිටුවන ලද සඳකඩපහන්වල පිහිටු විමේ අරමුණ වුයේ සිවු දිගින් පැමිණෙන සෑම වන්දනා කරුවෙකුටම එම පුජනිය සිථානයට නිදහසේ ඇතුල්විමට අවසර තිබේ ද යන්න දැක්විම යන් බෙල් මහතාගේ අදහස විය. ඒ අනුව ආචාර්ය ඊ. එස් . ස්මිත් මහතා ද සඳකඩපහණ්වල දැක්වෙන සත්ත්ව රූප පිළිබදව බෙල් මහතාගේ මතය පිළිගෙන ඇත. මහාචාර්ය වෝගල් ද මෙම මතය පිළිගත් අතර බෙන්ජමන් ලෝරල් විසින් එය තව දුරටත් විස්තර කොට ඇත. මෙම බෞද්ධ මතය තව දුරටත් සනාථ වන්නේ මවිසින් තවත් තැනෙක පෙන්වා දි ඇති පරිදි දඹුල්ල විහාරයේ ඇද ඇති අනෝතප්තවිලේ දර්ශනය මගින් සිවු මහා ගංගාවන් මුලින් කී සතුන් සිවුදෙනාගේ මුවින් පිට වි ගලායන බව තහවුරු විමෙනි.එම චිත්‍ර 18 වන සියවසට අයත් වන නමුදු 13 වන සියවසේ දි ලියැවුණු පුජාවලිය ග්‍රනථයේ ද එම අදහස දක්වා ඇති නිසා ම මෙම ගංගා මතය අප රටේ කාලාන්තරයක් මුලුල්ලේ පිළිගැනිමට භාජනය වි තිබු අදහසක් ලෙස පෙනේ. ඒ නිසාම බෙල් මහතාගේ උපකල්පනය බොහෝ දුරට පිළිගත හැකිය.

මහාචාර්ය සෙනරත් පරණවිතාරන මහතා පවස ආකාරයට සඳකඩපහණ ඇති මෝස්තරය ගිනි දැල් වන අතර ලෝකය ගිනි ගන්නාක් බව එයින් සදහන් කරයි. ඊට අමතරව සඳකඩ පහනේ අග පිහිටි කවාකාර තීරූවේ පෙනෙන මෙම ගිනිදැල් මෝස්තරය කමාග්නියේද, කෝධාන්තියේද සංකේතවත් වන බව පෙන්වා දෙනු ලබයි. ඉන් අනතුරුව පැවති සත්ව රූප පන්තිය පිළිබදව කතා කිරිමේදි මෙහුගේ අදහස වුයේ සඳකඩපහණේ එකම සත්ව රූපය කීපවිටම පුනුරුක්තියෙන් යෙදිම තේරුමක් නැති බවත් ඇතැම් සඳකඩ පහණක මේ සතුන් සිවුදෙනාම දක්වා නැති බවත් සදහන් කරමින් නාගර්ජුන කොණ්ඩහි ඇති වෙනත් සත්ව රූප හා එහි සංඛ්‍ය ගැනද අවදනය යොමු කළ අතර එහිදි සදහන් කරනුයේ සතුන් සිව්දෙනා වන ඇතා, අශ්වයා, සිංහයා, වෘෂභයා යන කතුන් සිවු දෙනා සංකේතවත් කරන්නේ සිවු මහා දුක එනම් ජාති, ජරා, ව්‍යාධි, මරණ යන සතර බිය බවයි. මෙහදි එක් එක් භය නීරූපනය කරන සත්වයා නිශ්චිත වශයෙන් කිව නොහැකි වුවද, 

                   ඇතා    - ජාති                                අශ්වයා - ජරා

                   සිංහයා  - ව්‍යාධි                               ගවයා   - මරණ  

ලෙස දක්වාලිය හැකිය. ලියවැල වු කලි තණ්හාවේ සංකේතය වන ලතාවයි. හංස රූප අභිනිෂ්ක්‍රමණය ද මැද පියුම් ශ්‍රද්ධාව ද දක්වන සංකේතය වේ. ඒ අනුව පරණවිතාරණ මහතා පවසන ආකාරයට මුළු සදකඩපහණ ම සංසාරය පිළිබදව සංකේතයක් බවයි. තවද සදකඩපහණ අර්ධ කවයක හැඩයෙන් දක්වන නමුත් එය සම්පුර්ණ කවයකින් අඩක් පමණ බවත් සියලු භවවලින් ගහණ වු භව චක්‍රය එයින් නිරූපිත වන බවත් පරණවිතාරණ මහතා මෙහිදි පවසනු ලබයි. මෙම අර්ථකතනය නිර්මාණාත්මක වුව ද සංසාරය එතෙර විම වැනි ශුද්ධ වු අදහසක් නිරූපනය වන සදකඩපහණ පයට පෑගෙන ස්ථානයක තබනු ඇතැයි ද යන සැකය මෙහිදි මතු වේ. සදකඩ පහණේ ඇති බාහිර තිරය ගැන කතා කිරිමේ දි පරණවිතාරණ මහතා කෙනෙක් පලාපෙති ලියවැල් නාග රටාවන් ලෙස පැවසුව ද මෙහුගේ අදහස වනුයේ සසරේ ගිනිදැල් නිරූපනය කරන බවයි.

සඳකඩපහණ හා ඒ ආශ්‍රිත කලා නිර්මාණ වල ඇති සෞන්දර්යාත්මක බව අභිබවා වෙනස් ආරයකින් පරික්ෂණ පැවැත්වු මහාචාර්ය විනි විතාරණ මහතා මෙහි කැටයම් සම්බන්දව විශේෂිත වු අදහස් ප්‍රකාශ කරනු ලබයි. එම නිසාම සඳකඩපහණ පිළිබදව ගැඹුරු අධ්‍යයනයකින් පසුව නව මතවාදයක් ඉදිරිපත් කිරිමට කටයුතු කරණු ලබයි. ඔහු පවසන ආකාරයට සඳකඩ පහණ සුර්ය හා චන්ද්‍ර යන දෙදෙනාටම එහි සංකේත සශ්‍රිකත්වය පිළිබදව ඇදහිම සම්බන්ධව ප්‍රකාශ කරනු ලබයි. ඔහුට අනුව පද්මය, සෞක්‍ය, වාසනාව, සශ්‍රිකත්වය, පුනර්ජිවනය, පවිත්‍රතවය, සුන්දරත්වය හා දේවත්වය පිළිබදව නිරූපනය කරනු ලබයි. ලියවැල සියලු වාක්ෂලතාවල ජීවය සංකේතවත් කරනු ලබයි. තවද මෙහි දැක්වෙන සත්ව රූප විවිධ දෙවිවරුන්ගේ වාහන සංකේතවත් කරනු ලබයි. මෙහිදි හංස පන්තිය පිළිබදව ඔහු ප්‍රකාශ කරනු ලබන්නේ විවිධ සංදර්භයන්ගෙන් හංසයා සංකේතවත් වන ආකාරයයි. ඒ අනුව සෘග් අතර්වන් වේදවල හංසයා හිරුය. මෙහදි හංසයා මහා බ්‍රහමයාගේ වාහනයද වෙයි. ඊට අමතරව ඇතා ඉදුරු දිශාවට අධිපති ඉන්ද්‍ර දෙවියාගේ වාහනයයි. සිංහයා සුර්ය දිව්‍ය රාජයා වු දර්මජ්ද්වජගේ කොඩියේ සංකේතයයි. අශ්වයා හිරුගේ වාහනයයි. හිරුගේ රිය අශ්වයන් තිදෙනා, දෙදෙනා, අටදෙනා හෝ දසදෙනා විසින් ඇදගෙන යනු ලැබේ. ඉන්දු නිම්න ශිෂ්ඨාචාරයේ සිට ගවයා සුර්ය සංකේතය ද වේ. මේ ආකාරයට මොහු සිව්පා පන්තිය විස්තර කරනු ලබයි. ඊට අමතරව පිට රවුමේ පලාපෙති මෝස්තර ගින්න සංකේතවත් කරනු ලබයි. මෙහි ගින්න මහාචාර්ය පරණවිතාරණ මහතා ප්‍රකාශ කරන ආකාරයට සංසාරය නොව සුර්ය සංකේතයක් ලෙස සලකනු ලබයි. මහාචාර්ය විනි විතාරණගේ විග්‍රහය ප්‍රධාන වශයෙන්ම උත්සහා කර ඇත්තේ එහි ඇති සියලු සංකේත ප්‍රධාන වශයෙන් ම සුර්යා වෙනුවෙන් පෙනි සිටින බව කීමයි.

සඳකඩ පහණේ පිට තීරුවෙහි ඇත්තේ ගිනිදැල් බව පරණවිතාරණ සුරින් පැවසුවත් කලා ඉතිහාසඥ වින්සන් ස්මිත් මහතා විස්තර කරනුයේ නාග රටාවක් බවයි. එනම් අනවතප්ත විලෙහි වෙසෙන නාගයන් ගැන දැක්වෙන කරුණු අනුව සඳකඩ පහණෙහි මුල් තිරුවෙන් නිරුපනය වන්නේ නාගරටා බවයි. උදාහරනයක් වශයෙන් මාතලේ දඹාව විහාරයේ බිතු සිතුවම් අතරේ අනෝතප්ත විලේ සිතුවමක් දක්නට ලැබේ. එහි සතුන් සතරදෙනා දක්වා ඇත්තේ පිළිගත් දිශාවන්ට අනුව නොවේ. මහනුවර යුගය වන විට මේ පිළිබදව සම්මතයක් නොතිබුණු අතර විලේ ආරක්ෂාව සලසන නාගරාජයාගේ රූපයද එම චිත්‍රයේ ම දක්වා ඇත.

සඳකඩපහණ පිළිබදව ඞ.ටී.දේවේන්ද්‍ර මහතා පවසනුයේ සඳකඩපහණ ගොඩනැගිලි දොරකඩ දොරටු සැරසිමට යොදා ගත් උපායක් වශයෙනි. සඳකඩපහණ ශෛලමය පා පිස්නාවක් ලෙසද හදුන්වනු ලබයි.සිය පොදුවේ සියල්ල සදහා පිළිගත් මතවාදයක් වශයෙන් ද හදුනාගත හැකිය. සඳකඩපහණ හා වෙනත් ලිපි යන මැයෙන් වර්ෂයේ ප්‍රකාශයට පත් කළ ඒ මහතාගේ කෘතියේ ආරම්භයේදිම පරණවිතාරණ මතය පිළිගැකිම දුෂ්කර බව පවසමින් ප්‍රතික්ෂේප කළ විවිධ සදකඩ පහණ ඇසුරින් සිය මතය ගොඩ නංවා ඇත. නමුත් සඳකඩ පහණ යන්න වෙනුවට මෙතුමා බහුලව පහන ගල් යන යෙදුම යොදාගෙන ඇත. සඳකඩ පහණ ශෛලමය පා පිස්නාවක් යන්න සනාථ කිරිමට ඒ මහතා මහවංශයේ එන කතා පුවතක උපයෝගි කර ගන්නා ලදි. මහා සෑයේ තැම්පත් කිරිම පිනිස නා ලොවින් සර්වඥ ධාතු වැඩම කරන සෝණුත්තර නම් යතිවරයාණන් වහන්සේට නා රජු කි බස එහි අන්තර්ගත වේ. 

දේවේන්ද්‍ර මහතා තවදුරටත් සිය අදහස විග්‍රහ කරමින් සඳකඩපහනට විවිධ රූ කැටයම් එත් වුයේ කලාවේ සේවයට යැයි ද පවසති. එසේ නොමැතිව ගැඹුරු අරුතක් ද්වනිත කිරිමේ අරමුණින් ඒවා නිර්මාණය කරන්ට ඇතැයි යන මතය ඒ මහතා වක්‍රාකාරව ප්‍රතික්ෂේප කර ඇත.(දේවේන්ද්‍ර.ඞ.ටී.1970 සඳකඩපහණ සහා වෙනත් ලිපි කෘතිය 5-6 පිටු) මේ සදහා උදාහරණ වශයෙන් නාගර්ජුනකොණ්ඩයේ සඳකඩපහණක් ද කැටයම් රූ කිසිත් නොමැතිව ලංකාවේ දක්නට ලැබෙන සඳකඩ පහනක් ද පෙන්වා දෙනු ලබයි. නාගර්ජ්නකොණ්ඩයේ සඳකඩපහණේ ඇත්තේ ඔටුවා- මුවා- පියාපත් සහිත සිංහයා ආදි සතුන්ගේ රූපයන් ය.මෙම උදාහණ දෙකට අමතරව ඒක කේන්ද්‍රීව විහිදි ගිය අඩ වෘත්තාකාර රේඛා සටහන් පමණක් ඇතිව ලංකාවෙන් හමු වි ඇති සඳකඩපහනක් ද උදාහරණ වශයෙන් දක්වා ඇත. සත්ත්ව රූපවලින් ගැඹුරු අරුතක් ජනනය කරන්නේ නම් ඉහතින් කි සඳකඩපහණ් පිළිබදව කුමක් පැවසිය හැකි ද යන්න මෙතුමා වක්‍රව ප්‍රශ්ණ කරනු ලබයි

විලියම් ඊ වෝඩ් නැමැති කලා විචාරකයා පවසන ආකාරයට ඔහුගේ අදහස වන්නේ විහාරයට ඇතුල්වන පුද්ගලයා පළමුව සංකේතාත්මකව නෙළුම් මලින් ආත්ම පූජාව සිදු කරනු බවයි. සඳකඩපහණේ සත්ත්ව රූප අතරින් ඇත් - අස් - ගව - සිංහ රූපවලින් සතරවරම් දෙවිවරුන් ද හංස රූප මගින් පංචම දිශාව හෙවත් අහස ද නිරූපනය වන බව බෙන්ජමින් රෝලන්ඞ් මහතා පවසයි. සඳකඩපහණේ පිටතම තීරයේ ඇත්තේ පලාපෙති රටාවක් බව ජේ. ජී. ස්මින්දර් මහතා හා ආනන්ද කුමාරස්වාමි මහතා පවසිනු ලබයි. 

මාර්ටින් වික්‍රමසිංහ මහතා සිය මතය දැක්විමට පාදක කරගනු ලැබුවේ හින්දු දේව සංකල්පයන් හා ඒ මගින් බුදු දහමට ඇති වු බලපෑම්වලට එදිරිව බෞද්ධයන් විසින් ගෙන ගිය ක්‍රියා මාර්ගයයි. නමුත් එතුමාගේ මතය පිළිගත නොහැකි තැන් ඇත. හින්දු සමයේ තර්ජන බුදු සමය කෙරේ තදින් ම බලපෑවේ අනුරාධපුර යුගයේ නොවන අතර එය තදින් ම බලපෑවේ පොළොන්නරු යුගයේ හා ඊට පසු කාලවලයි. නමුත් වික්‍රමසිංහ මහතා අදහස් දක්වන්නේ අනුරපුර සඳකඩපහණ මුල් කරගෙනය. අනුරපුර යුගයේ බුදු සමයට අභියෝග එල්ලවුයේ බුදු සමයේ ම නිකායන් වලිනි. එම අභියෝගවලට තදින්ම බලපෑවේ දේව සංකල්ප නොවේ. අල්පේච්ඡ ජිවිතය හා නිර්වානය පිළිබදව බුදු සමයේ ඉගැන්විම්වලට පටහැනිව නැගි සිටි බලවේගයන් වේ. ඒ නිසාම හින්දු දේව සංකල්ප මැඩිමේ මුවාවෙන් එම දෙවිවරුන්ගේ වාහනය වශයෙන් යොදාගත් සත්ත්ව රූප සඳකඩ පහණට යෙදුවේ ද යන්න උගහට මතයකි. අනෙක් කරුන වන්නේ හින්දු දෙවිවරුන්ගේ වාහනය හෝ සංකේත වශයෙන් සිංහයා හා අශ්වයා යොදා ගත් බවක් ද නොපෙනේ. නමුත් ගවයා හංසයා හා ඇතා යොදා ගත් බව ප්‍රකට වේ. මෙහිදි හින්දු දේව සංකල්ප මැඩිමේ අරමුනින් මේ රූප සටහන් සඳකඩපහනට යොදා ගත්තේ නම් පොළොන්නරු යුගයේ දි සඳකඩපහණින් ගවයා පමනක් නොව අශ්වයා හා සිංහයා හැර සෙසු සතුන් සියල්ල ඉවත් කල යුතුව තිබුනි. නමුත් සිදු වුයේ පොළොන්නරු යුගයේ දි ගව රුවද ඇතැම් විට සිංහ රුව ද සඳකඩ පහණින් ඉවත් විමයි. කෙසේ කෙහොම නමුදු වික්‍රමසිංහ මහතා පවසන ආකාරයට සඳකඩපහණෙහි ඇත්තේ සිංහල කලා කරුවාගේ දක්ෂතාවය බවයි.

ගුණපාල සේනාධිර මහතාට අනුව සඳකඩපහණේ ඇත්තේ සුභ සංකේත පෙලකි. මෙතුමා ලියු ‘මංගල සංකේත හා සඳකඩපහණ’ නම් කෘතියට අනුව පිටත ඇති ලියපත් රටාව (පරණවිතාරන මහතා ගිනිදැලි රටාව ලෙස හදුන්වන රටාව) වර්ධනයේ සංකේතයක් නිසා ද, සංහයා පරාක්‍රමය වික්‍රමය හා කායශක්තියේ සංකේතයක් වන නිසා ද, ඇතා පූර්ණ වර්ධනය, සුවිශේෂ කායශක්තිය හා සහනශිලිත්වයේ සංකේතයක් වන නිසා ද, අශ්වයා සංකේතයේ හා ජවයේ සංකේතයක් වන නිසා ද, හංසයා බුද්ධියේ සංකේතය වන නිසා ද, ප්‍රබුද්ධ පද්මය සුර්යයාගේ සංකේතයක් වන නිසා ද සඳකඩපහණින් සංකේතවත් වන්නේ ශුභ සංකේතයන් යැයි ඒ මහතා මෙහිදි ප්‍රකාශ කරනු ලබයි. නමුත් හංසයාගෙන් සංකේතවත් කෙරෙන බුද්ධියේ සංකේතය හැරුණු කල සෙසු සංකේත විහාරස්ථානයක ඇති වාමන රුප, ඇත් රූප, මකර රුප ආදියෙහි භාවිතා කිරිම තුලින් ලබා දුන් නිහඩ අධ්‍යාපනය මේ ශුභ සංකේතවලින් ලැබෙන්නේ ද යන්න ද විමසුමට බදුන් කළ යුතු කාරනාවක් විය. කාය ශක්තිය , වික්‍රමය ලිංගික ශක්තිය ජවය ආදිය ලෞකික අවශ්‍යතාවයන් විය. නමුත් විහාරස්ථානය යනු මිනිසාගේ ආධයාත්මික ශක්තිය පුබුදු කරවන ස්ථානයක් වන නිසාම සේනාධිර මහතාගේ අර්ථ දැක්විම පිළිබදව තවත් වරක් සිතා බැලිය යුතු විය. 


12 comments:

ආදරේ දුක

සුළඟ පසුපස හඹා යමි මම, නිහඬ වන්නේ කෙලෙස ද සොයා යා යුතු ය ආදරය... අහිමි වී ගිය සන්තකයම, යලිත් ඉල්ලා හඬන හඳවත වාවන්නේ කෙලෙස නම් මම... වැතිර හෝ...