අධ්‍යාපනය යන සංකල්පය සියවස් ගණනක් තිස්සේ පරිණාමය
වෙමින් පැවත එන්නකි.එය කාලයෙන් කාලයට හා සංස්කෘතියෙන් සංස්කෘතියට,රටින් රටට අනම්‍ය
වූ ආකාරවලින් පැවත ආ බව පෙනේ.ඒ ඒ කාලීනව හට ගන්නා සමාජීය,ආර්ථික විවිධතා
පදනම් කරගනිමින් අධ්‍යාපනයද කලින් කලට විවිධ ස්වරූප ගත් බව වැටහේ.ඒ ඒ සංස්කෘතීන්
හි හර පද්ධතිය හා සාම්ප්‍රදායික දැනුම ඉදිරි පරපුර වෙත දායාද කිරිම මෙම අධ්‍යාපන
මගින් සිදු වූ බව පෙනේ.සෑම ක්ෂණයකටම වෙනස් වන ලෝකයේ අධ්‍යාපනය ද ඒ හා වේගයෙන්ම
පරිණාමයට පත් වේ.
“Educare” යන ලතින් වචනයෙන් බිඳී ආ මෙම “Education” යන්නෙහි නිරුක්ති අර්ථය “ඉවතට ගෙනයාම” නැතහොත් “පිටතට මතුකර
දීමයි.”එනම් ශිෂ්‍යාගේ දැනුම,අවබෝධය,විභවතාවන් පිටතට මතුකර දීමයි.අධ්‍යාපනය යනු
හුදු දැනුම පිරවීමක් පමණක් නොවන බව මෙයින් වැටහේ.මැක්ස් වින්ගෝ(1974) පවසනුයේ අධ්‍යාපනය
යනු ‘ශිෂ්‍යාගේ රුචිය අනුව ප්‍රායෝගික අත්දැකීම් ලබා දී දෙවනුව න්‍යායාත්මක කරුණු
පැහැදිලි කර දීමයි.”
“මිනිසාගේ
කායික,මානසික,සමාජීය,සංස්කෘතික,සදාචාරාත්මක,අධ්‍යාත්මික ශක්තීන් නොනවත්වා වර්ධනය කරන නිත්‍ය
ක්‍රියාවලිය අධ්‍යාපනයයි.”
-ටනෝජ(1990)-
අධ්‍යාපනය
පිළිබද මුල්කාලීන මත අතර ප්ලේටෝ විසින් රිපබ්ලිකන් කෘතියේ දක්වන පරිදි අධ්‍යාපනය
යනු මෙසේය.
“ඉතා උතුම් හා අලංකාර දෙයකි.තත්කාලීන සමාජ රටාවන්හි සහ
පැවැත්මට අධ්‍යාපනය කොතරම් උවමනාද යන්න”ප්ලේටෝ විසින් අර්ථ දක්වනු ලදි.
“වෛර කළ යුතුදේ සම්පූර්ණයෙන්ම ඉවත්
කිරීමත් ආදරය කළ යුතු දේ ආදරයෙන් වැළද ගැනිමට පුහුණු කිරිම අධ්‍යාපනය නම් වේ.”
උපයෝගීතාවාදි
දාර්ශනිකයෙකු වූ ජෝන් ඩුවී පවසන ආකාරයට අධ්‍යාපනය ජීවත් වීමේ ක්‍රියාවලියක් මිස
අනාගතය සඳහා සුදානම් වීම නොවන බව පෙන්වා දේ.නිශ්ක්‍රීය වූ අධ්‍යාපනයෙන් ඵලක් නොමැති
බවත් අධ්‍යාපනය සැම විටම සක්‍රීයව පැවතිය යුතු බව ඩුවී පවසයි.ප්‍රකට ඉංග්‍රීසී
ජාතික චින්තකයෙකු වූ බර්න්ඩ් රසල් පවසන්නේ අධ්‍යාපනය යනු සමාජයට වැඩදායී
දැනුමෙන් හා ප්‍රායෝගික කුසලතාවන්ගෙන් පරිනිර්මාණාත්මක චින්තනයක් හෙබි මිනිසුන් බිහි
කිරීමයි.රසල් තව දුරටත් පැහැදිලි කරනුයේ අධ්‍යාපන තුළින් සංස්කෘතික දායාද පවරා
දෙමින් මනා සමාජානුයෝජනයක් කිරිම අධ්‍යාපනය නම් වන බවයි.
පෙරදිග
දාර්ශනියෙකු වූ මහත්මා ගාන්ධි පැවසූ පරිදි ළමයාගේ ආධ්‍යාත්මික,බුද්ධිමට හා කායික
ප්‍රබෝධමත් භාවය ඇති කරන හා විභව්‍යතා මතු කිරිම අධ්‍යාපනය නම් වන බවයි.මෙසේ ගත්කල
පුද්ගලයාගේ දැනුම,කුසලතා සහ ආකල්ප වර්ධනය,සමබර පෞරුෂ වර්ධනය,චරිත සංවර්ධනය,පුරවැසි
පුහුණුව,ආත්මාවබෝධය,සමාජ සංවර්ධනය,සමාජ සංරක්ෂණය,පුද්ගලයා සමාජානුයෝජනය,දිවිපැවැත්ම
සදහා ඉගෙනීම ආදී කාරණා රැසක් අධ්‍යාපනය මගින් ගම්‍ය වන බව පැහැදිලි වේ.
මෙලෙස විවිධ දාර්ශකයන් විසින් විවිධාකාර දෘෂ්ටි කෝණයන්ගෙන් අධ්‍යාපනය
පිළිබදව නිර්වචන ඉදිරිපත් කර ඇත.උක්ත ඉදිරිපත් වූ නිර්වචන තුළින් ඒ බව මනාවට වටහා ගත හැකි වේ.එලෙසම
අධ්‍යාපනයේ දී සිදුවන්නේ විවිධ ඉගැන්වීම් ක්‍රම යොදාගැනීමකි.මනෝ විද්‍යාත්මක.දාර්ශනික,පරිගණක ආශ්රිත,භාෂාමය,ස්නායුධමය
සහ සමාජමය ක්රමෝපායන් අධ්‍යාපනයේ දී යොදා ගැනේ.මෙලෙස දැක්වෙන අධ්‍යාපනයේ අරමුණු
හා පරමාර්ථ දක්නට ලැබේ. පරමාර්ථයක් යනු
කිසියම් විධිමත් ලෙස සැකසුනු ක්‍රියාවලියකින් අවසානයේ ඉටුකර ගැනීමට අපේක්ෂා කරන ප්රථිඵලයයි.පුළුල්
සංකීර්ණ අර්ථයක් ගැනිම පරමාර්:යේ ලක්ෂණයයි.මේ නිසාම එය ඉටු කරගැනීම ඉතා දුෂ්කරය.
පරමාර්ථය කරා යාමට නම් ඒවා සරල කරගත යුතුය.ඒ සදහා ගොඩනගා ගන්නා වූ සුවිශේෂි ප්‍රකාශය
අරමුණු ලෙස හැදින්වේ.සුවිශේෂි බව,මැනිය හැකි බව,ළගාවිය හැකි බව ආදිය අරමුණක
සුවිශේෂි ලක්ෂණය වේ.
එලෙසම
අධ්‍යාපන අරමුණු සහ පරමාර්: ගොඩනැගෙන්නේ එහි ඇති සමාජ ආර්:sක,දේශපාලන
ජාතික ප්‍රතිපත්තිවලට අදාළ වීමයි.මේ අනුව අධ්‍යාපනය පිළිබදව පරමාර්: හා අරමුණු
නිර්නණය වීම තුළින් අධ්‍යාපනය සාර්:කව ලබා දීමට හැකි වේ.මෙලෙස විශාල අර්ථයක් ගැබ්වන
අධ්‍යාපනය තුල දී අධ්‍යාපන දර්ශනය සම්බන්ධයෙන් ද කතා කළ යුතුම අංගයකි.මෙහිදී සිදුවන්නේ
අධ්‍යාපනයේ ඇති ප්‍රශ්න වලට සාමාන්‍ය දර්ශනයේ ඇති කරණු ඈදා ගැනීමක් බව ආර්.එස්.පීටර්
පවසයි.අධ්‍යාපන ක්‍රීයාවලියේ දී මතුවන ගැටළු ප්‍රශ්න අවම කරමින් ඒවාට ප්‍රායෝගික
විසදුම් සපයා ගැනීම හා අධ්‍යාපනයට අදාළ සංකල්ප හා අදහස් විශ්ලේෂනය කිරිම අධ්‍යාපන
දර්ශනයේ අපේක්ෂාව වේ.මෙහිදී අවධානයට ලක්වන ප්‍රශ්න 3කි.
·
දැනුම පිළිබද ගැටළු
·
ඇගයුම පිළිබද ගැටළු
·
ළමයාගේ යථාත්වය පිළිබද ගැටළු
වශයෙනි.
පූර්ණ නිගමන මත ක්‍රියාත්මක
වන අධ්‍යාපනයේ ප්‍රතිපත්ති පිළිබද අධ්‍යාපන දර්ශනයෙන් අවධානයට ලක් වේ.ඒ.ඊ.රීඩ් නැමැති දාර්ශනිකයා දක්වන ආකාරයට අධ්‍යාපනයේ ප්‍රශ්න විසදීම සදහා දාර්ශනික ක්‍රම
භාවිතා කිරිම සහ අදාළ දාර්ශනික චින්තනයට අධ්‍යාපනයෙහි ඇති සම්බන්ධය තීරණය
කිරීමයි.තවදුරටත් විග්රහ කිරිමේදී අධ්‍යාපන දාර්ශනය මගින් සෑම අධ්‍යාපන ක්රියාවලියකටම පරමාර්: හා අරමුණු
තීරණය කිරිම,විෂයමාලා සංවර්ධනය හා වෙනස් කිරිම හා ගැටළු නිරාකරණය,ඉගෙනුම් ඉගැන්වීම්
ක්‍රම හා උපාය මාර්. තීරණය ආදිය අංශ ගණනවකට මෙම අධ්‍යාපන දාර්ශනයෙන් ලැබෙන
පිටුවහල සුවිශාල වේ.
එලෙසම
අධ්‍යාපන දර්ශනයක් වනුවෙන් ගුරුවරුන්ගේ මාර්ගෝපදේශක මූලධර්ම අධ්‍යාපනික ගැටලු පිළිබද සොයා බැලීම
වේ.මෙහිදී ශිෂ්‍ය ශිෂ්‍යාවන් සහ විභවයන් වඩාත් කාර්යක්ෂම ලෙස උපරිම ලෙස මෙන්ම පන්ති කාමරයේ
පාසලේ,ප්‍රජාවේ සහ සමාජය සෑම ගුරුවරයෙක්ම පන්ති කාමරයට පැමිණෙන්නේ ශිෂ්‍ය ක්‍රියාකාරිත්වයට
බලපැම් කරන මූලධර්ම සහ පරමාදර්ශයන්ගෙන් යුතු කට්ටලයක් මගිනි.අධ්‍යාපනික දර්ශනය පිළිබද ප්රකාශනයක්,ස්වයං-පරිවර්;නය,වෘත්තීමය
වර්ධනයට සහ සමහර අවස්ථා වලදී විශාල පාසල් ප්‍රජාව සමග බෙදාගැනීම සඳහා මෙම මුලධර්මයන් සාරංශ
කරයි.
අධ්‍යාපනික දර්ශනය සදහා ආරම්භක ප්‍රකාශය පිළිබද උදාහරණයක් වන්නේ
“ගුරුවරියක් සෑම සිසුවෙකුටම අපේක්ෂා කළ යුතුබවයි.ඔවුන්ගේ ස්වයංපූර්ණ අනාවැකි වලින් ස්වාභාවිකවම ස්වාභාවයෙන්ම පැමිණෙන ධනාත්මක
ප්‍රතීලාභ උපරිමයෙන් උපරිම ලෙස කැපවීමෙන්,වෙහෙස මහන්සී වී වැඩ කිරීමත්,ඇගේ ශිෂ්‍යයන්
මෙම අවස්ථාවට පැමිණිමට නියමිතය”මෙලෙස හැදින්විය හැකිය.අධ්‍යාපන දර්ශනවාදය ප්‍රකාශ
කිරිම බොහෝ විට ගුරුවරුන් සදහා උපාධි පාඨමාලාවල කොටසකි.
එය ආරම්භ කරනු ලබන්නේ අධ්‍යාපනය සහ ඉගැන්වීමේ ශෛලිය පිළිබදව ගුරුවරයාගේ
දෘෂ්ටිකෝණය ගෙන ඒමයි.තවද දෙවන වශයෙන් ඉගැන්වීමේ ශෛලිය ගැන සාකච්ජා කළ හැකි අතර,ශිෂ්‍යයන්ට
උගන්වා ගැනීමට පෙළඹෙන්නේ කෙසේද යන්න පිළිබදවය.ශිෂ්‍යයන් ඇගයීමට හා ඔවුන්ගේ ප්‍රගතිය
දිරිමත් කිරීමට සැලසුම් කරන ආකාරය පිළිබදව ද පැහැදිලි වේ.මෙලෙස අධ්‍යාපන දර්ශනය තුළින්
ගුරුවරයෙකුට ඉගැන්වීම් ශෛලීය පිලීබද අවබෝධයක් ලබාගත හැකි වේ.එලෙසම විවිධ වූ
මතදාරීන් විසින් අධ්‍යාපන දර්ශනය ඉදිරිපත් කර
ඇත.ඉන් එක් අධ්‍යාපන දර්ශනයක් උදාහරණ වශයෙන් ගෙන බැලීමේ දී ඒ පිළිබද ව මනා
අවබෝධයක් ලබාගත හැකිවේ.
ප්ලේයෝගෙ
අධ්‍යාපන දර්ශනයට අනුව ගුරුවරයෙකුගේ ස්වාභාවය මෙලෙස පෙන්වා දිය හැකිවේ.එනම්,
·
දෙමාපියන් මුල්ම ගුරුවරුන් විය යුතු බවත් එම අධ්‍යාපන චර්යාවන් ඉදිරියට
මෙහෙය වන වන්නන් ගුරුවරුන් බවත් ය.
·
ළමයෙකුගේ ජීවිතයේ කුඩාම අවධියේ අධ්‍යාපනය ඉතා වැදගත්වන නිසා ප්‍රාථමික අධ්‍යාපනය
ලබදෙන ගුරුවරයා ආදර්ශමත් හා වගකීමෙන් යුතුව කටයුතු කරන අයෙකු විය යුතුය.
·
ප්ලේටෝ ඉගැන්වීමට වඩා ස්වයං ඉගෙනීම අගය කල අයෙකි.එම නිසා ගුරුවරයාගේ කාර්යභාරය විය
යුත්තේ මගපෙන්වීමයි.
·
ගුරුවරයා විෂය පිළිබද විශේෂඥයෙක් මෙන්ම තමාගේ ශිෂ්‍යයන් පිළිබදව ද අවබෝධය
ඇත්තෙකු විය යුතුය.ගුරුවරයා මිත්‍රයෙක්,දාර්ශනිකයෙක් හා මාර්ගෝපදේශකයෙක් විය
යුතුය.
ආදි
වශයෙන් ගුරුවරයෙකුගේ ස්වාභාවය පිළිබද ව පෙන්වා දිය හැකිය.එලෙසම ගුරුවරයෙකු වශයෙන්
ඉගෙනුම ඉගැන්වීම් ක්‍රම කිහිපයක්ද දක්නට ලැබේ.ඒවා මෙසේය.
·
ළමයා ස්වාභාවයෙන්ම ක්‍රියාශීලි බව පිළිගන්නා අතර ඉගැන්වීමේ දී ක්‍රියාකාරී
ශිල්ප ක්‍රම භාවිත කිරිමේ අවශ්‍යතාව අවධාරණය කර ඇත.
·
කතාන්තර හා නාට්‍යානුසාරයෙන් ඉගැන්වීම ද යෝජනා කර ඇත.
·
කතාන්තර කීමේ ක්‍රම දෙකක් ඇත.එනම් කෙලින්ම කීමේ එක් ක්රමයකි.සංගීතවත් ලෙස
කීම අනෙක් ක්‍රමයයි.කතාන්තර කීම සදහා උපයෝගී කරගන්නා වචන සංගීතවත් ලෙසත්
රිද්මයානුකූලවත් උච්චාරනය කිරිමෙන් ප්රස්තුත පණිවිඩය වඩාත් සාර්ථක ලෙස ඉදිරිපත්
කළ හැකිය.
·
සංවාද මාර්ගයෙන් ඉගැන්වීමද ප්‍රධාන ඉගැන්විම් ක්‍රමයක් ලෙස දක්වා
ඇත.
·
පුස්තකාලය ඇසුරෙන් නිරීක්ෂණයෙහි යෙදවීම ගුරුවරුන්ගෙන් ඉගෙනීමට වඩා ඵලදායී
බව දක්වා ඇත.
මේ ආදී වශයෙන් ඉගැන්වීම් ශිල්ප ක්‍රම යොදාගත හැකි වේ.ගුරුවරයෙකු වශයෙන් මෙම අධ්‍යාපන දර්ශනය ඉගෙනීම අත්‍යවශ්‍ය කරුණකි.මන්ද යත් මෙමගින් දරුවන්ට ඉගැන්වීම් කළ යුතු ආකාරය පිළිබදව මනා අවබෝධයක් ලබා ගත හැකි වේ.ගුරුවරයෙකු වශයෙන් අධ්‍යාපන දර්ශනය අධ්‍යයනයෙන් ලැබෙන ප්‍රයෝජන මෙසේ පෙන්වා දිය හැකිය.එනම්,
·
ඉගැන්වීම් ශිල්පීය ක්‍රම පිළිබද අවබෝධයක් ලැබීම.
·
දරුවකුගේ වයස් සීමාව අනුව දරුවාට ඉගැන්වීම් කළ යුතු ආකාරය පිළිබදව හදුනාගත
හැකිවේ.
·
දරුවන්ගේ විවිධ අවධින් වල දී ඔවුන් සිතන පතන ආකාරය පිළිබදව අවබෝධයක් ලබාගත
හැකිවේ.
·
ශිෂ්‍යයන්ට උගන්වනවාට වඩා ඔවුනටම ඉගෙන ගැනීමට මග පෙන්වීම පිළිබද අවබෝධයක්
ලබාගත හැකිවේ.
මේ ආකාරයට අධ්‍යාපන දර්ශනය උගනිමෙන්
ගුරුවරයෙකු වශයෙන් ලැබෙන ප්‍රයෝජන වේ.මෙලෙස අධ්‍යාපන දර්ශනය ගුරු
ජීවිතයට වඩාත් සමීප වීම ශිෂ්‍යයින් යහමගට යාමට ද රුකුල් වේ.ගුරුවරයා නිසි මාර්ගයේ ගියහොත්
ශිෂ්‍යයා යහමගට ගත හැකිවේ.මේ නිසාවෙන් අධ්‍යාපන දර්ශනය ඉගෙනිම ගුරුවරයෙකුට පමණක් නොව ඕනෑම අයෙකුට
ජීවිතය සාර්:ක කරගැනීමට මහගු පිටුවහලක් වනු නිසැකය.
Great❤
ReplyDelete❤️❤️
ReplyDeleteFt
ReplyDeleteMru
ReplyDelete❤️❤️
ReplyDeleteThat's interesting sis❤👍
ReplyDeleteGreat
ReplyDelete👍👍👍👍
ReplyDelete👍👍👍👍
ReplyDelete👍👍👍👍👍
ReplyDelete👍👍👍👍👍
ReplyDelete👍👍👍👍
ReplyDelete💙
ReplyDelete💖
ReplyDelete❤
ReplyDelete