ලිප්ටන් සීට්
ලිප්ටන් සීට් යනු බදුල්ල දිස්ත්‍රික්කයේ පිහිටා ඇති තවත් සංචාරක ආකර්ෂණයක් දිනාගත් ස්ථානයකි. මෙහි ඇති විශේෂත්වය වන්නේ මේ ස්ථානයට ගිය විට ලංකාවේ පලාත් 5ක ස්ථාන එකවැර බලගැනීමට හැකිවීමයි. ඇත්තෙන්ම මෙය කදු මුදුනකි. ලිප්ටන් සීට් යනු කදු නිම්න තුනක් එකට යා වෙන ඉතාම පටු කදු මුදුනකි.
ඔබට ලිප්ටන් සීට් යාමට අවශ්‍ය නම් මාර්ග දෙකක් ඇත. ඉන් පළමු හා වඩා ජනප්‍රිය මාර්ගය වන්නේ හපුතලේට පැමිණ දඹේතැන්න තේ වත්ත හරහා ගමන් කරන මාර්ගයයි. හපුතලේ සිට කිලෝමීටර 12ක් පමණ ගමන් කළවිට මෙම ස්ථානයට ලගාවීමට ඔබට හැකිය. මෙහි යාමට ඇති අනෙක් මාර්ගය වන්නේ බණ්ඩාරවෙල පූනාගල නායබැද්ද හරහා ගමන් කරන මාර්ගයයි. ඇත්තවශයෙන්ම මේ මාර්ග දෙකම අතිශයින් සුන්දරය. බොහෝවිට උදේ කාලයේ මීදුමෙන් වැසී ඇත.
මෙම ස්ථානය තවද වැදගත් වන්නේ මෙය පැරණි ලාංකික තේ ඉතිහාසය ගැන සාක්ෂි සපයන ස්ථානයක් බැවිනි. මෙම ස්ථානය අයිති දඹේතැන්න තේ වතු යායේ නිර්මාතෘ වන්නේ ස්කොට්ලන්ත ජාතික තෝමස් ලිප්ටන් ය. ඔහු 19 සියවසේ අගභාගයේ මෙම වත්ත ආරම්භ කලේ යැයි සැලකේ. මෙම ස්ථානය පිහිටි දඹේතැන්න වතුයාය අක්කර 925ක් විශාලය. එසේම දඹේතැන්න තේ කම්හල ලංකාවේ ලොකුම තේ කම්හල ලෙසද හැදින්වේ. එකල ලෝකයේ හොදම Black tea නිපදවා ඇත්තේ මේ දඹේතැන්න වතුයායේය. අදටත් ලිප්ටන් නමින් ඔබ භාවිතා කරන්නේ මේ වතුයායේ නිපදවන තේ කොළය.
ලිප්ටන් සීට් යනු එකල තෝමස් ලිප්ටන් මහතා ඔහුගේ විවේකය ගත කළ තැනය. අද වන විට එතැන ඔහුගේ පිළිරුවක්ද ඇත. එකළ ඔහු මේ ස්ථානයේදී ඔහුගේ මිතුරන් සමග සාද පවා පවත්වා ඇත. එසේම තරුණ යුවතියන් සමග ඔහු මෙහි කාලය ගත කල බවද පැවසේ.
මේ ස්ථානයට දකුණු පළාතේ දෙවිනුවර, කිරින්ද යන ප්රදීපාගාරවල එලි මෙන්ම ත්රිකූණාමල ප්‍රදීපාගාරයේ එළියත් දිස්වේ. එසේම සබරගමුව පළාතේ සමනල කදු හා ඇහැළියගොඩ ප්‍රදේශත් නැගෙනහිර මඩකලපු ප්‍රදේශත් මධ්‍යම පළාතේ නුවරඑලිය ප්‍රදේශත් දිස්වේ. නමුත් වැහි බර මීදුම් සහිත දිනවල මෙහිදී කිසිවක් දැකිය නොහැකි බවද මතක තබා ගන්න. එසේම වැසි දිනවල මෙහි රැදී සිටීම භයානක වන්නේ අකුණු අනතුරු සිදුවිය හැකි නිසාවෙනි. කෙසේවුවද අව්ව සහිත දිනවල දහවල් 12 ට පමණ මෙතනට යා හැකි නම් ඔබට ඉතා මනරම් දර්ශනයක් මෙහි සිට බැලිය හැකිවේ.
එසේම මේ ස්ථානයට කිලෝමීටර කීපයක් දුරින් මේ වැනිම කැතරින් සීට් නම් ස්ථානයක් ඇත. එය ලිප්ටන් ගේ බිරිද විවේක ගත් ස්ථානය ලෙසද සැලකේ. ඔබ ලිප්ටන් සීට් යන්නේ නම් මේ කැතරින් සීට් වලට යාමටද අමතක නොකරන්න.
දෙමෝදර පාලම

මේ අපූර්ව නිර්මාණය හා බැඳුණු ජනප්‍රවාද නැතිවාම නොවේ. ඒවාත් අප කතා කළ යුතුමය. මුලින් කී පරිදි අඩි 70 ක් උසින් පිහිටි රේල් පාර පහතට ගන්නේ කෙසේදැයි කල්පනා කරමින් ඒ සඳහා පාලම් තැනීමටද බෙහෝ ඉංජිනේරුවන් සාකච්චා කලත් ඒවාද අසාර්ථක වූයෙන් වසර තුනක විතර කාලයක් ඉදිරි ඉදිකිරීම් කටයුතු නැවතී තිබිණ. මේ අතරතුර කාලයේ ම පාහේ කන්ද මුදුනට වී හාත්පස බලමින් සුද්දා කල්පනා කරමින් සිටින්නට විය. දවසක්දා කන්දට හරක් දක්කන් ආ ගොපල්ලෙක් තම හිසේ ඔතා අැති තුවාය ගෙන එය ගසා දිගහැර නැවතත් පිලිවෙලට පටියක් සේ සකසා තම හිසේ "ජටාවක්" බැඳ එලෙසින් දුම් රිය මාර්ගය ඉදි කරන ලෙස පෙන්වා දුන් බවත්, එය විමසා බැලූ සුද්දා පුදුමයටත් සතුටටත් පත්වී ඒ අනුව පහළින් ඉහළට ජටාව බැඳි අයුරින්ම මෙම මාර්ගය ඉදි කෙරුනු බවත් ජනප්රවාදයේ පවතී.
Great ❤
ReplyDelete❤️🔥
ReplyDeleteවැදගත්😍
ReplyDelete♥️♥️
ReplyDelete❤️❤️❤️
ReplyDelete👍
ReplyDelete❤️✨
ReplyDelete❤️✨
ReplyDelete❤️✨
ReplyDelete❤️✨
ReplyDelete👍👍👍
ReplyDelete👍❤️👍👍👍
ReplyDelete👍👍👍
ReplyDelete👍👍👍👍
ReplyDelete❤️❤️👍❤️❤️❤️
ReplyDeleteInteresting
ReplyDelete😍
ReplyDelete😍
ReplyDelete