Thursday, 3 November 2022

21 වන සියවසේ ශිෂ්‍යයෙකු තුළ සංවර්ධනය වියයුතු ඉගෙනුම් කුසලතා පිළිබඳ විමසීමකි.

 

ලෝකයේ දියුණු රටවල් සමග කරට කර සිටිමින් බුද්ධිමය සංවර්නයට තුඩුදෙන විෂය නිපුණතා ද චිත්තවේග බුද්ධිය වඩවන පොදු නිපුණතාද පාසල් අධ්‍යාපනයට හඳුන්වා දීම සඳහා ජාතික අධ්‍යාපන ආයතනය ක්‍රියාත්මක වුයේ නව සහශ්‍රකය ආරම්භයේ දීය.මේ සඳහා සිසුන් අත්‍යවශ්‍යයෙන්ම අත්පත් කරගත යුතු නිරෝගී කය පිළිබදවත් මේ සමග ම සැලකිලිමත් වුවද වැඩසටහන ඉදිරියට ගෙන යාමේ වගකීම පැවරුනු පිරිස් ඇතා විස්තර කිරීමට ඉදිරිපත් වූ අන්ධයින් මෙන් සමස්තය නොදැන කටයුතු කිරීමට යාම නිසා මේ අදහස් අධ්‍යාපන පද්ධතිය තුළ මුල් බැස ගැනීම ප්‍රමාද වී තිබේ.

                                                                                        දශකයකට පෙර වටිනා යැයි සැලකූ බොහෝ කුසලතා අද යල්පැන ඇති ඒවා ලෙස සලකනු ලැබේ.මේ අතර අද දින බොහෝ වටිනා කුසලතා වසරකිහිපයකින් යල් පැන යනු ඇති බව සැකයක් නැත.4 වන කාර්යයක විප්ලවය තුළ කයසේවා ස්ථාන ගතිකය වෙන කවරදාටත් වඩා වේගයෙන් වෙනස් වී තිබේ.මේ අතර කෘත්‍රීම බුද්ධිය ආධාරයෙන් ස්වයංක්‍රීයකරණය මගින් ලබා ඇති ඇදහිය නොහැකි දියුණුවට ස්තූතිවන්ත විය හැකිය.එමෙන්ම මෙම වෙනස් වීමේ වේගය වැඩිවන්නේ කාලයත් සමග පමණි.ලෝක ආර්ථිකය කඩාකප්පල්කාරී තාක්ෂණයන්ගෙන් පිරී ඉතිරී යන අතර එය මිනිසුන් ජීවත්වන ආකාරය වෙනස් වේ.එමෙන්ම මීට වසර කිහිපයකට පෙර ඉතා සුළු පිරිසකට පමණක් තිබූ නව කුසලතා සඳහා ඉල්ලීම් නිර්මාණය කර තිබේ.

                                    එලෙසම 21 වන සියවසේ දී දරුවන්ගේ දියුණුවට උපකාරී වන කුසලතා වලින් ඔවුන් සන්නද්ධ කිරිම අධ්‍යාපනයට වැදගත් වේ.

                            


                        එලෙස මෙම සියවසේ පළමුවන දශකයෙන් පසුව ඉගෙනුමෙහි ඵලය දැනුම නොව කුසලතා ලෙස සැලකීමට පටන්ගෙන තිබේ.මේ අනුව අධ්‍යාපනයෙහි අවසාන ඉලක්කය ජාතික සංවර්නයට යොමු වන්නේ දැනුම් ආර්:sකයට යොමු කරමිනි.මේ නිසා අධ්‍යාපනය තුළ දැනුමට වඩා වැඩියෙන් ඉල්ලනු ලබන්නේ අධ්‍යාපනය හරහා මානව ප්‍රාග්ධනයයි.මානව ප්‍රාග්ධනය යන්නෙන් 21 වන සියවසේහි අපේක්ෂා කරනු ලබන්නේ ශ්‍රමිකයා අයෝජනයක් ලෙසට පත්කරනු ලැබූ ශ්‍රමිකයාගේ/ශිෂ්‍යාගේ කුසලතා සංවර්නයයි.මේ නිසා විෂයමාලාව ශිෂ්‍ය කුසලතා වලට හා ඒවා සංවර්නය කිරීමට යොදා ගැනිම කෙරෙහි අවධානය යොමු කළ යුතුය.21 වන සියවසේ දෙවන භාගය වන විට අධ්‍යාපනයෙහි පාසල හා විශ්ව විද්‍යාලවලට අභියෝගයක් වන්නේ දැනුම කුසලතාවලට අනුවර්නය කිරිමයි.ගෝලීය අවශ්‍යතාවය වනුයේද එයයි.

                                                                                    මේ නිසා ගුරු පුහුණුව මගින් ගුරුවරයාට දැනුම මතු පරපුරට ලබාදෙන්නෙකු නොව කුසලතා මතු පරපුරට ලබා දෙන්නෙකු බවට පත් වී ඇත.එලෙසම 21 වන සියවසේ සැම ගුරුවරයෙක්ම දැනගත යුතු ක්‍රම පවති.එනම්,ව්‍යාපෘති පාදක ඉගෙනිම,ක්‍රිඩා මෙවලම් තුළින් අධ්‍යාපනය,නිර්මාණ සිතිම ආදි ක්‍රම උපයෝගි කරගනිමින් ගුරුවරයෙකුට ශිෂ්‍යාගේ කුසලතා සංවර්නය කළ හැකිවේ.නවීන ලෝකයේ වෙනස්වන අති නවීන තාක්ෂණ ක්‍රමවේද අතර අධ්‍යාපනය තුළ ද නවීන තාක්ෂණ ක්‍රමවේද මෙන්ම ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රමවේදයන් ද වෙනස් වෙමින් නවීන ශිල්ප ක්‍රම භාවිතා වීම ආරම්භ වීම සිදුවේ.නව ඉගැන්වීම් ක්‍රමවේදයන් තුළින් බලාපොරොත්තු වනුයේ ලොව පුරා අධ්‍යාපන පරිසරය වෙනස් කිරිම සහ සිසුන් අතර වඩා හොඳ අධ්‍යයන කාර්යය සාධනයක් ඇති කිරිමයි.පසුගිය වසර කිහිපය තුළ අධ්‍යාපඥයින් විසින් සකස් කර ඇති ප්‍රධාන නවෝත්පාදන ප්‍රවේශයන් කිහිපයක් සහ 21 වන සියවසේ සැම ගුරුවරයෙකුම දැන හඳුනාගත යුතුය.

            දැනුම ලබා ගැනීමට තොරතුරු තාක්ෂණය මාධ්‍ය පවතින බැවින් ගුරුවරයා තව දුරටත් දැනුම සම්ප්‍රේෂණය කරන්නෙකු නොව කුසලතා ලබා දෙන්නෙකු ලෙස භූමිකා අනුවර්නය කරගනිමින් පවති.මෙම 21 වන සියවසේ අධ්‍යාපනය තුළ සිදු වු ගෝලීය වෙනස්කම් අනුව අධ්‍යාපනයට අදාළ වූ සියලු සංසිද්ධි වෙනස් විය යුතුය.

                 


              

                        විෂයමාලාව තුළ න්‍යායික දැනුම් පාදක ලෙස නොව කුසලතා පාදක ලෙස සකස් කළ යුතුය.මෙම අවශ්‍ය කුසලතා සම්පාදනයට අවශ්‍ය පරිදි එය සිදු විය යුතුය.පාසල තුළ හා පාසලින් පරිබාහිරව ඉගෙනුම් සහායක හා ආධාරකය ලෙස සංව්‍යාංකික තාක්ෂණය භාවිතා කළ යුතුය.සිසුන්ගේ ශාස්ත්‍රිය ඵලදායිත්වය  මෙන්ම තාක්ෂණික ඵලදායිත්වය ද පාදක කරගත යුතුය.තාක්ෂණික කුසලතා සංවර්Oනය සදහා කාලය පාසල තුළදී වෙන්කල යුතුය.

                                                            නවෝත්පාදක අනාවරණයන් සදහා පාසල හා ඉගැන්වීම් විවෘත් කල යුතුය.පර්fhaෂණ හා අනාවරණයන් සදහා ඉගෙනුම් පරිසරය මාරු කළ යුතුය.ගුරුවරයා දැනුම් ප්‍රවාහකයෙකු වීම නොව සැලසුම්කරුවෙකු හා ක්‍රියාකාරියෙකු මෙන්ම ශිෂ්‍ය කුසලතා සංවර්Oනය කරන්නෙකු ලෙස ගුරු භූමිකාව වෙනස් කරගත යුතුය.සියලු විෂය ක්ෂේත්‍රයන්හි ගුරුවරයා ගැටළු විසන්නෙකු,නිර්udණකරනයට සහාය වන්නෙකු හා සහයෝහිතාවෙන් ශිෂ්‍යා සමග ක්‍රියාකරන්නෙකු ලෙසද ගුරු භූමිකාව වෙනස් කරගත යුතුය.සියලු ඇගයීම් ශිෂ්‍යා ලියූ පිළිතුරුවලින් මනින්නෙකු නොව ශිෂ්‍යයා සිදුකළ නවෝත්පාදක හා නිර්udණය මනින්නකු ලෙස වෙනස් විය යුතුය.අධ්‍යාපනය තුළ ඉහත වෙනස්කම් ලොව පුරා වෙනස් වෙමින් පවති.එහෙත් ශ්‍රී ලංකාව හා ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය ආයතන මෙන්ම දේශපාලනය ද තවමත් 19 වන සියවස හා 20 වන සියවස තුළ ගරා වැටෙමින් පවතී.ජාතික අධ්‍යාපන කොමිෂම හා අධ්‍යාපන සඳහා වගකියන හා ප්‍රතිපත්ති සම්පාදන ආයතන ද වහා වෙනසකට භාජනය නොවන්නේ නම් අපගේ සංවර්Oනය තවත් වසර 50කටවත් ඈතකට දිවයනු ඇත.

                        ශ්‍රී ලංකාව දැනුම් කේන්ද්‍රීය සමාජය මගින් සංවර්Oනය කිරිමේ දී සුභදායක තත්ත්වයන් ද මතු වී ඇත.වසර 5ක් තුළ අධ්‍යාපන සාධන මට්ටම් ඉහළට ගොස් තිබීම වැදගත් සාධකයකි.එලෙසම 21 වන සියවස සඳහා අධ්‍යාපන වාර්;dව හෙවත් ජැක්වෙස් ඩෙලර්ia වාර්;dවේ ළමයා ලැබිය යුතු අධ්‍යාපනය පහත දැක්වෙන ලෙස අපේක්ෂා කරන ලදි.

·         පෞද්ගලික සංවර්Oනය

·         සමාජ සංවර්Oනය

·         ශාස්ත්‍රිය සංවර්Oනය

·         ආගමික සංවර්Oනය

·         වෘත්තිය සංවර්Oනය

                                         21 වන සියවසේ ශාස්ත්‍රිය අධ්‍යාපනය ලබා දෙන්නේ හර විෂයමාලාවක් ලෙස අධ්‍යාපනයක් වශයෙනි.මූලික දැනුම ජීවත්වීම වෙනුවෙන් මෙම දැනුම් ලබා දෙන අතර වඩාත් නැඹුරුතාවයක් දක්වන්නේ ශාස්ත්‍රීය අධ්‍යාපනයට නොවේ.ශාස්ත්‍රීය අධ්‍යාපනයට දැඩි නැඹුරුතාවයක් දැක්වීමෙන් ගුණාත්මක බවෙන් අඩු අධ්‍යාපනයක් ලැබේ.සාම්ප්‍රදායික විෂමාලා මගින් ශිෂ්‍ය කුසලතා මතුකරගත නොහැකිය.21 වන සියවසේ දී ඉගෙනුම ලබන්නත්,ශිෂ්‍යයින් කේන්ද්‍ර කරගත් ඉගෙනුමකට යොමු වෙයි.ශිෂ්‍යයා තුළ වෙනසක් ඇති කළ යුතුය.එය කළ හැකි එකම ක්‍රමයද අධ්‍යාපනයයි.එහෙත් සාම්ප්‍රදායික ලෙස මෙතෙක් කරගෙන ආ ශාස්ත්‍රීය අධ්‍යාපනයට ප්‍රධාන තැනදීම නොවේ.වර්;මාන ගෝලීය අධ්‍යාපනය මුහුන දී ඇති ප්‍රධාන අභියෝගයක් වන්නේ දැඩි ලෙස වෙනස්වන ගෝලීය පරිසරයට උචිත අයුරින් වත්මන් ශිෂ්‍ය පරපුර අනාගත ඵලදායී පුරවැසියන් බවට පත් කිරීමයි.

                                                                                                                        මෙම වෙනසට අදාළ පරිදි ශිෂ්‍ය පෞරුෂය ගොඩනැංවීම ප්‍රධාන අභියෝගය වේ.මිනිසෙකුගේ මොළයේ සංවර්O කලාප සංවර්Oනය කිරිම ශිෂ්‍යයෙකුගේ පෞරුෂ වර්Oනය ලෙස සැලකේ.මෙම කලාප  සංවර්Oනය කිරිම සඳහා අභියෝගය වී ඇත්තේ වෙනස් වන ගෝලීය තාක්ෂණික හා සමාජ පරිසරයට අනුව සංවර්Oනය කිරිමයි.බොහෝ සංවර්Osත රාජ්‍යයන් අපේක්ෂා කරනුයේ විෂයමාලා පුද්ගල අනන්‍යතාව අනුව සංවර්Oනය කර භාවිත කිරීමටය.එමගින් ඔවුන් අපේක්ෂා කරනුයේ ශිෂ්‍යයින්ගේ ආවේනික විභව ශක්තිය දක්ෂතාව සංවර්Oනය කිරිමට අභියෝග්‍යතාව දියුණු කිරිමයි.එමගින් නව ඉගෙනුම් පරිසරයක් ඇති කිරිමට අපේක්ෂා කරනු ලබයි.

                        විසි එක්වැනි සියවස සදහා සංවර්Oන ජාතින් තම අධ්‍යාපන ක්‍රම තුළ නවමු ලෙස භාවිත කිරීමට මෙන්ම සිසුන් තුළ සංවර්Oනය කිරීමට අපේක්ෂිත නිපුණතාවයන් 7 ක් දක්වති.එනම්,

·         නිර්udණශීලී හා නවෝත්පාදන ප්‍රවණතා

·         විචාසරාත්මක චින්තන නිපුණතාව

·         සහයෝගී නිපුණතාව

·         සන්නිවේදන නිපුණතාව

·         චර්;d‍යන නිපුණතාව

·         සංස්කෘතිය හා සදාචාරාත්මක පුරවැසි බව පිළිබඳ නිපුණතාව

·         පරිගණක හා සංඛාන්තික තාක්ෂණය පිළිබඳ නිපුණතාව

 ලෙසය.

            මෙම නිපුණතාවන් සංවර්Oනය කිරිමේදී සිසුන්ට හා ප්‍රජාවට මුහුණ පෑමට ඇති දැඩි විවිධත්වය,වේගවත් වෙනස්වීම් හා මේ අනුව අනුගත වුන තාක්ෂණය අධ්‍යාපන විභව ශක්තීන් දියුණු කිරිමේ දී බලපෑම් කරයි.එහෙත් ගුරුවරුන් හා සිසුන් දැනට සාම්ප්‍රදායික විෂයමාලා අධ්‍යාපන රටාවලට අනුගත වී ඇත.මෙය නුතන වෙනසට අනුගත වී නැත.එහෙත් නව තාක්ෂණික හා සමාජ වෙනසට අනුගතව ඉගැන්වීම් හා අධ්‍යාපනය මෙහෙය වීම සමාජ ක්‍රමවේදයක් බවට පරිවර්;නය වී තිබේ.පාසලෙන් පරිබාහිර වූ සං‍ඛ්‍යාතික තාක්ෂණයට ගුරුවරුන් හා සිසුන් කොටස් කරුවන් වී තිබේ.මෙහිදී සහයෝගිතා නිපුණතාව ,නිර්udපී නිපුණතාව,නවෝත්පාදක නිපුණතාව,සදාචාරාත්මක පුරවැසි බව යන නිපුණතා සිසුන් හා ගුරුවරුන් තුල දී ද සංවර්Oනය කළ යුතුව තිබේ.

                                                                        මේ අනුව සිසුන් හා ගුරුවරුන් තම ඉගෙනුම් ඉගැන්වීම් සහයෝගිව සැලසුම් කිරිම හා සංවර්Oනය කිරිම කළ යුතුව තිබේ.මේවා සංවර්Oනය කළ යුතු වන්නේ සමහර විටක පාසලින් පරිබාහිරවය.ඒවා සැලසුම් කළ යුතුවය.ඒ අනුව සිසුන් තුළ චින්තන නිපුණතාව,පර්fhaෂණ නිපුණතාව,විශේෂණ නිපුණතාව සංවර්Oනය කළ යුතුය.එමෙන්ම අදහස් සංවර්Oනය තම නවෝත්පාදන මගින් තියුණු ලෙස තේරුම් ගැනිමේ හැකියාව වර්Oනය කළ යුතුය.මේ නිසා අධ්‍යාපනය සැලසුම් කිරීම හා දිශානති කිරිම මෙලෙස සිදු කළ යුතුවේ.

·         අධ්‍යාපන මූලධර්u

·         විෂයමාලාව

·         අධ්‍යාපනය

·         ඉගෙනුම

·         පරිසරය

·         පාලනය

·         පුරවැසි සහභාගිත්වය

ආදි වශයෙනි.

                        විසි එක්වන සියවසේ පළමුවන දශකයෙන් පසුව ඉගෙනුමෙහි ඵලය දැනුම නොව කුසලතා ලෙස සැලකීමට පටන්ගෙන තිබේ.මේ අනුව අධ්‍යාපනයෙහි අවසාන ඉලක්කය ජාතික සංවර්Oනයට යොමු වන්නේ දැනුම් ආර්:sකයට යොමු කරමිනි.මේ නිසා අධ්‍යාපනය තුල දැනුමට වඩා වැඩියෙන් ඉල්ලනු ලබන්නේ අධ්‍යාපනය හරහා මානව ප්‍රාග්ධනයයි.

                                                                        එලෙසම නූතන අධ්‍යාපන මූලධර්u අනුව විභාගවලින්ම සිසුන්ගේ කුසලතා හා නිපුණතා මැනිය නොහැකි බව අධ්‍යාපනඥයෝ දක්වති.එබැවින් විභාග වලින් අසමත්වන්නන් හා පාසල් හැර යන්නන් අදක්ෂයෝ නොවෙති.ඔවුන්ද කුසලතා පරිපූර්K කොටසකි.එබැවින් විධිමත් අධ්‍යාපනය මගින් මේ අයගේ කුසලතා සංවර්Oනය කිරිම ඉතාම කාලෝචිත වූ මෙන්ම දැනුම් කේන්ද්‍රීය සඳහා යා හැකි වැදගත්ම අංගයකි.

14 comments:

ආදරේ දුක

සුළඟ පසුපස හඹා යමි මම, නිහඬ වන්නේ කෙලෙස ද සොයා යා යුතු ය ආදරය... අහිමි වී ගිය සන්තකයම, යලිත් ඉල්ලා හඬන හඳවත වාවන්නේ කෙලෙස නම් මම... වැතිර හෝ...