ජනශ්රැති යනු ඕනෑම සමාජයකට උරුම වූ හා එම සමාජයේ ම අනන්‍ය ලක්ෂණ සහිතව පරපුරෙන් පරපුරට දායාද කරන ලද ඥාන සම්භාරයකි.ඒ තුළ මුඛ පරම්පරාවෙන් පැවත ගෙන එන ජන කතා, ජන කවි, ජන ඇදහිලි, ජන ආගම්, ජන රංග කලා, ජන ක්‍රීඩා, තේරවිලි, ප්‍රස්ථාව පිරුළු , උපමා හා වෙදකම ආදී බොහෝ අංගයන් අයත් වේ. මෙම සියලුම අංගයන් මානව සමාජය විසින් නිර්මාණය කර පවත්වාගෙන එනු ලබයි. යම් රටක සංස්කෘතියේ ස්වභාවය අධ්‍යයනය කිරීම යනු එම සමාජයට අයත් ජනශ්රැතිය අධ්‍යයනය කිරීමයි.ජනශ්රැතිය සම්බන්ධයෙන් තොරතුරු විග්රහ කිරීමේදී ශ්‍රී ලංකාවේ අග්‍රගණ්‍ය ආචාර්යවරයකු වන ආනන්ද කේ. කුමාරස්වාමි මහතා සුවිශේෂි වේ. මෙතුමාගේ ප්‍රකාශයක් ලෙස
“ඓතිහාසික පර්යේෂණයට ලක් වූ යුගවලට පෙර සිට ග්රන්ථවලින් නොව මුඛ පරම්පරාවෙන් සහ මනුෂ්‍ය චර්යාවෙන් පැවත එන පුරාවෘත්ත, සුරංගනා කතා, කවි කතා, කෙළි සෙල්ලම් සහ ඒ ආශ්රිත භාණ්ඩ ආදී වූ පරිපුර්ණ අඛණ්ඩ සංස්කෘතික සම්බන්ධතාව ජනශ්‍රැතියයි. ”
මේ අනුව යම් සමාජයක් අධ්‍යයනය කිරීමට අවශ්‍ය වන්නේ නම් එහි ජනශ්රැතිය අධ්‍යයනය කළ යුතුය යන්න මනාව අවබෝධ වනු ඇත.
ජනශ්රැතිය තරම් මානවයාගේ හර්ද ස්පන්දනට සමීප වූ වෙනත් මාධ්‍යක් නොමැති තරම්ය .මිනිසාගේ සන්නිවේදන ශක්‍යතාවය ආරම්භ වූ දා ජනශ්රැතිය එතරම්ම අවියෝජනීය වූවකි.මෙහිදී ජන යනු සමූහය යන්න බව සදහන් කල හැකිය ."ජන " යන්න නිර්මාණය වී ඇති කුඩාම ඒකකය වන්නේ පුද්ගලයාය.එම පුද්ගලයා තුළ නිදහස් චිත්ත ශක්තියක් මගින් ගොඩනැගුණු නිර්මාණශීලිත්වයක් පවතියි .ඔවුන් එකිනෙකට සමාන වන්නේ නිශ්චිත භූගෝලීය සීමාවක ජීවත් වීම ,එක් සංස්කෘතියක් තුළ රාමුගත වීම ,ආගමික හා විශ්වාසයන් බොහෝ දුරට සමාන වීම ,සමාන භාෂාවක් භාවිතා කිරීම යන සාධකයන් මත පමණි ."ශ්‍රැතිය" යනු රිද්මයයි .මේ අනුව එය "ජන රිද්මය" ලෙසින් අර්ථ ගැන්විය හැකිය .මෙම ජන රිද්මය එය අයත්වන ජන සමූහය ශිෂ්ටාචාර ගත වීමේ ශක්‍යතාවය ඉතා සියුම් හා වඩා තීව්ර ලෙස නිරූපණය කරන්නකි.
ඒ අනුව මහාචාර්ය නන්දසේන රත්නපාල මහතා ජනශ්රැතිය අර්ථ ගැන්වූයේ , ජනශ්රැතිය යනු ප්‍රාථමික හෝ සංකීර්ණ බවට පත් නූතන හෝ ජන සමූහයක් අතර කාලයක් තිස්සේ මුඛ පරම්පරාගත සම්ප්‍රදායෙන් ව්‍යාප්ත වූ
ඣාන සම්භාරයය්.එය ගද්‍යයෙන් හෝ පද්‍යයෙන් දෙකෙන්ම නිර්මාණය වී පරම්පරවෙන් පරම්පරවට පැවත යනු දැක ගන්නට පුලුවන් ලෙසිනි.
මානව ශිෂ්ටාචාරයේ ආරම්භයේ පටන් සන්නිවේදනය ආරම්භ වූ අතර ජනශ්‍රැතියට ඒ සා ඉතිහාසයක් හිමි වේ.ප්‍රාථමික මානවයා ඉතා සරල දිවි පෙවෙතක් ගත කල ඇත්තෝ වෙති .ඔවුන් ජීවත් වූ සමාජය ,වටපිටාව පිලිබද බරපතළ චින්තනයක් නොවීය .දඩයම මූලික විය.ඉර හද තාරකා ජලය ආදී ස්වභාවික ධර්මය මූලික විය.විශාල ගස් දුටු විට වැදීමට සිතීය. ඉර හද තාරකා අත්භූත වස්තු ලෙස දුටු අතර ජලයට ගින්නට විශාල බලයක් ඇති බව සිතීය .කදු ගල් ආදිය බලවත් වස්තු ලෙස දැක ඒ හරහා එම ස්වභාවික දේ වන්දනාමාන කිරීමට යොමු වීය.දඩයමේ ගිය පිරිසට ආශිර්වාද කිරීමට ගීත ගායනා කරනු ලැබීය .ගැහැණු පිරිස තම දරුවන් නැලවීමට ගීත ගායනා කරනු ලැබීය .එසේම දඩයමෙන් ගෙන ආ මස්,මැස්සක් උඩ තබා පිලිස්සූ අතර පිරිම පිරිස ඒ වටා නැටූහ.ඒ අනුව සුන්දර සන්නිවේදන රටාවක් ජනශ්රැතිය වටා ඒකරාශී විය.ජනශ්රැතිය තුලින් ගැමි ජනයාගේ අව්‍යාජත්වය ,අනුවේදනීයත්වය ද පිලිබිඹු විය.
වී ගොවිතැන ප්‍රධාන ජීවනෝපාය කර ගත් සරල කෘෂිකාර්මික සමාජයක් එකල දක්නට ලැබුණි.වර්තමානයේ දී මෙම ලක්ෂණ දැක ගත හැකිය .ඒ අනුව ජනශ්රැති අංගෝපාංග යොදා ගනිමින් ගැමියාගේ දුක් කම්කටොලු ගැමි දිවි පෙවෙත සංකේතාර්තවත්ව පල කර ඇත.පොදු ජනයා අතර පරම්පරාවෙන් පරම්පරාවට කාලාන්තරයක් මුලුල්ලෙහි නිර්මාණය වී අලිඛිතව ජනශ්රැතිය පැවතී ගෙන එය්.ඒ අනුව ජනශ්රැති අංගෝපාංග ලෙස ජන කවි,ජන කතා,ජන ගී,තේරවිලි, ජන ක්‍රීඩා ,ඇදහිලි,ශාන්තිකර්ම,යාතුකර්ම ආදී මෙකී නොකී දෑය .මේවා ඕපපාතිකව පහළ වූවක් නොව මානව අවශ්‍යතා පදනම් කර ගෙන මානව චර්යාවන් හා ගැටෙමින් වැඩුණු බව සැලකිය යුතුය .
කෘෂිකර්මාන්තය පදනම් කර ගත් අපේ ලාංකීය සංස්කෘතිය පිලිබද මෙම ජනශ්රැති අංගෝපාංග තුළින් පිළිඹිබු වේ.එනම් ඔවුන් එම කර්මාන්තයේ නියැලී සිටි අතරතුර පාලුව,කාංසිය,වෙහෙස මහන්සිය නිවා ගැනීමට කමතේ දී ජන කවි ගායනා කලේය.කුඹුරේ දී ජන කවි ගායනා කලේය .ඒ අනුව ජන කවි තුළින් කෘෂිකර්මාන්තය ජීවනෝපාය කර ගත් ගැමි ජනයාගේ සරල ගැමි පෙවෙතත් ඔවුන්ගේ දරිද්‍රතාව හා දුක් කම්කටොලු පිලිබඳවත් හදුනා ගත හැකිය .
තවද ජකතා තුළින් ලාංකික සමාජයට උපදේශනයන් ලබා දේ.ශාන්තිකර්ම හරහා ලාංකීය සංස්කෘතිට ආවේනික වූ සංස්කෘතික ලක්ෂණ දැකගත හැකිය .ජන කෙලි තුළින් ද මතු වනුයේ අපේ සංස්කෘතියට අනන්‍යය වූ ලක්ෂණ වේ.ඒ අනුව ජනශ්රැතිය අධ්‍යනය කිරීම තුළින් අපගේ සංස්කෘතියට අනන්‍යය වූ ලක්ෂණ හදුනා ගත හැකිය .එනම් එය අපේ කමේ ප්රතිමූර්තියය්.
ජන කවි
ජන කතා පමණක් නොව ජන කවියද විවිධ ස්වරූප ගනියි. ජන ජීවිතයේ සෑම අංශයක්ම ජන කවිය මගින් ආවරණය වෙයි. විවිධ කර්මාන්තවල නියැලි සිටින වෘත්තිකයන්ට තම කර්මාන්තයේ අනන්‍යතාව පිළිබිඹු කරන කවි පෙළක් ඇතැයි කිව හැකිය. කරත්ත කවි, පතල් කවි, පාරු කවි ආදිය එයට උදාහරණයකි. එමෙන්ම කෘෂිකාර්මිකයන් අතර ඇති ගොයම් කවි නෙළුම් කවි මගින් ඔවුන්ගේ දින චර්යාව ජීවන රටාව පිළිබිඹු වෙයි. ජන කවි මගින් ස්වභාවධර්මය හා ඔවුන්ගේ ආර්ථික හා සමාජ පරිසරය සමඟ ඇති සෘජු සබඳතාව පිළිබිඹු වෙයි. පැල්කවි, පතල් කවි, කරත්ත කවි මෙන්ම පාරු කවිද ඒ ඒ ගති ස්වභාවය හා තම රැකියාවේ කෙතරම් දුෂ්කරතා මධ්‍යයේ සිදු කරන්නේද යන්න කියාපායි
ඉන්නෙ දුම්බරයි මහ කළු ගලක් යට
කන්නේ කරවලයි රට හාලේ බතට
බොන්නේ බොරදියයි පූරුවෙ කළ පවට
යන්නේ කවදාද මවුපියෝ දකින්නට
දුප්පත්කමට ගොන් බැඳගෙන දක්කනවා
කන්ට නැතිව දිවා රෑ දෙක වෙහෙසෙනවා
ගොන්ටත් නොයෙක් වද දී අපි ගෙනියනවා
දැන්වත් අපිට දෙවියෝ පිහිටක වෙනවා
ජන කවියේ ඇති වැදගත්ම ලක්ෂණය නම් ජන කතා ඇතුළු අනෙකුත් සියළුම ජනශ්රැති අංග සමඟ ජනකවි සෘජු සම්බන්ධතාවක් තිබීමයි. විශේෂයෙන්ම ජන ශාන්ති කර්ම, ජන නැටුම්, ජන කර්මාන්ත, ජන ක්‍රීඩා යන ජනශ්රැති අංගවලදී කවිය අත්‍යවශ්‍ය සාධකයක් වී ඇත. මෙයට හේතුව වී ඇත්තේ යම් කාර්යයක් සිදු කිරීමේදී සහ යමක් අවධාරණය කිරීමේදී පැහැදිලි කිරීමේදී මතක තබා ගැනීමේදී එය ගීතවත් බවකින් තිබීම ඉතා පහසුවීම විය හැකිය.
ජන කතා
ජන කතාව සෑම සමාජයකටම පොදු වූ ජනශ්රැති අංගයකි. ප්රාග් ලිඛිත සහ ලිඛිත ජන සමාජවල වෙනසකින් තොරව තවමත් ක්‍රියාත්මක වෙයි. දෙවියන්, සුරංගනාවන්, යක්ෂයන්, භූතයන් හෝ මෙබදු බලයක් ලැබූ මනුෂ්‍යයන් එසේත් නැති නම් ඒ හා සමාන මනුෂ්‍යයන් ජනකතාවලට බොහෝ විට පාදක වී ඇත. මේ මගින් කුතුහලයක්, බියමුසු ගෞරවයක්, බැඳීමක්, ජනකතා සමඟ ඇති වේ. එමෙන්ම කිසියම් ජන සමාජයක ඇති විවිධ විශ්වාස ධර්මතා හොඳ නරක යන කාරණා සමඟද ජනකතා බැඳී ඇත. උත්සාහය, ධෛර්යය, විශ්වාසය ඇති කිරීම සඳහා ජනකතා අපේ පැරුන්නන් තම දූ මුණුබුරන්ට කියාදී ඇති බව නොරහසකි. සවස් යාමයේ හෝ රාත්‍රියේ එළියේ පිලේ හිඳ ගන්නා සීයා ආච්චී හෝ වෙනත් වැඩිහිටියෙක් දරුවන්ට කතා කියා දෙයි. ඒ අතර ඉහත ගුණාංග ඇතුළත් වීර කතා දේව කතා සුරංගනා කතා ආදිය ඇත. එමගින් දරුවන්ට හොඳ නරක කියා දෙයි. ඉදිරි ජීවිතයේ අභියෝගවලට මුහුණදීම සඳහා අවශ්‍ය දැන නුවණ සපයයි. දරුවන්ට සිත් ඇද ගන්නා අයුරින් සකස් වී ඇති නිසා ඔවුන් තුළ ධර්මතා අගනාකම් සාරධර්ම අභ්‍යන්තරීකරණය කිරීමේ හැකියාවක් ජනකතාවලට ඇත.
ජනකතා විශේෂයෙන්ම ගැමියන්ට, ප්‍රාථමික මිනිසුන්ට එදිනෙදා ජීවිතයේ කටයුතු කරගෙන යාමට අවශ්‍ය මග පෙන්වීම ලබාදෙයි. උපත වැඩිවිය පැමිණීම, විවාහය, මරණය ආදී ද්වාරකර්ම අවස්ථාවක සිංහල අවුරුදු උත්සවය හෝ වෙනත් ආගමික හා සමාජයීය අවස්ථාවලදී කටයුතු සිද්ධ වේනනේ මෙසේ යයි ජනකතාවල උදාහරණ සහිතව සඳහන් වෙයි. රටක, ජන සමාජයක ආරම්භය විකාසනය සිදුවූ ආකාරය විමසන විට ඒ ඒ ජන කණ්ඩායම් අතර ඇති සබඳතාව ඓතිහාසිකව පැවත ආ ආකාරය තේරුම් ගන්නට ඒ හා බැදුණු ජනප්‍රවාද, ඓතිහාසික වෘත්තාන්ත ලෙස ඇති ජනකතා අපට උපකාර වෙයි. එය ජන කතාවල මානව විද්‍යාත්මක අගය මැනවින් පිළිබිඹු වන කරුණකි.
ලාංකේය සිංහල මහා සමාජයට විවිධ ආකාරයෙන් සම්බන්ධ වී ඇති කුඩා ජනකොටස් සැම එකක් සමඟම මෙබඳු ජන කතා ගොඩනැගී ඇත. එම ජනකතා වල ඔවුන් කිසියම් රජ පරම්පරාවකින් පැවත එන්නේ යයි සඳහන් වීම සාමාන්‍ය දෙයකි. විශේෂයෙන්ම සාම්ප්‍රදායික වැඩ වසම් සමාජයේ පහළ සමාජ තත්ත්වයන් උරුම වී තිබුණු ජන කොටස් අතර මෙය දැකිය හැකිය. “ජන කතා ගොඩ නැගෙන්නේ සමූහයට අවශ්‍ය නිසයි. එය මිනිස් අවශ්‍යතා සපුරයි” (රත්නපාල, 1995). යන ජන කතා පිළිබඳ ඉදිරිපත් වී ඇති අදහස මේ මගින් සනාථ වෙයි.
ජන ආගම ජන ශාන්තිකර්ම හා ජන වෙදකම
ජනශ්රැති අංගයක් ලෙස ජන ආගම විශේෂ ස්ථානයක් ගනියි. ආගමික ඇදහිලි විශ්වාස අභිචාර විධි අතර ඇත්තේ මිතයන් ය (Myths). මේවා අධිකාරි බලයක් ලෙස සමාජයේ ක්‍රියාත්මක වේ. ප්‍රකට මානව විද්‍යාඥයකු වන මැලිනොවුස්කි පැහැදිළි කරන ආකාරයට මෙම මිතයන් නිසා සමූහයක් ලෙස පැන නගින විශ්වාස විවරණය වී ආගමික ඇදහිල්ලක් ලෙස එක්තරා ආකාරයකට ගොනුවීමක් සිදුවෙයි. (Mailinowski, 1926) ට්රොබියන්ඩ් දූපත්වාසීන් ඇසුරින් තවදුරටත් අදහස් දක්වන ඔහු පෙන්වා දෙන්නේ මෙමගින් යම් සංස්කෘතික ධර්මතා අගනාකම් පෝෂණය වී එදිනෙදා ජීවිතය ගෙන යාමට මිනිසාට මග පෙන්වීමක් සිදුකරන බවයි. පුද්ගල ජීවිතයේ අප මුහුණ දෙන සංක්‍රාන්ති අවස්ථා සහ වෙනත් සන්ධිස්ථාන, සුවිශේෂ අවස්ථාහිදී අපට ඇති වන මානසික අපහසුතාවලට නොබියව මුහුණ දීමට අවශ්‍ය ශක්තිය ලබාදෙයි. කිසියම් ආර්ථික හා සමාජයීය කටයුත්තක නිරත පුද්ගලයකුට වුවද අවශ්‍ය මානසික ශක්තිය ලබාගැනීම සඳහා ජන ආගමික වත් පිළිවෙත් යොදා ගනියි.
ආගම, ජන ආගමෙන් වෙනස් වන්නේදැයි විමසන විට ජන සමාජයක පවතින ආගමෙහි ජන ආගම අන්තර්ගත වී ඇති බව කිව යුතුය. එහෙත් ජන ආගමට අමතරව ආගමේ වෙනත් සමාජවලින් එකතු වූ ඇදහිලි විශ්වාසද ඇත. ජන ආගම යනු අදාළ සංස්කෘතියෙහි ඉපිද පරම්පරාවෙන් පරම්පරාවට ජනවහරේ පැමිණි ඇදහිලි විශ්වාසයි. පරිබාහිරින් පැමිණි ඇදහිලි විශ්වාසද ජනවහරේ කොටසක් වීමට ඉඩ ඇත. එයට කාලයක් ගත වෙයි. කෙතරම් කාලයක් ගතවුවත් එය සිදු නොවීමටද ඉඩ ඇත. සෑම ජනශ්රැති අංගයකම මේ ස්වභාවය නොතිබුණද ජන ආගමෙහි මෙය පැහැදිළිව දක්නට ලැබෙයි. ජන ශාන්තිකර්ම ගොඩ නැගුනේ ජන ආගම පදනම් කරගෙනයි. ජන ආගම හා ශාන්තිකර්ම යනු දෙකක් නොවන බව සමහර විද්වතුන්ගේ මතයයි. කෙසේ වුවත් මේ අංග දෙකම ජන වෙදකම සමඟද බැඳී පවතියි.
ගැමි සහ ප්‍රාථමික සමාජයන්හි ජන කතා, ජන කවි, ජන ආගම මෙන්ම ජන ක්‍රීඩා සම්බන්ධ කරගනිමින් සිදුකරන ජන ශාන්ති කර්ම බහුල වශයෙන් ඇත. ජන ශාන්තිකර්ම අදාළ ජන සමාජයට සුවිසල් කාර්ය භාරයක් ඉටුකරයි. රෝග නිවාරණය ආර්ථික සමෘද්ධිය, ආරක්ෂාව, විනෝදාස්වාදය දෙවියන්ට ගරුබුහුමන් කිරීම ආදිය සඳහා මූලිකව මේවා යොදා ගනියි. සාමාන්‍යයෙන් ජන ශාන්තිකර්මයක් එක් පුද්ගලයෙක් අරබයා මෙන්ම සමස්ත ජන සමාජය උදෙසා පවත්වනු ලබයි. ඒ කෙසේ වුවත් එයට සම්බන්ධ වන පිරිස විශාලය. එය සමූහයක එකමුතුකම ඇති කිරීමට බලපායි. එමෙන්ම තමන් සිදු කරන සියළු ආර්ථික හා සමාජ කාර්යයන්හි සාර්ථකත්වය ඇති කරගැනීම සඳහා මානසික පෙළඹීමක් ඇති කරයි.
ඉහත විස්තර කළ ජනශ්රැති අංගවලට අමතරව විනෝදාස්වාදය උදෙසා පවත්වන ජන ක්‍රීඩාද දැකිය හැකිය. සිංහල ජනශ්රැතියෙන් එයට උදාහරණ රාශියක් ලබාගත හැකිය. ඔළිඳ කෙළිය, රබන් ගැසීම, චක්කුඩු ගැසීම, පොර පොල් ගැසීම, අංකෙළිය, මේ වර කෙළිය මෙයට උදාහරණ වේ. මෙම ක්‍රීඩාවල ඇති ශික්ෂණය හා ගෞරව සම්ප්‍රයුක්ත බව වෙනත් ක්‍රීඩාවල දැකිය නොහැකිය. මේ හුදු තරඟකාරීත්වය සඳහා නොව සමාජ සබඳතා පැවැත්වීමේ උපක්‍රම ලෙස යොදා ගැනීම විශේෂත්වයකි. ජන උත්සවවලදී එනම් අවුරුදු උත්සවය වැනි අවස්ථාවලදී මේ ක්‍රීඩා දක්නට ලැබේ. මේ සියළු උදාහරණ වලින් තහවුරු වන ප්‍රධාන කරුණක් නම් ජනශ්රැති අංගවල ඇති අන්‍යොන්‍ය සබැඳියාවයි. ජනශ්රැතියක් යම් ජන කණ්ඩායමක් ඇසුරෙහි පාරම්පරිකව පැවත එන්නේ සාමූහික උත්සාහය මඟිනි.

❤
ReplyDeleteWow❤
ReplyDelete❤️❤️
ReplyDelete❤️
ReplyDelete🥰🥰🥰👍
ReplyDelete😎
ReplyDelete❤️❤️❤️
ReplyDelete❤️❤️
ReplyDelete❤️✨
ReplyDelete❤️✨
ReplyDelete❤️✨
ReplyDelete❤️✨
ReplyDelete❤️✨
ReplyDelete❤️✨
ReplyDelete❤️✨
ReplyDelete👍👍👍
ReplyDelete👍👍👍👍
ReplyDelete👍👍👍
ReplyDelete👍👍👍👍
ReplyDelete👍👍👍👍
ReplyDelete👍👍👍👍
ReplyDelete