Sunday, 9 October 2022

රූපවාහීනී දැන්වීම්වල ක්‍රියාකාරීත්වය හා ප්‍රේක්ෂක බලපෑම

 දැන්වීම්කරණය යන්න හැඳින්වීම හා එහි ක්‍රියාකාරිත්වය

           "වෙළඳ දැන්වීම් යනු මට හමු වූ සියලු සාහිත්‍යයන් අතර අමාරුම වඩාත් ඵලවන සාහිත්‍යාංගයකි.එහි ප්‍රවීනයෙකු වීම සියල්ලකට ම වඩා අපහසුය.අති සාර්ථක කෙනාටවත් දහසයක් ලිවීම තුළින් ඔබට අවම විවේචන කිහිපයකින් ඒ කාර්‍යය නිමකළ හැකිය.එහෙත් වඩා අපහසු දෙය වන්නේ විවේචනයේ නොයෙදෙන්නා වූ දහස් ගණනක් පාරීභෝගිකයන් උදෙසා සාර්ථක වූ එක් වෙළඳ දැන්වීමක් නිර්මාණය කිරීමයි.”

-ඕඩ්ස් හක්ල්ස්(1894-1903)-

                   මේ ආකාරයට ඕඩ්ස් දැන්වීම්කරණය යන්න පැහැදිලි කරනු ලබයි.ඒ අනුව සරලව වටහාගන්නේ නම් දැන්වීම්කරණය යනු යමෙක් යම් කා්රයයක් සඳහා පොළඹවාලීම සඳහා කරනු ලබන සන්නිවේදන බලපෑම ඔහුට ප්‍රතික්ෂේප කළ නොහැකි වන ආකාරයෙන් සැලසුම් සහගතව ඉදිරිපත් කිරීමකි.ඒ අනුව කිසියම් පිරිසක් විශාල කණ්ඩායමක් වෙත තම අවශ්‍යතාවය මෙහෙය වනු පිණිස වන සන්නිවේදන ක්‍රියාවලියකි.වාණිජකරණය යන්න දිනෙන් දින නැවුම් වන්නකි.එහිදී වෙළද දැන්වීම් යනු අදට වඩා හෙට ලෝකයට නිරන්තරයෙන්ම අත්‍යවශ්‍ය වන්නා වූ සාධකයක් ලෙස පෙන්වා දිය හැකිය.වෙළඳ දැන්වීම්වලින් තොරව කිසිදු වෙළඳ ආයතනයකට නැඟී සිටිය නොහැක.වෙළඳ දැන්විමක මූලික අරමුණ පාරිභෝගිකයා භාණ්ඩ හෝ සේවාව කෙරෙහි කෙසේ හෝ පොළඹවා ගැනීමයි.එහිදී වෙළඳ දැන්වීමක භාෂා භාවිතය,රූප,සංඥා සංකේත භාවිතය,වර්ණ භාවිතය,ශබ්ද භාවිතය ආදී ප්‍රබල දායකත්වයක් සපයයි.මේ සෑම දෙයකින්ම සිදුකෙරනුයේ පාරිභෝගිකයා ආකර්ෂණය කර ගැනීමයි.මෙලෙස පාරිභෝගික ආකර්ෂණය දිනාගැනීම සඳහා ඉහත නිර්මාණ ප්‍රයෝග ප්‍රබල බලපැමක් වන ආකාරය මෙහිදී අධ්‍යයනය කරන ලදි.

           ඒ අනුව නිර්මාණය වන දැන්වීම් රූපවාහිනිය,ගුවන්විදුලිය,චිත්‍රපට,පුවත්පත්,සඟරා,වීඩියෝ,ක්‍රීඩා හා අන්තර්ජාලය හරහා ප්‍රචාරණය වීම සිදුවේ.සෑම විටම වෙළඳ දැන්වීමක් ඉදිරිපත් කරනු ලබන්නේ යම් සමාගමක් වෙනුවෙන් වෙළඳ ඒජන්සියක් මඟිනි.එලෙසම දැන්වීමක් සිල්ලර බඩු කරත්ත,තහඩුවල,ගුවන් තොටුපල,සක්මන් මාවතක බිත්තිවල,බස් රථයක දෙපැත්තේ මෙන්ම දුරකථන පණිවිඩයක හෝ සාප්පුවල පොදු ඇමතුම් විකාශනයක තිබිය හැකි වේ.එලෙසම වෙළඳ දැන්වීම් ස්ථානගත කරනුයේ පාඨකයාගේ ඇසට පහසුවෙන් හසුවන ස්ථානයක වේ.මේ ආකාරයට වෙළඳ ප්‍රචාරණයන් සිදු වේ.


                                                                               තවද රටක ආර්ථික දියුණුව සදහා ප්‍රචාරණය හේතුවනවා මෙන්ම ඊට සමාජමය වියදමක් ද වැයවේ.අනාරාධිත විද්‍යුත් පණිවිඩ හා වෙනත් ආකාරයේ විද්‍යුත් පණිවිඩ කොතරම් ව්‍යාප්ත වී ඇත්ද යත් එය ග්‍රාහකයන්ට මහත් හිසරදයක් බවට පත්වී ඇත.එමෙන්ම එය අන්තර්ජාල සේවා සපයන්නන්ටද මූල්‍යමය බරක් බවට පත්වී ඇත.ප්‍රචාරණය මඟින් පාසල් වැනි මහජන ආයතන ද වේගයෙන් ආක්‍රමණය කරමින් සිටින අතර එය දරුවන් සුරාකෑමක් ලෙස විචාරකයෝ වාද කරනු ලැබේ.මිනිසා ලොවට බිහිවූ දා සිටම ඔවුන්ගේ අදහස් උදහස් අන් අය සමඟ හුවමාරු කරගැනීමට විවිධ වූ ක්‍රම සංකේත ලකුණු හෝ අංගචලන භාවිත කර ඇත.ප්‍රචාරණය යන සංකල්පය ඉතා මෑත කාලයේ ජනප්‍රිය වුවද ඉතා ඈත අතීතයේ ද පුද්ගලයන්,ප්‍රදේශයන් හෝ රාජ්‍යයන් එසේත් නැතිනම් රාජ්‍යයන් අතර පණිවිඩ හුවමාරු කරගැනීමේ දී විවිධ සන්නිවේදන ක්‍රම භාවිතා කොට ඇත.මේ ආකාරයට දැන්වීම්කරණය පිළිබඳව යම්තාක් දුරට අවබෝධයක් ලබාගත හැකිවේ.


තවද මුදල් ගෙවා ප්‍රචාරය කරනු ලබන පෙළඹවීම සන්නිවේදනය දැන්වීමක් ලෙස ඉතා සරලව කිව හැකි වේ.දැන්විමක අනුග්‍රාහකයා නිශ්චිතව හඳුනාගත හැකිය.දැන්වීමක් සෑම විටම ස්වකීය ඉලක්ක පාරිබෝගිකයා පෙළඹවීමට හෝ යොමු කිරීමට උත්සාහ කරලයි.දැන්වීම් ජනමාධ්‍ය ඔස්සේ ජනගත වෙමින් ක්‍රියාත්මක වේ.එමෙන් ම එය මිනිස් ක්‍රියාකාරකමින් තොරව ජන මාධ්‍ය ඔස්සේඑ ඉලක්ක ගත විශාල පාරිබෝගික ප්‍රජාවක් වෙත හඳුනාගත හැකි අනුග්‍රාහකයෙකු ඔස්සේ ලබා ගනී.එලෙසම විවිධ දූ දැන්වීම් වර්ග ගණනාවක් හඳුනාගත හැකිය.ප්‍රධාන වශයෙන් දැන්වීම් කොටස් 2 කට වර්ග කළ හැකිය.එනම්,

වෙළඳ දැන්වීම්

වෙළඳ නොවන දැන්වීම්

                                      වශයෙනි.

     වර්තමාන මාධ්‍ය ක්ෂේත්‍රය තුළ වැඩි වශයෙන් ම දැකගත හැකි වන දැන්වීම් ලෙස වෙළඳ දැන්වීම් හඳුන්වාදිය හැකිය.වාණිජ අරමුණු අනුව ඉදිරිපත්වන දැන්වීම් වෙළඳ දැන්විම් ලෙස සරලව අර්ථ දැක්විය හැකිය.වර්තමානය වනවිට ආගම,ජාතිය,පුද්ගල ප්‍රතිරූපය ආදී විවිධ සාධක නිර්මාණශීලීව යොදාගනිමින් වෙළඳ දැන්වීම්කරණය කලාවක් ලෙසින් වර්ධනය වී ඇත.තාක්ෂණික දියුණුව එහිදී කැපීපෙනෙන ලක්ෂණයක් බවට පත්ව ඇත.සමාජ අභිවෘද්ධිය ඉදිරිපත් කරන වාණිජ අරමුණු වලින් තොර දැන්වීම් වෙළඳ නොවන දැන්වීම් ලෙස හැඳින්විය හැකිය.රජය විසින් ඉදීරිපත් කරන තොරතුරු,මැතිවරණ දැන්වීම්,ඩෙංගු,ඒඩ්ස්,වකුගඩු රෝග උවදුරු වළක්වා ගැනීම උදෙසා ඉදිරිපත්වන දැන්වීම්,සෞඛ්‍ය සායන,සමාජ සුබසාධන කාර්යය ආදිය පිළිබඳ ඉදිරිපත් කරන දැන්වීම් මේ යටතට ගැනේ.කෙසේ වෙතත් අද වනවිට වාණිජ දැන්වීම් වුවද සමාජ වගකීම් පිළිබඳ දැන්වීම් ස්වරූපයෙන් නිර්මාණශීකීව ඉදිරිපත් කරමින් වාණිජ අරමුණු ඉටුකරගනී.

                           එලෙසම දැන්වීම්කරණය තුළින් බලාපොරොත්තු වන ප්‍රධාන කරුණු කිහිපයක් හඳුනාගත හැකි වේ.එනම්,

නව භාණ්ඩයක් හෝ සේවාවක් පිළිබඳ ජනතාවට හඳුන්වාදීම

භාණ්ඩයක් හෝ සේවාවක් ප්‍රවර්ධනය කිරීම හා ප්‍රචාරණය කිරීම

වෙනත් නිෂ්පාදනයන්ට වඩා තම භාණ්ඩයේ හෝ සේවාවන්ගේ ඇති විශේෂතා,වාසි සහගත බව පෙන්වීම්

                   මේ ආදි වශයෙන් දැන්වීම්කරණය තුළින් බලාපොරොත්තු වේ.තවද දැනීම්කරණය අද ඊයේ බිහිවුවක් නොවන බව හොඳයාකාරවම දන්නා කරුණකි.මෙය විකාශනයක් මඟින් සිදු වුවක් බව වැටහේ.ප්‍රාථමික අවධිය,කණ්ඩායම්,සමූහ ඇතිකර ගැනීමේ අවධිය,රාජ්‍ය මූලික අවධිය,ජනමාධ්‍ය බිහිවීම,පෞද්ගලික හා රාජ්‍ය අංශයේ නැඟීම,නව මාධ්‍ය බිහිවීම ආදී වශයෙන් අවධීන් 6ක් ඔස්සේ විකාශනය වී ඇත.ඒ අනුව ඒ පිළිබඳ ව අවබෝධයක් පහතින් ලබාගත හැකි වේ.

                                                                                               වෙළඳ දැන්වීම්කරණය නැතගොත් වෙළඳ දැන්වීම් ප්‍රචාරණය යනු අදහස් භාණ්ඩ හෝ සේවා පිළිබඳ පණිවිඩයක් මාධ්‍ය තුළින් බෙදාහැරීමේ ක්‍රියාවලියයි.ලෝකයේ කලාව නුහුරු ඊටත් පැරණි සමාජයේ ප්‍රචාරණ කාර්‍යය තිබේ.මෙහි පැරණිතම සාක්ෂිය බැබ්ලෝනියානු ශිෂ්ටාචාරයෙන් හමුවේ.එකල වෙළද ව්‍යාපාරිකයන් ඝෝෂකයන් මාර්ගයෙන් ඒ අසලින් ගමන් කල වූත් තම ව්‍යාපාරය වෙත අද්දවා ගැනීමට කටයුතු කර ඇත.ඊජිප්තුවේ වරායන්ට පැමිණෙන නැව් හා එහි ගෙන යන භාණ්ඩ පිළිබඳ ජනතාව දැනුවත් කිරීම කටවහරින් සිදුවිය.ග්‍රීසියේ නගර ඝෝෂකයම් සංගීතකරුවන් සමඟ වීදී සංචාරය කල බවට ඉතිහාසය සාක්ෂි දරයි.මේ අනුව නිර්මාණය වූ දැන්වීම්කරණය දිගු ඉතිහාසය තවදුරටත් සරලව මෙලෙස හඳුනාගත හැකි වේ.

දැන්වීම් කලාව ලොව පුරා ප්‍රචලිත විමේ මුල් ඇරඹුම ඉතා දිගු ඉතිහාසයක් දක්වා දිවයයි.කොලින්ස් විශ්ව කෝෂයේ සඳහන් පරිදි ඊජිප්තුවේ ෆෙස් නැමැති ප්‍රදේශය ආශ්‍රිතව ක්‍රිස්තු පූර්ව තෙවන සියවසේ දී පමණ පැපිරස් පත්‍ර(ච්චහරමි කැ්ඩැිමත ලියූ කුඩා රාජ්‍ය දැන්වීම් පිළිබඳව තොරතුරු වාර්තා වේ.තව ද එහි සඳහන් වූයේ අගනා වලසෙකු සොයා දෙන්නෙකු ත්‍යාගයක් පිරිනමන බවයි.නිව් ස්ටෑන්ඩ් විශ්ව කෝෂයේ සඳහන් පරිදි මෙතෙක් වාර්තා වන්නා වූ පැරණිම ලේඛනගත දැන්වීම ඊජිප්තුවෙන් සොයාගෙන ඇතිබවය.චීනයේ ද රෙදි මත ලියූ දේ ආදිය දැකගත හැකිවේ.එලෙසම පුරාණ අරාබියේ පෑවති වාණිජ පණිවිඩ දේශපාලන සටන් ප්‍රදර්ශන කිරීමේ ක්‍රම පිළිබඳව නටබුන් ඇසුරින් පුරා විද්‍යාත්මක සාක්ෂි සොයාගෙන ඇත.විකිණිම් පණිවිඩ හා බිත්තිවල පෝස්ටර් දැන්වීම් පිළියෙල කිරීම සඳහා ඊජිප්තුයානුවෝ පැපිරස් කඩදාසි වෙළඳ දැන්වීම් පැරණි ග්‍රීසියේ සහ පැරණි රෝමයේ සුලබව දක්නට ලැබුණි.

                                                                                                                   වාණිජ ප්‍රචාරණය සඳහා බිතිසිතුවම් හෝ ශිලා චිත්‍ර යොදාගැනීම පැරණි ප්‍රචාරණ ක්‍රමයකි.ආසියාවේ,අප්‍රිකාවේ සහ දකුණු ඇමෙරිකාවේ බොහෝ ප්‍රදේශයන්හි වර්තමානයේ දී මෙම ක්‍රමය පවතී.බිතුසිතුවම් සම්ප්‍රදාය,අවුරුදු 4000 තරම් ඈතට දිවෙන අතර ඉන්දියානු ලේ පර්වත ආශ්‍රිතව ශිලා චිත්‍ර සමඟ ඒවා සම්බන්ධ කළ හැකිය.15 වැනි හා 16 වැනි ශතවර්ෂවලදී චිත්‍ර කලාවේ ඇති වූ වර්ධනයත් සමග පත්‍රිකා ඇතුළත් ප්‍රචාරණය ව්‍යාප්ත විය.17 වැනි ශතවර්ෂයේ දී එංගලන්තයේ සතිපතා පුවත්පත් වල වෙළද දැන්වීම් දක්නට ලැබුණි.මුද්‍රණ යන්ත්‍රවල දියුණුවත් සමඟ මුද්‍රණ කටයුතුවලට වැඩියෙන් වියදම් දැරීමට හැකි වීමත් නිසා ප්‍රධාන වශයෙන් පොත් සහ පුවත්පත් ප්‍රවර්ධනය කිරීමට මෙම මුල් මුද්‍රිත ප්‍රචාරණයන් යොදාගන්නා ලදි.  එලෙසම තවත් මේ පිළිබඳව විමර්ශනය කරන විටදී බිත්තිමත ආඳිනු චිත්‍ර සහ ඊසකකඉද්රා යන්නද දැන්වීම්කරණ මාධ්‍යයක් ලෙස පැරණිතම දැන්වීම්කරණය තුළ හඳුනාගැනීමට හැකිවේ.එලෙසම ශ්‍රී ලංකාවේ නිශ්ශංකමල්ල රජුගේ ටැම්ලිපිය වැනිය අවස්ථාද දැන්වීම් නියෝග මහජනගත කිරීමට නිදසුන්ය.ලාවාවලින් වැඩී ගිය පුරාණ පොම්පෙයි නගරයෙන් සහ පුරාණ අරාබි රාජධානියෙන් හෙළිකර ගෙන ඇති නෂ්ටාවශේෂයන් තුළින් එකල භාවිත දේශපාලන සහ වාණිජමය දැන්වීම් සොයාගනු ලැබ තිබේ.කටහඩේ ඇති ශ්‍රවන භංගුරත්වය නිසා කාලයාගේ ඇවැමෙන් මුද්‍රිත මාධ්‍ය විකාශනයත් සමඟ අවද්‍ය දැන්වීම් එමඟින් ප්‍රචාරය කිරීමට ඊට විසදුම් වීය.

            මේ අනුව මුද්‍රිත කලාව නිර්මාණය විය.1438 දී ජර්මනියේ ගුටෙන් බර්ග් විසින් මුද්‍රණ යන්ත්‍රය හඳුන්වාදීමත් සමඟම වෙළඳ ප්‍රචාරනය නව මානයකට යොමු වීය.ප්‍රචාරණය සාමාන්‍යයෙන් චාලීගෝලීය පුවරු හා මුද්‍රිත කඩදාසිවල ස්වරූප ගනි.සින්ඩේ රාජ වංශයට ඩොංගලයට මුද්‍රා තැබු තඹ මුද්‍රිත තහඩුවක් මුද්‍රණය කිරීම සඳහා “ජිනැන් ලීව්ගේ ෆයික් ෂීල්ෂොප්” සමඟ හාවා ලාංජනය හා “උසස් තත්ත්වයේ වානේ දඬු මිලදී ගැනීමටත්,ඉහළම සහ පහළම ලියන ලද කිසිදු අවස්ථාවක නිවසේ දී භාවිතා කිරීමට සුදානම් විම්” යනු ලොව මුල්ම හඳුනාගත් මුද්‍රිත දැන්වීම් මාධ්‍ය ලෙසය.මෙලෙස නිර්මාණය වූ මුද්‍රිත දැන්වීම්කලාව තුළ මුද්‍රන යන්ත්‍රය සොයාගෙන වසර 40කට පමන පසු එංගලන්තයේ මුද්‍රණ ශිල්පීය ඇරඹීම සිදුවිය.ඒ විලියම් කැන්ස්ටන් විසිනි.ලන්ඩන් නගරයේ දී ප්‍රථම මුද්‍රිත දැන්වීම ඔහු නිර්මාණය කලේය.එය දේවස්ථානයක දොරටුවේ ඇලවීම සඳහා සකස්කරන ලද්දකි.එය ඉංග්‍රීසීයෙන් මුද්‍රිත ප්‍රථම බාහිර ප්‍රචාරණ දැන්වීමයි.සතිපතා ප්‍රවෘත්ති පත්‍ර ආරම්භ වීමත් සමඟ භාණ්ඩ සහ ද්‍රව්‍ය පිළිබඳ ක්‍රමවත් කාල රටාවකට අනුව දැන්වීම් පළවිය.එංගලන්ත පුවත්පතෙහි,1657 සිට තේ පිළිබඳ දැන්වීම්,1658 සිට කෝපි පිළිබ්ඳ දැන්වීම් ආදිය පළ විය.

                        තව ද 1666දී දෙවන ලන්ඩන් ගැසට් පත්‍රය සම්පූර්ණ පුවත්පතක් ලෙස නිකුත්වීම ආරම්භවීමෙන් පසු මුල් වතාවට දැන්වීම් සඳහා විශේෂ පිටු ද දැන්වීම් අතිරේක ද පළකරනු ලැබීය.පුවත්පත වර්ධනයත් සමඟම දැන්වීම් කලාවන් ද වර්ධනය වීමට රුකුල් වීය.1970 සැප්තැම්බර් 14 වන දින පැට්ලර් නම් පුවත්පත “මහජනයාට කියාපාන්නට ප්‍රවෘත්තියක් නැතිනම් මා එක්කල දැන්වීම්වලින් පාඨකයා සන්තෝෂ කරවමි” යන්න ප්‍රකාශ කලේය.එලෙස්ම දැන්වීම් කලාවේ පියා ලෙස හඳුන්වන ලබන ඇමරිකා එක්සත් ජනපදයේ බෙල්ජිමින් ෆ්‍රැන්ක්ලින් 1729 දී ඉතා ක්‍රමානුකූලව නිර්මාණාත්මකව බිහිවීමට පටන් ගැනුණි.එලෙසම පුවත්පත්වල දිනපතා දැන්විම් ප්‍රචාරණය වීමට ද 1702 මාර්තු 11 ලන්ඩනයේ සැමුවෙල් බක්ලී විසින් මුද්‍රණය කරන ලද “ෘ්සකහ ජදමර්බඑ”නම් පත්‍රයක් සමඟ දිනපතා දැන්වීම් නිර්මාණය වීමට පටන් ගැනුණි.මෙලෙස විදේශීයව දැන්වීම් කලාව ආරම්භ වූ බව මනාව හඳුනාගත හැකි වේ.    

                                                                                       එලෙසම ලංකාවේ ද 1928 දෙසැම්බර් මාසයේ ලංකා වෙලද ප්‍රවෘත්ති නම් වාර ප්‍රකාශනයක් නිකුත් කොට ඇත.ඒ සම්බන්ධයෙන් සිංහල පුවත්පත් සඟරා ඉතිහාසයක් මාර්ටින් වික්‍රමසිංහ ශුරීන් දැන්වීම් ලිවීම හා පළකිරීම යන මාතෘකාව යටතේ ඉදිරිපත් කල අදහසක් ගෙනහැර දක්වයි.මේ අයුරින් මුදිත මාධ්‍යයෙන් සමඟ දැන්වීම්කලාව දීර්ඝකාලයක් තිස්සේ වර්ධනය වී ඇත.තවද වෙළඳ ප්‍රචාරන වර්ධනය වීමට කාර්මික විප්ලවයද හේතු වී ඇත.කාර්මික විප්ලවයත් සමග කර්මාන්තශාලා හා නිෂ්පාදන බිහිවීම නිසාවෙන් ප්‍රචාරනය පුළුල්වීමට මඟ පෑදුණි.මෙසේ වර්ධනය වූ ප්‍රචාරනය 1950න් පසුව දැන්වීම්වල ජායාරූප භාවිතය බහුලව දැකගත හැකිවිය.රූපවාහිනිය පැමිණිමත් සමඟ වෙළඳ දැන්වීම් නවම පන්නරයක් ලැබින.ඒ අනුව ජනමාධ්‍ය ඔස්සේ සීමා අතික්‍රමණය කළැ දැන්වීම්කරණයේ වර්ධනීය තත්ත්වයේ උච්චතම අවස්ථාව උදාවන්නේ නව මාධ්‍ය බිහී වීමත් සමඟය.විශේෂයෙන් අන්තර්ජාලය මූලික කරගත් නව මාධ්‍ය ඔස්සේ පාරිභෝගිකයන් වෙත තම භාණ්ඩ හා සේවා පුළිබඳ තොරතුරු ගෙන යන්නට වෙළඳ දැන්වීම්කරුවෝ කටයුතු කරන ලදි.මේ ආකාරයට නව තාක්ෂණයත් සමඟ දැන්වීම්කරණය වඩාත් වේගයෙන් දියුණු වීය.

     උක්ත කරුණු මඟින් දැන්වීම්කලාවේ ඉතිහාසය පිළිබඳව මනා අවබෝධයක් ලබාගැනීමට හැකි වේ.එසේ ආරම්භ වූ දැන්වීම්කරණය යන්න මෑත ඉතිහාසයේ ඉතා කේන්ද්‍රීය වැදගත්කමක්,ප්‍රචලිත බවක් හිමි වූ සාහිත්‍යයකි.යම් ක්‍රියාවලියක්,සිද්ධියක්,භාණ්ඩයක් ගැන බහුතරයක් පිරිස දැනුවත් කිරිම හා ඒ සඳහා පෙළඹවීමක් ඇති කිරීම සඳහා උපයෝගී කරගන්නා ප්‍රචාරන සන්නිවේදනය ක්‍රමයක් ලෙස දැන්විම්කරණය ගත හැකි වේ.දැන්වීම් යනු පුළුල් සංකල්පයකි.එය වෙලඳ දැන්වීම්වලට පමණක් සීමා නොවේ.ඉන් ඔබ්බට විහිදී ගිය විශාල පරාසයක් පුරා විසිරුණු ක්ෂේත්‍රයක් දැන්වීම්කරණය යනුවෙන් හඳුනාගත හැකිය.

                            ්ාඩැරඑූසරු යනු ලතින් වචනයෙන් ඉංග්‍රීසියට එකතුවන ්ාඩැරඑසිසබට යන්නෙහි තේරුම ප්‍රසිද්ධියේ දැනුම්දීම හෙවත් ප්‍රසිද්ධිය කිරීම යන්නයි.මෙලෙස දැන්වීම්කරණය යන්න වචනාර්ථය නිර්මාණය වී ඇති අයුරු මනාවට වටහා ගත හැකිය.පාරිභෝගිකයන් සිය අවශ්‍යතාවය සඳහා ආමන්ත්‍රණය කිරීමට පොළඹවන,ඔවුන්ගේ ආශාවන් සඳහා යොමුකරවන,නිෂ්පාදන හා සේවා පිළිබඳ ආකර්ෂණයක් ඇති කරවන ක්‍රියාමාර්ගයන් දැන්වීම්කරණ ප්‍රවේශයක් ලෙස අර්ථ දැක්විය හැකිය.මූලික වශයෙන් දැන්වීම්කරණ ප්‍රවේශ ආකාර දෙකකි.එනම්,

තාර්කික ප්‍රවේශය

භාවාත්මක ප්‍රවේශය

                                වශයෙනි.මෙහිදී තොරතුරු මූලික ප්‍රවේශය හෙවත් තාර්කික ප්‍රවේශයේ දි පාරිභෝගිකයාට එදිනෙදා ජීවීතයේ දී ප්‍රයෝජනවත් වන සාධක පිලිබඳ දැනුවත් කිරීමට අපේක්ෂා කරයි.නිෂ්පාදනයේ ඇති වසි,සුවිශේෂි ලක්ෂන,වෙතත් නිෂ්පාදනවලට වඩා තත්ත්වයෙන් උසස් බව,සුව පහසුව,ගුණාත්මක බව ආදිය පිළිබඳ පාරිභෝගිකයා දැනුවත් කරමින් තාර්කිකව දැන්වීම් ඉදිරිපත් කිරීමට එහිදී කටයුතු කරයි.මෙහිදී විශේෂිත ලක්ෂනය වන්නේ දැන්වීම්කරුවා විසින් ග්‍රාහකයාගේ බුද්ධියට ආමන්ත්‍රණය කිරිමයි.භාවාත්මක ප්‍රවේශයේදී පාරිභෝගිකයාගේ සමාජීය හා මනෝ විද්‍යාත්මක අවශ්‍යතා හා සාධක අනුව ඔහුගේ හදවතට ආමන්ත්‍රණය කරමින් තම නිෂ්පාදන හා සේවා ප්‍රවර්ධනය කිරීමට දැන්වීම්කරුවා යොමුවේ.බොහෝ වෙළඳ දැන්වීම් ග්‍රාහක බුද්ධියට නොව භාවාත්මක ලක්ෂණ ඔස්සේ හදවතට ආමන්ත්‍රණය කරන ඒවා වේ.වෙළඳ දැන්වීම්කරණයේ දී යොදාගනු ලබන්නේ භාවාත්මක ප්‍රවේශයයි.ආදරය.සංස්කෘතිය,බිය,අතීතකාමය,ආරක්ෂාව,ගරුත්වය,දුක,සතුට,ලිංගිකත්වය වැනි භාවාත්මක සාධක මෙම ප්‍රවේශය තුළ දී දැන්වීම්කරණය සඳහා බහුලව යොදාගනු ලබයි.මෙලෙස දැන්වීම්කරණයේ මූලික ප්‍රවේශය පිළිබඳ අවබෝධයක් ලබාගත හැකි වේ.

                                         සමාජය තුළ දැන්වීම්කරණයට සුවිශේෂි භුමිකා කිහිපයක් ඉටු කරයි.ඒ සියලු භූමිකාවන් තුළ ම සාධනීය මෙන් ම නිශේධනීය ලක්ෂණ ද දැකගත හැකිය.ඒ අනුව දැන්වීම්කරණය තුළින් ඉටු කරන කාර්යය භාර්යය වර්ග 4 කි.දැනුවත් කිරීම,ඒත්තු ගැන්වීම,තහවුරු කිරිම,ක්‍රියාත්මක කිරීම වශයෙනි.දැන්වීම්කරණය පෙළබවීමේ කලාවකි.මෙකී පෙළඹවීම අතිශ්‍යයින්ම කලාත්මක භාවිතයන් මෙන් ම විද්‍යාවක් වේ.පුද්ගලයා තුළ අන්තර්වර්තීව සිදු කරන වෙනස්කම් වඩා විද්‍යාත්මක පදනමක සිට සිදු කිරීම සඳහා මනෝ විද්‍යාත්මක මෙන්ම සමාජ විද්‍යාත්මක එලැඹීම් දැන්වීම්කරුවා භාවිතා කරයි.එමෙන්ම එම අරමුණු සාර්ථක කර ගැනීම සඳහා සැලසුම් කිරීම,දෘශ්‍යමය පරිවර්තනය කිරීම,මුද්‍රිත නිමැවුම්,විශේෂ තාක්ෂණික ප්‍රයෝග,භාවිතය වැනි තාක්ෂණික ක්‍රියාවන් පිළිබඳ පරිචය දැන්විම්කරුවාගේ සාර්ථකත්වයට හවුල් වේ.දැන්වීම්කරණය තුළින් සමාජය වෙත ගලා යන්නේ භාණ්ඩ හෝ සේවාවන් පමණක් නොවේ.ඒ තුළින් මානව චර්යාවේ චින්තනය මෙන්ම මානව සංස්කෘතියේ වෙනසක් සිදුකරයි.එසේම දැන්විම්කරණය මානව චර්යාවේ මූලික රටාවන් වෙනස් නොකළ ද ඒවායේ සංස්කෘතික ඇගයීම වෙනසකට ලක් කරයි.වර්තමානයේ පරිභෝගික සමාජය තුළ වෙළඳ දැන්වීම් දැඩි තරඟකාරී බවකින් ක්‍රියාත්මක වීම දැකගත හැකි වේ.මේ සඳහා රූපවාහිනිය,පුවත්පත,ගුවන්විදුලිය හා නව මාධ්‍ය බහුලව යොදාගැනීමට ලක් කෙරේ.මෙවැනි මාධ්‍යයක් තුළින් පරීභෝගිකයා වෙත ළඟා වීමට ඉතා පහසුවන බව මොනවට පසක් වේ.

                    උක්ත කරුණු මඟින් දැන්වීම්කරණය යන්න හා එහි විකාශනය හා දැන්වීම්කරණය සිදුවන ආකාරය පිළිබඳ ව මනා අවබෝධයක් ලබා ගැනීමට හැකි වේ.  

රූපවාහිනී දැන්වීම්වල ක්‍රියාකාරීත්වය හා ප්‍රේක්ෂක බලපෑම 
                වෙළඳ ප්‍රචාරණය,වත්මන් ලෝක ආර්ථිකයේ අනිවාර්‍ය බවටපත් වී අවසන් ය.සියලු සමාජ සබඳතා මූල්‍යමය වටිනාකම් මඟින් මනින ආර්ථික රටාවක් තුළ වෙළඳ ප්‍රචාරණයට හිමි වී ඇති ප්‍රමුඛස්ථානය අවිවාදාත්මක ප්‍රචාරණය සතු මෙබඳු සුවිශේෂත්වයක ප්‍රථීඵලය වී ඇත්තේ පවුල් ඒකක හැටියට පමණක් නොව සමාජ කණ්ඩායම් වශයෙන් වුවත් නිදහස් චින්තනය අනුව කටයුතු කිරීම පාලනය කිරීමට පවා ඊට අවකාශය සැලසී තිබීමයි. “අද ලොව වෙළඳ දැන්වීමවලින් තොරව මුදල් ඉපැයීය හැක්කේ සල්ලී අච්චු ගසන සමාගම්වලට පමණකි.”යන ප්‍රකට බටහිර කියමනෙන් පවා ගම්‍ය වන්නේ වෙලඳ දැන්වීම් සතු අසීමිත බලය ගැනය.මෙම බලය නිරතුරුවම වාණිජ විද්‍යුත් විකාශන වියදම් සඳහාත් මිල ගෙවනු ලබන්නේ ප්‍රචාරක වෙළඳ දැන්වීම් මඟිනි.
                                                   දැන්වීම්කරණය භාණ්ඩ හා සේවා හෝ අදහස් අලෙවි කිරීම මූලික කරගත්තකි.එහි සන්නිවේදන ක්‍රියාවලිය මුදල් ඉපයීම අරමුණු කරගෙන ගොඩනැඟුණකි.මේ සියලු දැන්වීමක්ම ඉහත කී අලෙවිකරණ අපේක්ෂාව සනාථ කරදීම සඳහා කැපවෙන සහයක එහෙත් අතිශ්‍ය ප්‍රබල ක්‍රියාවලියකි.ඉතා තරඟකාරී භාණ්ස සේවා හා අදහස් අතර වඩා නිශ්චිත යමක් නිශ්චිත පාරිභෝගික පිරිසක් වෙත මනාව ආකර්ෂණය දිනාගත හැකි අයුරින් ගමන් කර වීම දැන්වීම්කරණයේ අපේක්ෂාව වේ.දැන්වීම්කරණය තුළින් ජීවන මට්ටම් නව පරිවර්තනයක් සිදුවන ආකාරය ද විමසිය යුත්තකි.එදිනෙදා ජීවිතය තුළ පරිහරණය කරන භාණ්ඩ,නිවාස ඉදිකිරීම්,යාන වාහන,උපකරන,ඇඳුම් පැළඳුම්,ආහාර,ගේ දොර,විලාසිතා යනාදියට අලුත් මානයක් ගොඩනංවා දීම තුළ දැන්වීම්කරණය හෙවත් සමාජ වෙනසකට දායක වේ.
                             දැන්වීම් යන වචනය ඇසුනු විගස සිහියට නැගෙන්නේ කිසියම් භාණ්ඩයක් හෝ සේවාවක් අලෙවි කිරීම සඳහා යොදාගන්නා දැන්වීම් ය.එහෙත් මානව සමාජය තුළ ආකල්පයක් ගුණයක් හෝ චර්‍යාවන් ඇතිකිරීම සඳහා ද දැන්වීම්කරණය යොදාගත හැක.මෙසේ දිගහැරෙන දැන්වීම්කරණයට නව මාවතක් සකස් කර දීමට මාධ්‍ය දායකත්වය බලපෑවේය.එයිනුත් රූපවාහිනී මාධ්‍ය ගත්විට දැන්වීම්කරණයට නව පණක් ලබාදීමට හැකි මාධ්‍යයකි.රූපවාහිනිය ගත් විට රසවින්දනාත්මක,තොරතුරු පදනම් වූ හා අධ්‍යාපනික අංගයන් ආදිය මඟින් පිරිපුන් මාධ්‍යයකි.අතීතයේ දී නම් රූපවාහිනිය තුළින් වෙළඳ දැන්වීම් ප්‍රචාරණය වීම සිදු වී නැත.එයට කදිම නිදසුනක් ලෙස ඊඊක්‍ සේවය කිසිම වෙළඳ දැන්වීමක් ප්‍රචාරණය නොකරන අතර එහි මූල්‍යයමය අවශ්‍යතා සපුරා ගැනීමට පමණක් රූපවාහිනිය භාවිතා කරලයි.තවද 1940 ඇමෙරිකාවේ ආරම්භයේ සිට රූපවාහිනී වාණිජ දැන්වීම් භාණ්ඩ,විශේෂයෙන්ම පාරිභෝගික භාණ්ඩ,විකිණිමට වඩා කාර්‍යක්ෂම ජනප්‍රිය ක්‍රමයක් බවට පත් වී ඇත.තවද රූපවාහිනී නියාමකයන් එක්සත් රාජධානියේ දැන්වීම් පාලනය කරනු ලැබීය.රූපවාහිනී ප්‍රධානී ලූ ග්‍රේඩ් (ඛැඅ ඨර්ාැ) “ප්‍රචාරය කිරීමේ බලපත්‍රය”මුදල් මුද්‍රණය කිරීමේ බලපත්‍රයක් කටසමාන බව පවසයි.කාලීන වාර්තා හෝ ප්‍රවෘත්ති වැඩසටහන් තුළට වෙළඳ දැන්වීම් ඇතුළත් නොකල යුතු වේ.එලෙසම ආගමික වැඩසටහන්,පාසක් වැඩසටහන්,ආගමික භක්තිය පිළිබඳ වැඩසටහන් හා රාජකීය උත්සවය වැනි දර්ශනවලට ඇතුළත් නොකල යුතු යැයි රූපවාහිනී දැන්වීම්වල තහනම් එල්ල වී තිබුණි.මේ ආකාරයට මුල්කාලීනව රූපවාහිනී දැන්විම්වලට බාධා පැමිණ වීය.
                                         විද්‍යුත් මාධ්‍ය දැන්වීම්කරණයේ නිම් වළලු පුළුල් කරමින් දැන්විම්කරණය කලාවක් හා කර්මාන්තයක් දක්වා ව්‍යාප්ත වූයේ රූපවාහිනී මාධ්‍යයේ ආගමනයන් සමඟය.දෘශ්‍ය රූපය ප්‍රධාන කර ගනිමින් ප්‍රේක්ෂකයාට වඩාත් හොදින් ග්‍රහණය වන පරිදි දැන්වීම් ඉදිරිපත් කිරීමට අවකාශය රූපවාහිනී දැන්වීම් හරහා ලැබිණි.රූපවාහිනි දැන්වීම්කරණය පිළිබඳ විග්‍රහ කිරීමේ දී පිටපත් රචනය,දෘශ්‍ය රූපය,සංගීතය,භාෂාව,කැමරාකරණය,ආලෝකකරණය,සංස්කරණය,පසුතල නිර්මාණය,වේශ නීරූපනය වැනි සාධක ගණනාවක්ම ගැබ්ව පවති.ඒවා නිවරදිව සංයෝජනය කරගැනීම හා හසුරුවා ගැනීම වැදගත් වේ.පාරිභෝගිකයා ආකර්ෂණය කරගනිමින් නිෂ්පාදනය හා සේවා ලබා ගැනීම සඳහා පෙළඹවීමට අවශ්‍ය හැඟීම් වඩාත් උත්සුක ආකාරයෙන් අවදි කළ හැකි දැන්වීම්කරණ මාධ්‍යයක් ලෙස රූපවාහිනී මාධ්‍ය දැන්වීම් හඳුනාගත හැකිය. මේ අනුව රූපවාහිනි මාධ්‍ය දැන්විම්කරණය පිළිබද විමසන විට අපට මූලික කරුණු කිහිපයක් හමුවේ.එනම්, අදාළ භාණ්ඩය හෝ සේවාව ග්‍රාහකගත කිරීම සඳහා ප්‍රතිරූප ගොඩනැඟීම
කිසියම් චරිතයක් සම්බන්ධ කරගෙන නිර්මාණය කෙරෙන දැන්වීම තුළින් භාණ්ඩය හෝ සේවාව ප්‍රවර්ධනය කිරීම
විවිධ වූ පුද්ගලයන් සම්බන්ධකරගනිමින් නිර්මාණය කෙරෙන දැන්වීම් තුළ කාර්ය සාධනය ආරක්ෂාකර ගැනිමට දරන උත්සානයයි
සංසන්දනාත්මකව කෙරෙන විග්‍රහයක්,ප්‍රචාරනයක්,රූපවාහිනී මාධ්‍ය දැන්වීමක අන්තර්ගතය කිරීම
පෙනීසිටින පුද්ගලයින්ගේ රංගන විලාසය තුළින් සංදේශයේ යථාර්ථය ඒත්තු ගැන්වීම
                                                                                            ආදී වශයෙන් ඉදිරිපත්කළ හැකගඅදවන විට රූපවාහිනී මාධ්‍ය මඟින් ව්‍යාපාරිකයන්ට තම සිතැඟි පරිදි පණිවිඩ ලබා දීමට හැකි අතර පාරිභෝගිකයාට ද තම අභිමතය පරිදි නොව සමාගම්හි අවශ්‍යතාවන්ට අනුව භාණ්ඩ මිලදී ගැනීම සිදුකරනු ලබයි.එයට ප්‍රධාන හේතූන් වන්නේ පාරිභෝගිකයා රූපවාහිනිය මඟින් පෙන්වනු ලබන වෙළඳ දැන්වීම් සඳහා ආකර්ෂණය වීමයි.රූපවාහිනිය අන් මාධ්‍යයන්ට වඩා නැඟී සීටීමට ද හේතූ වන්නේ එහි තුළ වන්නා දූ ආකර්ෂණිය බව හේතුකොට ගෙනය.බොහෝ විට වෙළඳ දැන්වීමක් දුටු විගස රූපවාහිනිය නරඹන්නා එය වැළඳ ගනී.මෙහිදී හේතුව වශයෙන් දක්වන්නේ මැල්කම්ගේ අවශ්‍යතා න්‍යායට අනුකූලව ව්‍යාපාරි ප්‍රජාවගේ අවද්‍යතා ඉටුකර ගැනීමට දරන උත්සාහය මත සිදුකෙරෙන ලබන පෙළඹවීම හේතුවෙනි.මෙහිදී වෙළඳ දැන්විමක් නිර්මාණය කිරීමේ දී AIDA නම් සංකල්පය යොදාගනී එහිදී,       

A-Attention-Get attention

I-Interest-Hold interest

D-Desire-Arouse desire

A-Horin Action

             යන්නයි.මෙහිදී වෙළඳ දැන්වීමක් මඟින් සිදුකරන කා්රයයන් මෙහි දක්වා ඇත.එහිදී අවධානා ඒ යොමු කරවා ගැනීම,උනන්දුව රඳවා තබාගැනීම,අභිලාෂ ජනිත වීම,ක්‍රියාත්මක කිරීමට පෙළඹ වීම යන්න මෙමගින් සිදුවේ.ඒ අනුව ශ්‍රී ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින රටවල ළමුන් හා තරුන පිරිස් වෙත වන්නා වූ බලපෑම අතිවිශාලය.මේ නිසාවෙන් වෙළඳ දැන්වීමක් දකින කෙනෙකුට මෙහිදී ලැබෙන යහපත් හා අයහපත් ප්‍රතිඵල පිළිබඳව වටහාගත යුතු වේ.මේ නිසාවෙන් දැන්වීම්කරණය තුළදී රූපවාහිනියේ ක්‍රියාකාරිත්වය හා ප්‍රේක්ෂක බලපෑම කොතෙක් දුරට ඉවහල් වනවාද යන්න රූපවාහිනියේ තිරගත වන දැන්වීම් කිහිපයක් මඟින් වටහා ගැනීමට හැකි වේ.        
                                
මනුෂත්වය,ආදරය,මාතෘත්වය,පරාර්ථකාමීත්වය,පීතෘත්වය,සත්වකරුණාව වැනි විවිධ මානවාදී ගුණාංග නිර්මාණාත්මකව සංකලනය කරමින් විවිධ රූපවාහිනී දැන්වීම් ප්‍රචාරණය කරනු ලබන බව අපට වර්තමානයේ සුලබව දැකගත් හැකිය.එමෙන්ම ඒවායේ අයහපත් යහපත් බව නැණ පමණින් අවබෝධකර ගැනීමට හැකි විය යුතුය.
     උදා:-පොසොන් පෝයට සමගාමිව එක්තරා ආයතනයකි  ර්‍ණතේ කොළ” දැන්වීමක් නාලිකාවල විකාශය කරනු ලැබීය.එමඟින් ඉඟි කළේ බුද්ධ දේශනාවේ සඳහන් පරිදි “මනුෂ්‍ය ජීවිතයේ නිස්සාර බව බුද්ධ ධර්මය අවබෝධයෙන් වටහා ගත හැකි,පිරවිය හැකි පරිදි” හිස් වීදුරුව කෝප්පයකට අදාළ සමාගමේ තේ කහට මඟින් ඒ හා සමාන සහනයක් ඇතිකළ හැකි බවයි.
 බොහෝ නිර්මාණ මඟින් පුද්ගලයන් තුළ මුල් බැසගත් යහපත් පද්ධතීන්,යහපත් අරමුණු කරා පොළඹවනු ලබමින් පුද්ගල විශ්වාසයන්ට හානියක් නොවන පරිදි ඒවා ගරුකොට සලකමින් නිර්මාණකරනයේ යෙදෙනු ඇත.නිර්මාණශීලීත්වය නිදහස් බවට තර්කයක් නොමැත.නමුත් එය සිදුකළ හැක්කේ අනන්‍ය මතයන්ට ගරුකරමිනි.මෙම දැන්වීම තුළ දී පොහෝ දිනවල බෞද්ධාගමිකයන් තුළ ඇතිවෙන බුද්ධාලම්භනය,ප්‍රීතිය,සිත් තුළ උපදින පහන් හැඟීම්,දයානුකම්පාව,මෙත් කරුණාව ජීවිතවල නිස්සාර බව වැනි හැඟීම් උපයෝගී කරගෙන ප්‍රයෝගාත්මකව සූක්ෂමව තම භාණ්ඩය අලෙවිකර ගැනීමයි.භාණ්ඩය පිළිබඳව ආවර්ජනාත්මකව හැඟීම් ස්ථාපිත කිරිමයි.
                                                                                        මෙය කොතරම් නිර්මාණකරණයේ පහත් භාවිතාවක්ද,යම් ආගමික ගැඹුරු හර පද්ධතීන් යොදාගෙන බංකොලොත් ලෙස නිර්මාණකරණයේ යෙදීම බෞද්ධ දර්ශනයට පමණක් නොව අනන්‍යාගම්වල දර්ශනයන් වුවද අවමානයකට ලක්කිරීමකි.මෙයින් ඉස්මතු වන්නේ මානවවාදී ගුණ දහම් වෙළඳ දැන්වීම් නිර්මාණකරනයෙන් බැහැරව යනවිට මිනිස් ජීවිත වලට ඇති එකම සහනය වූ ආගමික හර පද්ධතීන් මෙලෙස අමු අමුවේ අලෙවි කිරීම කොතරම් සදාචාර විරෝධිද යන්න පැහැදිලි වේ.මෙවැනි දැන්වීම් ඉදිරිපත් කිරීමේ මේ පිටුපස සිටින සියලු පුද්ගලයන් සේම දැන්වීම විකාශනය කරන ආයතනය පවා මීට වඩා සැලකිලිමත්ව කටයුතු කළ යුතු වේ.මෙය ඉතා අසාර්ථක දැන්වීමක් ලෙස පෙන්වාදිය හැකි වේ.මෙවැනි දැන්වීම් ප්‍රේක්ෂකයා කෙරෙහි ඉස්මතු කරලන ආචාර විරෝධි ක්‍රියාව තුළින් ඔවුනගේ ආකල්පපවා වෙනස් කරලීමට හේතු වේ.මෙවැනි දර්ශන දකින ළමා මනස පවා විකෘති වේ.ඔවුනගේ ආකල්ප,සාරධර්ම පවා පිහිරීමකට හැකි වේ.වර්තමානයේ බොහෝ අපරාධ සිදුවීම ද මෙවැනි දර්ශන නැරඹිම ද කියා සිතිය හැකි වේ.
                                    තවත් නිදසුනක් මඟින් රූපය අභිබවා භාෂාව හඬ නැඟී සීටීම මගින් කාගෙත් අවධානය යොමු වූ වෙළඳ දැන්වීමක් පිළිබඳවය. “නමක් ගමක් දන්නේ නං නැහැ.හැබැයි මනුස්සයෙක්” යනුවෙන් සිත තිගස්සවන සුලු මේ වචන කිහිපය ඇතුළත කොතරම්නම් ගැඹුරු ජීවන අරුතක්,දහම් පණිවිඩයක් ගැබ්ව පවතින්නේද යන්න රූපරාමු පෙළගස්වා ඇත.කාර්මික දෝෂයක් හේතුවෙන් මහමඟ නතර වූ වාහනය පණගන්වා ගැනීමට නොහැකිව ස්ත්‍රියක්(දියණියක්) හා පුරුෂයෙක්(පියා) හෝන්දුමාන්දු වී සිටිති.එතනින් ගමන් ගන්නා නන්නාඳුනන පුද්ගලයෙක් එය නිරාකරණය කර දී උපකාර කරයි.මේ අවස්ථාවේ පියා ඔහු කවුදැයි අසන මොහොතේ දියණිය “නමක් ගමන් දන්නේ නං නැහැ.හැබැයි මනුස්සයෙක්” යැයි පවසයි.මෙම වෙළඳ දැන්වීම භාවාත්මක,බුද්ධිමය හැඟීම් අවධි කරවන දැන්වීමක් වන අතර සමාජයට ද ගැඹුරු පණිවිඩයක් හෙළි කරයි.එනම් යමෙකුට උපකාරයක් අවැසි මොහොතක සමාජ තරාතිරම නොබලා කටයුතු කළ යුතු බව යන අදහස් ගම්‍ය කරලයි.මෙවැනි දැන්වීම් ප්‍රේක්ෂකයාට ආදර්ශයක් ගෙන දෙමින් නිර්මාණය වූ බව කිවහැකි වේ.
 
          තවද දැන්වීමක භාෂාව හැසිරවීම ගත්විටදී වෙළඳ භාණ්ඩ ප්‍රචාරණ දැන්වීම් තුළ සිතට කා වදින වදන් තේමා පාඨයක් ලෙස භාවිතය බහුලව දැක ගත හැකිය.එනම්, “ගෙදරම සිය යුතු වෙදමහතා” , “කිස්සියේ ජරමරේ නැති කරන බලවතා” ලෙස නිර්මාණශීලී වදන් භාවිතය තුළින් ප්‍රේක්ෂක සිත් ඇඳ බැඳ තබා ගැනීමට හැකි වේ.මෙමඟින් ප්‍රේක්ෂකයාට ඒ කෙරෙහි දැඩි අවධානයක් යොමු කරලමින් භාණ්ඩය හෝ සේවාව ලබා ගැනීමට තරම් සූක්ෂම අයුරින් දැන්වීම නිර්මාණය කිරීම රූපවාහිනී දැන්වීම්කරණයේ දක්නට ලැබෙන සුවිශේෂත්වයකි.ඒ අනුව ද ප්‍රේක්ෂකයාට බලපෑම් එල්ල කළ හැකි බව වඩාත් පැහැදිලි වේ.         
        එලෙසම දැන්වීමකරණය තුළ දී කාන්තාව යොදා ගැනීම බොහෝ විට දක්නට ලැබෙන දෙයකි.මෙය ප්‍රචාරණ උපක්‍රමයක් ලෙස යොදාගනු ලබයි.එයිනුත් අඩ නිරුවත් දර්ශන කීසිම පැකිලීමකින් තොරව දර්ශනය කිරීමට ද වර්තමාන මාධ්‍ය පෙළඹී ඇත.මේ නිසාවෙන් ප්‍රසිද්ධියක් ලැබෙනවා යැයි සිතුවත් එයින් ළමා,වැඩිහිටි දෙපාර්ශවයටම විශාල බලපැමක් එල්ල කරයි.ඒ බව මෙලෙස වටහා ගනිමු.කාන්තාව ගත්විට වර්තමානයේ දී වෙළඳ භාණ්ඩයක් බවට පත්වී ඇත.එය සනාථ කරලීමට රූපවාහිනියේ විකාශනය වන වෙළඳ දැන්වීම් උකහා ගතහැකිවේ.දැන්වීම්කරණය තුළ කාන්තාව යනු ගසට පොත්තක්,පොත්තට ගසක් මෙනිය.ඒ තරමට කාන්තාව නොමැතිව දැන්වීමක් ප්‍රචාරණය වනවා දැකගත නොහැකිය.එලෙසම කාන්තාවන්ගේ අඩනිරුවත් දර්ශන එක් කිරීමටද යුහුසුළු වී ඇති බව පෙනේ.වර්තමානයේ දී ලිංගිකත්වය වෙළඳ භාණ්ඩයක් වී හමාරය.නිදසුන් ලෙස රූපලාවන්‍ය දැන්වීම්,සබන් වර්ග පිළිබඳ දැන්වීම් ආදිය තුළ බහුලව දැක ගැනීමට හැකි වී තිබේ.එලෙසම කාන්තා රුව වාණිජමය කටයුතු සඳහා යොදා ගැනෙන සෑම අවස්ථාවක දීම කාන්තාව ලිංගිකව සූරා කෑමකට ද ලක්වීමත්,කාන්තාව සතු පෞරුෂය බරපතල ලෙස හෑල්ලුවට ලක් වීමත් සුලබ දෙයකි.
    උදා:-ට්‍රැක්ටරයක් විකිණිම සඳහා වන රූපවාහිනි වෙළඳ දැන්වීමක කාන්තාව ට්‍රැක්ටරයකට සමාන වන බව හඳුන්වයි.මෙහිදී “මේකට හොඳට බර පටවන්න පුළුවන්” යනුවෙන් තරුණයෙක් පවසන්නේ විකිණිමට ඇති වාහනය පෙන්වා නොව තරුණිය දෙස බලමිනි.
                                                                   රූපවාහිනි ප්‍රචාරණ කලාව තුළ පවතින මෙවැනි දැන්වීම් හාස්‍ය උපදවනවා සේම පිළිකුල් කල හැකි දැන්වීම් වේ.කාන්තාව වුවත් ගැලපෙන ප්‍රදර්ශනයකට යොදාගත යුතු වේ.වෙළඳ භාණ්ඩ ප්‍රචාරණයේ දී කාන්තාව ඉතා පහතටම ඇඳ දමයි.මෙවැනි ක්‍රියාවන්ට සමාජයෙන් ද විරෝධයක් නොමැත.වත්මන් සමාජ ක්‍රමය තුළ කාන්තාව යනු අයිතිවාසිකම් හිමිවිය යුතු මානූෂීය පදනමින් සැලකිය යුතු මවක,බිරිඳක,සොහොයුරියක හෝ දියණියක නොවේ දේපල එකතු කරන සමාජයක් තුල ඇය “නයිස් චීස්” එකක් නැතහොත් “ආසික් කෑල්ලක්” ලෙස නිරූපනය කරලයි.කාන්තාවට නිසි සමාජ ගෞරවය අහිමී වී ඇත්තේ ද රූපවාහිනී වෙළඳ දැන්වීම් ආදියෙන් ඇයගේ ආත්මීය සුනුවිසුලු වී යන්නේ ද පවතින සමාජ ක්‍රමයට අනුරූපීවය.මෙවැනි දැන්වීම් හරහා සිදුවන අපහසුතාවය අනාගත පරම්පරාවට ද වැරදි ආදර්ශ එකතු කරලනු ලැබේ.
                                                                                       තවද අඩනිරුවත් කාන්තාව පැද්දී පැද්දී ටයරයෙහි ඇති වටිනාකම පෙන්වීමට දරන දැන්වීම තුළ දී ද,මෙට්ටයක් උඩ තරුණියක අඩනිරුවතින් වැතිරී සිටින්නේ මෙට්ටයේ පවතින සිනිඳු පහස ඉස්මතු කරලීම වැනි වෙළඳ දැන්වීම් හරහා පාඨකයන්ට විඳින්න ලැබෙන්නේ ලිංගික තෘප්තිය මිස වෙන කිසිවක් නොවේ.මෙවැනි ප්‍රචාරණයන් හරහා සමාජයට දෙනු ලබන්නේ කාන්තාව ළඳ බොළඳ,මට සිලුටු,මෘදු, සමාජය පිළිබඳ නිසි අවබෝධයක් නොමැති තැනැත්තියක් බවයි.මෙවැනි වූ ආකල්ප සමාජයට ඉදිරිපත් කිරීම තුළින් කාන්තාවට සිදුවන බලපෑම කොතෙක් ද යන්න කිවහැකි වේ.මේ නිසාවෙන් කාන්තා හිංසනය ද වැඩි වීමට මෙවැනි දැන්වීම් හේතූන් වී ඇති බව මොනවට පසක් වේ.
             එලෙසම රූපවාහිනී වෙළඳ දැන්වීම් තුළ දී කාන්තාව පමණක් නොව ළමා මනසට ද අයහපත් පුරුදු එකතු කරනු ලබයි.මේ සඳහා ආහාරපාන සම්බන්ධ දැන්වීම් හා ප්‍රචන්ඩකාරී දැන්වීම් ගත හැකි වේ.එබඳු දැන්වීම් තුළින් දරුවන්ගේ ච්රයාවන් කෙරෙහි ද විශාල බලපෑමක් සිදුවන අතර වැරදි ආහාර පුරුදු හා රටාවන් තුළ ඇති වීමට ආහාර සම්බන්ධ වෙළඳ දැන්වීම් දැඩි ලෙස හේතු වී තිබෙන බව පෝෂණ විශේෂඥයෝ පව පෙන්වා දෙති.සාමාන්‍ය ආහාර ගැනීමේ දී පවතින පුරුදු වලින් ඈත් වී අයහපත් සෞඛ්‍ය පුරුදුවලට මෙමගින් හුරුවීමට දරුවා පෙළඹේ.
උදා:-කිරිපිටි වර්ගයක් සම්බන්ධ ප්‍රචාරණ දැන්වීමක ළමයෙකු කිරි බීමෙන් පසු සිය උඩුතොලෙහි තැවරුණු කිරි ඇඟිල්ලෙහි තවරා ගෙන එයින් ඉලක්කමක් ලියනු ඇත.තවද එම දැන්වීමෙහි දී ම පාසල් දැරියක් තම සුදු ගවුමේ සටහන් වුනු සුරතලාගේ පා සටහන මැකීමට කිරි බී පසු උඩුතොලෙහි තැවරුණු කිරි ඇඟිල්ලෙන් ගෙන පා සටහන මත තවරා මකා දමන දැන්වීම.
                                                           මෙමඟින් ළමයින් තුළ කුඩා කල සිට වර්ධනය කළ යුතු සෞඛ්‍ය පුරුදවලට මෙබඳු දැන්වීම් මගින් විශාල අහිතකර බලපෑමක් එල්ල වන බව පැහැදිලි වේ.එලෙසම පාසල් දරුවන් 25%ක් මන්දපෝෂනයෙන් පෙළෙන බවත් ඊට හේතුව වී ඇත්තේ රූපවාහිනී වෙළඳ දැන්වීම් තුළින් පෙන්වන ආහාර වර්ග පරිභෝජනය කිරීම බව සනාථ වී ඇතගඒ අනුව පැහැදිලි වනුයේ විවිධ වූ ආහාර දැන්වීම් මඟින් අහිකර සෞඛ්‍ය පුරුදු දරුවන් පුරුදුවන බවයි.එලෙසම දරුවන් ප්‍රචන්ඩකාරී හැසිරීම් වලට ද යොමු වේ.එසේ හුරු වීමට හැකිවන අයුරින් දැන්වීම් බහුලව නිර්මාණය වීමක් දක්නට ලැබේ.උදාහරණ ලෙස රස බිස්කට් වර්ගයක් රස වැඩිකමට සොරාගෙන කෑමට හුරුවීම,රණ්ඩු කිරීම් වැනි රංගන ඉදිරිපත්වන දැන්වීම් නිසාවෙන් දරුවන්ගේ චර්යාවන් වෙනස් වීමටද හැකිය.මන්දයත් දරුවා එය හොඳින් ග්‍රහනය කරගනු ලබන අතර එම දැන්වීම සිත් ආකර්ෂණය වන ලෙස නිර්මාණය කිරීම හේතුවෙන් දරුවන් එයට දැඩි ලෙස නැඹුරුවීමට මූලික හේතුව වී ඇත.මේ අනුව මෙවැනි දැන්වීම් ඉදිරිපත් කිරීම තුළින් ප්‍රේක්ෂකයාට දැඩිලෙස බලපෑම් එල්ලවන බව කිවහැකිය.තවද රූපවාහිනිය තුළ ප්‍රචාරණය වන ආහාරපාන,ක්ෂණික කෑම ආදී දැන්වීම්වලින් ප්‍රේක්ෂකයාව මුලා කිරීමටද ලක්කිරීම නිසා ආහාරපාන පරිභෝජනය කිරීමෙන් ඇතිවන අහිතකර බලපෑම කොතෙක්ද යන්න වැටහීමට ලක්වන අන්දමින් දැන්වීම් නිර්මාණය කරලීමට නිර්මාණකරුවන් සමත් වී ඇත.
                                                                                ඒ අනුව අයිස්ක්‍රීම් වෙළඳ දැන්වීමක් ගත්විට මෙහිදී යොදාගනු ලබන්නෙ අයිස්ක්‍රීම් නොවන අතර ඒ සඳහා තැම්බූ අල පොඩිකර එයට වර්ණ එක් කර පෙන්වනු ලබයි.තවත් බීම වර්ගවල රූප දර්ශන සඳහා යොදාගන්නා පානය වීදුරුවේ තිබිමේ දී බුබුළු මතු නොවේ.එහෙත් රූපවාහිනියේ දී දකින විටදී එහි බුබුළු මතුවේ.මෙයට හේතුවනුයේ ගැස්ට්‍රික් අම්ල පෙති යොදාගෙන කැමරාකරණයට අලංකාරයක් මුසුකරගැනීමට යොදාගැනිමයි.ඒ අනුව ප්‍රේක්ෂකයාට සෑබෑ තත්ත්වය නොපෙන්වා මුලා කරමින් ප්‍රචාරන කටයුතු සිදුකරලයි.මේ නිසාවෙන් පාරිභෝගිකයාට ආහාර අත්‍යවශය අවශ්‍යතාවක් වුවත් එය පිරිසිදුව,සෞඛ්‍ය සම්පන්නව තිබෙනවාද යන්න සැකය ඉස්මතු වේ.එලෙසම මෙවැනි දැන්වීම් වාණිජමය කටයුතු වෙනුවෙන් අයහපත් ආදර්ශ,ආකල්ප පිළිඹිඹු කරලමින් විකාශනය වුවත් පාරිභෝගිකයා කෙරෙහි අවධානයක් යොමු කර නැතග එය කෙතරම් සමාජ විරෝධිභාවය කොතෙක් ද යන්න අප විසින්ම වටහා ගෙන කටයුතු කළ යුතු වේ.මෙයද ප්‍රේක්ෂකයාට දැඩි ලෙස බලපෑම් එල්ල කළ හැකි වේ.මන්දයත් දැන්වීම අලංකාරකිරීමට විවිධ වූ උපක්‍රම යොදාගැනීමෙන් එම භාණ්ඩය හෝ සේවාව කෙරෙහි පවතින විශ්වාසය එලෙසම තිබෙනවාද යන්න ප්‍රශ්නය ප්‍රේක්ෂකයාට මතුවේ.මේ නිසා එවැනි දැන්වීම්වල භාණ්ඩ හෝ සේවා සුදුසුද නැද්ද යන්න මතය දෝලනය වීමකට භාජනය වේ.
   තවත් උදාහරණයක් ලෙස මහලු වීම නිසා ඔවුනට ඇතිවන රෝගී ස්වාභාවය,ඒ මඟින් වන අසරන බව,රැකවරණය,උපකාරයක් අවශ්‍යවන බව පිළිඹිඹු වන දැන්වීම් මඟින් මහලු වයසේ දී රෑකවරණයට අවශ්‍ය රක්ෂණ ක්‍රමයක් හඳුන්වා දීම සිදුවේ.වැඩිහිටි සමාජයට අවශ්‍ය ආරක්ෂාව සදහා එවැනි උපක්‍රම කෙතරම් ප්‍රායෝගිකව දැයි විමසීම වෙනත් කා්රයයකි.ඒ අනුව රූපවාහිනි දැන්වීම් තුළින් වැඩිහිටියන් පත්ව ඇති අනාරක්ෂිත බව කදිමට නිරූපනය කරලයි.බහුජාතික සමාගම් විසින් විවිධ උපක්‍රම මඟින් අලෙවි කිරීමට උත්සාහ දරන්නේ එම අනාර්ක්ෂිත බවයි.වාණිජ අරමුණු වෙනුවෙන් මෙවැනි දැන්වීම් පළ වුවත් එය වැළද ගැනීමට නොව තම දෙමාපියන් වැඩිහිටියන් වෙනුවෙන් යුතුකම් ඉටුකල යුතු යන සමාජ ආදර්ශය උකහා ගැනීමට බුද්ධිමත් මිනිසා සිතිය යුතු වේ.ප්‍රචාරණයේ වෙනම අරමුණක් වුවත් එමඟින් අපට යුතුකම් මතක් කරවාදිමක් යැයි සිතා කටයුතු කල හැකිය.මේ ආකාරයට ප්‍රේක්ෂකයාට වාණිජමය ලාභ අරමුණු කරගෙන දැන්වීම් ප්‍රචාරණය කළත් එයින් එහාගිය යහපත් ආකල්ප පමණක් ලබාගැනීමට වගබලා ගතහැකි වේ.
                           මේ ආකාරයට රූපවාහිනී වෙළඳ දැන්වීම් පිළිබඳව අවබෝධයක් ලබා ගත හැකි වේ.එය විකාශනයවන අන්දම,එයින් ප්‍රේක්ෂකයාට ලැබෙන ප්‍රයෝජන ආදී වූ වාසි මෙන්ම අවාසිද පිළිඹිබු කරලීම මෙමඟින් හැකි වේ.එලෙසම රූපවාහිනී දැන්වීම් තුළින් ප්‍රේක්ෂකයාට අත්වන බලපෑම් කෙලෙස නිර්මාණය වනවාද යන්න ද පැහැදිලි කරගත හැක.

15 comments:

ආදරේ දුක

සුළඟ පසුපස හඹා යමි මම, නිහඬ වන්නේ කෙලෙස ද සොයා යා යුතු ය ආදරය... අහිමි වී ගිය සන්තකයම, යලිත් ඉල්ලා හඬන හඳවත වාවන්නේ කෙලෙස නම් මම... වැතිර හෝ...