ජනමාධ්‍ය වර්ගීකරණය
ජනමාධ්‍ය මූලික කොටස් දෙකක් යටතේ වර්ග කළ හැකිය.
1.මුද්‍රිත මාධ්‍යය
2.විද්‍යුත් මාධ්‍යය
මුද්‍රිත මාධ්‍යය අතර පුවත්පත්,පොත් හා සඟරා හදුනගත හැකිය.විද්‍යුත් මාධ්‍යය ලෙස ගුවන් විදුලිය හා රූපවාහිනිය හදුනාගත හැකිය.
පුවත්පත
ජන මාධ්‍යය අතරින් මුල්ම සංවිධිත මාධ්‍යය වන්නේ පුවත්පතයි. පුවත්පත යන්න පැහැදිලි කිරීමට නිර්වචන කිහිපයක් බිහි වී ඇත.
1. "ප්‍රවෘත්ති ප්‍රසිද්ධ කරන පත්‍රය පුවත්පතයි."
- සුමංගල ශබ්දකෝෂය
2. "මහජනයා උනන්දුවක් දක්වන ප්‍රවෘත්ති,වෙළඳ දැන්වීම් , සාහිත්‍ය හා සම්බන්ධ කරැණු හා අනෙකුත් අංශ ඇතුළත් ව දිනපතා හෝ සතිපතා පළ කරන මුද්‍රිත ප්‍රකාශනය පුවත්පතයි."
3. "සුවිශේෂි භූගෝලීීය කලාපයක වෙසෙන බහුර ජනතාවකට අයත් පොදු රුචිකත්වයන් අඩංගු ප්‍රවෘත්ති දැක්වෙන දිනපතා හෝ සතිපතා නිකුත්වන ප්‍රකාශනයකි."
- යුනෙස්කෝ සංවිධානය
4. "පොදු පුවත් ආරංචි හෝ සිදුවීම් ඇතුළත් කොට මුද්‍රණය කරනු ලබන හෝ පළ කරනු ලබන දෙය පුවත්පතකි."
- ශ්‍රි ලංකා පුවත්පත් මණ්ඩල පනත
පුවත්පත යන්න "ප්‍රවෘත්ති අඩංගු පත්‍රිකා" යන සාමාන්‍ය ව්‍යවහාරය ගෙන දෙන අතර එය එකට ගොනු වූ කටු ගසා අමුණා නැති කඩදාසි ගොනුවකි. එය දිනපතා,සතිපතා වශයෙන් පළ විය හැකි අතර ඊට ප්‍රවෘත්ති ඡායාරූප,විශේෂාංග හා දැන්වීම් ඇතුළත් වේ. එමෙන්ම ඊට විශේෂිත වූ නමක්ද යොදයි.
මහාචාර්ය සුනන්ද මහේන්ද්‍රයන් විසින් සිය'සන්නිවේදන ශබ්දාකරය' කෘතියේ පුවත්පත යන්න වඩාත් සවිස්තරාත්මකව විග්‍රහ කර ඇත.
" පුවත්පත - දිනපතා සතිපතා හෝ වාරාණුකූලව පුවත් සැපයීමේ අරමුණින් පළමුවෙන් පටන් ගත් පත්‍රිකා විශේෂයකි. එහෙත් කාලානුරූපව පුවත්පත යනු හුදු පුවත් සැපයීම සඳහාම වෙන් වූ මාධ්‍යක් වෙනුවට ඊට වඩා විවිධ අංගෝපංගයන් ඇතුඵ වූ ප්‍රකාශන විශේෂයක් ලෙස සැලකිනි.පුවත්පත් සදහා ආරම්භයේදී දෙනු ලැබූ නිර්වචන වෙනස් වී ඇත්තේ තාක්ෂණය හේතු කොට ගෙනයි. නවීන දිනපතා පුවත්පතක් හෝ සතිපතා පුවත්පතක් විශේෂාංග රාශියකින් සමන්විතය.දේශීය හා විදේශීය පුවත් සම්පාදනය හැරැණු කොට ඡායාරූප,කාටුන්,චිත්‍ර,තීරු රචනා,වෙළද දැන්වීම් ,කතුවැති නිර්මාණාංග ඇතුළත්වේ.පුවත්පත් වර්ගද කිහිපයක් ඇත. සාමාන්‍ය තොරතුරුසම්පාදනය හා විශේෂාංග ඇතුළත් පුවතිපති හැරැණු විට විවිධ විෂයන්ට යොමු වුණු විශේෂ වර්ගයේ පුවත්පත් බිහි වී තිබේ. ළමා,කාන්තා,ක්‍රීඩා ,විද්‍යා ,සිනමා ඉන් කිහිපයකි."
මුද්‍රිත මාධ්‍යය ස්වරූප අතර පුවත්පත වැදගත් වන්නේ එය ප්‍රබල ජන මාධ්‍යයක් වන බැවිනි. ඒ අනුව පුවත්පතක සුවිශේෂී ලක්ෂණය වන්නේ සිය ආකෘති මඟින් කාලීන පාඨකයා සමීීප හා අදාළ වූ උණුසුම් තොරතුරු ලබා දීමයි. මෙවැනි තොරතුරු ප්‍රවෘත්ති,විශේෂාංග,තීරුලිපි,කාටුන්,ඡායාරූප යනාදී ආකෘති මඟින් ඉදිරිපත් කළ හැකිය. මෙම ආකෘති නිර්මාණශීලීව හා හරවත්ව භාවිතා කරමින් පාඨකයා කරා සාර්ථකව තොරතුරු සන්නිවේදනය කළ හැකිය. ප්‍රවෘත්තියක කාලීීන බව සැනෙකින් වියැකී යන බැවින් නිරන්තරව නැවුම් ප්‍රවෘත්ති ඇතුළත් කරමින් පුවත්පත් සකස් කිරීමට සිදු වීම මාධ්‍යවේදීන්ට අභියෝගයක් බවට පත් වේ. කඩිනම්න් ප්‍රවෘත්ති රැස් කිරීම හා ඉදිරිපත් කිරීම තුළ කාලීන බව ආරක්ෂා වේ.
පුවත්පත්වල පළවන ලිපි ගොනු ලෙස සකසා මාධ්‍ය ආයතන,පුස්තකාල,ලේඛනාරක්ෂණ ආයතනයන්හි ගබඩා කර තිබෙනු දැකගත හැකි වේ. මෙවැනි පුවත්පත් ලිපි ගොනු ශාස්ත්‍රීය පර්යේෂණ සදහා ඉවහල් කොට ගැනේ.
පුවත්පත් ඉතිහාසය සැකෙවින්
පුරාතන රෝමයේ " Acta Diurna" නම් 'රාජ්‍ය නිවේදන' නූතන පුවත්පත්වල ඓතිහාසික ආරම්භයට මුල් වූ බව සැලකේ. පසුකාලීනව බටහිර රටවල සිදු වු මුද්‍රණ ශිල්පයේ ව්‍යාප්තිය පදනම් කර ගනිමින් ප්‍රවෘත්ති පත්‍ර මුද්‍රණය සංවර්ධනය විය. ජර්මනියේ " Avrizo Relation Oderzeitung", එංගලන්තයේ " Weekly News", ප්‍රංශයේ " La Gasette" ඇමරිකාවේ " Publick Occurrences both Forreign and Domestick", එවන් පුවත්පත්ය. මුල් කාලයේ එංගන්තය ඇමරිකාව වැනි රටවල් විසින් පුවත්පත් මුද්‍රණයේදී වැඩි අවධාණයක් යොමු කරන ලද්දේ වෙළදුන් හා නාගරිකයන්ගේ අවශ්‍යතා කෙරෙහිය.මෙරටට මුද්‍රණ ශිල්පය හදුන්වා දුන්නේ ලන්දේසින් විසිනි. ශ්‍රී ලංකාවේ ප්‍රථම හා ප්‍රථම ඉංග්‍රීසි පුවත්පත ලෙස සැලකෙන්නේ 1832දී ප්‍රකාශයට පත් වූ 'කලම්බු ජර්නල්' (Colombo Journal) නම් පුවත්පතයි. එහි සංස්කාරක වූයේ ජෝර්ජ් ලීය.


ශ්‍රී ලංකාවේ පළමුවන සිංහල මාධ්‍ය පුවත්පත වන්නේ 1860 ජුනි මස පළ වු 'ලංකාලෝකය' පුවත්පතයි. මෙය බුලත්ගම ධම්මාලංකාර හිමියන් විසින් ආරම්භ කරන ලද අතර ලංකාලෝක මුද්‍රණාලයේදී (ගාල්ලේ) මුද්‍රණය කර ඇත.නමුත් මෙය පළමුවන සිංහල මාධ්‍ය පුවත්පත වුවද එය ලියාපදිංචි කර නැත.
ලියාපදිංචි කරන ලද පළමුවන සිංහල මාධ්‍ය පුවත්පත වන්නේ 'ලක්මිණි පහන' පුවත්පතයි. මෙය 1862 දී ප්‍රකාශයට පත් කරන ලද්දේ කොග්ගල පඞිතුමා විසිනි.
එසේම ශ්‍රි ලංකාවේ ප්‍රථම දෙමළ පුවත්පත ලෙස සලකන්නේ 1841දී යාපනයේදී ප්‍රකාශයට පත් කරන ලද හෙන්ඩ්‍රි මාටින් හා සෙයිපෙයිෂන් විසින් සංස්කරණය කරනලද 'උදය තාරකෛ'පුවත්පතයි.
කෙසේ නමුත් වර්තමානය වනවිට පුවත්පත අන්තර්ජාලය හා එක්ව සජීවී ලෙස එම මෙහොතේම කියවීමට හැකියාව ලැබී තිබේ. ඒ අනුව අපට විද්‍යුත් පුවත්පත් දෙයාකාරයකින් හදුනාගත හැකිය.
1. මුද්‍රිත පුවත්පතෙහි ම විද්‍යුත් පිටපත ( E - Paper )
මුද්‍රණය කිරීම සදහා සැලසුම් කරන පුවත්පතම විද්‍යුත් ස්වරූපයෙන් අන්තර්ජාලයට එක් කිරීම මෙහිදී සිදු වේ.මෙමගින් වැඩි පාඨක පිරිසක් අතර පුවත්පත සංසරණය වේ. විදේශගත වී සිටින ශ්‍රී ලාංකිකයන්ට පවා මෙරට පුවත්පත් අන්තර්ජාලය ඇසුරින් එලෙසින්ම කියවීමේ පහසුව ලැබේ.
විද්‍යුත් පුවත්පතවලට ප්‍රවෘත්ති,ඡායාරූප,චලන රූප, වීඩියෝ ආදී බොහෝ දේවල් ඇතුළත් කළ හැකි වේ. විද්‍යුත් පුවත්පත්වල ටපොදු ලක්ෂණ තිහිපයකි.
1. ක්ෂණික ව පුවත් දැන ගැනීමේ හැකියාව.
2. ගබඩාකර තබා ගැනීමේ පහසුව.
3. නැවත නැවත කියවිය හැකි වීම.
4. තොරතුරැ විෂයන් අනුව වර්ග කරමින් පළ කොට තිබීම.
5. යාවත්කාලීන කිරීමේ පහසුකම් වැඩි වීම.
6. ක්ෂණික පාඨක ප්‍රතිචාර ලැබීම.
එමෙන්ම අප එදිනෙදා පරිහරණයට යොදා ගනු ලබන පුවත්පත් ප්‍රමාණ වර්ග දෙකකි.
1. බ්‍රෝඩ්ෂීට් (Broadsheet)
සාම්ප්‍රදායික පුවත්පත් ප්‍රමාණය වන මෙය පළල් පිටු සහිතය. ජාතික සහ අන්තර්ජාතික තේමා වලින් යුතුව ඇත. ශ්‍රී ලංකාවේ දිනපතා හා සතිපතා ජාතික පුවත්පත් මේ ප්‍රමාණයෙන් යුතුය. ජනමාධ්‍යවේදීන් ' ෆුල් ඩිමයි' ලෙස මේවා හදුන්වා ඇත.
2. ටැබ්ලොයිඩ් පුවත්පත් (Tabloid)
බ්‍රෝඩ්ෂීට් පුවත්පතක පිටුවකින් හරි අඩක විශාලත්වයකින් යුතු පුවත්පත් ටැබ්ලොයිඩ් පුවත්පත් වේ. ඡායාරූප වැනි රසවින්දනය, කලා නිර්මාණ,විනෝදය,අපරාධ ආදී පුවත් මේ තුළ ඇත. බුදුසරණ,විජය ආදි පුවත්පත් මෙන් ම ජාතික පුවත්පත්වල අතිරේක (ලංකාදීප පුවත්පතේ එන සදැල්ල) ආදී පුවත්පත් මේ ප්‍රමාණයෙන් යුතුය.
මීට අමතරව බර්ලීනර් (Berliner) හා කොම්පැක්ට් (Compact) ආදී පුවත්පත් ප්‍රමාණ ද යුරෝපාකරයේ රටවල භාවිතාවනු පෙනේ.
2. සඟරා
ලියාපදිංචි කරන ලද පළමුවන සිංහල මාධ්‍ය පුවත්පත වන්නේ 'ලක්මිණි පහන' පුවත්පතයි. මෙය 1862 දී ප්‍රකාශයට පත් කරන ලද්දේ කොග්ගල පඞිතුමා විසිනි.
එසේම ශ්‍රි ලංකාවේ ප්‍රථම දෙමළ පුවත්පත ලෙස සලකන්නේ 1841දී යාපනයේදී ප්‍රකාශයට පත් කරන ලද හෙන්ඩ්‍රි මාටින් හා සෙයිපෙයිෂන් විසින් සංස්කරණය කරනලද 'උදය තාරකෛ'පුවත්පතයි.
කෙසේ නමුත් වර්තමානය වනවිට පුවත්පත අන්තර්ජාලය හා එක්ව සජීවී ලෙස එම මෙහොතේම කියවීමට හැකියාව ලැබී තිබේ. ඒ අනුව අපට විද්‍යුත් පුවත්පත් දෙයාකාරයකින් හදුනාගත හැකිය.
1. මුද්‍රිත පුවත්පතෙහි ම විද්‍යුත් පිටපත ( E - Paper )
මුද්‍රණය කිරීම සදහා සැලසුම් කරන පුවත්පතම විද්‍යුත් ස්වරූපයෙන් අන්තර්ජාලයට එක් කිරීම මෙහිදී සිදු වේ.මෙමගින් වැඩි පාඨක පිරිසක් අතර පුවත්පත සංසරණය වේ. විදේශගත වී සිටින ශ්‍රී ලාංකිකයන්ට පවා මෙරට පුවත්පත් අන්තර්ජාලය ඇසුරින් එලෙසින්ම කියවීමේ පහසුව ලැබේ.
2. අන්තර්ජාලයෙහි පමණක් පළ කෙරෙන විද්‍යුත් පුවත්පත් ( Online Edition )
විද්‍යුත් ක්‍රියාවලියෙහි ජනප්‍රිය ම ප්‍රවණතාව වන මෙහිදී ඉදිරිපත් කරන ප්‍රවෘත්තිවල කොටසක් ආරම්භක පිටුවේ දක්නට ලැබෙන අතර අවශ්‍ය නම් සබැඳීය ( Link ) සම්පූර්ණ ප්‍රවෘත්තියම කියවිය හැකිය. පුවත්පත පවත්වාගෙන යන පාර්ශවය නිරන්තරයෙන් ප්‍රවෘත්ති යාවත්කාලීන කරනු ලබයි.
විද්‍යුත් ක්‍රියාවලියෙහි ජනප්‍රිය ම ප්‍රවණතාව වන මෙහිදී ඉදිරිපත් කරන ප්‍රවෘත්තිවල කොටසක් ආරම්භක පිටුවේ දක්නට ලැබෙන අතර අවශ්‍ය නම් සබැඳීය ( Link ) සම්පූර්ණ ප්‍රවෘත්තියම කියවිය හැකිය. පුවත්පත පවත්වාගෙන යන පාර්ශවය නිරන්තරයෙන් ප්‍රවෘත්ති යාවත්කාලීන කරනු ලබයි.
විද්‍යුත් පුවත්පතවලට ප්‍රවෘත්ති,ඡායාරූප,චලන රූප, වීඩියෝ ආදී බොහෝ දේවල් ඇතුළත් කළ හැකි වේ. විද්‍යුත් පුවත්පත්වල ටපොදු ලක්ෂණ තිහිපයකි.
1. ක්ෂණික ව පුවත් දැන ගැනීමේ හැකියාව.
2. ගබඩාකර තබා ගැනීමේ පහසුව.
3. නැවත නැවත කියවිය හැකි වීම.
4. තොරතුරැ විෂයන් අනුව වර්ග කරමින් පළ කොට තිබීම.
5. යාවත්කාලීන කිරීමේ පහසුකම් වැඩි වීම.
6. ක්ෂණික පාඨක ප්‍රතිචාර ලැබීම.
එමෙන්ම අප එදිනෙදා පරිහරණයට යොදා ගනු ලබන පුවත්පත් ප්‍රමාණ වර්ග දෙකකි.
1. බ්‍රෝඩ්ෂීට් (Broadsheet)
![]() |
| බ්‍රෝඩ්ෂීට් (Broadsheet) |
2. ටැබ්ලොයිඩ් පුවත්පත් (Tabloid)
![]() |
| ටැබ්ලොයිඩ් පුවත්පත් (Tabloid) |
![]() |
| බර්ලීනර් (Berliner) |
![]() |
| කොම්පැක්ට් (Compact) |
සගරාවක් යනු යම් ක්ෂේත්‍රයක් අරමුණු කරගෙන හෝ යම් පාඨක පිරිසක් ඉලක්ක කරගෙන නිශ්චිත කාලසීමාවලදී පළවන කෙටි ලිපි සහ රුපසටහන් සහිත ප්‍රකාශනයකි. සඟරා "වාර ප්‍රකාශන" නමින්ද හදුන්වයි.

"සඟරා" යනු කුමක්දැයි පැහැදිලි කරන නිර්වචන ද්විත්වයක් මෙසේය.
1. "සතිපතා හෝ මාසිකව ප්‍රකාශයට පත්වන ලිපිලේඛන හෝ ඡායාරුප ඇතුළත් තනි ලේඛනය සඟරාවක් වේ."
- ඔක්‌ස්ෆර්ඩ් ශබ්ද කෝෂය
2. "එදිනෙදා ජීවිතයට අවශ්‍ය තොරතුරු සහිත යම් නිශ්චිත කාලවකවානුවක අඛණ්ඩව ප්‍රකාශයට පත් කරන එකට බදිනලද ප්‍රකාශනයකි."
- යුනෙස්කෝ සංවිධානය
සඟරා මාසිකව, ද්විමාසිකව, ත්‍රෛමාසික, අර්ධ වාර්ෂික ලෙස සිදු කළ හැකිය. සගරා විවිධ තේමා යටතේ පළ වේ. විද්‍යව, කලාව, කෘෂිකර්මය වාණිජ, සමාජ, ආර්ථික, සංස්කෘතික, දේශපාලන, ගෘහ විද්‍යාව, ආගම, විනෝදාංශ, ක්‍රීඩා, අධ්‍යාපන නිදසුන්ය. එමෙන්ම එකම සගරාවක විවිධ තේමා සහ විවිධ විෂයන්ට අදාල ලිපිද ඇතුළත් විය හැකිය.
යම් සඟරාවක ලිපි ලබා ගැනීම, තෝරා ගැනීම, අනුමැතිය ලබා ගැනීම, සංස්කරණය හා පළ කිරීමට අදාළ සියලුම කටයුතු සංස්කාරක මණ්ඩලයක් මගින් සිදු කිරීම සාමාන්‍ය ක්‍රියා පිළිවෙල වේ. එසේම පුවත්පත් මාධ්‍ය ආයතන විසින්ම සඟරා පළ කිරීම බොහෝ විට සීදුවේ.
උදා :ලේක් හවුස් ආයතනය - දෙසතිය / නව යුගය
සඟරා ලිපි පර්යේෂණාත්මක දත්ත හා වටිනා තොරතුරුවලින් යුතු වේ. ඓතිහාසික තොරතුරු, සංකල්ප විග්‍රහ කිරීම, විවිධ අර්ථකථන, දෘෂ්ටිකෝණ, මතවාද, එහි අන්තගත වේ. පුවත්පත්වලට සාපේක්ෂව සඟරා ලිපි දිගු කාලයක් සුරකිව තබා ගනිමින් දැනුම ලබා ගත හැකි මාධ්‍යයක් වීම සුවිශේෂී ලක්ෂණයකි. බොහෝ විට සඟරා වල දෛනික තොරතුරු ඇතුළත් නොවන අතර පාඨකයාගේ දැනුම වර්ධනයට සගරාවනන්ගෙන් ලැබෙන පිටු බලය අති මහත්ය.
සඟරාවල ඉතිහාසය සැකෙවින්
+ ලොව පුරා සගරා පළ කිරීම ආරම්භ කර ඇත්තේ 17වන ශතවර්ෂයේ මැද භාගයේදී පමණය.
+ මුල් කාලයේ එංගලන්තයේ මුද්‍රණය වු සගරා සාහිත්‍යමය පළ කිරීම් විය.
+ ප්‍රංශ විප්ලවය අවධියේ ධනවාදී රටවල ප්‍රජාතාන්ත්‍රික සඟරා මුද්‍රණය වි ඇති බැවු සනාථ වේ.
+ ශ්‍රීලංකාවේ පළමු සිංහල සගරාව " මාසික තෑග්ග " ක්‍රිස්තියානි ආගම ඇගයීමේ පරමාර්ථයෙන් බිහි වුවකි.
3.ගුවන් විදුලිය
ගුවන් විදුලිය යනු හඞ පදනම් කර ගත් තාක්ෂණය හා සබැදි විස්මයජනක විද්‍යුත් මාධ්‍යකි. ගුවන් විදුලිය පළමු විද්‍යුත් මාධ්‍ය වේ.
ගුවන්විදුලි මාධ්‍යයේ ඉතිහාසය සැකෙවින්
ගුවන් විදුලිය බිහි වීමේ මුලාරම්භය 19 වන සියවසේදී සිදු කරන ලද තාක්‍ෂණික සොයා ගැනීම් සන්නිවේදන කටයුතු සදහා යොදා ගත හැකි බව අවබෝධ කර ගැනීමයි. රැහැන් ඔස්සේ විදුලි සංඥා යැවීම හෙවත් විද්‍යුත් සංඥා සම්ප්‍රේෂණය කිරීම අත්හදා බැලීම් කළ සැමුවෙල් එෆ් බී මොර්ස් මහතා මෙහිදී පුරෝගාමී සේවයක් කළ අයෙක් වේ. එකිනෙක දුරින් පිහිටි ස්ථාන විදුලි සංදේශ රැහැන් පද්ධතියක් මගින් සම්බන්ධ කොට කිසියම් ප්‍රමිතියකට අනුව සකස් කළ කෙටි හා දිගු විද්‍යුත් සංඥා ඒ ඔස්සේ සම්ප්‍රේෂණය කිරීම මගින් කාර්යක්ෂම ලෙස පණිවිඩ හුවමාරු කර ගත හැකි බව සොයා ගත්තේය. "මෝර්ස් සංඥා ක්‍රමය"
නමින් මෙය ලොව ප්‍රකට විය.
නමින් මෙය ලොව ප්‍රකට විය. මෙම ප්‍රාථමික විදුලි සංදේශ ක්‍රමය දුරකථනය හදුන්වා දීම දක්වා දියුණු විය. රැහැන් රහිත සම්ප්‍රේෂණ (wireless) ක්‍රමයේ ආරම්භය නිශ්චිතව හදුනා ගැනීමට නොහැකි වුවද විදුලි සංඥා භාවිතා කොට එක් ස්ථානයකට රැහැනකින් තොරව පණිවිඩයක් යැවු පළමු පුද්ගලයා ඉතාලි ජාතික ගුග්ලි එල්මෝ මාර්කෝනි නැමැත්තාය. එතුමාගේ වයර්ලස් ටෙලිග්‍රැපි (wireless Telegraphy)
නමින් හැදින් වූ ක්‍රමයට අනුව පණිවිඩ යවන ලද්දේ මොර්ස් සංඥා උපයෝගී කර ගැනීමෙනි. මුල් වරට අත්ලාන්තික් සාගරය හරහා ඉංග්‍රීසි 'S' අකුර නොරැහන් සම්ප්‍රේෂණය මගින් යැවීමෙන් සිය සොයා ගැනීම් ප්‍රයෝගිකව සනාථ කිරීමට මාකෝනිට හැකි විය. බොහෝ කාලයක් ගත වන තුරුම මෙම ක්‍රමය භාවිතයෙන් නැව් හා ගොඩබිම අතර කාලගුණ වාර්තා සහ නාවික ගමනාමන තොරතුරු හුවමාරු කර ගන්නා ලදී. 1912 දී පමණ අත්ලාන්තික් සාගරයේ ගිලෙමින් තිබු ටයිටැනික් නැවේ
ගමන් කළ මගීන් රැසකගේ ජීවිත බේරා ගැනීමට හැකි වුයේ මාකොනිගේ මෙම රැහැන් රහිත විදුලි සංඥා ක්‍රමය ආධාර කර ගනිමිනි.
නමින් හැදින් වූ ක්‍රමයට අනුව පණිවිඩ යවන ලද්දේ මොර්ස් සංඥා උපයෝගී කර ගැනීමෙනි. මුල් වරට අත්ලාන්තික් සාගරය හරහා ඉංග්‍රීසි 'S' අකුර නොරැහන් සම්ප්‍රේෂණය මගින් යැවීමෙන් සිය සොයා ගැනීම් ප්‍රයෝගිකව සනාථ කිරීමට මාකෝනිට හැකි විය. බොහෝ කාලයක් ගත වන තුරුම මෙම ක්‍රමය භාවිතයෙන් නැව් හා ගොඩබිම අතර කාලගුණ වාර්තා සහ නාවික ගමනාමන තොරතුරු හුවමාරු කර ගන්නා ලදී. 1912 දී පමණ අත්ලාන්තික් සාගරයේ ගිලෙමින් තිබු ටයිටැනික් නැවේ
ගමන් කළ මගීන් රැසකගේ ජීවිත බේරා ගැනීමට හැකි වුයේ මාකොනිගේ මෙම රැහැන් රහිත විදුලි සංඥා ක්‍රමය ආධාර කර ගනිමිනි. තවද පළමු හා දෙවන ලෝක යුද්ධ සමයේදී මිත්‍ර පාක්ෂික රටවල් අතර තොරතුරු හුවමාරු කර ගැනීමට මෙම රැහැන් රහිත විදුලි සංඥා ක්‍රමය උපකාරී කර ගන්න ලදී.
කල් යාමත් සමග අජීවී විද්‍යුත් සංඥා වෙනුවට කටහඩ, සංගීතය වැනි සජීවී සංඥා සම්ප්‍රේෂණයට ඇති හැකියාව පරික්ෂා කෙරිණි. එහි ප්‍රතිඵලයක් වශයෙන් 1916 වන විට ප්‍රථම ගුවන් විදුලි පණිවිඩය ප්‍රචාරය කිරීමට හැකි විය. 1897 දී මාකෝනි ගුවන් විදුලි සංඥා සමාගම එංගලන්තයේදී ඇරඹි අතර 1908 පටන් එය ජනමාධ්‍යක් ලෙස ක්‍රමික වර්ධනයත් 1920 වන විට ගුවන් විදුලිය ගෘහස්ථ සන්නිවේදන මෙවලමක් බවට පත් වීමත් ඇරඹිණි. 1919 වන විට ගුවන් විදුලිය මහජනයා අතර ජනප්‍රිය මෙවලමක් කරවීමට මාකෝනි ගුවන් විදුලි සමාගම විශාල මෙහෙවරක් කරන ලදී. විධිමත් ගුවන් විදුලි වැඩසටහනක් මුල් වරට ඉදිරිපත් කර ඇත්තේ 1920 දී රුසියාවේ පීටර්බර්ග් විශ්වවිද්‍යාලයේදීය. 1923 අවසානය වන විට ඇමරිකාවේ හයසියයකට අධික ගුවන් විදුලි සේවා පැවතුන බව සදහන් වේ.
මුල් අවදියේදී ගුවන් විදුලි යන්ත්‍රය 'යුගයේ ආශ්චර්ය' ලෙස හැදින්විය.
මුල් කාලයේ ගුවන් විදුලිය විශාල සහ හැසිරවීමට මදක් කරදරකාරී මෙවලමක් වුවද වර්තමානය වන විට එය පහසු මෙවලමක් පමණක් නොව බොහෝ සමීප සහ තාක්ෂණික ලෙස වර්ධනය වී ඇති මෙවලමක් බවට පත් වී ඇත.
මුල් කාලයේ ගුවන් විදුලිය විශාල සහ හැසිරවීමට මදක් කරදරකාරී මෙවලමක් වුවද වර්තමානය වන විට එය පහසු මෙවලමක් පමණක් නොව බොහෝ සමීප සහ තාක්ෂණික ලෙස වර්ධනය වී ඇති මෙවලමක් බවට පත් වී ඇත. ගුවන් විදුලිය ආරම්භයේ පසුබිම ශ්‍රී ලංකාවට වැදගත් වන්නේ ලෝක ගුවන් විදුලි ආරම්භය සිදු වු කාලයේදී ම ශ්‍රී ලංකාවේ ගුවන් විදුලිය ආරම්භ වීම හේතුකොට ගනිමිනි. ඊට මුලික හේතුව වන්නේ ශ්‍රී ලංකාව බ්‍රිතානයයේ යටත්විජිතයක් ලෙස පැවතීමය. මෙරට 1922 දී ලංකා ආධුනික ගුවන් විදුලි සමාජය නම් වූ මහජන සංවිධානයක් ගුවන් විදුලි අත්හදා බැලීම් සිදු කොට ඇත. විදුලි සංදේශ ඉංජිනේරු තනතුර භාර ගැනීමට පැමිණි බ්‍රිතාන්‍ය ජාතික 'එඩ්වඩ් හාපර්' මහතා මෙරට ගුවන් විදුලි විකාශනයේ නිර්මාතෘ ලෙස ඉතිහාසගත වී ඇත. පළමුවරට මෙරට ගුවන් විදුලි ප්‍රචාරයක් අත්හදා බලන ලද්දේ ජර්මන් සබ්මැරීනයකින් ගලවා ගන්නා ලද ගුවන් විදුලි සංදේශ උපකරණ තොගයක් යොදා ගනිමිනි. ඒ අනුව හාපර් මහතාගේ මෙහෙයවීමෙන් 1924 ජුනි 01 දින කරන ලද ගුවන් විදුලි ප්‍රචාරය ප්‍රථම නිල ගුවන් විදුලි ප්‍රචාරය ලෙස සැලකේ. 1924 ජුනි 24 දින මෙරට ගුවන් විදුලිය නිල වශයෙන් ආරම්භ විය. මේ අනුව මුල් කාලයේදීම ගුවන් විදුලි මාධ්‍ය රජයට හිමි වූ බව පෙනේ. 1925 දෙසැම්බර් 16 වන දින ලංකාවේ ගුවන් විදුලිය රාජ්‍ය ආයතනයක් වශයෙන් විවෘත කරනු ලැබිණී. මෙය ආසියාවේ ප්‍රථම ගුවන් විදුලි සේවයයි.1949 දෙසැම්බර් 1 වන දින රේඬියෝ සිලෝන්හෙවත් ලංකා ගුවන් විදුලි සේවය යනුවෙන් ලංකා ගුවන් විදුලි දෙපාර්තමේන්තුව පිහිටුවන ලදී. ලංකා ගුවන් විදුලි සංස්ථාව පිහිටුවන ලද්දේ 1967 ජනවාරි 5 වනදීය. 1972 දී මෙය ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව බවට පත් විය.
මෙරට ගුවන් විදුලි සේවයේ පළමු සිංහල නිවේදකයා වුයේඩී. ඇම්. කොළඹගේ මහතාය.
මෙරට ගුවන් විදුලි සේවයේ පළමු සිංහල නිවේදකයා වුයේඩී. ඇම්. කොළඹගේ මහතාය.ප්‍රාදේශීය හා ප්‍රජා ගුවන් විදුලි සේවා ආරම්භය
+ ප්‍රධාන නාලිකාවට අමතරව ප්‍රාදේශීය හා ප්‍රජා ගුවන් විදුලි සේවා ආරම්භයද සිදු විය.
+ ප්‍රථම ප්‍රාදේශීය සේවය ' රජරට සේවය' නමින් 1979 අප්‍රේල් 12 දී ආරම්භ විය.
+ දෙවන ප්‍රාදේශීය සේවය 1980 පෙබරවාරි 03 වන දින 'රුහුණු සේවය' නමින් මාතර පිහිටුවන ලදී.
+ 1981 ඔක්තෝම්බර් 01 ද ' මහවැලි ප්‍රජා ගුවන් විදුලි සේවය'ද එම වසරේම අගෝස්තු 26 ' ' Fm Sterio' නමින්ද සේවයක් ආරම්භ විය.
+ 1983 අප්‍රේල් 13වන දා තෙවන ප්‍රාදේශීය සේවය වන ' මහනුවර සේවය '
ආරම්භ විය. අසුව දශකය නිම වන විට 'City Fm' සේවයද මෙරටට එක් වී තිබිණි.
ආරම්භ විය. අසුව දශකය නිම වන විට 'City Fm' සේවයද මෙරටට එක් වී තිබිණි.+ 90 දශකය මුලදී පුද්ගලික අංශයටද ගුවන් විදුලි සේවා ආරාම්භ කිරීමට අවස්ථා ලැබීම සුවිශේෂී සිදුවීමක් වේ. ඒ අනුව ' Fm 99 ' නමින් නව ගුවන් විදුලි සේවයක් ආරම්භ වුවද එය මෙරට ව්‍යාප්ත නොවීය. අනතුරුව 1993 දී පුද්ගලික ගුවන් විදුලි සේවයක් වන ' TNL' සේවාව ආරම්භ කරන ලදී.
+ 1994 වසරේ පෞද්ගලික නාලිකාවක් ලෙස ආරම්භ වූ ' සිරස Fm '
ගුවන් විදුලිය නිසා මෙතෙක් පැවති ගුවන් විදුලි වැඩසටහන්වල ස්වරූපයෙහි කැපී පෙනෙන වෙනසක් විය.
ගුවන් විදුලිය නිසා මෙතෙක් පැවති ගුවන් විදුලි වැඩසටහන්වල ස්වරූපයෙහි කැපී පෙනෙන වෙනසක් විය.










🥰🥰🥰👍
ReplyDelete❤️❤️
ReplyDelete💚
ReplyDeletegood
ReplyDeleteGood
ReplyDelete❤️🤟
ReplyDelete❤️😍
ReplyDelete❤️🤟👍
ReplyDelete❤️✨
ReplyDelete❤️✨
ReplyDelete❤️✨
ReplyDelete❤️✨
ReplyDelete👍👍👍👍
ReplyDelete👍👍👍👍
ReplyDelete👍👍👍
ReplyDelete